වර්ෂ 2023 ක්වූ December 07 වැනිදා Thursday
අභියෝගවලටත් අභියෝග කරන්න පුළුවන්

නම ඇසූ සැණින් කොයි කා අතරත් ජනප්‍රිය චරිත අතළොස්සකි. ජනප්‍රියත්වයට පත්වීම නොව ජනප්‍රියතාව රඳවා ගැනීම බෙහෙවින්ම අසීරු යැයි සිතේ. ඕ එදා මෙදා තුර බාල තරුණ මහලු සැවොම අතරේ එකසේ්ම ජනප්‍රියයි. නිදහස් මාධ්‍යවේදිනියක ලෙස පෞද්ගලික රූපවාහිනි මාධ්‍යයකින් ඇය ඇරැඹි ගමන රාජ්‍ය මාධ්‍ය අධ්‍යක්ෂිකාවක් දක්වා පැමිණ තිබේ. ඇය මාධ්‍යකරණයෙහි ඉදිරි පියවරක් වෙනුවෙන් මේ දිනවල සුදානමිනි. මේ කතාබහ ඒ වෙනුවෙනි.
අළුත් වැඩකට සුදානම් වෙන බව ආරංචියි?
ඔව්. මේක ඇත්තටම අපේ යුතුකමක්. කාලීන අවශ්‍යතාවයක්. මේ දිනවල ඩිජිටල් මාධ්‍යයට ආචාර ධර්ම සංග්‍රහයක් හඳුන්වා දීමේ වැඩ කටයුත්තට සුදානම් වෙනවා. ආචාර්ය රංග කලන්සූරිය මහතා මෙහි මූලිකත්වය ගෙන කටයුතු කරනවා. නීතිඥවරුන්. මාධ්‍ය ක්‍රියාකාරීන් ඇතුළු පිරිසත් මීට සහසම්බන්ධ වී සිටිනවා. ගුගල්, ටිවිටර්, ඉන්ස්ටග්‍රෑම් වැනි සමාජ මාධ්‍ය හා ශ්‍රී ලංකා Tele Communications ආයතනය මේ හා සම්බන්ධ වී සිටිනවා. අනාගතය සඳහා සිදුකරන යහපත් අයෝජනයක් ලෙස මෙය හඳුන්වා දෙන්න පුුළුවන්.
ඇත්තටම පසුගිය කාල සීමාවේදී විවිධ අවස්ථාවල සමාජ මාධ්‍ය අන්තනෝමතික අයුරින් හැසිරුණු බව අපි කොයි කවුරුත් දන්නා කාරණයක්. උදාහරණ විදියට කෙරෝනා කාලයේ ධම්මික පැණිය, කැලණිය නාගයා, වෛද්‍ය සාෆි සම්බන්ධ සිදුවීම් පෙන්වා දෙන්න පුළුවන්. මෙහිදී ආචාර් ධර්ම පද්ධතියක අවශ්‍යතාව ඉස්මතු වුණා. මේ දිනවල මේ කටයුත්තත් සාර්ථක කරගැනීම උදෙසා කටයුතු කරනවා.
ඔබේ නිර්මාණ කටයුතු පිළිබඳ කතා කරමු.
රූපවාහිනි තිරයේ නිතර පෙනෙනවාට වඩා මිනිසුන්ට ගුණාත්මක බවින් ඉහළ දෙයක් ලබාදෙන්නයි මා නිතරම කල්පනා කරන්නේ. අපේ නිර්මාණයකින් පුද්ගලයාගේ ආකල්ප වලට යහපත් ලෙස බලපෑම් කරයි නම් මඳක් හෝ මානසික තලය ඉහළට ඔසවා තැබිය හැකි නම් වඩා වැදගත් වෙන්නේ එයයි.
ජාතික රූපවාහිනියේ තාල භාෂණ හා අපේ සින්දුව වැඩසටහන ITN නාලිකාවේ කෑෂ් මැක්සි වැඩසටහන කළා.
