අද දරුවන්ට පරිසරයේ සුන්දරත්වය ගිලිහෙනවා

ලොව සොඳුරු තැන් සොයාගිය ගමන් ශ්‍රියාණි අමරසේන ලියයි
දෙසැම්බර් 1, 2022

“ඉස්කෝලේ යන කාලේ ඉඳලම මගේ විනෝදාංශ කීපයක්ම තිබුණා. මම ඉතා කැමැත්තෙන් ආශාවෙන් විනෝදාංශයක් විදියට කළ දෙයක් තමයි චිත්‍රපට හා නාට්‍ය වගේ දේවල් නැරඹීම. විශේෂිත වූ චිත්‍රපට. අනික තමයි පොත් පත් කියවීම. කියවීම මගේ ලොකු විනෝදාංශයක් වුණා. අනිත් දේ තමයි සංචාරය. සංචාරය කිරීමත් එක්ක ලංකාවේ බොහෝ ස්ථානවල වල සංචාරය කරන්න මට මගේ දෙමාපියන්ගේ සම්බන්ධතාවය ඇතුව මගේ කුඩා කාලයේ වයස හත අට වගේ කාලේ සිට අවකාශය ලැබුණා. මොකද ඒ කාලේ මීතොටමුල්ල කියන මගේ ගමේ අවුරුද්දකට සැරයක් වන්දනාවේ යනවා.

ඒ වන්දනාවට කිව්වේ වටවන්දනාව කියලා. ඒ කාලේ උණත් මට අද වගේ මතක් වෙනවා, ඒ ගමන් කොයි තරම් දුරට අපේ හිත්වලට අපේ රට ගැන ආදරයක් ගෞරවයක් ඇතිවෙනද කියලා. මොකද වට වන්දනාවේ ගියාම ඒ යන තැන් ඉතිහාසගත තැන්, පූජනීය තැන් අනුරාධපුර පොළොන්නරුව, සීගිරි-දඹුලු මේ හැම තැනකටම වගේ ගියාම දැනෙන සතුට, විනෝදය වගේම ඒ ආභාසයත් මම මගේ

පුංචි කාලයේදී ලැබුවා. ඉතිහාසය භූගෝල කියන විෂයන්වලට මම වැඩි කැමැත්තක් දැක්වුයේත් මේ කාරණාව නිසාම තමයි. අද රටේ දරුවන්ට ගොඩක්ම ගිලිහෙන දේවල් නිසා තමයි මම මේ අතීතය මතකයට නංවන්න හිතුවේ.

මං අද කතා කරන්න යන්නේ සංචාරය ගැන. අපේ රටේ ලංකාවේ සංචාර පිළිබඳ මං ගොඩක් ස්ථාන පිළිබඳ දැනුම් තෙරුම් ලබා තිබෙනවා. හුගාක් තැන් දැක බලා තියෙනවා. පූජනීය ස්ථාන, සුන්දර ස්ථාන, දිය ඇළි, කඳු පන්ති මේ හැම දෙයක්ම දැකලා ඇස්දෙක පුරෝගෙන තිබුණත් මට විදේශ සංචාකයක් සඳහා අවස්ථාවක් සඳහා ලැබෙන්නේ කොහොමද කියලා දෑස් දල්වාගෙ බලාගෙන හිටියා.

මේ සඳහා මට අවස්ථාවක් ලැබුණා. මේ වනකොට රටවල් පහළවක විස්සක විතර මම සංචාරය කරලා තියෙනවා.

අතීතය හාර අවුසන්න, මුලින්ම මම නිෂ්පාදනය “තරණය” චිත්‍රපට එක්ක මම විදේශ රටවල සංචාරය කළ අයුරු. එම රටවල සිටි ශ්‍රී ලංකාකයෝ සිංහලයෝ එක්ක මෙම චිත්‍රපටය ප්‍රදර්ශන වාර ගණනාවක් පෙන්නලා ඒ ගත කරපු කාල සීමාව.

1990 මුල් කාලයේ තරණය චිත්‍රපටය මම නිෂ්පාදනය කළා. වැඩ කටයුතු නිමකරලා ප්‍රදර්ශනය සඳහා පරීක්ෂණ මණ්ඩලයට අනුමැතියත් ඇතිව බලාගෙන හිටිය කාලයේ. ඒකාලේ ටිකක් දිග පෝලිමක් තිබුණා චිත්‍රපට සඳහා ප්‍රදර්ශනය සඳහා.

මේ අතරතුර තරණය චිත්‍රපට අන්තර්ජාතික චිත්‍රපට උලෙළ කීපයකට යොමු කළා. පෘතුගාලේ ට්‍රොයියා හා ඉරානයේ හාජා චිත්‍රපට උලෙළට “තරණය” නියෝජනය කරන්න අවස්ථාව ලැබුණා. තවත් උලන් බටා කියන චිත්‍රපට උළෙලත් “තරණය නියෝජන කළත් එයට සහභාගී වෙන්න බැරි වුණත් පෘතුගාලයේ ට්‍රොයියා හා ඉරානයේ හාජා චිත්‍රපට උළෙල සඳහා මටත් සහභාගී වෙන්න අවස්ථාව ලැබුණා. ඉතිං චිත්‍රපට උළෙලකට සහභාගී වෙනවා කියන්නෙම බොහොමයක් චිත්‍රපට නැරඹීමට අවස්ථාව ලැබෙනවා කියන එක. ඉතිං ඒ අවස්ථාව මටත් අමරෙටත් ලැබුණා.

මේ අතර මට පැරිස් වලින් දුරකථනය ඇමතුමක් ලැබෙනවා “තරණය චිත්‍රපටය පැරිස්හි වාසය කරන අපේම ශ්‍රීලාංකික පිරිසට පෙනන්න සූදානමක් තියෙනවා, ශ්‍රීයාණි අක්කා කැමැතිද, මම යසන්තද සිල්වා මම සිංහල ගුවන් විදුලි සේවයක් පවත්වාගෙන යනවා ඒක මෙහි ගොඩක් ජනප්‍රියයි. ශ්‍රී ලංකාවේ තොරතුරු මම මෙහි විකාශය කරනවා. ඉතිං මං ආරාධනා කරනවා ඔය දෙන්නටත් හැකිනම් එන්න චිත්‍රපටයත් අරගෙන අපි පැරිසියේ ස්ථාන කීපයක් ප්‍රදර්ශනය කරමු කියලා.

මම මේ සඳහා කැමැත්ත ප්‍රකාශ කළා. ලංකාවේ ප්‍රදර්ශනයකට කලින් අපේම ශ්‍රී ලංකිකයන් පිරිසකට විදේශ රටක මෙය ප්‍රදර්ශනය කිරීමට ලැබීම සතුටට හේතු වුණා. ඉතිං මේ කැමැත්තත් එක්ක අපි සූදානම් වුණා.

1994 වර්ෂයේ තමයි පැරීසයට යන්න අවස්ථාව ලැබුණේ. මමත් අමරෙත් මේ ගමනට සහභාගී වුණා. ඉස්සර ඩිජිටල් තාක්ෂණය තිබුණේ නැති නිසා අපිට තරණය චිත්‍රපටය රැගෙන යාමට සිදුවුණේ ලොකු කෑන්ස්වල. අඩි 2000 ක කෑන්ස් 5 කට අපි චිත්‍රපටය එකතු කර ගත්තා. මේ කෑන්ස් 5ම හරි බරයි. ඉතින් ඒ කෑස්න් 5 ම ගැටගහලා උස්සගෙන යන්න පුළුවන් විදියට සකස් කර ගත්තා. ඒ අතරට අපේ ඇඳුම් පැලඳුම් සහිත ගමන් මලු කීපයකුත් තිබුණා. ඉතිං මේ හැම දෙයක්ම අපි දෙන්නා තමයි රැගෙන යේ. ගමනට තියෙන ආසාව නිසා කැමැත්තෙන් තමයි අපි එය කළේ.

ඉතිං ලසන්තද සිල්වා තරණය ප්‍රදර්ශනය ඉතා හොඳීන් සංවිධානය කරලා තිබුණා. අපි එය ඇස් දෙකෙන් දැකබලා ගත්තා. අපිට හොඳ නවාතැනක් සපයලා තිබුණා. පැරීසිය කියන්නේ ලෝක ප්‍රසිද්ධ රටක්. ඉතා වියදම් අධිකයි අපේ ලංකාවේ රුපියල් එක්ක බලකොට. ඒත් ඒ අතින් යසත්තගේ බිරිද දරු පවුල අපිට ඉතිහාස ගත දේවල් බලාගෙන්නත් අවස්ථාව සලසලා දුන්නා.

