ඕනෙම දෙයක් රස විඳින්න නම් ඒ විෂයය හදාරා තිබෙන්න ඕනෙ

ප්‍රවීණ චිත්‍ර හා කාටූන් ශිල්පී - විනී හෙට්ටිගොඩ
මාර්තු 2, 2023

මගේ මැසෙන්ජර් ගොන්නේ උඩින්ම 'විනි අය්යා'ගේ නමින් පණිවිඩයක් තිබෙනු දුටිමි. මාධ්‍ය ක්ෂේත්‍රයේ ජ්‍යෙෂ්ඨයකු මෙන්ම පුවත්පත් කාටූන් කලාවේ දැවැන්තයකු වුවද විනී හෙට්ටිගොඩයන් නිහතමානීව අප වැනි කනිෂ්ටයන්ගේ ඒ ආමන්ත්‍රණය බාර ගත්තේ සතුටිනි. මා ලක්බිම පුවත්පතේ සේවය කළ අංකුර සමයේ සිට ඔහු අපේ ආදරණීය විනී අය්යාම විය. පසු කලෙක පත්තර මහගෙදරට මා පැමිණි කල ඔහුගේ දයාබර බිරිය පද්මා වේරගොඩ මහත්මිය අපට 'පද්මක්කා' වූයේ ඒ සුහදත්වය නිසාය. හිත මිතුරුකම් කෙසේ වෙතත් මේ පණිවිඩය දිගහැර බැලූ විට එය ආරාධනා පත්‍රයක් බව පෙනිණි. 'සත්ත්ව රූප' නමින් වූ ඒ ඇරැයුම් පතේ සඳහන් වූයේ පෙබරවාරී 14 වැනිදා ජේ. ඩී. ඒ. පෙරේරා කලාගාරයේදී ප්‍රදර්ශනයේ සමාරම්භයත් ඉන්පසු දෙදින මහජන ප්‍රදර්ශනයත් පැවැත්වෙන බවකි. එහි කළුගලින් අඹන ලද දෙපයින් නැඟී සිටි සිංහයකුගේ සේයාරුවක් වැන්නක්ද දක්නට හැකි විය. කාටූන්වලට නමගිය විනී හෙට්ටිගොඩයන්ගේ මේ අපූරු වෙනස් නිර්මාණ දකින්නට දොලක් උපන්නේ එසැණිනි.

චිත්‍ර ප්‍රදර්ශනය නරඹන අය අතර සිටි මා හඳුනාගත් ඔහුගෙන් ලැබුණු සුහද පිළිගැනීමත් සමඟ මේ ප්‍රදර්ශනයේ අලගිය මුලගිය තැන් විමසන්න කල් නොයවාම සූදානම් වුණෙමි. නිශ්ශංක චිත්‍ර පනහම ඔහුගේ කාචයේ සටහන් කරගනු මම දුටිමි. එතරම් ඒවා අයස්කාන්තය. රිද්මයානුකූලය. කොටින්ම කීවොත් ලස්සනය.

විනී හෙට්ටිගොඩ චිත්‍ර ශිල්පියාගේ වචනයෙන්ම ඒ විස්තරය මෙසේය.

"ඉන්දියාවේ ඔරිස්සා ප්‍රාන්තයේ පිහිටි සූර්ය දේවාලය හදලා තිබෙන්නේ මේ වගේ රෝද හතරක් මත. එය ඇදගෙන යන්නේ අශ්වයන් හතර දෙනෙකුයි, අලි දෙන්නෙකුයි. 1987 අපි එහි යද්දි පින්තූර ගන්නත් පුළුවන්. දැන් නම් යකඩ වැටවල් ගහලා ආරක්ෂා කරලා. මේ සියල්ල ඔරිස්සාවල බුවනේශ්වර නගරේ තිබුණේ."

ඔහු එකිනෙක චිත්‍රය ළඟ නතර වන මට එහි සත්ත්වරූප ගැන විස්තරයක්ද පවසයි.

