මේක තරුණ කලාකරුවන් නිර්මාණය කරන නව තෝතැන්නක්

චලන රේඛා සිනමා රංගායතනයේ අධිපති එන්. ඒ. නුවන් රංජන්
නොවැම්බර් 11, 2021

 

ලංකාව තුළ රංගනය පිළිබඳව නිසි ලෙස හදාරන්නට තැනක් නොමැති බව කලක සිට ක්ෂේත්‍රයේ සියල්ලන්ගෙන්ම නැඟෙන චෝදනාවකි. එහෙත් මේ වන විට එය ටිකෙන් ටික වෙනස් වෙමින් පවතී. ප්‍රවීණ කලාකරුවන් කීපදෙනෙකු මෙන්ම විදේශ රටවල සිනමාව සහ රංගනය පිළිබඳ හැදෑරූවන් මේ වන විට සිනමා පාසල් ආරම්භ කරමින් රංගනය පිළිබඳ ඉගෙන ගන්න අධ්‍යයනය කරන්න සහ පුහුණු වෙන්න විවිධ අවකාශයන් තරුණ පරපුරට නිර්මාණය කරමින් පවතී. පසුගිය වසරේ ආරම්භ කළ චලන රේඛා සිනමා රංගායතනය ද එවැනි තරුණ පරපුරට රංගනය සහ කලාව ගැන අධ්‍යයනයට සැකසුණු තෝතැන්නකි. හැදෑරීම් පමණක් නොව ප්‍රායෝගිකව කලා නිර්මාණ හරහාද සිනමාව පිළිබඳව තරුණ පරපුර පුහුණු කරන චලන රේඛා සිනමා රංගායතනය කොරෝනා ව්‍යසනය නිසා මද විරාමයකින් පසුව නැවත ආරම්භ කර ඇත. චලන රේඛා සිනමා රංගායතනය පිළිබඳව සහ එහි කාර්ය සාධනය පිළිබඳව කතාබහකට එහි අධිපති එන්. ඒ. නුවන් රංජන් මහතාට අපි සම්මුඛ වූයෙමු.

චලන රේඛා සිනමා පාසල ගැන කිව්වොත්?

චලන රේඛා සිනමා පාසල පිහිටුවලා දැනට හරියටම අවුරුද්දක්. මේ ආයතනය ආරම්භ කළේ 2020 වසරේ. රංගනයට කැමති තරුණ තරුණියන්ට ක්ෂේත්‍රයේ තැනක් හදලා දීමේ අරමුණෙන් තමයි මම මේ සිනමා පාසල ආරම්භ කළේ. ගායනය, රංගනය, නර්තනය සහ සටන් කලාව යන හතරම එකට එකතු කරලා තමයි අපේ පාඨමාලාව පැවැත්වෙන්නේ. මේ හැම අංශයක් සම්බන්ධයෙන්ම ඉතාම හොඳ පුහුණුවක් ලබාදීලා ක්ෂේත්‍රයට නව තරුණ තරුණියන් පිරිසක් අපි හඳුන්වා දෙනවා.

 

මේ සිනමා පාසලේ පැවැත්වෙන පාඨමාලා සම්බන්ධයෙන් විස්තර කළොත්?

