ප්‍රවෘත්ති ඉදිරිපත් කිරීම දැළි පිහියෙන් කිරි කනවා වගේ වැඩක්

නිවේදිකා චානිකා රණසිංහ
සැප්තැම්බර් 14, 2023

මානව සම්පත් කළමනාකාරිය ලෙස ගමන ආරම්භ කරන්නයි ඇයගේ සිහිනය වූයේ. ඒත් සම්මුඛ පරීක්ෂණයේදී ඇයට සිදුවන්නේ මාධ්‍ය ජීවිතයේ කොටස්කාරිණියක් ලෙස ගමන ආරම්භ කිරීමටයි. වර්ෂ 2013 වර්ෂයේ ඇගේ ජීවිතයේ හැරවුම් ලක්ෂ්‍යයයි.පුහුණු ප්‍රවෘත්ති නිවේදිකාවක ලෙස ආරම්භ කළ ගමන අද ප්‍රවෘත්ති නිෂ්පාදිකාවක් දක්වා පැමිණීමට අවකාශ ලැබිණි. ඒ ආගමන ගැන සරසවිය සමඟ තොරතුරු බෙදා ගත්තේ මෙසේය.ඇය නමින් චානිකා රණසිංහ යි.

චානිකා සිරස ගමන ආරම්භ කරන්නේ කොහොමද?

මේ ගමන මගේ ජීවිතයේ අහඹු සිදුවීමක්. ඒත් මම සිරසට සම්බන්ධ වෙන්න ලැබෙන්නේ 2013 අවුරුද්දේ. මෙතනට එන්න ඉස්සෙල්ලම මානව සම්පත් කළමනාකාරණය පිළිබඳ හදාරමින් සිටියේ. මේ කාලයේ ප්‍රවෘත්ති අංශයේ සිටි චෙවාන් ඩැනියල් මහත්තයා මගේ අයියගේ යාළුවෙක්ගෙ යාළුවෙක්. ඒ හරහා තමයි මම ඉල්ලුම් කරන්නේ මානව සම්පත් කළමනාකාරණ අංශයේ තනතුරක් සඳහා. එහෙත් එහිදී මට සිදුවෙන්නේ වෙනත් දෙයක්. චෙවාන් ඩැනියෙල් මහත්තයා මාව ප්‍රවෘත්ති අංශයට සුදුසුයි කියලා තෝරාගන්නවා. ඊට පස්සේ මම ප්‍රවෘත්ති අංශයේ පුහුණු නිවේදිකාවක ලෙස කටයුතු කරනවා. එදා ඒ ආපු ගමන තමයි මම මේ තාක් දුර ඇවිත් ඉන්නේ. මම මාධ්‍ය ජීවිතය හදාරලා නෑ. ඒත් ජීවිතේ මාධ්‍යයේ මුලකුරු හදාරපු තැන තමා සිරස ටි.වි.නාලිකාව.

 

මානව සම්පත් කළමනාකාරිනියක් නොවී මාධ්‍යවේදිනියක් වුණ එක ගැන මොකද හිතෙන්නේ?

මට දැනුණ දේ තමයි අපි සියලු දෙනාම ජීවත් වෙන්නේ සමාජයත් එක්ක.එතකොට මාධ්‍යවේදීනියක් හැටියට කුඩා තැන ඉඳන් ඉහළම තැන දක්වා ස්පර්ශ කරන්න පුළුවන්. සමාජය සමඟ ජීවත් වෙන්නේ හා මිනිසුන්ගේ සිතුම් පැතුම් තුළය. මම ඒ දේවල්වලට ගොඩක් පි‍්‍රය කලා. මානව සම්පත් කළමනාකාරිනියක් නොවී මේ ගමන ගැන සතුටක් තියෙනවා.මුල් කාලයේ තිබ්බ සිහිනය බොඳ වෙලා ගියා කියලා දැනුණ වාර අනන්තයි. ඒත් ඊට වැඩිය සිය දහස් වාරයකින් මේ ජීවිතය වටිනවා කියලා ආපස්සට හැරිලා බලන විට තේරෙනවා. මිනිසුන් සමඟ ගනුදෙනු කරන ආකාරය මගේ පෞද්ගලික ජිවිතය ගොඩනඟාගන්න හොඳ පිටිවහලක් වුණා. මාව මෙතෙන්ට ගෙනාපු සියලුම දෙනාට මම ස්තුති කරනවා. එදා මගේ ජීවිතේ කවදාවත් අමතක වෙන්නැති දවසක් තිබුණා. ඒ තමා සිරස ටීවී නාලිකාවෙන් මුළු රටටම සහ ලෝකයටම මාව පෙන්නපු ඉඩ සලස්සවපු දවසයි. එදා මානව සම්පත් කළමනාකාරිනියක් වුණා නම් කවදාක්වත් මට මෙවැනි දෙයක් සහ ලෝකයටම දකින්න නොලැබෙන්න තිබුණා. මගේ ජීවිතයේ වෘත්තීය මට්ටමෙන් එහාට ගොස් ලොකු සතුටක් ලැබුවා රැකියාව තුළින්. ජනතාව අතරට ගොස් ඔවුන්ගේ දුක සතුට බෙදා ගන්නා මොහොත ගම්මැද්ද වැනි වැඩසටහන් නිසා ජනතාව තුළ ජීවත් වුණ චරිතයක් වෙන්න ලැබුණා. මාධ්‍යවේදිනියන්ට ජීවිතයට එවැනි වැඩසටහන් හරිම වැදගත් වෙනවා කියලා මම තේරුම් ගත්තේ මේ වැඩ සටහන් කරන විට. මුල සිට පටන් ගත්ත ගමන අද වෙනකොට ප්‍රායෝගික හා න්‍යායාත්මක අත්දැකීම් සමඟ හරිම වටින දෙයක් කියලා මට දැනෙනවා. ඒ නිසා පුහුණු නිවේදිකාවක් අද නිෂ්පාදිකාවක් බවට පත්වන්නේ නොයෙක් බාධක කම්කටුලු පසුකරගෙන ඇවිත්.

