වර්ෂ 2023 ක්වූ December 11 වැනිදා Monday
‘සිනමා පත්තරේ විස්තරේ’

ප්‍රථම සිංහල කථානාද චිත්‍රපටය බිහිවෙන්නට පෙර මෙරට ප්‍රදර්ශනය වූ ඉන්දියානු සහ ඉංගී‍්‍රසි චිත්‍රපට පිළිබඳ පුවත් සහ කථා ඇතුළත් සිනමා පිටුවක් එකල ඩී.ඩබ්ලිව්. වික්‍රමාරච්චි මහතාගේ කර්තෘත්වයෙන් පැවති “ස්වදේශ මිත්‍රයා” පත්‍රයට එම පත්‍රයේ උප කතුකම් කළ ඩී.වී. සෙනෙවිරත්න පිළියෙල කළ බව පැවසේ. ඉන්පසු “සිංහල බලය” “දිනමිණ”, ලංකාදීප’ ‘පෙරමුණ” ආදී සිනමා පුවත් සහ විවේචන ඇතුළත් පිටුවක් ආරම්භ කර ඇති බව ද “චිත්‍රපටි කලාව“ කෘතියේ දැක්වේ. එකල සිනමා රසිකයන් හින්දි හා ඉංගී‍්‍රසි චිත්‍රපට ලෝලයන් වීම නිසා ඉන්දියාවෙන් පළ කළ ‘ස්ක්‍රීන්’ , ෆිල්ම් ෆෙයා, ෆිල්ම් ඉන්ඩියා, පික්චර් ෆෝස්ට් වැනි සඟරාවලට හොඳ ඉල්ලුමක් තිබුණි. මේ නිසා එවැනි සිනමා පත්‍රයක් පළ කිරීම හොඳ යැයි සිතූ “පෙරමුණ” පත්‍රයේ උප කර්තෘව සිටි රොබට් ජයවර්ධන ‘සිනමා’ නම් ශ්‍රී ලංකාවේ පළ වූ ප්‍රථම සිංහල පුවත්පත ලෙස සිනමා සාහිත්‍යයට එක්වෙයි.
1952 ජූලි මස 01 වෙනිදා නිකුත් වූ “සිනමා” පුවත්පත බිහි වී හෑත්තෑවක් ගෙවී ඇත. “සිනමා” ජනපි‍්‍රය විශේෂාංගයක් “ප්‍රශ්න හා පිළිතුරු” තීරයෙන් පාඨකයකු විසින් ඇසූ ප්‍රශ්නයකට එම පුවත්පතින් ලැබුණු පිළිතුරයි.මේ.
ප්‍රශ්නය - බී.ඒ.ඩබ්ලිව්. ජයමාන්න ලංකා ගුවන් විදුලියේ වෙළෙඳ අංශයෙන් දැන්වීමක් දෙමින් ඔවුන්ගේ මීළඟ චිත්‍රපටය සඳහා හොඳ පොතක් ඉල්ලා සිටියා ඔබ අහගෙන ද? ඇයි? බී.ඒ.ඩබ්ලිව්. හොඳ ලේඛකයෙක් නේද? එයාට මොකට ද අනුන්ගේ ඒවා?
පිළිතුර - බොහොම භාරධුර ප්‍රශ්නයක්. ඔව්. මම අහගෙනය. ඔහු හොඳ ලේඛකයෙක් ද නරක ලේඛකයෙක් ද මං දන්නේ නෑ. නාට්‍ය ගණනාවකුත් සිනමා තිර කතා ගණනාවකුත් ලියූ බව දන්නවා. බාග වෙලාවට බී.ඒ. ඩබ්ලිව්ම හිතනවා ඇති අසහාය ලේඛකයා එයා නොවේය කීයා.
“සිනමා” පුවත්පතේ පළ වූ තවත් ජනපි‍්‍රය විශේෂාංගයක් වූයේ “මිතුරු හවුල” ය. ප්‍රථම වරට පුවත්පතකින් ඇරඹුණු පෑනේ මිත්‍ර සමාජය එය බව “සිනමා” පුවත්පත ආඩම්බරයෙන් මතක් කර ඇත. තව දුරටත් එහි මෙසේ සඳහන් වී තිබුණි.
