2021 අවලෝකනය

ජනවාරි 6, 2022

 

අලුත් සිනමාකරුවන් 5යි

 

චිත්‍රපට 14යි

 

 

 

සාමාන්‍යයෙන් වසරේ මුල්ම සරසවිය කලාපයෙන් අප ඊට පෙර වසරේදී සිදුවුණු සිදුවීම් පිළිබඳ සටහනක් තැබීම සිදු කරනු ලැබුවා මෙවරත් එය එසේම සිදුවෙනවා. එමෙන්ම අප අතරින් සමුගත් කලාකරුවන් පිළිබඳත් එතැන සටහන් වෙනවා. තිරගතවූ එක් එක් චිත්‍රපට පිළිබඳ විස්තරයක් තබන්නට අප බලාපොරොත්තු වෙනවා.

කියවා බලන්න... මේ එකී සටහනයි.

 

 

ජනවාරි

* චිත්‍රපට ශාලා වසමින් පවතින යුගයක මොරටුව එමෙස් සිනමාශාලාව නව්‍යකරණය වීම

* ජනප්‍රිය ගායක නිහාල් නෙල්සන්ගේ නමින් මාවතක් නම් කෙරුණේ නවවැනිදාය.

* පනස් එක් වැනි ඉන්දීය ජාත්‍යන්තර චිත්‍රපට උලෙළේ ජූරි සභිකයෙක් වශයෙන් සම්මානනීය සිනමා අධ්‍යක්ෂ ප්‍රසන්න විතානගේ සහභාගී විය. එහිදී ඔහුගේ ගාඩි සිනමාපටයද තිරගත වනු ලැබිණ.

ත සිංහල කතානාද සිනමාව ට වසර හැත්තෑහතරක් සහ සංස්ථාවට වසර හතළිස් නවයක් සපිරීම සැමරුවේ ජනවාරි මස විසි එක්වෙනිදාය. එදින සිදුවූ තවත් සුවිශේෂී කටයුත්තක් වූයේ චිත්‍රපට නිර්මාණකරණයේදී වැදගත් ස්ථානයක්වූ දළුගම සරසවි චිත්‍රාගාරය 7.1 ලෙස ශබ්ද තාක්ෂණය නව්‍යකරණය වීමයි.

 

මියගිය කලාකරුවන්

චිත්‍රපට අධ්‍යක්ෂ නිමලචන්ද්‍ර කේසවරාජන්(04)

ආචාර්ය බන්දුසේන ගුණසේකර(06) රංගන ශිල්පී ජිනදාස ගමගේ(07)

රංගන ශිල්පී හියාර පරණපාල(12) චිත්‍රපට නිෂ්පාදක නොයෙල් එදිරිසිංහ(13)

චිත්‍රපට නිෂ්පාදක/අධ්‍යක්ෂ අනුර ද සිල්වා(17)

ලේඛක අතුල මංචනායක(18)

චිත්‍රපට අධ්‍යක්ෂ තිලක් වේහැල්ල(21)

කලාසූරී කලාශූරී එඩ්වින් ආරියදාස(22)

රංගන ශිල්පී ජයතිස්ස අතුලසිරි (24)

රංගන ශිල්පිනී නාලිනී අබයපාල(25)

ලේඛක තෝමස් තිලකරත්න(29)

 

තිරගතවූ චිත්‍රපට

සංජය නිර්මාල් අධ්‍යක්ෂණය කළ ආලය කොරෝනා(ජනවාරි 7)

විමුක්ති ජයසුන්දර අධ්‍යක්ෂණය කළ චත්‍රක්(ජනවාරි 8)

චතුර පෙරේරා අධ්‍යක්ෂණය කළ හතරවරම්(ජනවාරි 9)

 

 

පෙබරවාරි

* කේරළ අන්තර්ජාතික සිනමා උළෙලේ ජූරියට අනෝමා රාජකරුණා සහභාගී වීම.

* මෙරට මුල්ම සිනමා ශාලාවක් වන මහනුවර රීගල් වසා දැමීම.