"මේ ගජ සිංහ. මේ හස්තියාව පාගගෙන ඉන්න සිංහයාගෙන් පෙන්වන්නේ ශක්තියයි. මේ නාගකන්‍ය රූපය අඩි 14ක් උසයි. අතුළුවීමේ දොරටු දෙපස තිබෙන්නේ. සමහර රූපවල පෙන පහයි. සමහර ඒවායේ පෙන 7යි. හරියට අපේ දොරටුපාල වගේ. මෙහි විශේෂත්වය ඒ වගේම කුඩා රූප ජනෙල් කූරුවලත් නෙළා තිබෙනවා.

කරත්ත රෝදේ ගරාදියේ රවුමේ තිබෙන්නේ මේ හංස කැටයම්. ඉන්දියානු කොඩියෙත් තිබෙන්නේ ඒ ගරාදි 10ක්නේ. මේ සිංහ රූපය අංශක අනූවට හැරුණු බිත්තිවල දෙපසට සමානව නෙළූ කැටයම්.

මේ මුවෙක්. මේ සිංහධේනුව සහ පැටවුන්. මේ ගවයා හින්දු ආගමේ සංකේතයක්. අපේ රටේ ගල් කැටයම්වල ඉන්නේ සත්තු හය දෙනයි. ඒත් මොවුන්ගේ සත්ත්ව රූප විශාල සංඛ්‍යාවක් කැටයම් කර තිබෙනවා. මෙය දැවැන්ත වන්නේ ඒ නිසා. අලින්ගේ විවිධ ස්වරූප, සිංහයන්ගේ විවිධ ස්වරූප, හංසයා, මොනරා, සෙබඩ, නයා, සූකරයා, තාරාවන් තවලමේ යන හරකුන් ආදි සතුන් රැසක් ගල්කැටයම්වල නෙළා තිබෙනවා. ඉන්දියාවේ කජරාවෝවල ලිංගිකත්වය නිරූපණය වන කැටයම් බහුලයි. ඒ නිසා තමයි මේ සතුන්ගේත් ඇතැම් කැටයම්වලින් ඒ ස්වරූප පෙන්වන්නේ.

ඇතැම් චිත්‍රවල සතුන්ගේ ඇත්තේ ඉරියවුවල පොඩි වෙනස්කම් පමණයි. ඒත් ඒ වටා වෙනස් වූ රිද්මයානුකූල හැඩතලවලින් සරසා තිබෙනවා. අලියකුට අංශක 90කට වඩා හිස හරවන්න බෑ. ඒත් මේ චිත්‍රවල ඊට වඩා වෙනස් ස්වරූප ගෙනහැර පානවා. අශ්වකඳක් සහිත මිනිස් ස්වරූපය මේක. මේ අලිවැලක්. නිතරම අලියාව පාගා සිටින සිංහයාගේ රුව එහි දකින්න ලැබෙනවා. මේ චිත්‍රවල හැඩතල හරි විශිෂ්ටයි. රිද්මය හරිම ලස්සනට ගැළපෙනවා.

මෙහි ඇති අනෙක් චිත්‍රවල මිනිස් රූප මම ඇන්දෙ නෑ. මම වැඩිපුර උනන්දු වුණේ සතුන්ගේ රූපවලට. ඒකනේ 'සත්ත්ව රූප' කියලාම ප්‍රදර්ශනයට නම තිබ්බේ. ඒක නෙවෙයි ලොකුම විස්මය අඩි 300ක් උසට මේ කළුගල් ඉස්සුවේ කොහොමද කියන එකයි." ඔහු කියන්නේ සිනහවකින් මුව සරසාගෙනය.

දැන් මට ඇත්තේ මේ චිත්‍ර ඇඳී ආකාරය පිළිබඳ විමසිල්ලකි.