අපි උත්සාහ කරන්නේ ජාතික මට්ටමටත් වඩා අන්තර්ජාතික මට්ටමෙන් සිනමා පාඨමාලාව පවත්වාගෙන යන්න. ඉන්දියාවේ අනුපම් කේර් සිනමා ඇකඩමිහි සංකල්පයන්ට සමානුපාතිකව තමයි මම චලන රේඛා සිනමා පාසල පවත්වාගෙන යන්නේ. අපේ සිනමා පාසලේ සෑම විෂයයක්ම උගන්වන්නේ ඒ විෂයය හොඳීන් ප්‍රගුණ කළ විෂය පිළිබඳ හසළ දැනුමක් තියෙන ගුරුවරු. උදාහරණයක් විදිහට නර්තනය උගන්වන්නේ ඉන්දියාව සහ ඉන්දුනීසියාව යන රටවලින් නර්තනය හදාරපු කෙනෙක්. රංගනය, නර්තනය, සටන් කලාව සහ ගායනය යන විෂයන්වලින් සමන්විත පාඨමාලාවක් මේක. මොකද කලා ශිල්පියෙක් වුණාම මේ සියල්ලෙන්ම සමන්විත වෙන්න ඕනේ. අපේ ආයතනය තුළ රංගනය, නර්තනය, ගායනය සහ සටන් කලාව යන අංග තුනෙන්ම සමන්විත දරුවන් ඉන්නකොට නිර්මාණකරුවන්ට වුණත් අපහසු වෙන්නේ නැහැ, ඔවුන්ව තමන්ගෙ නිර්මාණවලට සම්බන්ධ කරගන්න. ඒ වගේම ඕනෙම කාලයක් මේ පාඨමාලාව හදාරන්න පුළුවන්. අපි කාල පරාසයකට කොටු වෙලා නැහැ. රංගනය කියන්නේ සති තුනකින් මාස හයකින් ඉගෙනගන්න පුළුවන් දෙයක් නෙමෙයි. නමුත් සීමිත කාල සීමාවකදි හරි අපිට දෙන්න පුළුවන් උපරිම දැනුම න්‍යායාත්මකව සහ ප්‍රායෝගිකව අපි ලබාදෙනවා. කැමරාව ඉදිරිපිට රඟපාන්න තියෙන සබකෝලය නැති කරලා හොඳ පෞරුෂත්වයකින් යුතු කලාකරුවෙක් මේ තුළින් නිර්මාණය කරන්නයි අපි බලාපොරොත්තු වෙන්නෙ. අපේ සිනමා පාසලේ පළමු වැනි කණ්ඩායමේ ශිෂ්‍ය ශිෂ්‍යාවන් හැටකට ආසන්න සංඛ්‍යාවක් හිටියා. දැනට ශිෂ්‍ය ශිෂ්‍යාවන් සියයකට අධික පිරිසක් මෙහි ඉගෙනුම ලබාගෙන තියෙනවා. ශිෂ්‍ය ශිෂ්‍යාවන් තුන්සීයක පමණ පිරිසකට අධ්‍යාපනය ලැබිය හැකි ලෙස මේ සිනමා පාසල පුළුල් කරන්නයි අපිට අවශ්‍යය.

 

අනෙක් රංගන පාසල් සමඟ සංසන්දනය කරනවිට චලන රේඛා සිනමා පාසලේ විශේෂත්වය?

අන්තර් ජාතික වශයෙන් අත්දැකීම් ගොඩක් අපි මේ පාඨමාලාවට අන්තර්ගත කරලා තිබීම විශේෂයි. ලංකාවේ සිනමා පාසලක ඉගෙන ගන්න දරුවන් වෙනුවෙන් කෙටි චිත්‍රපටයක් නිර්මාණය කරන එකම රංගායතනය චලන රේඛා සිනමා පාසල විතරයි. හොඳ කැමරාවක් ඉදිරිපිට රඟපාන්නේ කොහොමද? කැමරාව ඉදිරිපිට චරිත කිහිපයක් සමඟ මුහුවෙලා රඟපාන්නේ කොහොමද? නිෂ්පාදන කාර්ය මණ්ඩලය සමග කටයුතු කරන්නේ කොහොමද? තිරයෙන් පිටුපස කෙරෙන වැඩ කටයුතු ගැන සහ තාක්ෂණික උපකරණ සම්බන්ධයෙන් පවා යම් අත්දැකීමක් දරුවන්ට මම ලබාදෙනවා. අපේ නිර්මාණවල සහාය අධ්‍යක්ෂණය, සහාය කැමරා අධ්‍යක්ෂණය වගේ හැම කටයුත්තක් සඳහාම මම සම්බන්ධ කරගෙන්නේ අපේ සිනමා පාසලේ දරුවන්ව විතරයි.

 

මේ සිනමා පාසලේ පළමු ශිෂ්‍ය කණ්ඩායමේ ප්‍රගතිය ගැන කිව්වොත්?