ඉතිං තරණය බලලා හොඳ ප්‍රේක්ෂක ප්‍රතිචාරයක් ලැබුණා. ඔවුන් කාලෙකට චිත්‍රපටය දැකලා තිබුණේ නෑ ලොකු තිරේක. ඉතිං ඔවුන්ට මෙය ලොකු අවස්ථාවක් වුණා. ඒ වගේම අපේ පැමිණීමත් ඔවුන්ට ලොකු සතුටක් වුණා.

චිත්‍රපට ප්‍රදර්ශනයෙන් පස්සේ ඔවුන් අපිව පැරිසියේ තියෙන සුන්දර ස්ථාන බලන්න රැගෙන ගියා.

මුළු පැරිස් නගරයම ටිකක් අපිට දර්ශන වෙනවා ඈතට යනකම්ම. ගොඩගැඟිලි

එතකොට කඳු පල්ලම්, ඈත නගරයට එහා ගම වගේ පැති. කර්මාන්ත ශාලා අපි හැම පැත්තටම බලමින්. ඉතිං ඇත්තටම එකල ජංගම දුරකතන නැති නිසා ඡායාරූප ගැනීමට පහසුකම් තිබුණෙත් නෑ.

ඉතිං ඒ ගත්ත ඡායාරූප තමයි දැනටත් මා ලඟ තියෙන්නේ පරිස්සම් කරලා. ඉතිං අපි උඩටම ගියා. උඩම තියෙන්නේ ලොකු භෝජනාගාරයි. අයිෆල් ටවර් එක උඩ අපි මේ දැන් ඉන්නේ කියන කොට පුදුමාකාර හැඟීමක් දැනෙනවා. මොකද මේ පැරීසිය නේද කියලා. මේ මගේ පැරිස් පළමු ගමන. ඉතිං පැරිසියෙ තියෙන විශේෂ දේවල් බලා ගන්න ලැබීම ගැන ගොඩක් සතුටු වෙනවා. ඉතිං මේ ටවර් එක ගැන ඉතිහාසගත ගොඩක් කතා අන්තර්ජාලයේ ගොඩක් බලාගන්න පුළුවන්.

මොනාලීසා, වීනස් දෙව් දුව කියන්නේ අපි වගේ කාන්තාවන්ට දැකබලා ගන්න පුල පුලා බලාසිටින දෙයක් තමයි. පින්තූර වලින් දැකබලා ගත්ත ඇස් දෙකෙන් දැකබල ගන්න ලැබෙනවා කියන්නේ ලොකු භාග්‍යයක්, වාසනාවක්. ඉතිං අපිව ලූව මියුසිම් එකට එක්කන් ගියා. (ඹ්ධභමඥප ර්භඵඥභථ, ර්‍ථචපඪඵ) ලූව මියුසියම් එකේ තමයි පැරණි චිත්‍ර පැරණි හැම දෙයක්ම ඇතුළත් වෙලා තියෙනවා. මෙහි දවසක් විතර බලන්න පු ළුවන් දේවල් තියෙනවා. මේ සඳහා දවසක් විතර ගතවුණා.

අපි එහි දවසම ගතකරමින් ඇවිද ඇවිද එය අධ්‍යයනය කළා. අපිව ඇරලා එයාලා ගියා, දවසම මෙහි ගතකරන්න කියලා සැම පහසුකමක්ම සපයලා.

එතනදි තමයි අපිට මුලින්ම මොනාලීසා චිත්‍රය දැකගන්න හැකි වුණා. මෙහි පින්තරු ගැනීම තහනම්. මොනාලිසා චිත්‍රය කිව්වට ඒක කුඩා පින්තූරයක්. නමුත් එතනට කිට්ටු වෙන්න බැරි තරමට සංචාරකයෝ වටවෙලා හිටියා. ඒක දිහා බලාගෙන ඉන්නවා හැමෝම. එයාලා වගේම අපි දෙන්නත් ඒ දිහා බලාගෙන හිටියා. මෙනාලීසා දිහා. මේ මොනාලිසා කියන්නේ මෙයාට නේද කියලා. ලොකුම ලස්සනක් නැතත් පොඩිපහේ ආදරයකුත් ඇතිවෙනවා. කවුද මේ කාන්තාව කියලා, ඒ කාලේ ලොකු විස්තර දැනගත්තේ නැතත් දැන් අපිට ජනමාධ්‍ය මගින් දැකගන්න ලැබෙනවා ගොඩක් විස්තර. මේ රූපය, මේ චිත්‍රය ඇන්දේ කවුද? ඇයි ඇන්දේ? එම හේතුව එදා අපි ඒ ගැන හිතුවේ නැ. ලූව මියුසියම් එකේ තියෙනවා වීනස් දෙව් දුවව තියලා විශාල ශාලාවක් මැද්දේ. සුදු කිරි ගරුඩවලින් හදපු ප්‍රතිමාවක් තමයි වීනස් දෙව්දුව කියන්නේ.

ඈත තියාම අපිට මේක පේනවා. ඈත කොනේ ඉදන් බලකොට වීනස් දෙව්දුව පේනවා. ඇත්තටම දෙව් දුවක් කියල මට හිතුනා. ඇයගේ එක අතක කොටසක් නෑ. ඇය බිම බලාගෙන ඉන්නවා. ඇය සිටින ඉරියව්ව හරිම ප්‍රියන්කරයි. වීනස්ම තමයි. ඉතින් එය ඇස්දෙකෙන් දැකලා විඳගන්න ලැබීම සතුටක්.

මේ තැන් දෙකේ තමයි ලූවවල වැඩිපුර සංචාරකයේ රැදිලා සිටියේ. මේ නම් දෙක හරි ප්‍රසිද්ධයි. පැරිස් සංස්කෘතික වටිනාකමක් තියෙන භාණ්ඩ රාශියක මේ මියුසියම් එකේ තිබුණා. අපි ඒ දේවල් දැක බලා ගත්තා. ඡායැරූප ගැනීම තහනම් කියලා එහි තිබුණා. ඉතින් ඒ සඳහා වෙහෙසුණේ නෑ. ඉතින් ඒ ගමන විශේෂත්වයක් වුණා.

අනිත් එක තමයි මාලිගාව. මේ වර්සයිලස් මාලිගාව :(ඍඥඵචඪතතඥඵ ර්‍ථචතචජඥ) කියන්නෙ ලුවී

රජ්ජුරුවන්ගේ පරම්පරාව සිටිය මාලිගය. මාලිගාවක් කිව්වට විශාල කාමර, ශාලා විශාල ප්‍රමාණයක් තිබුණ තැනක්. දැන් මෙය සංචාරකයන් සඳහා විවෘත කර තිබුණා. ඇත්තටම මේ මාලිගාව විශේෂයි කියලා හිතුණා. එම මාලිගාවට ඇතුල් වන තැන ලොකු රත්තරන් අශ්වයෙක් පිට නැගි රජ කෙනෙක් හෝ හේවායෙක් කියලා දන්නේ නෑ. ලූවී රජතුමාගේ ප්‍රතිමාවක් වෙන්න ඕනෑ ඒක දැක්ක ගමන් හිතෙන මේ මාලිගාව කෙතරම් විරාජමාන වෙච්ච තැනක් වෙන්න ඇතිද කියලා. ඉතිං අපි හරිම ආසාවෙන් මේ මාලිගාවට ඇතුළ් වුණා. ඉතිං දවසක් බලන්න තරම් දේවල් එතන තිබුණා. දවසක් බලලත් මදියි. පිටු පස තියෙනවා ලොකු උද්‍යානයක්. ඒ උද්‍යානයත් හරිම ලස්සනයි. ඉතිං ඒ උද්‍යානයත් බලන්න අපි ගියා. වර්සයිලස් මාලිගවේ ඇතුල්වුණ සමහර අය කතා වුණා. ලුවී රජ්ජුරුවෝ ඒ කාලේ ප්‍රංශ රාජ්‍යයේ ඉතාම සාමකාමීව බොහොම හොඳීන් පාලනය කළා කියලා.