ජාතික නාලිකාවේ මට අවස්ථාවක් ලබාදී මා පිළිබඳ තැබු විශ්වාසයට මා ඉනෝකා සත්‍යංගනී මහත්මිය හා අජිත් නාරංගල මහතා ආදරයෙන් මතක් කරන්න ඕන.
ධම්මික බණ්ඩාර මහත්තයා එක්ක ‘අපේ සින්දුව‘ වැඩසටහන් ගණනාවක් කළා. එතුමා දැනුම් සම්භාරයක්, සාහිත්‍ය ගැන කලාව ගැන බොහෝ දේ එතුමාගෙන් ඉගෙන ගන්න මා වාසනාවන්ත වුණා.
තිර රචනයට මේ දිනවල මගේ අවධානය යොමුකරලා තිබෙනවා. අපේ තිර රචනය කරන කාන්තා චරිත බොහොම අඩුයි. ඒ ගැන විද්‍යාත්මකව හදාරන්න ඕන.
කෙටි චිත්‍රපටයකින් මුල් පියවර තබන්න අපේක්ෂා කරනවා.
මා නිරතුරුවම හිතන්නේ ජන විඥානයට හොඳ දෙයක් අපි ලබාදිය යුතු බවයි. ලස්සන දෙයක්, හොඳ දෙයක් ඉදිරියේදී සමාජයට ලබාදෙන්න සූදානම් වෙනවා.
ඔබ දෙස බැලුවාම බොහොම සැහැල්ලුවෙන් සිටින බවයි පෙනෙන්නේ?
මේ සරල බවත් සැහැල්ලුවත් දක්වා එන ගමනයි, දුෂ්කර සරල බවත් සැහැල්ලුවත් පහසුවෙන් ලැබෙන්නේ නැහැ. ඒ වෙනුවෙන් අපරිමිත කැපකීරීමක් අවශ්‍ය වෙනවා. දැනුම නැතිව වැඩ කරන්න බැහැ. අපි යාවත්කාලීන (උන ච්චබඥ) වෙන්නේ දැනුම සමඟයි. දැනුම කේන්ද්‍රගත කරගනිමින් කරන වැඩකටයුතු සාර්ථකයි.
අපි ඕනෑම දෙයක් ගැන ඒ-ඛ දන්නවා නම් කිසිදු චකිතයක් නැතිව ඕනෑම අභියෝගයක් බාර ගන්න පුළුවන්. ඒ ආත්ම විශ්වාසය අප තුළම ගොඩනැගෙනවා.
මේ වසර 24 තුළ වකවානුවේදී මා හට ලැබුණු අවස්ථා මා උපරීම ප්‍රයෝජනයට ගත්තා. යම් අභියෝගයක් භාර නොගෙන සිටීමට නිදහසට කරුණු කියනවා වෙනුවට ඒ දේ හොඳින් කළමනාකරණය කළා. මාගේ උපරීමයෙන් අභියෝගය ජයගන්න පුරුද්ද මා පුහුණු කළා. මම අත්විඳින සරල බව හා සැහැල්ලුවේ හේතුව ඒකයි.
කාන්තාවක් විදිහට මේ ක්ෂේත්‍රයේ අභියෝග ජයගත්තේ කොහොමද?
මේ ක්ෂේත්‍රයේ විශාල පිරිසක් නැහැ. හැමදාම මුණගැහෙන්නේ එකම පිරිසක්. ක්ෂේත්‍රයේ කිසිම කෙනෙක් එක්ක මගේ අමනාපයක් නැහැ. අමනාපකම් දුර ගෙනියන්න තරම් මේ ජීවිතේ දුර නැහැ.
යමක් කරන්න පුළුවන් පෞරුෂය අපට තිබෙනවා නම්, කාටවත් අපිව වට්ටන්න බැහැනේ. ඕනෑම ප්‍රශ්නයක් විසඳගන්න පුළුවන්. මානසික ශක්තිමත් බව තියෙනවා අභියෝග වලටත් අභියෝග කරන්න පුළුවන්.
සේයාරූ - නිශ්ශංක විජේරත්න