"මේවා මුලින්ම ලයින් ඩ්‍රොයින් ඇඳලා පැස්ටල්වලින් ඇඳලා මම ඉගෙන ගත් ඉන්දියානු විශ්වවිද්‍යාලයේ ප්‍රදර්ශනය කළා. ඉන්දියාවට ගියේ 1986. එතකොට මම දිවයින පුවත්පතේ. එම්.ඒ කළේ ඉන්දියාවේ. පස්සේ ගෙදර ගෙනත් දාලා තිබුණා. ගෙවල් මාරු කරද්දි තැන් තැන්වලත් දමා තිබුණා. ඉන්දියානු සංස්කෘති මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ එම්. රාමචන්ද්‍රන් මගේ බැච්මේට් කෙනෙක්. ඔහු දවසක් හමුවෙලා මගෙන් ඇහුවා ඒ චිත්‍රවලට මොකද කළේ කියලා. මම කීවා කොහෙ හරි ඇති කියලා කීවා. පස්සේ ඔහු මට කීවා ඒවායින් පොතක් ලියන්න කියලා. ඔහුම හැඳීන්වීම ලියා දීලා ඒ පොත මුද්‍රණය කරන්න සූදානම් කළා. බොහෝ මුද්‍රණාලවලින් කීවේ නවකතාවක් වගේ නම් කමක් නෑ, මේ වගේ පොතක් මුද්‍රණය කරලා ලාභ ලබන්න බෑ කියලා. පස්සේ මගේ අර්ථසාධක අරමුදලෙන් ලක්ෂ හයක් වියදම් කරලා මම විසින්ම පොත මුද්‍රණය කළා. මම කල්පනා කළේ මුදල් ගැන නෙවෙයි. මේ පොත කවදා හෝ කාට හෝ ප්‍රයෝජනවත් වෙයි නේද කියලයි.

ඉතින් මේ ප්‍රදර්ශනයට චිත්‍ර සූදානම් කළේ කලින් චිත්‍රවල රේඛා සටහන් පොත තිබුණු නිසා ඒවා සියල්ල ස්කෑන් කරලා අරගෙන ඒ චිත්‍රවලට කළුගල් වයනය (ටෙක්ස්චර්) දීලා ඒ වයනයේ තීව්‍රතාව චිත්‍රය මතුවන අයුරින් අඩුවැඩි කිරීමෙනුයි."

'අපි වැඩිපුරම ඔබව දන්නේ කාටූන් ශිල්පියෙකු විදිහටනේ.' මම හෙමිහිට කීවෙමි.

"කාටූන් පත්තරේ ගිය නිසා එහෙම ප්‍රසිද්ධ වුණා. ඒත් අපි චිත්‍රනේ ඉගෙන ගත්තේ. මම පොඩි කාලේ ඉඳන් චිත්‍ර අඳීන්න කොච්චර ආසද කියනවා නම් අපේ අම්මා අහනවා 'උඹලෑ ඉස්කෝලේ උගන්නන්නෙ ඔවා විතරෙයි' කියලා.

ගෙදර ඇවිත් චිත්‍ර අඳීන එක කරන්නේ. අද වගේ නෙවෙයි, අපි ඒ කාලේ දත්මදින්නේ අඟුරුවලින්නේ. ඒ අඟුරු කෑලිවලිනුත් කළේ බිත්තිවල චිත්‍ර ඇන්ද එක. ලොකු කාලේ වෙද්දි අපේ මල්ලි ඉලෙක්ට්‍රීෂියන් කෙනෙක් වුණා. මම ඇඳලා දෙන චිත්‍රවලට එයා ලයිට් දානවා. වෙසක් උත්සවේටත් නිර්මාණ කරන්නේ ඒ විදිහට. අපි හේවුඩ් ආවේ සාමාන්‍ය පෙළ සමත් වෙලා. එතැනින් දෙන ප්‍රායෝගික පරීක්ෂණය සමත් වෙලා."

'දැන් සෞන්දර්ය විශ්වවිද්‍යාලය නිසා ක්‍රමය වෙනස්නේ?' මගෙන් පැනයකි.

ඔව්. දැන් අපේ කාලේ වගේ නෙවෙයි. ඉසෙඩ් ස්කෝර් එක ගන්නේ ආර්ථික විද්‍යාවට, ගෘහවිද්‍යාවට. චිත්‍රවලට තිබෙන්නේ සාමාන්‍ය සාමර්ථ්‍යයක්. එහෙම අය සෞන්දර්ය විශ්වවිද්‍යාලයට තේරුණාම ගුරුවරුන්ටත් හරි ප්‍රශ්නයක්. අපි දකිනවා ප්‍රායෝගික පරීක්ෂණයේදී නොම්මර එකට අඳීන ළමයි. ඒ අයට ඉසෙඩ් ස්කෝර් එක නෑ. අපේ අධ්‍යාපන ක්‍රමයේ විශාල ප්‍රශ්නයක් තිබෙනවා ප්‍රායෝගික විෂයයන්ට දක්ෂ ළමයින් තේරීමේදී.