ඊට පසු රජකළ 16 ලුවී රජ්ජුරුවෝ තරම් සාර්ථක පාලකයෙක් නෙමෙයි කියලා. ඉතිං එහෙම තමයි. එක එක කාලවලට පැමිණෙන රජවරු තම තමන්ගේ එක එක මත සමඟ රට වැසියා හොඳ නරක විවේචන කරනවා. කෙසේ වෙතත් මෙම මාලිගාවේ ඉතා වටින කෞතක භාණ්ඩ සහිත වස්තුවක් කියලා මට හිතුණා. මාලිගාවේ තියෙන ඒ විභූතිය එහි පෙනුම එහි විශාලත්වය මම හිතන්නේ මාලිගාවට ඇතුළු වුණාම එහි උඩ තියෙන කැන්ඩ්ලියස් බලන්න ඔළුව උස්සන්න ඒ තරම් එය උසයි. ඒ වගේ තට්ටු ගාණකින් යුත්තයි. ඉතිං හිතාගන්න පුළුවන්නේ කොයි තරම් විරාජමාන වෙච්ච තැනැක්ද කියලා.

පැරිස් නගරය හරිම කාර්ය බහුලයි. හරිම කාර්මිකයි. ගොඩනැගිලි හරි විශාලයි. ඒ වගේම හැම වෙලාවෙම රථවාහන තදබදයෙන් යුත්තයි. ඉතිං මේ නගරය මෙහෙම වුණාට පැරිස් නගරයෙන් කිලෝමීටර ගාණක් ඈතට ගියාම, මේ නගරයෙන් ඈත මේ වගේ නෑ. සුන්දර පරිසරයක් තියෙන්නේ.

හුඟක් අය නිවාඩු ගතකරන්න යනවා මේ නගරයෙන් ඈත පළාත්වල කුඩා හෝටල්, කුඩා මොටෙල් වගේ තැන්වලට.

ඒ වගේම මට විශේෂ දෙයක් සිදුවුණා මගේ පාසල් මිතුරියක් මට මෙහිදී මුණගැහුණා. ඇගේ නම සිරිමාවෝ. ඇය පැරීසියේ තමයි ජීවත් වුනේ විවාහ වෙලා දරුවොත් එක්ක. ඇයට ආරංචි වුණා, මං ඇවිල්ලා ඉන්නවා කියාලා. චිත්‍රපටය බලන්නත් ඇවිල්ලා “තරණය” බලලා එයට මට සුභ පතලා “ශ්‍රියා මට ඔයාව කාහේ හරි එක්ක යන්නත්. ඔයා මගේ ගෙදරත් එන්න. ඉතිං මට මේ මුණගැහීම ලොකු දෙයක් කොහොම හරි මුණගැහෙන්ත කියලා. ඉතිං කාලසටහනකට අනුව අපේ වැඩ සටහනක් තිබුණත්, මගේ මිතුරියේ ඉල්ලීම මට අහක දාන්න බැරි වුණා. ඉතිං සිරිමාවෝ අපිව එක්ක ගියා පැරීසියේ තියෙන ඩිස්නි ලෑන්ඩ් බලන්න. ඉතිං ඇත්තටම ඒකත් හරිම විනෝදජනක ආශ්චර්ය ජනක ඒ වගේම දැනුම් සම්භාරයක් ලබාගත හැකි ගමනක් වුණා. ඉතින් දවස පුරාම ඩිස්නි ලෑන්ඩ්වල තමයි ගත කළේ. ඉතිං අද මට සිරිමාවෝව මතක් වෙනවා. ඇය ඉතා ප්‍රිය මනාප මිතුරියක් කියලා. ඉතිං කොහොම හරි මාව හොයාගෙන ඇවිල්ලා අවුරුදු ගාණකට පස්සේ මාව දැකලා මට කතා කරලා මට ඒවගේ ප්‍රීතිදායක අවස්ථාවක් ලබාදුන්නට. සිරිමාවොට මං ස්තූති වන්ත වෙනවා.

පැරිසියේ අපි අමතක නොවෙන දින 10 පමණ ගතකළා. ඇත්ත වශයෙන්ම මං හිතන්නේ විදේශ සංචාරයකදී උපරිම වින්දනය, සතුට දැක බලාගැනීම් අපිට ඒ අවස්ථාවේදී ලබා ගන්න පුළුවන්කමක් තිබුණා. හැකියාව ලැබුණා. හිතවතුන් අපි සොයා පැමිණියා. තවත් එක සිද්ධියක් මට මතක් වෙනවා. අපේ සංවිධායක මහත්මයා ඔහුගේ දරු පවුලත් එක්ක අපිව එක්කන් ගියා පැරිස් නගරයේ ආපන ශාලාවකට රැගෙන ගියා.. ඉතිං මේ ආපන ශාලාවේ එක්තරා විදියක් තියෙනවා, මේක සෙල්ලමක් කියලා කියන්නත් පුළුවන් එක්තරා අංගයක් කියලා කියන්නත් පුළුවන්. මේ අංගයේදී ගොල්ලෝ ගේනවා පිඟන් පනහක් විතර. ගෙනැල්ල තියෙනවා. සුදුපාට පිඟන්. දැන් කාලා බීලා ඉවර උණාට පස්සේ ඒකේ තියෙන එක විනෝදාංශයක් තමයි පිඟන් පොළවේ ගහලා බිදින එක. පිඟන් ඔක්කොටම බෙදලා දෙනවා. කැමති කැමති අයට පොළවේ ගහන්න පුළුවන්. ඊට පස්සේ එතන ඔක්කොම සුද්ද කරනවා. අපිට ඉතින් මුලින් මේ පිඟන් පොළවේ ගහනකොට දුක හිතුණා, මේ ලස්සන පිඟන් අපරාදේ නේද කියලා. නමුත් එක් සිරිතක් වගේම එක අංගයක්. අපිත් ඉතිං එතනට ගිහිං පිඟන් පොළවේ ගැහුවා. අපිත් සම්බන්ධ වෙන්න එපායැ. සහභාගී වෙන්න එපායැ. එහෙම සම්බන්ධ වෙලා එනකොට මෙන්න තවත් සිංහල අපේ දෙන්නෙක් අපිව මුණ ගැහෙන්න එනවා. ඇවිත් කථා කළා. “

ශ්‍රියානි අක්කේ අපිත් තරණය බැලුවා. ඊට පස්සේ අපිට ශ්‍රියානි අක්කව කන්ටැක් කරගන්න බැරි වුණා.

මෙහෙමයි. මම අයි.ඩී. අනුර මේ මගේ බිරිඳ තුසිතා අපි නිවාඩුවක් ගතකරන්න පැරිසියට ආවේ. මං ඉන්නේ ඩෙන්මාකයේ. ඩෙන්මාක්වලත් මට තරණය චිත්‍රපටය මේ වගේ ප්‍රදර්ශනය කරන්න මට අවස්ථාවක් ලබා දෙන්න. ශි‍්‍රයාණි අක්කා ඇවිත් තියෙනවද මීට කලින් ඩෙන්මාර්වලට කියලා. මං කිව්වා නෑ. ඩෙන්මාක් ගැන අහලා තියෙනවා. ඩෙන්මාක්, ස්වීඩ්න්, මෙල්වා ගැන අහලා තියෙනවා.

නමුත් ඇවිල්ලා නම් නෑ. එන්නත් කැමයි. “මං අවස්ථාවක් උදාකරලා දෙන්නං. දැන් මෙහෙම ගිහිල්ලා තව මාසයකින් දෙකකින් විතර අපි සූදානම් වෙමු ඩෙන්මාර්ක් සංචාරය සඳහා තරණය කරන්න. ඒක එක්තරා ආකාරයක වාසනාවක්. පැරිසියට ගිය මොහොතේ හම්බුන අයි.ඩී. අනුරගේ මාර්ගයෙන් තවත් දර්ශන වාර ගණනාවකට මුහුණ දෙන්න, තරණය කරන්න හැකි වුණා. ඒ ගැන විස්තර මං කියන්නං. ඒකත් සුවිශේෂී ගමනක්. ඩෙන්මාර්ක් ගමන සුවිශේෂී වගේම

හාස්‍යජනක වගේම ඉතා බැරෑරුම් ගමනක්. ගමනාන්කතය එක්තරා විදියක අපූරු අත්දැකීමක් ලබපු ගමනක් කියන්න.