“ඔබේ ආශාවන් ඇති මිතුරු මිතුරියන් ඔබට හඳුන්වා දීමටත් එමඟින් ඔබේ විනෝද කාලය පී‍්‍රතියෙන් ගත කිරීමටත්, මෙයින් අවස්ථාව සැලසෙයි.’
මෙසේ සිනමා මිතුරු සමාජයට එක් වූ සාමාජික සාමාජිකාවන් පසුව මෙරට ජනපි‍්‍රය නළු නිළි යුවළක් වූහ. ඒ දෙදෙනා නම් පේ‍්‍රම් ජයන්ත් හා ගර්ලි ගුණවර්ධනය. ඔවුන්ගේ වගතුග පළ වී තිබුණේ මෙසේය.
පේ‍්‍රම් ජයන්ත් - 33, ඩිවෝස් ලේන්, කොළඹ 14, වයස අවුරුදු 22යි. ඉගෙනුම - ජ්‍යෙෂ්ඨය (ඉංගී‍්‍රසි), විනෝදාංශ චිත්‍ර ඇඳීම, චිත්‍රපට රඟපෑම, මුර්ති කලාව, සිනමා බැලීම, මිතුරු මිතුරියන් ආශ්‍රය.
ඇස්.ඩී.ගර්ලි ගුණවර්ධන - ටෙම්ප්ලර්ස් ගල්කිස්ස වයස - අවුරුදු 18, ඉගෙනුම - උසස් බාලිකා විද්‍යාලය ගල්කිස්ස. සිංහල, ඉංගී‍්‍රසි 7. විමෝදාංශය - චිත්‍රපට තාරකාවක් වීම. සිංහල, හින්දි චිත්‍රපට බැලීම, මිතුරු මිතුරියන් ආශ්‍රය, චිත්‍රපට තාරකාවන්ගේ ඡායාරූප එකතු කිරීම.
“සිනමා” පුවත්පත ‘සිනමා සංස්කෘත පත්‍රයක්” ලෙස හඳුවා තිබූ අතර එහි කතුවැකියෙන් තම අරමුණ මෙසේ සංක්ෂිතව දක්වා තිබුණි.
“සිනමා” සියලුකලාවන්ට හා කලාකරුවන්ට අභිවෘධිය පතා ඇරඹුණු පළමුවන හා එකම සිංහල පත්‍රයයි. එය පවත්වාගෙන යාමට ආධාර කිරීම සියලුම සිනමා ලෝලයන්ගේත් කලා රසිකයන්ගේත් යුතුකමය. “සිනමා” එක්සත් ජාතික පක්ෂයේ ආණ්ඩුව කලාවක් සම්බන්ධයෙන් දක්වන උදාසීන හා අවුල් වූ ප්‍රතිපත්ති නැති කරන බවට ද ඔබට ප්‍රතිඥා දෙමි.
සිංහල සිනමා පුවත්පතකින් මුල්වරට පාඨකතරඟයක් ආරම්භ කළේ ද මේ පුවත්පතයි. ඒ වසරේ තමා පි‍්‍රයකරන ගායකයාට හෝ ගායිකාව තම කැමැත්ත ප්‍රකාශය කරන කූපනයක් මඟිනි. 1952 ජනපි‍්‍රය ගායිකාව ලෙස ජී.එස්.බී. රාණි ඡන්ද 881 ලබා මුල්තැනට තේරුණාය. විවියන් බොරලැස්ස (832), ලතා ප්‍රනාන්දු (පසුව වල්පොල) (764) වසන්ත සන්දනායක (733) ශි‍්‍රයාණි චන්ද්‍රසේන (680) පිළිවෙළින් ඡන්ද ලබා සිටියහ. 1952 ජනපි‍්‍රය ගායකයා කවුදැයි අපට නිසැකව කිව නොහැක්කේ එහි ප්‍රතිඵල සහිත ‘සිනමා’ පුවත්පත අස්ථාන ගත තිබූ බැවිනි. මුල්ම ප්‍රතිඵල ලැස්තුවේ වැඩිම ඡන්ද අනුව මුල් තැන ලබා තිබුණේ කාන්ති වක්වැල්ල (1374) ය. ධර්මදාස වල්පොල (1211), සුනිල් සාන්ත (1107), සී.ටී. ප්‍රනාන්දු (951) ආර්.ඒ. චන්ද්‍රසේන (964) ලෙස පිළිවෙළින් ඡන්ද ලබා තිබුණි. ධර්මදාස වල්පොල පසුව ජයගත් බවට ඉඟි පසුව පළ වූ පත්‍රයක සඳහන් ව තිබුණි.