පෙරදිග අධ්‍යාපන ක්‍රමයේ කාරණා තුනක් කියනවානේ වාසනා ගුණය නැත්නම් උපන්හපන් කම, ව්‍යුත්පත්තිය, සතතාභ්‍යාසය තිබෙනවා නම් ඒ දරුවාට ඒ විෂයය හදාරන්න ක්‍රමයක් ඇති කළ යුතුයි. එහෙම නැතිව පේන්ට් කොම්පැනියක් තිබෙන සල්ලිකාරයකුගේ දරුවා චිත්‍ර ඉගෙනගන්න යැවුවාට වැඩක් නැහැ. අද අබ්ස්ට්‍රැක්ට් චිත්‍ර අඳීන්නේ ඒකනේ බොහෝ දෙනා. ගොඩක් ඉස්කෝලවල එහෙම චිත්‍ර ගුරුවරු කියන්නේත් වෙන කාටහරි. විෂයය ඉගෙන නොගත් අයත් එතැන ඉන්නවා. ඒ නිසා තමයි සම්ප්‍රදායෙන් පිට යන්නේ නැත්තේ."

'චිත්‍ර රසවින්දනයේ ලොකු හිඩැසක් ඇති වෙන්නේ ඒ නිසාද?' මගේ ප්‍රශ්න වැලට තවත් එකක් එකතු විය.

"චිත්‍ර පමණක් නෙවෙයි ඕනෙම දෙයක් රස විඳීන්න ඒ විෂයය හදාරා තිබෙන්න ඕනෙ. අපි ක්‍රිකට් ගැන හිතමු. ක්‍රිකට් ගැන නොදන්න කෙනෙකුට හිතෙන්නේ එක්කෙනෙක් පන්දුව දානවා අනෙකා පිත්තෙන් පහර දෙනවා. ඕක මොකක්ද කියලානේ. ඒත් ඒකෙ නීති රීති ආදිය දන්න අයට ක්‍රිකට් රස විඳීන්න පුළුවන්. චිත්‍රත් ඒ වගේ තමයි."

'අද බොහෝදෙනා ඇබ්ස්ට්‍රැක්ට් චිත්‍රවලට යොමු වෙලා වගේ ඔබට හිතෙන්නේ නැද්ද?'

"ඇබ්ස්ට්‍රැක්ට් චිත්‍රයක් අඳීන්න කලින් රියැලිස්ටික් චිත්‍රයක් අඳීන්න පුළුවන් වෙන්න එපායැ. දිගින් දිගට ඒ චිත්‍ර කරද්දි එහි ප්‍රවීණත්වය සමඟ ඇබ්ස්ට්‍රැක්ට් කරන්න පුළුවන් වෙනවා. හොඳම උදාහරණය තමයි මොන්ඩ්‍රියන් කියන චිත්‍ර ශිල්පියා. ඔහු ගස් ඇඳලා තිබෙනවා. කොතරම් ගස් ම ඇඳලා තිබෙනවාද කීවොත් අන්තිම වෙද්දි පින්සල් පාරවල් දෙකෙන් ගහක් අඳීනවා. ඒක තමයි ගසක ඇබ්ස්ට්‍රැක්ට් චිත්‍රය වන්නේ. සමහරු අබ්ස්ට්‍රැක්ට්වලින්ම ආරම්භ කරනවා. එතකොට එතනින් එහාට යන්න බැහැ. පිකෑසෝ මුලින්ම කළේත් ස්වභාවික චිත්‍ර. චිත්‍ර ගැන අතහැරලා අපි මෝටර්බයිසිකලයක් පදින විදිහ හිතමු. මුලින්ම ෆුට් සයිකලේ අස්සෙන් කකුල දාගෙන පැදලා, ඊට පස්සේ ඉඳගෙන පැදලා, මෝටර් බයිසිකලේ බැලන්ස් කරලා, අන්තිමට තනිරෝදෙනුත් වැඩ දාන්න පුළුවන්. එහෙම නැතිව අපේ තාත්තා මෝටර් සයිකල් පැද්දා ඒ නිසා මම බයිසිකල් පදින්න ඉගෙන ගන්න ඕනෙ නෑ කියලා මුලින්ම මෝටර්සයිකලයක් අතට අරගෙන බලන්නකො මොකද වෙන්නේ කියලා. ඒක තමයි ඇබ්ස්ට්‍රැක්ට් චිත්‍රවලටත් වෙන්නේ. හැබැයි චිත්‍රවලට ඕක වුණාට ජනතාවට දැනෙන්නේ නෑ මේ අනතුරකින් මියගිය කෙනෙක් කියලා. ඔය ගරා වැටීම තමයි සියලු කලාවන්ට වෙලා තිබෙන්නේ."