ඒ ගමනෙත් තියෙනවා විවිධ තොරතරු ලබපු අත්දැකීම් ගොඩක් තියෙනවා. කෝච්චියේ යනකොට කෝච්චිය වැරදිලා. කෝච්චි දාලා හාස්‍ය ජනක දේවල්. කෝච්චියේ ඉඩ පාඩු තියෙන තැනෙක ඉඳගෙන ගියා. භාෂා ප්‍රශ්න නිසා අපි ඉදගෙන තියෙන්නේ ඩිසේබල් අයට වෙන්කරලා තියෙන ආසනවල. ජර්මන් භාෂාවෙන් තියෙන්නේ.

1994 තරණය චිත්‍රපට ප්‍රංශයේ තිරගත වුනාට පස්සේ අපිට එම දශකයේම අවසාන භාගයේම ඩෙන්මාක් ස්වීඩන් මැල්මෝ කියන ප්‍රදේශවල තරණය දර්ශන පවත්වන්න අවස්ථාව ලැබුණා. ඉතිං ඒ ගමන ගැනත් කතා කරන්න කියලා මට හිතුණා. මොකද ඩෙන්මාර්ක්, ස්වීඩන්, මැල්මෝ කියන්නේ ඉතා සුන්දර වගේම හුගක් විනය ගරුක මිනිසුන් වාසය කරන රටවල් කීපයක්. ඉතිං පළවෙනි වතාවට තමයි අපි ඒ රටවල්වලට ප්‍රවිශ්ට වුණේ. ඇත්තටම ඒ ගමන අද මතක් කරනකොට මට හිතෙනවා එදා අපිට මීට වඩා දැනුම්වත් වෙලා හිටියා නම් මීට වඩා දැන උගත්කම් ලබාගන්න තිබුණා කියලා. නමුත් ඒ සුන්දර ගමන ගැන මං දැන් අවදි කරනවා මේ විදියට.

අපි මුලින්ම ගමන සැලසුම් කළේ. ශ්‍රි ලංකා ගුවන් යානයකින්. (එය ඒ කාලේ හැදින්වුයේ ඒ විදියට) ජර්මනිය හරහා ඩෙන්මාර්ක්, ස්වීඩන් යන්න. ජර්මනිය කලෝන් කියන ප්‍රදේශයේ පදිංචි වෙලා හිටියා මගේ පාසල් මිතුරිය රොලීන්. ඇය විවාහ වෙලා හිටියේ මැක්ස් සමඟ. ඔවුන්ට දුවණියක් සිටියා. ඇගේ ආරාධනය පරිදි අපි කලොන්වලට මුලින්ම ගියා. මෙහි දවස් දෙක තුනක් නතර වෙන්න.

ඇගේ ආගන්තුක සත්කාර විදලා. කොලොන්වල තියෙන ප්‍රසිද්ධ පල්ලිය, දේවස්ථානය අපි නරඹලා තවත් ස්ථාන කීපයකට ඇය අපිව රැගෙන ගියා. ඉතිං එතනදි අපි කතා කරගත් පරිදි ඊට පහුවෙනිදා අපි යන්න කොපන් හේගන් වලට. ඒ කියන්නේ ඩෙන්මාර්ක්වල ප්‍රධාන නගරයට යන්න. ඒ අනුව මේ උළෙල සංවිධානය කරපු අයි.ඩි. අනුර අපි නතරවෙලා හිටපු රොලීන්ගේ ගෙදරට කතා

කරලා සිය ගමනා ගමන කටයුතු සංවිධානය කරලා තිබුණා. අපිට යන්න තිබුණේ දුම්රියෙන්. දුම්රිය ගිහිල්ලා ඒ දුම්රිය ලොකු නැවකට දානවා. නැව ඇතුළට දාලා අපි නැවේ යනවා. පැය ගාණක් ගමන් කරලා ඩෙන්මාර්වලට යනවා. ගියාට පස්සේ යළිත් අපිත් දුම්රියට ගොඩවෙලා තමයි, එය ගමන් කරන්නේ අපි යන ස්ථානයට. ඉතිං මේ ගමන හරි අපූරු ගමනක්. හැබැයි මේ ගමනේදි අපිට හරි අපූරු සිදුවීමකුත් සිදු වුණා. එය නම් මතකයට නංවන්න අදත් පුළුවන් මට. හැම තැනකදිම භාෂා ප්‍රශ්නය තමයි මුල් වුණේ. ඉතිං මැක්ස් අපිට දුම්රිය ප්‍රවේශපත් දෙක අතට දීලා කිව්වා. මෙන්න මේ කෝච්චිය තමයි යන්නේ. ඔහු අපිව කෝච්චියට ඇරලුවා. මේ කෝච්චිය එක්තරා ස්ථානයක නවාතැන්පළක නවත්තනවා. එතනින් බැහැලා ඔයගොල්ලෝ ඒ කෝච්චියේම තවත් පෙට්ටි දෙක තුනක ගිහිල්ලා ඊට පස්සේ තවත් පෙටිටියක් තියෙනවා, ඒකට නගින්න කියලා. නමුත් අපිට මේක තේරුණේ නෑ. අපිත් හා හා කියලා කලබලේට කිව්වට ඒ ෆිල්ම් කෑන්ස් ටිකයි. බඩු මුට්ටුයි උස්සන් අපි කෝච්චියේ යනවා. ගිහිල්ලා ඒ නවතුම්පලට ආවා. ඉතිං අපි හිතුවේ ඊට එහායින්

ප්ලැට්ෆෝම් එකෙයි කෝචිචියක් නවත්තලා තියෙනවා, ඉතිං අපි හිතුවේ ඒකේ තමයි අපිට මෙයා යන්න කිව්වේ කියලා. මොකද ආපු කෝච්චියෙම ආපහු යන්නේ නෑනේ. ඉතිං අපි එහෙම හිතලා එහා පැත්තේ ප්ලැට්ෆෝම් එකේ කෝචිචියේ යනවා. ඒකේ යන ගමන් ඒක යනවා යනවා ඉවරයක් නෑ. දැන් ඉතින් හරි ප්‍රශ්නයක්. ඉස්සරහා ඉදගෙන හිටියා ඩෙන්මාර්ක් යුවළක්. ඩෙන්මාර්ක් යුවළගේ මහත්තයා ඒ තරම් කතා බහ කළේ නෑ. ඒත් නෝනා නම් අපි ටිකක් කලබල වෙනකොට අපි දිහා බැලුවා. එතකොට මට ඉතිං ඒ භාෂාව තේරෙන්නෙත් නෑ. ඇයට ඉංග්‍රීසි චුට්ටක් පුළුවන්. ඉතිං ටිකට් පත පෙන්නුවම ඇය පුදුම උණා. අපි වැරදි කෝච්චියක නැගලා තියෙන්නේ. ඉතිං ඊට පස්සේ ඊළග නැවතුම්පළේ බැස්සා. ඇයත් අපිත් සමග බැස්සා. මොකද ඇගේ ගමනාන්තය එතනයි. බැහැලා ඇයට මම දුන්නා මැක්ස්ගේ දුරකථන අංකය. අපි කොලොන්වල නතර වෙලා හිටපු රෝලීන්ගේ මැක්ස කියන යුවලගේ දුරකථන අංකය දුන්නම ඇය ඔහුට ජර්මන් බසින් කතා කළා. මැක්ස් ඇයට පැහැදිලි කළා. මේගොල්ලන්ව ඉක්මනට හරි කෝච්චියට දාන්න නැත්නම් පහුවෙනිදා දර්ශනයට මේ චිත්‍රපටය ගෙනියන්නත් බැරි වෙනවා. ඒගොල්ලන්ට ඒ සඳහා පෙනී හිටින්නත් බැරි වෙනවා. ලොකු ප්‍රශ්නයක් වෙනවා ටිකට් ඔක්කොම විකිණිලා. ටිකට් ගන්න එන අය ප්‍රශ්න ඇති කරයි. කොහොම හරි මේගොල්ලන්ව ඇරලවන්න ක්‍රම වේදයක් හදන්න කියලා. අනේ ඒ කාන්තාව ඊට පස්සේ අපිව තව කෝචිචියකට නග්ග ගත්තා. නග්ගගෙන ඔන්න දැන් ආයේ යනවා. විනාඩි පහළවක් විතර යනවා. ඊට පස්සේ අපි බැස්සා. ඒ ස්ටේෂන් එකට ඇවිල්ලා. ඒ එලියේ තියෙනවා. ලොකු ටැක්සි රථ. අපේ වගේ පොඩි රථ නෙමෙයි. ඒ ලොකු රථයකට අපිව නග්ගලා. ඒ රියදුරුටත් ජර්මන් භාෂාවෙන් යමක් කිව්වා. කියලා. කියාලා. අපිව බැස්සන්න. ඉතිං අපිට සල්ලි නෑ දෙන්න. අපි දන්නේ නෑ කීයක්ද දෙන්නේ කියලා. නමුත් ඒ කාන්තාව ඒ රියදුරාට කියලා රියැදුරාට සල්ලි දුන්නා. ඉතිං අපිට හරි සන්තෝසයි. හරි දුකයි අපට. ඒ පාර මගේ අත්බෑගයේ තිබුණා හදිස්සියේ ප්‍රයෝජනයට ගන්න ලොකු තේකොළ පැකට් දෙකක්. ඒ කාලේ ලොකු තේ කොළ පැකට් දෙකක්. මං ඒ තේ කොළ පැකට් දෙකම ඒ නෝනටයි මහත්තයටයි දුන්නා අපිට කරපු උදව්වට. වෙන කරන්න දෙයක් නෑනේ. අපිට සල්ලි නෑනේ. දැන් අපි ටැක්සියේ යනවා. ඉතිං ටැක්සි රියදුරා එක්ක කතා කරන්න බෑ. මොකද අපිට ඒ භාෂාව තේරෙන්නේ නෑනේ. ඔහු එහෙ මෙහ ටිකක් ඉක්මන් ගමනින් යනවා. හදිස්සියේ යනවා. මොකද පස්සේ අපිට තේරුණේ අපි මේ යන්නේ නැව් තොටුපලකට. වරායකට. වරායට ඇතුළු වෙලා. අපේ පාස්පෝට් බලලා සිකුරිටි පැත්ත බලලා. ඔක්කොම බලලා ඉක්මනට යන්න කියලා කිව්වා. අපි බලනකොට ලොකු නැවක් නවත්තලා තියෙනවා. මේ පෝට් එකේ එක තැනක. නවත්තලා තියෙනවා