 

මියගිය කලාකරුවෝ

සිනමා විචාරක ජයන්තා රුක්මණී සිරිවර්ධන(03)

රංගන ශිල්පිනී මියුරි සමරසිංහ(06)

ලේඛක වදාකඩ නවරත්න(08)

ගායක මයිකල් පීරිස්(10)

රංගන ශිල්පී ජයලාල් රෝහණ(11)

සංගීත අධ්‍යක්ෂ ජනරංජන කවිරත්න(11)

මහාචාර්ය දයා එදිරිසිංහ(12)

ලේඛක හිටපු කතානායක වී.ජ.මු.ලොකුබණ්ඩාර(13)

චිත්‍රපට අධ්‍යක්ෂ ජී.ඩී.එල්.පෙරේරා(13)

ගායක අනුර සේනානායක(26)

සංගීත අධ්‍යක්ෂ නඳුන් රත්නායක(28)

තිරගත වූයේ එකම එක චිත්‍රපටයකි.

ලාල් ප්‍රියදේව අධ්‍යක්ෂණය කළ අපට සැදුන අපේ ලෝකය (පෙබරවාරි 14)

 

මාර්තු

* වේදිකා නාට්‍යකරුවන් වෙනුවෙන් රක්ෂණාවරණයක් ආරම්භවීම සිදුවුණේ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙනි.

* නිළියක් නොමැති චිත්‍රපටයක් ආරම්භ වූයේ මාර්තු මාසයේදීය. ඒ අරුණ ජයවර්ධන අධ්‍යක්ෂණය කරන මාරියාවේ ය.

* ධර්මසිරි බණ්ඩාරනායකගේ හංසවිලක් චිත්‍රපටය නැවත ප්‍රදර්ශනය.

 

මියගිය කලාකරුවෝ

මාධ්‍යවේදී බන්දුල ජයසේකර (05)

මාධ්‍යවේදී පාලිත සෙනරත් යාපා (06)

සංගීත අධ්‍යක්ෂ ජයන්ත ගමගේ (07)

අමරදේවයන්ගේ ප්‍රියබිරියවූ විමලා අමරදේව(08)

වාදක ලෝරන්ස් රෙක්සි (06)

නාට්‍යවේදී ජිනදාස පෙරේරා (17)

මහාචාර්ය පණ්ඩුල ඇඳගම (25)

ගායක සහ වාදක මහේෂ් කුමාර සිල්වා (28)

චිත්‍ර ශිල්පී තිස්ස හේවාවිතාරණ (31)

 

තිරගතවූ චිත්‍රපට

අසම රන්දිල් ලියනගේ ගේ කලම්බු (මාර්තු 18)

නිහාල් සංජයගේ සෙනෙහසක සිහිනය (මාර්තු 25)

 

 

අප්‍රේල්

 

මියගිය කලාකරුවෝ

චිත්‍රපට අධ්‍යක්ෂ සමන් වීරමන් (02)

මාධ්‍යවේදී රත්නායක වනසිංහ (11)

සිනමා රසික, රංගන ශිල්පී ෆ්‍රෑන්ක් කුරුකුලසූරිය(10)

කලා අධ්‍යක්ෂ රංගන ශිල්පී ස්ටැනී ද සිල්වා(15)

ගායක ක්ලෙමන් සිල්වා(17)

 

තිරගත වූ චිත්‍රපට

චිත්‍රපටය නිශාන්ත සෙනවිරත්නගේ සැඟවෙන කිරිල්ලියෝ (අප්‍රේල් 02)

හර්ෂ උඩකන්දගේ කබඩි (අප්‍රේල් 16)

 

මැයි

* කොරෝනා වසංගතය හේතුවෙන් චිත්‍රපට ශාලා යළි වසා දැමුණේ මැයි මාසයේ 02 වැනිදා ය.

*අප්‍රේල් මාසයෙන් පසුව නොවැම්බර් මාසය දක්වා මෙරට කිසිදු චිත්‍රපටයක් තිරගත නොවීමද විශේෂත්වයකි.

* ස්වීඩනයේ බෝඩ්නි සිනමා උලෙළේදී දර්ශන රුවන් දිසානායක අධ්‍යක්ෂණය කළ ගොවි තාත්තා සිනමාපටය හොඳම අධ්‍යක්ෂ ලෙස අන්තර්ජාතික සම්මානයට පාත්‍ර විය. එමෙන්ම එම උලෙළේදී ම එහි රඟපෑ ජගත් චමිල සහ හිමාලි සයුරංගි හොඳම නළු නිළි යුවළ ලෙසද සම්මානයට පාත්‍ර විය.

