වර්ෂ 2023 ක්වූ February 05 වැනිදා Sunday
අනූෂා-අමිල සුබ මංගලම්

දශක දෙකකට වැඩි කලක් පුරා චිත්‍රපට ගණනාවක රඟපෑ ජනප්‍රිය නිළි, නර්තන ශිල්පිනී අනූෂා දමයන්ති පසුගියදා විවාහ වූයේ අමිල ජයතිලක සමඟිිනි. පසුගිය 22 වැනිදා වෝටර්ස් එජ් හීදී ඔවුන්ගේ විවාහ මංගල්‍යය පැවැත්විණි.
සරසවිය සුබ පැතුම් ඔවුන්ට එක්කරමින් මෙවර රූ මාදිලිය වෙන් වනුයේ ඒ විවාහ උත්සවයේ කැමරා ඇස යොමු වූ තාරකා රූ මාදිලියටය. නිළි රැජන ආචාර්ය මාලිනී ෆොන්සේකා, ප්‍රවීණ නිළි නදීකා ගුණසේකර සහ ඇගේ දියණිය ද සේයාරූවල සිටිති.
ප්‍රවීණ නළු ශි්රයන්ත මෙන්ඩිස්, ප්‍රවීණ නිළි කුසුම් රේණු යුවළගේ විවාහ සංවත්සරය ද යෙදී තිබුණේ එදිනය. පබෝධා සංදීපනී, නදීෂා හේමමාලි, සාරංග දිසාසේකර සහ ඩිනක්ෂි පි‍්‍රයසාද් යන නව පරපුරේ ජනපි‍්‍රය නළු නිළියෝ ද මෙහි වෙති.