ඉතිං අපි ටැක්සියෙන් බැහැලා එනකොට නැවේ දෙන්නෙක් දුවගෙන ඇවිත් අපේ බැග් අරගෙන ටක් ගාලා අපිව නැවට දාගත්තා. අපි නැගපු ගමන් නැව පිටත් වුණා. මොකද අපි එනකම් නැව බලා ඉදලා තියෙන්නේ. මොකද ඒ බුක් කරපු නිසා කලින් එහෙම සැසෙන්ජස්ලා නැතුව යන්නේනැ. ඉතිං අපි ඔන්න දැන් නැව ඇතුළට ගියා. අපිව උඩ තට්ටුවට එක්කං ගියා. ඒක ලොකු නැවක්. සංචාරකයෝ සෑහෙන්න පිරිසක් ඒ නැවේ හිටියා. එක එක ජාතියේ අය හිටියා. සිංහලනම් කිසිම කෙනෙක් හිටියේ

නෑ. දැන් අපිට නැවේ උඩ තට්ටුව යන්න කිව්වා. අපි යනවා අපිට කෑම බීම හම්බ උණා. කොහොම හරි අපි පැය 4 ක් 5 ක් විතර ගියා. හරි වේගයෙන් යන්නේ මේ නැව. අපි අවට සිරි නරඹමින් යනවා.

අපි දන්නේ නෑ මේකේ බරපතළකම මොකක් වත්. දැන් මේ නැව යනවා. ඊට පස්සේ නිවේදනයක් කළා. ඉංග්‍රීසියෙනුත් දුන්නා. දැන් නැව යනවා අනිත් පෝට් එකට. හෙයිසින් පෝට්. ඒ කියන්නේ ඩෙන්මාකයේ තියෙන වරායට. දැන් කවුරුත් තමන් ආව කෝච්චි පෙට්ටියට යන්න. කෝචිචියේ පෙට්ටියේ නොම්මරේ අපේ ටිකට් පතේ තිබුණා. දැන් පල්ලෙහා තට්ටුවේ හිටියේ. ලිෆ්ට් එකේ පල්ලෙහාට ආවම අපි ආව කෝචිචය ඒ නැවේ තියෙනවා. දෙකට තුනට කඩලා ගාල් කරලා. කාර්, ලොරි, විශාල කන්ටේනර්ස් මහ විශාල ගොඩක් මේ නැවේ තියෙනවා. යටම තට්ටවුවේ. මේ

නැවේ විශාලත්වය හිතාගන්න පුළුවන්නේ. ඉතින් දැන් ඔන්න අපි අපේ ආසනේට ගියා. අපිට නියමිත කෝචිචි පෙට්ටියේ අපි ඉඳගත්තා. අනිත් අයත් ඒ අයගේ ආසනවල ඉන්නවා. ඔන්න දැන් නැව ගිහිල්ලා නැවැත්තුවම ඔන්න ටිකක් කෝචිචය ගැස්සුණා. ගැස්සුණාම හිමින් හිමින් ගිහිල්ලා නැවෙන් එළියට ආවා. ඔන්න ඇවිල්ලා කෝච්චි පාරකට යනවා. දැන් නැව නෑ. කෝචිචි පාරක යනවා. අපිට හරි පුදුමයි මේ අත්දැකීම ගැන.

ඉතින් අපි හේසින්බෝ වරායට යනකොට. රෑ 11 12 විතර වුණා. ඉතිං දැන් අපි කෝච්චිය නවත්තපුවම දැන් අපිට බහින්නත් බයයි. අපි දන්න කියන කට්ටිය කවුරුත් නෑ. අඳුරන අය කවුරුවත් නෑ. මහ රෑ. ඉතිං අපි ඉන්නකොට ඔන්න අපේ කෝච්ටි පෙට්ටියේ ජනේලය ළඟට දුවගෙන ආවා අනුරයි, රත්නෙයි. ඒ කියන්නේ අනුරගේ හොඳම මිත්‍රයා රත්නේ. තවත් දෙන්නෙක් තුන්දෙනෙක් ආවා.

ඉතිං ඒ අය දැක්කම අපේ බය සේරම ගියා. දැන් අපි කෝච්චියෙන් බැස්සා. අපේ බඩුත් උස්සගෙන. “හම්මෝ ශ්‍රියාණි අක්කේ අපි හරි බයෙන් හිටියේ කෝච්චිය මිස් උණා නම් නැව මිස් උණා නම් අපේ ෂෝ එක කරලා ඉවරයි. කෑන්ස් ටිකත් ඔයගොල්ලෝ ළඟ. අපේ මෙහේ ඉන්න අය අපිව කයි. අපිත් එක්ක රණ්ඩුවටත් එයි. හොඳ වෙලාවට අර හම්බ වෙච්ච ජර්මන් ජාතික නෝනයි මහත්තයයි තමයි අපිට උදව් කළේ. ඉතිං අපි එහෙම කියලා ඒ ප්‍රශ්නය ඉවර කරලා අපි අනුරගේ ගෙදරට ගියා. අනුරගේ වයිෆ් තමයි තුසිතා. ඉතිං මේ ජෝඩුව ඩෙන්මාකයේ ලස්සන ගෙදරක පදිංචි වෙලා ඉන්නවා. අපි ගිහිල්ලා පොඩ්ඩක් විවේක සුවය ගතකළා. මොකද ඊට පහුවෙනිදා තමයි ෂෝ එක. ඩෙන්මාර්ක් වල ගොඩාක් සිංහල අය නෑ.