සිනමා පබ්ලිකේෂන්ස් වෙනුවෙන් සිරි පලිහේන විසින් මරදානේ අංක 325 දරන තැන පිහිටි කල්‍යාණි මුද්‍රණාලයේ මුද්‍රණය කරවා ප්‍රසිද්ධ කළ ‘සිනමා’ පුවත්පතේ මිල ශත 15කි. එහි පිටු 08කි.
‘සිනමා’ පුවත්පත් “උමුතු විශ්වාසය” චිත්‍රපට විචාරයක් පළ වූ අතර එහි මාතෘකාව “බී.ඒ. ඩබ්ලිව් ගේ උමුතු විශ්වාසය අස්වාභාවිකයි, අශ්ලීලයි දුර්වලයි.” විය.
“තිරය” (The Ceylon Screen) ලංකාවේ පළ වූ දෙවැනි සිනමා පුවත්පතය. එහි මංගල කලාපය 1953 දෙසැම්බර් 01 වෙනිදාය. නිකුත් වී ඇත. අප සතුව ඇත්තේ එහි 2 වන කලාපය (1953 ජනවාරි 01) නිකුත් “තිරය” පත්‍රයයි. එහි සංස්කාරකගේ හෝ මුද්‍රණය කළ ස්ථානය සඳහන් නොවීය. පත්‍රයක මිල ශත 12කි. දෙවැනි කලාපයේ ආනන්ද තිස්ස ද අල්විස් විසින් ලියූ “ආනන්ද” සමරකෝන් ගැන ලිපිය ද, ඇස්. පතිරත්න ලියූ “රුක්මණී” ගේ ලිපිය ද, ඇල්බට් පෙරේරා (අමරදේව) ගැන ලිපියක් ද “දේශීය චිත්‍රපට දියුණු කිරීමට... “ ලිපිය ද, චිත්‍රපට තොරතුරු, පනාපිටියේ ඇම්.සේනාරත්න විසින් කාමිණි කෞෂාල්’ ගැන ලියූ කවිි පන්තියක් ද, සිනමා තාරකාවන් නම් තරඟය’ රක්වානේ කිංස්ලි දිසානායක විසින් ලියූ “ඇගේ රැඟුම’ කවි පන්තියද, “ප්‍රශ්නෝතර” යන විශේෂාංගද බී.බී. ඕපාතගේ විකට චිත්‍රයකින් ද ‘තිරය’ සිනමා පුවත්පතේ අයිතිකරුවන් වන ‘යුනයිටඩ් ස්ක්‍රීන් පබ්ලිෂර්ස් සමාගම වෙනුවෙන් කොළඹ පර්ත් රෝඩ් හී පදිංචි උස් ලියනගේ ඉයුස්ටස් ඩික්සන් පෙරේරා ගුණරත්න (ඔහු පත්‍රයේ සංස්කරක බවට අඩමාන කළ හැකිය) විසින් සීමාසහිත ‘පෙරමුණ මුද්‍රාණලයෙහි මුද්‍රණය කරවා ප්‍රසිද්ධ කරන ලදී.
මේ සඟරාවේ සිංහල සිනමාව ගැන එක ද ලිපියක්වත් පළ නොවීය.
ලංකාවේ පළ වූ සිනමා පුවත්පත වූයේ 1953 පෙබරවාරි 15 වෙනිදා නිකුත් වී ඇත. “වීණාව“ නම් මේ පුවත්පත හඳුන්වා තිබුණේ ‘ලංකා සිනමාලෝලයින්ගේ අර්ධ මාසිකය” Ceylon Filmgoers’ Bi - Manthly Magazine කියාය. මුල් පිටුවේ ශිර්ෂ පාඨය වූයේ “සුරූපී ජේන් රසල් නළඟන - වීණාව මෙතෙක් ප්‍රමාද වුයේ කුමක් නිසා ද? සිනමා තිරතරු ජගත් ඉතිහාසයක් ගොඩනැගෙයි. “සන් ඔෆ් ජෙල් ජෙස්’ පැරමවුන්ට් චිත්‍රපටයේ ජේන් රසල් ගේ ද, ‘පැරමවුන්ට් කාරී’ චිත්‍රපටයේ ලෝරන්ස් ඔලිවියර් හා ජෙනීෆර් ජොන්ස් රඟන ඡායාරූප දෙකක් ද පළ වී තිබුණි.