ඉන්පසු මා විමසුවේ ඔහු කාටූන් කලාවට යොමු වූ අයුරු සහ මේ වන විට පුවත්පත් කලාවෙන් ඉවත්ව සිටීමට හේතුවය.

"මම වර්ණ චිත්‍රත් අඳීනවා. මට යථාර්ථවාදි නැත්නම් ස්වභාවික චිත්‍ර අඳීන්න පුළුවන්. ඒත් පත්තරේට ගියාම පත්තරේ කළු සුදු නිසා ඒකටම හිර වුණා. (සිනාසී) ඒ දවස්වල මට කියනවා රාජ්‍ය නායකයන්ගේ චිත්‍ර එහෙම අඳීන්න කියලා. (රහසින් මෙන් ජේ. ආර්ගේ එහෙම) ඒත් ඇඳෙන්නෙම ස්වභාවික පෙනුම එන රූප. ඒ කියලා අතහරින්න බෑනේ. මම විශ්වවිද්‍යාලයේ පුස්තකාලයේ ඉඳගෙන ඒ ගැන හිතන්න පටන්ගත්තා. මට හමුවුණා පොතක් ලංකාවේ වෙස්මුහුණු කියලා. ඒකේ ලයින්‌ඩ්‍රොයින් තිබුණේ. මට කල්පනා වුණා මේ විදිහට ඒ මුහුණුත් අඳීන්න පුළුවන්නේ කියලා. මම ඒකෙන් ශෛලියක් හදාගත්තා. කරුණාදාස සූරිආරච්චිගේ කොලමට ඒ ශෛලිය භාවිත කළාම බොහෝ තීරු රචකයන් මට ඒ විදිහට ඇඳලා දෙන්න කීවා. කෙටිකතාවලටත් ඒ චිත්‍ර යොදාගන්න මම සේවය කළ පුවත්පතට හැකි වුණා. සාමාන්‍ය ජාතික පුවත්පතක ලක්ෂණ කඩාබිඳ දමමින් ගිය ඒ ගමනෙදි චිත්‍රවලින් මමත් ඒ කාර්යය කළා.

වටමේස කියලා පටන්ගත් සංග්‍රහයත් 89දි නවත්වන්න සිදු වුණා. ඒ ප්‍රශ්න විසඳීලා කලක් යද්දි එඩ්මන්ඩ් රණසිංහ මහත්මයා මට ආපසු එය පටන්ගන්න කීවා. ඒකම කරන එකේ තේරුමක් නැති නිසා මම හෝල්ට් කියලා එකක් ආරම්භ කළා. එය දිගු කාලීනව අඳීන්න හැකි වුණා. ඒ කාලේ පුවත්පත්වලට අඳීන සමහර දේවල් පළ කරන්නේ නෑනේ. ඒ වගේම පත්තරේට නොදෙන්නම හිතාගෙන ඇන්ද චිත්‍ර එකතු කරලා ප්‍රදර්ශනයක් කළා 1990. ඒක විවිධ හේතු නිසා කල් ගිහින් නත්තල් දිනයේ තමයි පැවැත්වුවේ. ඒ ප්‍රදර්ශනය කොළඹ විශ්වවිද්‍යාලයේ තැබූ වෙලාවේ එක්තරා ශිෂ්‍ය සංගමයක් විරුද්ධ වෙලා පහර දුන්නා. ලේක්හවුස් ඉංග්‍රීසි පුවත්පතකින් ඒ ගැන විමසීමක් කළාම වගකිව යුත්තන් කියා තිබුණේ මම ප්‍රදර්ශනයක් කරලා හම්බෙන සල්ලි එක්තරා පක්ෂයකට දෙනවා කියලා. ඒ පාර මම සේවය කළ පුවත්පතිනුත් ඒ ගැන මගෙන් විමසන්න ගත්තා. එහිදී මම කළ කරුණු පැහැදිලි කිරීම නිසා දෙපාර්ශ්වයම තර්කයෙන් කරට කර ආවා. ඒ කාලෙම ලක්දිව පුවත්පතින් මට ආරාධනයක් ලැබී තිබුණ නිසා මම හිටපු පුවත්පතට ස්ව කැමැත්තෙන් අස්වීම ලබා දී අලුත් පත්තරේට ගියා. පසුව හිරු, ලංකාදීප සහ ලක්බිම පුවත්පත්වලට සම්බන්ධ වුණා. මගේ මතය වුණේ ඒකීය ලංකාවක් පැවතිය යුතු බවයි. ඒ පිළිබඳ දේශපාලන මතවාදයක් මත මම අවසානයට සේවය කළ පුවත්පතෙනුත් ඉවත්වුණා. ඉන්පසු පුවත්පත්වල සේවයට ගියේ නැහැ. මාස නවයක් විතර මම රස්සාව නැතිව හිටියා. ඊට පස්සේ සෞන්දර්ය විශ්වවිද්‍යාලයේ කථිකාචාර්යකමකට බොහොම අමාරුවෙන් බැඳුණා. විශ්‍රාම යන තුරු කළේ ඒ රැකියාව."