 වැරදීමකින් එදා කෑවේ ඩෝග් ෆුඩ්

හැබැයි ඉන්න ටික දෙනා කලාවට ලැදි අය. ඉතිං අනුරගේ ආරාධනාවෙන් ඒ ඉන්න ටික දෙනා “තරණය” දර්ශනය නරඹන්න ඇවිල්ලා හිටියා. ඉතිං ඒක අපිට ලොකු සතුටක්. සතුටු සාමීච්චියයි. පින්තූර ගැනීමයි. තොරතුරු විමසීමයි, ලංකාවේ කලා තොරතුරු විමසීමයි ඉතිං හැම දෙයක් දර්ශනය ඇතුලේ දර්ශනයෙන් පසුවත් ඊට පස්සේ භෝජනය සංග්‍රයේ හැම තැනකමත් අපිව අමන්දානන්දයට පත් කළ දර්ශනයක් බවට පත් වුණා. ඩෙන්මාර්කයේ “තරණය” දර්ශනය. අනුරයි තුසිතයි, රත්නෙයි මොනිකයි මේ දෙන්නගේ පවුල් දෙක තමයි මේ දර්ශනයේ ගොඩක්ම සංවිධාන කටයුතු මෙහෙයෙව්වේ. ඉතිං දැන් අපිට දර්ශනය ඉවර උනාට පස්සේ

ලොකු බරකින් නිදහස් උනා වගේ. ඉතිං අනුර කිව්වා “දැන් මේ ශ්‍රියානි අක්කා පළවෙනි වතාවනේ ඩෙන්මාර්ක් ආවේ. ඉතිං අපි ඩෙන්මාර්ක් වල තියෙන ලස්සන තැන් බලන්න යං කියලා. ඉතිං ඒ වගේ ලස්සන තැන් රාශියකට ඔවුන් අපිව එක්කං ගියා. ඉතිං මට විශේෂිත දර්ශන මතක් වෙන්නේ ඩෙන්මාකයේ අපි ලංකාවේදී ඉන්න කොට අහලා තිබුණා මුහුදු වෙරළේ තනිවුණු දියකිඳුරිය ගැන.

මේ දියකිඳුරි ගැන කතා ගොඩක් තියෙනවා. ඉතිං මේ තනිවුණු දියකිඳුරියව බලන්න අනුර අපිව එක්ක ගියා. ඉතිං ඇත්තටම එහි තිබෙන මුහුදු වෙරළේ අයිනක, ගල්පරල් තියෙන අයිනක මුහුදුවෙරලේ එක ගල් පරයක දියකිඳුරියකගේ රූපයක් අඹලා තියෙනවා. මේක සිම්බල් එකක් වගේ. මේක හැම තැනකම තියෙනවා. මේ දියකිඳුරියගේ සයිස් එකේ පින්තූර ගලක් උඩ ඉන්න දියකිදුරියගේ පින්තූර විකුණන්න තියෙනවා. සුවනියස් විදියට. ඉතිං මං සුවනියස් රාශියක් ගත්තා. නමුත් අද නම් කොහාට වෙලාද දන්නේ. නෑ. ඉතිං පින්තූර තියෙන නිසා මං එහි එකක් දෙකක් එවනවා. මේ දියකිදුරිය තමන්ගේ හිතවතෙක් හරි තමන්ගේ පෙම්වතා එනකම් බලාහිටියද මුහුදුවෙරළට වෙලා කියලා කතාවකුත් තියෙනවා. තව කතා බොහොමයක් තියෙනවා. නමුත් විදේශ සංචාරකයෝ මේ දියකිඳුරිය බලන්න විශේෂයෙන්ම එතනට එනවා. අවට පරිසරය ලස්සනයි. උද්‍යානයක්, ඉතිහාසගත දේවල් මේ අවට ගොඩක් තිබුණා. දවසක් විතර මෙහි සිරි නරඹන්න අපිට කාලය ගත වුණා. ඩෙක්මාර්ක් දර්ශනයේදී අපට මුණගැසුණු ශ්‍රී ලාංකිකයන් පිරිස හරි වැඩියි. නම්ගම් සමහරක් අමතක වෙලා තියෙනවා. සංවිධායක අයි.ඩී. අනුර, තුසිතා ඔහුගේ ප්‍රිය බිරිඳ, රත්නේ මොනිකා යුවළ, ඔවුන්ගේ කුඩා දරු දෙදෙනා. තවත් රාශියක් අපිට භෝජන සංග්‍රහ වලින්, තවත් බොහෝ තැන්වල එක්කන් යමින් අපිට හුගක් සහයෝගය දැක්වුවා, අපේ ගමනට. ඉතිං මං ඒ අයට ස්තූතිවන්ත වෙනවා.

ඊට පස්සේ අපි ගියේ මැල්මෝ කියන නගරයට. ඒ කියන්නේ ස්වීඩන්, ඩෙන්මාර්ක් බෝඩරයේ තිබෙන ලස්සන සුන්දර නගරයක්. ඒ රට අයිති ස්වීඩන් රටට. ඉතිං අපි මේ ගමන ගියේ බෝට්ටුවෙන්. මොකද එහේ ගොඩක් ගමනාගමන පහසුකම් වැඩි හරියක් තියෙන්නේ බෝට්ටු වලින්. ලොකු බෝට්ටු හෝ ගොඩක් පොඩි බෝට්ටු නෙමෙයි. විශාල බෝට්ටු. වාහන පවා දමාගෙන යා හැකි බෝට්ටු. බෝට්ටුවේ ගමන හරි සුන්දරයි. ඉතිං ටිකක් සීතල උනත් ඒ ගමන වෙනසක් වගේම හරි අත්දැකීමක් වුණා. අනුරයි තුසිතයි දෙන්නම අපිත් සමඟ සම්බන්ධ වුණා. එහිදී අපිව පිළිගත්තේ, එහි හොඳ ව්‍යාපාරික මහත්මයෙක් වන ධම්මික හා ලිලන්ති කියන යුවළ තමයි. ඒ ගෙදර තමයි අපි නතර වුණේ. ඉතිං මැල්මෝ දර්ශනය සඳහා ඔවුන්ගෙන් අපිට ලැබුණු සහයෝගය, ආදර සංග්‍රහය අති විශාලයි. ඒ වගේම එහිදී ගොඩක් උදව් උපකාර කළ, අපි වෙනුවෙන් තැන් තැන්වල අපිට බලන්න එක්කන් ගිය ගොඩාක් අය හිටියා. අශෝක, විනීතා එතකොට යසින්තා, මං හිතන විදියට ධම්මිකගේ පවුලේ බොහෝ අය ජීවත් වුණේ මැල්මෝ ඒ අවට ගෙවල් හදාගෙන. හොඳ ආර්ථික පසුබිමක ජීවත් වුණ පවුල් කීපයක් කියලා අපිට හිතාගන්න පුළුවන් වුණා. ඉතිං විපුල හිටියා ධම්මිකගේ ඥාති සෙහොයුරෙක්. ඔහුත් අපිට ගොඩක් උදව් කළා. ඔහු තමයි අපිව වාහනයේ එහෙ මෙහෙ එක්කං ගියේ.

ඉතිං මොකද ගොඩක් රැකියා කටයුතු නිසා කාර්ය බහුලයි. එහිදී ලැබෙන විවේකයෙක් තමයි ඔවුන් අපිව එහෙ මෙහෙ එක්කන් ගියේ රට තොට බලන්න.