 

පාසල් ජීවිතේ තිබුණ එකම සිහිනය මොකක්ද?

ඇත්තටම මගේ එකම සිහිනය උණේ මීට අවුරුදු නවයකට ඉස්සෙල්ලා මම චනනතර කරපු සිහිනයයි. මේ වසර 9 ඇතුළත මගේ සිහිනය අමතක උණා කිව්වොත් ඔබ හරියටම හරියි. ඒත් ආපස්සට හැරිලා බලන විට මට මාර තෘප්තියක් තියෙන්නේ. ලෝකයේ පවතින රැකියාවලින් හොඳ රැකියාවක් තමයි මම අද තෝරාගන ඉන්නේ කියලා මට හිතුණ වාර අනන්තයි. ඒත් මානව සම්පත් කළමනාකාරිණියක් වීම ද ඉන් ඔබ්බට යාමට ගොඩක් ඉඩ ප්‍රස්ථාව සැලසෙනවා කියලත් දැනෙනවා. ඒත් මාධ්‍ය ජීවිතයේ හැම දවසක්ම මට අලුත් දවසක් වුණා. හැම දවසකම අලුත් දෙයක් මම ඉගෙන ගත්තා.

 

ප්‍රවෘත්ති නිවේදිකාවක් නිෂ්පාදිකාවක් ලෙස ආපු ගමන ගැන කොහොමද දැනුණේ?

ඇත්තටම ඒක චැලෙන්ජ් එකක්.ප්‍රවෘත්ති නිවේදිකාවක් කියන්නේ රටකට ලොකු වගකීමක් දරන තනතුරක් ලෙසයි මට දැනුණේ. රටේ එක්තරා විදිහකින් ඪජධද එකක් ඒ වගේ කෙනකු වෙනවා කියන්නේ හරිම භාග්‍යයක්. රටේ කීයෙන් කීදෙනාටද එතැනට එන්න ලැබෙන්නේ. ප්‍රවෘත්ති ඉදිරිපත් කිරීමක් කියන්නේ හරියට දැළිපිහියෙන් කිරි කනවා වගේ වැඩක් ඒත් හරිම භාරදූර කර්තව්‍යයක්. අනිත් වැඩසටහන් වගේ පටිගත කරපු දේවල් නෙවෙයි සජීවී ඉදිරිපත් කිරීම හරිම වගකීම් සහගත වෙනවා. ප්‍රවෘත්ති ඉදිරිපත් කිරීමේ දී වැරදුණාම ඇස් ලොකු කරල හරිගස්සලා ගිහිල්ලා නිවැරදි කරලා පෙන්නුවට වැඩක් නෑ. ඉස්සර ප්‍රේක්ෂකයන් වගේ නෙවෙයි දැන් ඉන්න ප්‍රේක්ෂකයන් හරිම අවධානයෙන් ආලින්දයේ ඉඳගෙන ඉන්නේ. ජීවිතය කවදා හෝ දවසක වැරදිලා වරද්දල හරි වැරදි වැරදි මේ වෘත්තියේ නියැළෙනවා නම් ඔහුගේ නිවේදන තනතුර වැඩක් නැහැ කියලයි මට දැනෙන්නේ. මේ රැකියාව ජීවිතය හොඳ තෘප්තියක් ලබන්න පුළුවන් රැකියාවක්.

ජීවිතයේ ආපස්සට හැරිල බලන විට ගොඩක් සතුටින් ඉන්නේ. මගේ ජීවිතේට ළඟාකර ගන්න පුළුවන් දේවල් ගොඩක් ලබාගන්න පුළුවන් වුණේ. සිරස ප්‍රවෘත්තියට ආවට පස්සෙ.