මේ ප්‍රදර්ශනයෙන් ඔහු බලාපොරොත්තු වන අරමුණද මෙසේ පැවසුවේය.

"මීට කලින් 2014 වසරේ ඩිජිටල් පේන්ටින් ප්‍රදර්ශනයකුත් කළා. සත්ත්ව රූප ප්‍රදර්ශනය නරඹන දෙපිරිසක් ඉන්නවා. සමහරු චිත්‍රය දකින්නේ දෑසින්. සමහරු චිත්‍රය දකින්නේ ඔළුවෙන්. මම හිතන විදිහට මූර්ති කරන පිරිසට බොහොම වටිනවා මේ චිත්‍ර. ලංකාවේ අපේ ජීවිත කාලේ දුටු සිංහ රූප වෙනස් වෙලා නෑ. බොහෝ දෙනා පන්සල්වල බුදුපිළිම, කොරවක්ගල්, මුරගල් පමණයි හදන්නේ. ඒත් මේවා වෙනස් නිසා වෙනස් මූර්ති නිර්මාණය කරන්න මේ චිත්‍රවලින් අදහසක් ගන්න පුළුවන්. හැමදේම බිහි වන්නෙ තවත් යමක් දැකීමෙන්නේ."

චිත්‍ර නරඹමින් කළ කතාබහට නිමාවක් දීමට අනාගත බලාපොරොත්තු පිළිබඳ සුපුරුදු ලෙස විමසුවෙමි.

"අපේ ගෙදර ප්‍රදර්ශන දෙකකට චිත්‍ර ලෑස්ති කර තිබෙනවා. එකක් මුහුණු. උදාහරණයකට අරුණි මා එක්ක කතාකරලා ගියාම ඒ මතකෙන් ගෙදර ගිහින් අඳීන ඔබේ මුහුණ කියමුකෝ. ඒ වගේ මට හමු වුණු මුහුණු ඇසුරින් කළ නිර්මාණ. අනෙක විශාල කැන්වස්වල කළ ලොකු චිත්‍ර. ඒත් චිත්‍ර ප්‍රදර්ශනයක් කියන්නේ ලොකු වියදමක්. දැන් මම විශ්‍රාමික නිසා විතරක් නෙවෙයි චිත්‍ර ප්‍රදර්ශනයක් කියන්නේ ආදායමක් හරියට ලැබෙන දේකුත් නෙවෙයිනේ. අනෙක මේ තිබෙන ආර්ථික ප්‍රශ්න නිසා අනුග්‍රාහකයකු සොයා ගන්නත් ටිකක් අමාරුයි. ඒ නිසා මේ ප්‍රශ්න ටික නිස්කලංක වුණාම ඒ ප්‍රදර්ශනය තියන්න හිතාගෙන ඉන්නවා."

[email protected]

සේයාරූ - නිශ්ශංක විජේරත්න