‘වීණාව් කළමණාකර සංස්කාරක වූයේ පානදුරේ මහා වීදියේ අංක 342 ලිපිනයේ පදිංචි ශ්‍රී ලාල් ගුණරත්නය. ශත 20කට අලෙවි කළ මේ පත්‍රය ශ්‍රී ලාල් ගුණරත්න විසින් ලේක්හවුස් දිනමිණ මුද්‍රණාලයේ මුද්‍රණය කර ඇත. මෙහි පිටු 12කි. ඇතුළත පිටු අතර චිත්‍රපටියේ විස්තරය (කල්‍යාණී ශ්‍රී විමෝදගන්ද මහතා) “සිනමා” නම් කවි පන්තිය කවීන්ද්‍ර ආනන්ද විජයරත්න ද) හොලිවුඩ් උණු කැවුම් මේවා එය හොලිවුඩ්හිදී සිදුවිය. ‘තෑගි රුපියල් 250ක් දිනාගන්න වීණාව චිත්‍රපටි හරස් පද ප්‍රහේලිකා “නළු නිළියෝ පෙරදිගට එන්නාහ. ඉතිහාසයේ පළමුවන වරට කරනු ලබන සංචාරයක්.”
1953 වසරේ දිනපතා හා සතිපතා පත්‍රවල සිනමාව සඳහා පිටු වෙන්කර ඇත. දිනමිණ, සිළුමිණ, ලංකාදීප හා ඉරිදා ලංකාදීපවල ඒ සඳහා ඉඩකඩ සලසා චිත්‍රපට විචාර ද පළකර තිබුණි. ‘දිනමිණ’ පත්‍රයේ ‘ජයවිලාල්’ නමින් කර්තෘ මණ්ඩලික ජයවිලාල් විල්ගොඩ ද චිත්‍රපට චක්‍රවර්ති නමින් කරුණසේන ජයලත් ද ලංකාදීප පත්‍රයේ විචාර ලියූහ. ඩී.වී. සෙනෙවිරත්න, ධර්මසිරි ජයකොඩි,පියල් වික්‍රමසිංහ, එස්.සුබසිංහ, ඩී.එෆ්.කාරියකරවන, රාජා තිලකරත්න සිනමා ලිපි ලියා තිබූ පුවත්පත් කලාවේදී අතර ප්‍රධානය.
1953 දී ධර්ම ශ්‍රී කල්දේරා සංස්කරණය කළ ගුණරත්න රත්නායක හා කේ.ජී.එම්. සමරපීරගේ සම කර්තෘත්වයේ නිකුත් වූ “චිත්‍රපටි” පත්‍රයේ මුල් කලාපයේ (1953 ජූලි මුල දෙසතිය) මුල් පිටුවේ ශිර්ෂය වුයේ “සීමා සහිත සිනමාස් ප්‍රථම චිත්‍රපටය සුජාතා” යන්නය. එහි පේ‍්‍රම් ජයන්ත් හා ෆ්ලෝරිඩා ජයලත් ගේ ඡායාරූපයක් පළ වී තිබුණි. ‘චිත්‍රපටි’ පත්‍රයේ කර්තෘ වාක්‍යයෙන් එහි අරමුණ පැහැදිලි කර තිබුණේ මෙසේය.