අපෙන් ඉගෙනගත්ත ළමයි දැනට කලා ක්ෂේත්‍රයේ බොහෝ තැන්වල තමන්ගේ වෘත්තිය ජීවිතය ආරම්භ කරලා තියෙනවා. වෙළෙඳ දැන්වීම් ක්ෂේත්‍රයේ, ටෙලිනාට්‍ය ක්ෂේත්‍රයේ රංගන ශිල්පීන්, සහාය රංගන ශිල්පීන් ලෙස වගේම නිෂ්පාදන කාර්ය මණ්ඩලයේ සාමාජිකයන් ලෙසත් ඔවුන් දැන් කටයුතු කරනවා. ලංකාවේ ප්‍රධාන රූපවාහිනී නාළිකා බහුතරයක ටෙලිනාට්‍යවල දැන් අපේ පළමු කණ්ඩායමේ දරුවන් රඟපානවා. ඒ ගැන තියෙන්නේ ලොකු සතුටක්.

 

රංගනය සම්බන්ධයෙන් නව පරපුරේ උනන්දුව කොයිවගේද?

උනන්දුව තමයි ඔවුන්ගේ ගොඩක්ම හදන්න තියෙන්නේ. ඒකට තමයි ආයතනයක් වශයෙන් අපි ඉන්නේ. නව ශතවර්ශයේ ජීවත් වෙන දරුවන්ට ඕනේ ඉක්මනින් තරුවක් වෙන්න. ඒ සඳහා අධ්‍යාපනය, පුහුණුව සහ කැපවීම තියෙන්න ඕනේ. කොච්චර දක්ෂ වුණත් කලා ක්ෂේත්‍රයේ ඉදිරි ගමනක් යන්න නම් අත්දැකීම් අත්‍යවශ්‍යයි. කොච්චර ජනප්‍රිය තරුවක් වුණත් වැඩක් නැහැ ප්‍රවීණයන්ට සහ තමන්ගේ කාර්ය මණ්ඩලයට ගරු කරන්නෙ නැති නම්. කොච්චර දක්ෂයෙක් වුණත් විනයක් නැති නම් ක්ෂේත්‍රයේ පැවැත්මක් නැහැ.

සිනමා පාසලේ නව්‍යතා ගැන කිව්වොත්?

අපි අලුතින් කෙටි චිත්‍රපට කීපයක් කරන්න සැලසුම් කරලා තියෙන්නේ. දැනට කෙටි චිත්‍රපට දෙකක් රූගත කරලා තියෙනවා. ඒවායේ සංස්කරණ කටයුතු කරමින් පවතිනවා. ඒවා සියල්ලටම අපි සිනමා පාසලේ ශිෂ්‍යයන්ව සම්බන්ධ කරගත්තා. ඒ වගේම අපේ ආයතනය විසින් කෙටි චිත්‍රපට තරගයක් සූදානම් කරන්න බලාපොරොත්තු වෙනවා. චලන රේඛා ඛ්ඩචතචදච අඥඩඬච ඉඩධපබ ජ්ඪතථ ඛ්ධථනඥබඪබඪධද නමින් පවත්වන මේ තරගයට අපේ සිනමා පාසලට පමණක් සීමා නොවී ලංකාව වටේම ඉන්න දුවා දරුවන්ට ජංගම දුරකථනයෙන් හෝ කැමරාවකින් රූගත කරලා කෙටි චිත්‍රපට ඉදිරිපත් කරන්න පුළුවන්. ඒවා අපේ ඛ්ඩචතචදච අඥඬඩච ර්‍ණටටඪජඪචත කධභබභඡඥ ඛ්ඩචදදඥත නමින් තියෙන අපේ යූටියුබ් නාළිකාවේ අපි ප්‍රදර්ශනය කරනවා. ඒ අතරින් වැඩිපුරම ජනප්‍රිය, ප්‍රේක්ෂක ප්‍රතිචාර ලැබෙන චිත්‍රපට වගේම සිනමාත්මක, ඵලදායිතාව සහිත චිත්‍රපට තෝරාපත් කරගෙන ඒ චිත්‍රපටවලට තිලිණ ලබාදෙන්නත් සැලසුම් කරගෙන ඉන්නවා.