ක්‍රිස්ටල් මාලිගාව ගැන නම් විශේෂයෙන් කියන්න ඕනෑ. මොකද අපේ රටේ එතකොට ක්‍රිස්ටල් කියන පළිගු වර්ගය ඉතා මිල අධිකයි කියලා දැනගෙන හිටියත්, ඒ පළිඟු වර්ගය ගැන අපි දැනගෙන හිටියේ නෑ ඒ කාලේ. මේ මාලිගය ඇතුළත ගියාම ඒ ක්‍රිස්ටල් උණුකරලා උණුකරලා ලොකු තැටියක් වගේ දේකට අරගෙන ලොකු ගිනි ගුළියක් වගේ අරගෙන මේ ගිනි ගුළිය කටින් පුම්බලා තමයි මේ ක්‍රිස්ටල් එක එක විදියට හදන්නේ. මේ කටින් පුම්බන ආකාරයෙන් තමයි එක්කෝ මල් වාස් එකක්, සතෙක් එහෙම නැත්නම් වෙන භාණ්ඩයක් හැදෙන්නේ. ඉතිං මේක හරිම අසීරුයි ඒ වගේම පරිස්සමින් කරන කාර්යයක්. මේකට දැනුම තියෙන අය තමයි එය කරන්නේ. ඉතිං මේක දැකබලා ගන්න ලැබීමත් සතුටක්. ක්‍රිස්ටල් මාලිගය, සෑහෙන්න විදේශ සංචාරකයන් මෙය බලන්න එනවා. මේවා මිලට ගන්නවා. හැබැයි මිල නම් අධිකයි. ගන්න ලේසි නෑ. හැබැයි සුවනිර් එකක් හැටියට අපි කීප දෙනෙක්මිලට ගත්තා. අපිට තෑගිත් හම්බවුණා. ඒ රටේ අයට ඒක ඒ හැටි මිලක් නෙමෙයි, අපේ රුපියල් එක්ක බලද්දී තමයි ඒ මිල. ඉතිං ඒ වගේ සිහිවටන අදටත් මතකය සිහිපත් කරනකොට ඇත්තටම දැනෙන්නේ ලොකු සතුටක්. එතකොට ධම්මිකට ලිලන්තිට තිබුණා, කැලේ තියෙන ලොකු සමර් හවුස් එකක්. ඉතිං ඒගොල්ලෝ ග්‍රීස්ම කාලෙට මේ සමර් හවුස් එකට යනවා. මොකද ඒක කැලේ. එතකොට රස්නේ දැනෙන්නේ නෑ. ගස්කොළන් වල හුළං එනවා. මේ සමර් හවුස් එක ඇත්තටම තරමක පොළවෙන් උඩ පිහිටලා තිබුණ සමර් හවුස් එකක්. කාමර දෙක තුනකින් ඔක්කොම අංග උපාංගවලින් සම්පූර්ණ සමර් හවුස් එකක්. ඉතිං මේ සමර් හවුස් එකෙත් අපි රාත්‍රියක් ගතකළා. අපි කට්ටිය. ධම්මික ලිලන්ති අමරේ මම අපි කීපදෙනෙක්. ඇත්තටම ඒ සුන්දර සිහිවටන අදටත් ඉතිං හිතේ මැවිලා පෙනෙනවා.

අපිට ආයේ ඒ රටවලට යන්න ලැබේද කියන්නත් බෑ. නමුත් ඒ රටවල ඉන්න ශ්‍රී ලාංකිකයන් වගේම ඒ රටේ මිනිස්සුත් හරිම බොහොම නිරවුල් නිරහංකාර කට්ටිය. අනිත් අයට උදව් උපකාර කරන කට්ටිය. නමුත් භාෂා ප්‍රශ්නය උඩ ඉතිං ටිකක් අමාරවේ වැටෙනවා. ඉතිං එතනදි මට අමතක නොවන සිදුවීමකුත් වුණා. මං ඒකත් පැහැදිලි කරන්නම්කෝ.

මැල්මෝවල විනීතා ධම්මිකලගේ මිතුරියක්. ඇය අපිව භාරගත්තා අපිව තැන් තැන්වලට එක්කන් යන්න. ඒ එක්කම අපි කෑමත් ගනිමින් මේ ගමන යනවා. එදා විනීතා මාව එක්කන් ගියා එහේ තියෙන විශාලම ෂොපින් මෝල් එකට. ෂොපින් මෝල් කිව්වට ඒක එහි තියෙන සුපර් මාර්කට් එක. ෂොපින් මෝල් ඔක්කොම එකට තියෙනවා. තට්ටු ගාණකින් යුත්ත විශාල ෂොපින් මෝල් එකක්. ඉතිං ඒ කාලේ අපේ රටේ සුපර් මාර්කට් සංකීර්ණය ඇවිල්ලා තිබුණේ නෑ. ඉතිං මේක දැක්කම ප්‍රිය ජනකයි. ඇහැටත් ප්‍රියයි. හරිම ලස්සන ඇඳුම් පැලදුම් කෑම බීම නැති දෙයක් නෑ. ඉතිං ඒකට ගියාම දවසක් මදි ඒකේ තියෙන දේවල් බලන්න. ඔක්කොමලා බඩු ගන්න යන්නේ එතනට. මොකද එක තැනකින්ම ඔක්කොම දේවල් අරගෙන එන්න පුළුවන්. ඉතිං විනීතා මාව එතනට ඇරලලා යනකොට. එක් තැනක තියෙනවා, චොකලට් වගේ ගොඩක් දාලා තියෙනවා. පොඩි පොඩි භාජන ගොඩක චොකලට් ගොඩක් දාලා තියෙනවා. මම ඇහුවා ඇයි මේ කියලා. එතකොට කිව්වා මේවා ටෙස්ට් කරලා බලන්න ශ්‍රියාණි ආන්ටි. කන්න පුළුවන්.. මේවා කාලා තමන්ට කැමති එකක් ගන්න පුළුවන් කියලා. ඉතිං මමත් එකක් දෙකක් අරගෙන කෑවා. ඉතිං ඒවා හරි රසයි. ඉතිං හුඟක් අය ඇවිදලා ඇවිදලා බඩගිනි උණාම එතනට ඇවිල්ලා චොක්ලට් කනවා. ඉතිං කාගෙවත් දොසක් අහන්න වෙන්නේ නෑ ඒකට. ඉතිං එහෙම ඉන්නකොට විනීතා කිව්වා මට බබාව ගන්න යන්න තියෙනවා. මම පැයෙන් එනවා. එයාගේ ඉස්කෝලේ ඇරෙන වෙලාව දැන් හරි. පැයෙන් එනවා. ඔහොම ඇවිදගෙන ඉන්න පැයකින් මං එනවා.

එතකොට ආයේ මෙතනට ඇවිල්ලා ඉදියි. එතකොට අතරමං වෙයි කියලා. ඇවිදලා පොඩ්ඩක් එහාට මෙහාට යන්න කියලා. ඉතිං මාත් හා කියලා. මාත් ඉතිං ඇවිදිනවා. ඉතිං හරි ලස්සනයි කොහේ ඇවිදිනවද කියලා මතකත් නෑ. ඒ තරම් ලස්සනයි. ඉතිං ගොඩක් ඉන්නවා සංචාරකයොත්. ඇවිදිනවා.

බඩු ගන්නවා. ඇඳුම් ගන්නවා. මමත් කීපයක් ගත්තා. ඉතිං ඔහොම ඉන්නකොට ආයිත් මට පොඩි බඩගින්නක් ආවා. ඉතිං ඒක ලොකු ප්‍රදේශයක්. ලොකු කොරිඩෝවක් වගේ ඒක දෙපැත්තක බිස්කට් ජාති තියෙනවා. ඉතිං ඔක්කොම ඒ රටේ භාෂාවෙන් තියෙන්නේ. ඉංග්‍රීසි වලිනුත් නෑ. ඉතිං බිස්කට් වගේ ඒවා හරි සුවඳයි. ඒකෙත් චොක්ලට් වගේ පොඩි පොඩි තැන්වල දාලා තියෙනවා කන්න. තමුන්ට කැමතිනම් රස බලන්න පුළුවන්. ඉතිං මමත් බැලුවා, එකක් අරන් කෑවා. හරි රසයි. තවත් එකක් අරගෙන කනකොට විනීතා එනවා. “හා හා ආන්ටි ඕවා කන්න එපා ඒවා කන්න එපා. ඒවා, මේ සෙක්ෂන් එක සම්පූර්ණයෙන් තියෙන්නේ මේ රටේ ඩෝග් ෆුඩ් ඔය තියෙන්නේ. බල්ලන්ගේ කෑම දෙන තැනක්. බල්ලන්ගේ බිස්කට් ඔය තියෙන්නේ. හැබැයි ඔය වස විස නෙමෙයි. නමුත් ඉතිං ඒවා ඒ බල්ලන්ට කන්න දීලා බල්ලන් කැමති නම් තමයි ඔය ගන්නේ. ඒකයි තමයි සාම්පල් තියලා තියෙන්නේ. කාලා බලන්න. ආන්ටි කෑවද කියලා ඇහුවා. අනේ මං එකක් කෑවා හරි රසයිනේ කියලා.