“සිංහල චිත්‍රපටි මෙතෙක් දුසිම් එකහමාරක් පමණ නිෂ්පාදනය කොට තිබුණි. මින් තුනක් පමණක් හැරුණු විට සෙසු චිත්‍රපට ලංකා නිෂ්පාදනයන් නොවේ. මෙහි මෙතෙක් පිහිටා ඇති චිත්‍රපට නිෂ්පාදනා ගාර ද දෙකකි. සිංහල චිත්‍රපටි නිෂ්පාදනාගාර ද දෙකකි. සිංහල චිත්‍රපටි අල්ප වූවත් නිෂ්පාදනාගාර සුලභ වූවත් අප රටේ සිනමා ලෝලයින්ගේ සංඛ්‍යාව නම් වැඩි වෙනවා විනා අඩු නොවේ. චිත්‍රපටි කලාව නමැති රන්මුදුව ඔප් නංවන පුවත්පත් සඟරා, රතු කැට, අතරට අය නවක මඟකින් සැරසී ‘චිත්‍රපටි’ රතු කැටයක් එකතුවීම තවත් කලාවේ දියුණුවට ප්‍රමෝදයට හේතුවන කරුණක් වනු නිසැකය.
මේ පුවත්පතට “පිටිසර කෙල්ල” චිත්‍රපටය ගැන පනාපිටියේ ඇම්.සේනාරත්න කවියෙන් විචාරයක් කර තිබුණි. එය අවසන් කර තිබුණේ මේ කවියෙනි.
“සිරිසේන වීමලවීරගෙ සේවය වික්ක
ගැමි පරිසරය දේශක ඌරුව රැක්ක
සිතුවම් වලින් නැති සංකර සක්ක
‘පිටිසර කෙල්ල’ අගපත් බව කිව හැක්ක
පිටු 08කින් සමන්විත මේ පත්‍රය ඡායාරූප 30ක් ඇතුළත් වී තිබුණි. ‘චිත්‍රපටි’ කොළඹ අංක 40දරන නිවසෙහි පදිංචි එන්.වී.ඊ.ජොන්ස් විසින් මරදානේ ඩිබර්ග් ඇව්නිව් හි අංක 45 දරන ශ්‍රී ලංකෝදය යන්ත්‍රාලයේ මුද්‍රණය කොට ප්‍රසිද්ධ කර ඇත.
‘චිත්‍රපටි” පුවත්පත් 1953 අගෝස්තු අග දෙසතිය පත්‍රයේ මුල් පුවත වූයේ “ලක්ෂ තුනේ සරදියෙල් නළු නිළියන් 400යි. යන්නය. “පුදුම ලේළි“ චිත්‍රපටයේ ප්‍රධාන නිළිය වූ ෂ්‍යාමලී හෙවත් නන්දා ලීලනායකගේ ඡායාරූපයකින් මුල් පිටුවට සැරසී තිබුණි.
ලියූ ලිපියක් ඇන්.ඇම්.ගුණරත්න ලියා තිබුණි. ලලිතකලා නමින් 1955දී සිනමා පුවත්පතක් කරුණදාස මිගෙල් පෙරේරා සංස්කරණය කර ඇත.
1956 වසරේ ‘කලා හඬ’ හා හෙළ සිනමා” දෙකක් විල්බට් ජයවීර නමින් සිනමා පත්‍ර සංස්කරණය කළ බව පැවසේ. සිනමාව ගැන බොහෝ ඇසූ පිරූ තැන් ඇති සංස්කාරකවරු මේ කාලය තුළ සංස්කරණය කළ සිනමා පත්‍ර හා සඟරා කුමන වර්ගයට අයත්දැයි කාලයේ වැලිතලාවේ සැඟ වී ඇත. යම් දෝෂයක් වේ නම් කමත්වා.
1955 ජූලි මාසයේ සීමාසහිත සිනමාස් සමාගම මඟින් ඔවුන් නිෂ්පාදනය කළ ‘දොස්තර’ චිත්‍රපටයට නිෂ්පාදනය කරන චිත්‍රපටවලට පුර්ව ප්‍රචාරයක් ලෙස ‘කලා” නමින් පුවත්පතක් ආරම්භ කර තිබුණි. එහි සංස්කාරක ප්‍රවීණ පුවත්පත් කලාවේදීයකු වූ ඇස්.පියසේන ය. “කලා” පත්‍රයේ මිල ශත 10කි. පිටු 12කි. එහි තේමාව කවියෙන් මෙසේ සඳහන් තිබිණ.
වෙලාවට බැට දී මුලාවට
නෙළා සුවඳැති මල් කලාවට
‘කලා’වෙන් සිනමා තලාවට
ගලා එය හරි වෙලාවට
“කලා” පත්‍රයේ එක් පත්‍රයක මුල් ශිර්ෂය වුයේ කවියකිනි.