 

මේ වගේ ආයතනයක් පවත්වාගෙන යනවිට ගැටලුවලට මුහුණපාන්නත් සිදුවෙනවා.

අනිවාර්යයෙන්ම. ඒ වගේ ගැටලු රැසකට අපි මුහුණ දීලා තියෙනවා. අපේ යූටියුබ් නාළිකාව පවා හැක් කරලා තිබුණා. ඒ සම්බන්ධයෙන් විමර්ශන සඳහා අපරාධ විමර්ශන කොට්ඨාසයට පවා පැමිණිලි කරන්න සිදු වුණා. අපේ සිනමා පාසලේ දරුවන් සියලුම දෙනාට පාහේ චරිත ලබාදෙමින් ලක්ෂ 14ක් පමණ පිරිවැයක් යොඳමින් නිර්මාණය කරපු කෙටි චිත්‍රපටයක් අපේ යූටියුබ් නාළිකාව මඟින් එළිදක්වා තිබුණා. අපේ සිනමා පාසල පිළිබඳව මේ වන විට තරුණයන් අතර හොඳ කතාබහක් ඇති වෙලා තියෙනවා. ඒ නිසා සමහර අයට ඒක ගැටලුවක් වෙන්නත් පුළුවන්. ඒ නිසා මේ වගේ අකරතැබ්බවලට මුහුණ දෙන්න අපිට සිදුවුණා. ඒ වගේම අභ්‍යන්තර වශයෙනුත් යම් යම් ප්‍රායෝගික ගැටලුවලට මූණ දෙන්න සිදු වුණ අවස්ථා තියෙනවා. සිනමා පාසලෙන් අධ්‍යක්ෂණය කරන කෙටි චිත්‍රපටවලට දරුවන්ට චරිත තෝරා ගැනීමේදී අදාළ චරිතයට ගැලපෙනම කෙනාට චරිතය දුන්විට එය සමහර අයට ගැටලුවක් වෙන්න පුළුවන්. ඒ වගේම සාමාන්‍යයෙන් සිනමා පාසලක් පවත්වාගෙන යද්දී එන මුල්‍යමය ගැටලු ප්‍රායෝගිකව අපිටත් තියෙනවා. ඒත් ඒවා අපි අපේ ශිෂ්‍යයන්ට දැනෙන්න දෙන්නෙ නැහැ. මොකද මම තවත් ව්‍යාපාර කරන කෙනෙක්. ඒ නිසා අපේ ආයතනයෙන් කරන ගීත රූපරචනා, කෙටි චිත්‍රපටි වැනි නිර්මාණ සඳහා මම යොදවන්නේ මගේ ප්‍රාග්ධනය.

 

ඉදිරි වැඩකටයුතු ගැන කිව්වොත්?

සෞඛ්‍ය නීති රීති යටතේ නැවතත් පාඨමාලාව පවත්වාගෙන යන්න අවසර ලබා දීලා තියෙනවා. සෞඛ්‍ය නීති රීති අනුව ආයතනයේ දරුවන් දෙසීයක් පමණ පිරිසකට සීමා කරන්න වෙලා තියෙනවා. පාඨමාලාව පවත්වාගෙන යන අතරතුරම අපේ දරුවන්ව සම්බන්ධ කරගෙන කළ කලා නිර්මාණ කිහිපයකුත් සමාජගත කරන්න මම බලාපොරොත්තු වෙනවා.

 

චලන රේඛා සිනමා පාසල පිළිබඳව වැඩිදුර විස්තර සඳහා අමතන්න.

චලන රේඛා සිනමා රංගායතනයේ අධිපති

එන්. ඒ. නුවන් රංජන්

Mobile - 074 010 2108

Mobile - 0740102108

 

 

 

ඔබ ආයතනය පිළිබඳ විස්තර පළ කරගන්න අමතන්න - 071 821 7056