ඉතිං ඩෝග් ෆුඩ් කාලා ඇවිල්ලා ඉතිං පස්සේ මට දවස් දෙක තුනක් යනකම්ම මාව අල්ලගෙන අපිත් එක්ක ගිය කට්ටිය දන්නේ නැද්ද ඉතිං පල් කරනවා. විහිළු කරනවා. විහිළුවට ලක් වුණා ඩෝග් ෆුඩ් නේද කෑවේ කියලා. ඉතිං හිතාගන්න බෑ ඒවා බල්ලන්ගේ කෑම කියලා. ඒ තරම් හරි විසිතුරු විදියට හරි ලස්සන විදියට සරසලා තියෙනවා. පූසන්ට වෙනම තියෙනවා. අනිත් සත්තුන්ට වෙනම තියෙනවා. ඒවා විශාල දිග කොරිඩෝස් වල විශාලට පැතිරිලා තියෙවා. ඉතිං හරි ආස හිතෙනවා. ඉතිං ඇත්තටම ඒ සිදුවීම මට අදටත් මතක් වෙනවා ඩෝග් ෆෘඩ් මම කෑවා නේද කියලා.

දැන් අපේ දර්ශන වාර දෙකක් පවත්වලා ඒ රටවල ඩෙන්මාර්ක්වල සහ මැල්මෝ වල තියෙන සුන්දර ස්ථාන නරඹලා දැන් අපි සති දෙකක් ගත වෙනවා මේ ගමන ගිහිල්ලා. හරිම සුන්දර ගමනක්. හරිම අත්දැකීම් බහුල ගමනක් බවට පත් උනා මේක. අපේ ගුවන් ගමන තිබුණේ අර ගියා වගේම ආයිත් අපි ජර්මනියට ඇවිල්ලා තමයි එයාර් ලංකා යානයෙන් තමයි ලංකාවට එන්න තිබුණේ. මොකද ඒ දවස්වල ඉනෝකා වැඩකළේ එයාර් ලංකා ආයතනයේ නිසා ඇයට ඇගේ දෙමාපියන්ට හුඟාක් පහසුකම් ඇතුව ටිකට් ලබා දෙනවා. ඉතිං අපි ඒ ටිකට්වල ප්‍රයෝජනයට අරගෙන තමයි. එයාර් ලංකා එකෙන් ජර්මනියට ගියේ. ඒ වෙනකොට එයාර් ලංකා ඩෙන්මාර්ක් ස්වීඩන් වලට වැඩ කළේ නෑ. ගියේ නෑ. එයාර් ලංකා යන විදියට අපේ ගමන් අපි හදාගත්තා. ඉතිං එනගමනත් ඒ අර වගේ කෝච්චියේ තමයි එන්න තිබුණේ. අර නැවේ ගිහිල්ලා ආයිත් නැවෙන් බැහැලා කෝච්චියට ඇවිල්ලා තමයි එන්න තිබුණේ. අමතක නොවන සිදුවීමක් උනා. දැන් ඒ රටේ ස්ටේෂන් එකට රේල්වේ ස්ටේෂන් එකට කියන්නේ වෙන නමක්. එරොප් ප්ලේන් එකට කියන්නේ ප්ලෝගන් කාර් කියලා. ඉතිං ඒවා අමුතු නම්. මං හිතන්නේ මට මතක නෑ. ප්ලැට් ෆෝම් එකට කියන්නේ වෙන නමක්. ඉතිං එනවුන්ස්

කරනවා මොකක්ද නවත්තන කෝච්චිය කියලා. දැන් අමරෙයි මමයි විතරයි ඉන්නේ. ඉනෝකා එහෙම්මම මැල්මෝ ඇවිල්ලා එහෙම්ම ලංකාවට ගියා වෙන ෆ්ලයිට් එකකින්. අමරෙයි මමයි අපේ ෆිල්ම් කෑන්ස් ටිකයි අපේ බඩු මුට්ටුයි, හම්බ වුණ තෑගියි, තෑගි වැඩි කමට නැවටත් ලොකු පෙට්ටියක් දෙකක් දාන්න වුණා අපිට. ඇත්ත වශයෙන්ම සංග්‍රාහශීලීත්වය අතින් ශ්‍රී ලාංකිකයෝ කොයිතරම් හොඳද කියලා නැව් පෙට්ටි දෙකක් දාන්න තරම් තෑගි එවලා තිබුණා. එක එක මල් ජාති එක එක කෑම ජාති චොක්ලට් වර්ග, එතකොට සුවනියර්ස් වලින් අපි පිරුණා. අපිට ඒ බර උස්සගෙන එන්න බැරි නිසා අපි ඒවා නැව්ගත කළා. ඉතිං දැන් ස්ටේෂන් එකට අපි ඇවිල්ලා දැන් අපේ කෝච්චිය කොහෙද තියෙන්නේ කියලා, දැන් මොන ප්ලැට් ෆෝම් එකේද තියෙන්නේ කියලා දැන් ටිකට් එක බලනවා, ටිකට් එකේ උණත් ඒවා තියෙන්නේ ඒ භාෂාවෙන්. ඉතිං හරි අමාරුයි හොයා ගන්න. ඉතිං කාගෙන් හරි අහපුවාම ඊට එහා පැත්තේ තියෙන ප්ලැට් ෆෝම් එකේ තමයි අපේ කෝච්චිය නවත්තලා තියෙන්නේ. දැන් යන්න විනාඩි 5 යි තියෙන්නේ. දැන් අර පඩිය නැගගෙන ආයේ ගිහිල්ලා ආයේ පඩි නැඟෙන අර ෆ්ලැට් ෆෝම් එකට යන්න ඕනෑ. ඉතිං අමරෙයි මමයි අර බර උස්සගෙන, අර ෆිල්ම් කෑන්ස් දෙක උස්සගෙන අපේ අනිත් බෑග්ස් උස්සගෙන දුවගෙන දුවගෙන එනවා. පඩි බැහැගෙන බැහැහැගෙන එනවා ඉතිං. පඩි නැගලා බැහැගෙන එනවා. ඔන්න මෙන්න තියලා හැබැයි කෝච්චිය යන්නේ නෑ ඉතිං. අපේ හිතේ බය තියෙනවනේ. ගියොත් අපි කාට කියන්නද කියලා. ඉතිං අපි කොහොම හරි ඇවිල්ලා දඩිබිඩි ගාලා කෝච්චි පෙට්ටියකට නැග්ගා. නැග්ගාම ඉඩ පාඩු තියෙන තැනක් තියෙනවා. හරියට එතන ඉඩ තියෙනවා. හරි ලේසියි එතන. අනිත් තැන්වල ආසන පේළි නිකං බස් එකක වගේ තිබුණේ. පහසුකම් ඇතුව. ඉතිං අපි එතන අර ෆිල්ම් කෑන්ස් ටිකත් තියලා ඉතිං එතන ඉඩ තියෙන නිසා අපේ බඩු මලුත් තියලා අපි එතන ඉඳගත්තා. අපි යනවා. එතන තව ආසන 3ක් තිබුණා.

ඒකේ කවුරුවත් ඉඳගන්නේ නෑ. අනිත් ඇයින් අනිත් පැති වල ඉඳගන්නේ. ඉතිං අපි එහෙම ගිහිල්ලා ගිහිල්ලා පිටි පස්සේ කෙනෙකුගෙන් ඇහුවා අපිට හිතවතෙක් හම්බ වුණා. ඊට පස්සේ කොලොන් වලදී. අපි ඇහුවා මොකද ඒ කෝච්චි පෙට්ටියේ අපිට ගොඩක් ඉඩ තිබුණු තැනක් තිබුණා. හරි ෂෝක් අපි ඒක හින්දා ආවා. කිසි ප්‍රශ්නයක් නෑ. කියනකොට එයා කියනවා නෑ නෑ ඒවා තියෙන්නේ ඩිසේබල් අයට ඉඳගන්න. ඩිසේබල් අයට අමාරුයිනේ අතපය දිග ඇරලා ඉඳගන්න ́නනේ.

ගමන මෙච්චර කල් ඉඳගෙන ඇවිල්ලා තියෙන්නේ ඩිසේබල් අයට වෙන්කරලා තියෙන ආසනවල. ඒ උනාට ප්‍රශ්නයක් වෙන්නේ නෑ. අපේ සිංහල අය කවුරුවත් මෙතන නෑනේ. අපිව දකින්නත් නැතුව ඇතිනේ. අපි මේ ලංකාවේ කලාකාරයෝ කියලා ඒගොල්ලොත් දන්නෙත් නැතුව ඇතිනේ ඒ නිසා හරි සුවපහසුව ඉඳගෙන ආවනේ කියලා ඒකත් හිනාවට කාරණයක් වුණා ඉතිං.

 

sriama[email protected]