“එනවා දොස්තර රට එළිකර කර
බේතක් දෙන්නලු ලෙඩේට ඉස්සර
“දෝස්තර” චිත්‍රපට ළඟදීම තිරගත වන බව (වාර්තාව කවියෙන්ම සංස්කාරක මුල් පිටුවේ ලියා තිබුණි.
“දොස්තර එනවා ළඟදීම දොස්තර එනවා
විස්තර ඒ ගැන ඇසුවම හිත පින වෙනවා
ඉස්සර දුටු ‘පික්චර්’ ඔක්කොම පරදිනවා
දොස්තර එනවා අද හෙට දොස්තර එනවා
දොස්තර චිත්‍රපටය ගැන විශේෂ අතිරේකයක් සහිත පින්තුර ඔප කඩදාසියේ මුද්‍රිත පිටු 12ක ‘කලා’ පත්‍රයක් ශත 10කට අලෙවි කොට ඇත. ‘කලා’ පත්‍රයෙන් සඟරාව බවට පත් වී ආරියරත්න කහවිට විසින් සංස්කරණය කරමින් දිගු කාලයක් පවත්වාගෙන ගියේය.
1961 වසරේ ‘දවස’ පුවත්පත බිහි කළ දවස පත්‍ර ආයතනය 1962 ඔක්තෝබර් 26 වෙනිදා ලංකාවේ ප්‍රථම හා එකම සතිපතා සිනමා පුවත්පත ‘විසිතුර’ නිකුත් කරන්නේ දවස නිවසෙනි. එහි කතුවරයා වූයේ ආතර් යූ.අමරසේන ය. එය වචනයේ පරිසමාප්තාර්ථයෙන්ම නිර්මාණාත්මක නිමාවෙන් යුතු සිනමා පුවත්පතක් විය. රැලෙක්ස් රණසිංහ, ඩී.බී.සුරනිමල, ඩබ්ලිව්.පී.සුගතදාස ගේ ඡායාරූප ද, සිරිල් බී.පෙරේරා, තිස්ස අබේසේකර, සුනන්ද මහේන්ද්‍ර, ඔගස්ටස් විනායගරත්නම්, නාමෙල් වීරමුනි ඇතුළු ලේඛකයන් රැසක් හඳුන්වා දුන්නේ විසිතුරෙනි. පසු කාලීනව මෙරට පත්‍ර කලා ලෝකයේ ඉහළටම ගිය නවක ලේඛක පරපුරක් හඳුන්වා දීමට විසිතුරට හැකිවිය. බෙන්තොටට තරු පෙනෙන හැටි’ මහා තරු සැණකෙළිය සංවිධානය කළේ ද විසිතුරෙනි.
1963 අපේ‍්‍රල් 10 වැනිදා ලේක්හවුස් ආයතනයෙන් ‘සරසවිය’ සිනමා පුවත්පත බිහිවිය. එහි කවරය ඇඳ තිබුණේ චිත්‍රශිල්පී ජී.එල්.ගෞතමදාසය. ආරම්භක කර්තෘ මීමන පේ‍්‍රමතිලකය. ඒ කෙටි කාලයකි. විමලසිරි පෙරේරා කර්තෘත්වයෙන් ඇරඹුණු ‘සරසවිය’ පිටපත් එක් ලක්ෂ පහළොස් දාහක් අලෙවි කොට වාර්තාවක් තැබුවේ 1972 වසෙර්ය. 1964 දී මුල් ම සරසවිය චිත්‍රපටය ආරම්භ කොට නළු නිළියන් ගෙන්වා එය හැඩ වැඩ කළේ මේ කාලයේය. එඩ්වින් ආරියදාස, බෙනඩික්ට් දොඩම්පෙගම ඩයස් ගුණරත්න (අද මහාචාර්ය) රෙජී රණසිංහ, පර්සි ජයමාන්න ආදීන් සම්භාව්‍ය සිනමාව ගැන ලියූහ. ‘සරසවිය’ වචනයේ පරිසමාප්ථාර්ථයෙන්ම සරසවියක් විය. 1964 වසරේ සිට අද දක්වා පවත්වාගෙන එන එකම සිනමා පත්‍රය ද සරසවියයි.