මෙම චිත්‍රපටය ඇමරිකාවේ ගෝල්ඩන් පික්චර්ස් සිනමා උලෙළේදී හොඳම සංගීත නිර්මාණයට හිමි සම්මානයද දිනා ගන්නා ලදී.

 

 

මියගිය කලාකරුවෝ

කැමරා අධ්‍යක්ෂ ලීනස් කල්දේරා(03)

රංගන ශිල්පී නිෂ්පාදන,කළමනාකරු කුමාරසිරි වීරක්කොඩි(05)

ගායක ඔල්බන් පෙරේරා(09)

කලා අධ්‍යක්ෂ කේ.ඩී. ජස්ටින්(17)

චිත්‍රපට අධ්‍යක්ෂ රංජිත් සිරිවර්ධන(20)

සිරිල් ෆොන්සේකා(24)

නාට්‍යවේදී මයිකල් පීරිස්(27)

චිත්‍රපට නිෂ්පාදක ජී.පද්මරාජ්(30)

චිත්‍ර ශිල්පී ලකී රත්නායක(30)

 

 

ජූනි

මියගිය කලාකරුවෝ

නාට්‍යවේදී වික්ටර් බණ්ඩාර සේනාරත්න(01)

මාධ්‍යවේදී බුද්ධික කුරුකුලරත්න(09)

රංගන ශිල්පී සැන්ඩෝ හැරිස්(10)

රංගන ශිල්පිනී නන්ශ්‍රී සාවිත්‍රි(20)

ලේඛක මාලිනී ගෝවින්නගේ(21)

නර්තනවේදී කුලසිරි බුදවත්ත(23)

සුරංග මාමා ලෙස ප්‍රකට ආනන්ද කුමාරගේ(26)

 

 

ජූලි

* සිනමා ශාලා ශාලා නැවත විවෘත කරනු ලැබුවේ මෙම මස 16 වැනිදාය. එතැන් පටන් පෙර තිරගතවූ චිත්‍රපට ප්‍රදර්ශනය වන්නට පටන් ගන්නා ලදී.

* මෙරට ප්‍රථම කතානාද චිත්‍රපටය තිරගත කළ කොළඹ කිංස්ලි සිනමාශාලාව එතනින් කඩා ඉවත් කරනු ලබයි.

 

මියගිය කලාකරුවෝ

සුමන ආලෝක බණ්ඩාර(11)

රංගන ශිල්පී ප්‍රමිලා කුරුප්පු(13)

ගීත රචක/චිත්‍රපට නිෂ්පාදක විමලදාස පෙරේරා(14)

මහාචාර්ය විමල් ජේ. බලගල්ලේ(16)

ගීත රචක මාධ්‍යවේදී කැමිලස් පෙරේරා(17)

චිත්‍රපට අධ්‍යක්ෂ එස්.සිවානන්දන්(20)

මාධ්‍යවේදී ගැමුණු රත්නායක(22)

ගීත රචක අමරසේන කංකානම්ගේ(26)

ගායක කිංග්ස්ටන් ප්‍රනාන්දු(31)

රංගන ශිල්පිනිය හයිසින්ත් විජේරත්න(31)

 

 

අගෝස්තු

* නැසීගිය ගායක සහ සංගීත අධ්‍යක්ෂ ක්ලැරන්ස් විජේවර්ධන නමින් ඔහු විසූ මාවත නම් කිරීම.

 

* මෙරට ප්‍රථම වතාවට ද්විත්ව භෂිතව නිර්මාණය වන චිත්‍රපටයේ වැඩ කටයුතු ආරම්භ වුණේ මෙම මාසයේදීය. එම චිත්‍රපටය දේවි සම්බුලා ය. ජැක්සන් ඇන්තනී අධ්‍යක්ෂණය කරන එය ඉංග්‍රීසියෙන් මෙන්ම සිංහලෙන් නිර්මාණය වන චිත්‍රපටයකි.