ඔබේ දින නවයක ගෝල්ඩන් කාලය කියන්නේ මොකක්ද?

මගේ ජීවිතේ වැටුණ අවස්ථා තියෙනවා. නැතුවා නොවෙයි. මේ වැඩ කරපු අවුරුදු 9 තුළ වැඩ තහනමකට ලක්වෙලා හිටිය. ඒ ප්‍රවෘත්තියක් වැරදිලා. ඇඳීරි නීතිය අද කියන එක හෙට කියලා ගහලා. හැබැයි ඒ වැඩ තහනමට ලක් වෙලා හිටපු දවස් ගාන තමා මගේ ගෝල්ඩන් කාල හෝරාව ලෙස මම සලකන්නේ. මේ දින ගණනාව තුළ මට වැරදුණ හා හරියට කරපු දෙවල් මොනවද කියල ආපස්සට හැරිලා බලන්න හොඳ අවස්ථාවක් ලැබුණා. ඒ නිසා පුළුල් අධ්‍යයනයකින් පසු මගේ ජීවිතයේ ඉදිරි ගමන සකසා ගන්නට හොඳ පිටිවහලක් වුණා. මගේ වෘත්තීය ජීවිතයේ මට හොඳ පාඩමක් ඉගෙන ගන්න මේ අවස්ථාවක් ලැබුණා. ඒ වගේ ජීවිතේ පසුබෑම් වුණා කියලා එතැනම ඉන්නැතුව හදාගෙන ආයේමත් ගමන එතැනින් ආරම්භ කරන්න අවස්ථාව මම හදාගත්තා. ඒක මම ලබාගත් එක්තරා ජයග්‍රහණයක්.

 

කෝවිඩ් කාලයේ රාජකාරි ජීවිතය කොහොමද?

ඇත්තටම පුදුම විදියට මේ කාලය තුළ රාජකාරි කරන්න වුණේ. අපි හට මේ කාලය තුළ රාජකාරි කරන්න තිබුණේ සිස්ටම් එකකටයි. ඒ නිසා හරිම වගකීම සහිතව භයානක හෝරාවක් වුණා. මම ඉස්සල්ලා කිව්වානේ මගේ අවුරුදු ගාණකින් මේ වැරදීම තුළ දින දහයක නැවතිම හරිම වටින දින ගණනාවක් වුණා. රාජකාරි ජීවිතයත් සමඟ ගත කරපු නිසා මට ගෙදරත් එක්ක ගත කරන්න තිබුණ කාල සීමාව ගොඩක් අඩු වුණා. ඒ දින ගණනාව තුළ පවුලේ සියලු දෙනා සමඟ හරිම සැහැල්ලුවෙන් ගත කරන්න අවස්ථාව ආවා. කොච්චර වගකීම් කරපින්නා ගත්තත් සැහැල්ලුවෙන් ඉදීම තරම් වටිනා දෙයක් මට නෑ කියලා ඒ ගත කරපු කාලය තුළ දැනුණා. මෙය සියලු දේවල් සමඟ ඉඳලා ඇවිල්ලා නැවතත් කොවිඩ් රාජකාරියත් එක්ක රාජකාරි කරන කොට පුදුම වගකීම් සහිතව අපි සියලු දෙනාම බඥචථඹධපඬ හැටියටයි වැඩ කළේ. මගේ රාජකාරි ජීවිතයේ මුහුණ මූණදුන්න පළමුවෙනි අවස්ථාව මේ වගේ ලෝක වසංගත රෝගී අවස්ථාවක් රාජකාරි කිරීමයි. එක පැත්තකින් ඒක හොඳ අත්දැකීම් ලබන්න පුළුවන් අවස්ථාවක් වුණා. වෙනත් ආයතනවල රාජකාරි කරන සියලු දෙනාම ගෙවල්වලට වෙලා සිටියා. අපිට මාධ්‍ය රාජකාරියෙන් මිදෙන්නට බැහැ කියන එක හොඳටම වටහා ගන්නට ලැබුණා.

 

වැඩ තහනමට ලක් වීමට හෙට ඇඳීරිනීතිය කියලා ඒ ප්‍රවෘත්තිය කිව්වේ ඔබ ද?

මේ වැරදීම සිදුවුණේ මා ළඟ සිටි ළමයෙකුට. ඒත් වැරදීමට දඬුවම් විඳීන්න වුණේ මටයි. කළමනාකාරීත්වයට එය දැනුම් නොදීම තුළයි. ඒ දෙයට මුහුණ දෙන්න ලැබුණේ. පසුව ඒ බව දැනගෙන එයාටත් ඒ දඬුවම විදින්න ලැබුණා. දින ගණනාවක් ගියාට පසුව අපි දෙදෙනාම නැවත සේවයේ පිහිටුවනු ලැබුවා.