 

මියගිය කලාකරුවෝ.

රංගන ශිල්පිනී සමන්තා ඈපාසිංහ(03)

ගායිකා සන්ධ්‍යා වීරසිංහ(03)

රංගන ශිල්පිනී විශාකා සිරිවර්ධන(23)

රංගන ශිල්පී චතුර ප්‍රමෝද් රත්නායක(28)

චිත්‍රපට නරඹන්නන්ගේ සංගමයේ සභාපති සරත් සිල්වා(31)

 

 

නොවැම්බර්

* රජය නිල වශයෙන් සිනමාව කර්මාන්තයක් බවට ප්‍රකාශයට පත් කරයි.

* ප්‍රසන්න විතානගේ අධ්‍යක්ෂණය කළ ගාර්ඩි සිනමාපටය ආසියා පැසිෆික් සිනමා උලෙළේදී සංස්කෘතික වටිනාකම සහ එය සුරැකීමේලා උපරිම කලාත්මක දායකත්වය දැක්වූ චිත්‍රපටය ලෙසට අභිෂේක ලැබිණ.

එය මේ වසරේ ලාංකේය සිනමාපටයක් දිනාගත් ඉහළම සම්මානයයි.

 

මියගිය කලාකරුවෝ

කමලා ගුණරත්නම්(09)

ගායක රංගන ශිල්පී අධ්‍යක්ෂ ලක්ෂ්මන් විජේසේකර(12)

රංගන ශිල්පිනී භද්‍රා නන්දනී ගුණරත්න(13)

සංගීත අධ්‍යක්ෂ නෙල්සන් ධර්මසේන(12)

ගායක ගාමිණී සුසිරිවර්ධන(14)

ප්‍රවීණ මාධ්‍යවේදී සිරිලාල් කොඩිකාර(19)

පසු මෙරට නව සිනමාපටයක් ප්‍රදර්ශනය වීමට පටන් ගත්තේ මෙම මස 11වැනිදා සිටය. එනම් සුනිල් ප්‍රේමරත්න අධ්‍යක්ෂණය තුළ නිහඬ සෙවනැලි.

 

 

දෙසැම්බර්

මහචාර්ය ආරියරත්න ඇතුගලගේ සහෝ චිත්‍රපටය ඉතාලියේ රොබින්සන් සිනමා උලෙළේදී හොඳම අධ්‍යක්ෂ සහ හොඳම වෘතාන්ත සිනමාපටයට හිමි සම්මානයන් දිනාගන්නා ලදි.

 

මියගිය කලාකරුවෝ.

රංගන ශිල්පී සම්පත් තෙන්නකෝන්(03)

රංගන ශිල්පී සරත් චන්ද්‍රසිරි(04)

රංගන ශිල්පීන් දමින්ද මෙන්ඩිස්(03)

නාට්‍ය අධ්‍යක්ෂ ආනන්ද එස්.විජේසිරි(06)

චිත්‍රපට් අධ්‍යක්ෂ සුනිල් සෝම පීරිස්(10)

රංගන ශිල්පී කුමාර රණපුර(10)

නිෂ්පාදන කළමනාකරු ලකී රත්නායක(10)

ගායක ඩික්සන් පෙරේරා(11)

නිවේදක හේමජිත් ප්‍රනාන්දු(19)

මාධ්‍යවේදී චන්දන ගුණවර්ධන(22)

 

තිරගතවූ චිත්‍රපට

උදයකාන්ත වර්ණසූරියගේ ගිනි මල් පොකුරු.(දෙසැම්බර් 3)

දේවින්ද කෝන්ගහගේ භවතරණ (දෙසැම්බර් 3)

මිචෙල් ෆොන්සේකා අධ්‍යක්ෂණය කළ නිම්හිම්(දෙසැම්බර් 9)

බෙනට් රත්නායක අධ්‍යක්ෂණය කළ කවුරුවත් දන්නේ නෑ (දෙසැම්බර් 22)

සෝමරත්න දිසානායක අධ්‍යක්ෂණය කළ ජංගි හොරා(දෙසැම්බර් 23)

 

 

විශේෂ ස්තූතිය - සිරි කහවල / ඇන්ටන් ජේ.ප්‍රනාන්දු