 

මේ ගෙවන ජීවිතය දැනෙන්නේ කොහොමද?

ජීවිතය කියන්නේ ප්‍රශ්නවල එකතුවක් පමණයි.ජීවිත් වෙනවා කියන්නේ ඒ ප්‍රශ්නවලට උත්තර සොයනවා කියන එකයි. ඒ නිසා ඒ දෙකම හොඳට තේරුම් අරගෙන සතුටින් සැහැල්ලුවෙන් ජීවත්වීම තමයි මම මගේ ජීවිතයේ කරන්නේ. රාජකාරි ජිවිතය සහ ගෙදර ජීවිතය පටලවාගෙන මම ජීවත් වෙන්නේ නැහැ. රාජකාරිය රාජකාරි ස්ථානයටත් ගෙදර ජීවිතය ගෙදරටත් කියන එක හොඳට තේරුම් අරගෙන අපි ජීවත් වුණොත් අපේ ජීවිතයේ ප්‍රශ්න මැද වුණත් ගමන යන්න පුළුවන්.

 

රාජකාරී ජීවිතයේ ඇගැයීම් සම්මාන ලබලා තියෙනවද ?

මගේ වෘත්තිමය ජීවිතයේදී ආයතනය තුළ ඇගැයීමට ලක්වෙලා තියෙනවා. ඒත් සම්මාන ලැබීමට මම හිමිකම් කියලා නැහැ රාජකාරි ජීවිතේ දි. මගේ ජීවිතේ මම සම්මාන බලාගෙන රාජකාරි කරලා නෑ කවදාවත්. මම එක වතාවක් පමණක් රාජ්‍ය සම්මාන උලෙළට අයදුම් කරලා තියෙනවා. දැනට පවතින අනිත් සම්මාන උලෙළවල්වලට මම අයදුම් කරලා නෑ. රාජකාරි ජීවිතේ කාර්ය බහුලත්වයත් එක්ක. මම ඒ තියෙන සම්මාන උලෙළවල දාන්න යනකොට දින ඉක්මවා ගිහිල්ලා. ඒ නිසා සමහරවිට මට මේ සම්මාන උලෙළ මඟහැරුණා කියලයි මම හිතෙන්නේ.

නිවේදිකාවක් උණාට පස්සේ ලැබුණ දේවල් මොනවද?

සිරස ප්‍රවෘත්ති නිවේදිකාවක් උණාට පස්සේ මගේ යාළුවෝ ගෙවල්වල අය සහ නෑදෑයෝ සියලු දෙනාම මාව අගය කරන්න පිළිගන්නට පටන් ගත්තා. ප්‍රවෘත්ති නිවේදිකාවක් ලෙස ලෝකෙම මගේ නම දැනගත්තට පස්සේ මගේ ජීවිතේ ලද ලොකුම සතුට එය වුණා. රාජකාරි ජීවිතයත් එක්ක කාලය ගෙවුණා දැනුණේ නැහැ. දැන් මට ඕනේ වෙන්නේ මේ ලබාගත්ත අත්දැකීම් උපයෝගී කරගෙන වෙනස් දෙයක් කිරීමටයි. ඒ ගමන කොතනින් හෝ පටන් ගැනිමේ අරමුණෙන් දැන් පසුවෙනවා

 

මාධ්‍ය ජීවිතයට සමුදෙනවා කියන්නේ ඇත්තද?

තව ටික කලෙකින් ඇත්තටම එහෙම අදහසක් තියෙනවා. ඒ අත්හැරීම සදාකාලික දෙයක් නෙවෙයි. මගේ ඉදිරි උසස් අධ්‍යාපන කටයුතු සඳහා මේ වෙනකොට අවධානය යොමු කරගෙන තිබෙනවා. කැනේඩියෙන් විශ්වවිද්‍යාලයකට ගිහිල්ලා ඉදිරි වැඩ කටයුතු කිරීම තමයි අරමුණු කරගෙන තිබෙන්නේ. මේ සියලු දේවල්වලට මගේ ගෙදරින් සහ ස්වාමියාගෙන් හොඳ සහයෝගයක් ලැබෙනවා. ඒ නිසා මම හිතනවා මට මේ ගමන යන්න පුළුවන් වෙයි කියලා. ජීවිතය හැම ගමනකට අරමුණක් තිබෙන්න ඕන. ඒදේ තමයි අධ්‍යාපනය සකසා ගැනීම එහෙම වුණොත් අපේ ඉදිරි ගමන සාර්ථකයි කියලා කියන්න පුළුවන්. ඒ ගමනට තමයි මම මේ ලෑස්ති වෙන්නේ.

 

[email protected]