ආසියාවේ හොඳම ප්‍රේක්ෂකාගාරය සිටින්නේ අපේ රටේ

නිෂ්පාදක ආචාර්ය රවී ලියනගේ
අගෝස්තු 31, 2023

කලාවට තිබූ ළැදියාවත් නිසා තරුණ වියට එළඹීමත් සමඟ ඔහු දැඩි ලෙස කලාවට ඇලුම් කළේය. ඒ වකවානුව වන විට සෙව්වේ කලාවේ ප්‍රගමනය උදෙසා තමාට කරන්න පුළුවන් කාර්යභාරය කුමක් ද කියාය.එහි අතුරු ඵලයක් ලෙස ව්‍යාපාර ක්ෂේත්‍රයට පිවිසීමත් සමඟ මාධ්‍ය හා ටෙලිවිෂන් කලාවට නව සම්මාන සංස්කෘතියක් හඳුන්වා දුන් නම් අතර ඉහළින්ම තියෙන නමකි. වර්ෂ ආරම්භයේදී ම පළමු සම්මාන අඬහැරය පවත්වන්නටද ඔහු සමත් විය.

මාධ්‍ය හා ටෙලිවිෂන් කලාවේ දහනව වතාවක් විවිධ නම්වලින් සම්මාන මුරය පවත්වා ඇත. සම්මාන උලෙළකට නව මානයක් එක් කර ඔහු ගේ අලුත්ම වෑයම වූයේ සිනමා ක්ෂේත්‍රයේ නිෂ්පාදකවරයකු බවට පත්වීමයි. ඉතාම කුඩාම පිරිසකගෙන් පටන් ගත් ව්‍යාපාරයක් අද වන විට ශ්‍රී ලංකාව තුළ මෙන්ම විදේශීයන් තුළද පළමු පෙළ දරා ඇත. රයිගම් නාමය ඉහළින්ම රඳවන්ට ඔහුගේ වාණිජමය හැකියාව මේ වන විට ඉස්මතු වී ඇත. සමාජයට විශාල මෙහෙවරක් කරමින් කලාවේ උන්නතිය වෙනුවෙන්

නිෂ්පාදකවරයකු ගේ භූමිකාව ගෙනහැර දැක්වීමට ඔහුට අවස්ථාව උදාවිය. සම්මානිත මහාචාර්ය සුනිල් ආරියරත්න සමඟ එකතු වී කාව්‍යමය නිර්මාණයක් ලෙස සිනමාවට අර්ථපති දායකත්වය දුන් මේ දිනවල තිරගතවන කදිර දිව්‍යරාජ නිෂ්පාදකවරයා ඔහුයි. අමරණීය සිනමා නිර්මාණ බිහිකළ ගොන්න අතරට එකතු වීමෙන් සිනමා ඉතිහාසයට මේ ලෙන්ගතු මිනිසාගේ නම ද මතු දිනක එකතු වේ. ඔහු නමින් ආචාර්ය රවී ලියනගේයි.

මේ සරසවිය සමඟ කළ කතාබහයි.

මේ වගේ නිර්මාණයකට අත ගහන්න හිතුවේ ඇයි?

මේ නිර්මාණය කරන්න ඉස්සෙල්ලා මහාචාර්ය සුනිල් අරියරත්න සර් සහ මම ගොඩක් මේ ගැන කතා කළා. එහි ප්‍රතිඵලයක් හැටියට තමයි කදිර දිව්‍යරාජ නිෂ්පාදකවරයා ලෙස අර්ථපතිත්වය දක්වන්න පුළුවන් වෙන්නේ. මේ සිනමාපටයෙන් ප්‍රේක්ෂකයාට දෙනු ලබන අපේ ඉතිහාසය හා දේවත්වයට අර්ථකථනයට මම හරි කැමති වුණා. මිනිස් මනස මෙහෙයවන දේවත්වය, මනෝභාවය විශ්වය තුළ පවතින නොපෙනෙ බලවේග ගණනාවක් තියෙනවා. ඒ අතර ආදරය තරම් ප්‍රබල වෙනත් භාවයක් නෑ. අන්න ඒ මනෝභාවය විශ්මය තුළින් තරුණියක ගේ ආදරයට කරන්න බැරි දෙයක් නැති තරම් බව මේ සිනමා පටයේ වල්ලි මාතාවගෙන් සිනමානුරූපි බව සුනිල් සර් ගේ අධ්‍යක්ෂණයෙන් මනාව පිළිබිඹු කරල තියෙනවා. සර් රූපණ වේදය ඇති මනෝවිද්‍යාත්මක ලක්ෂණ හොඳීන් හදාරා ඇති නිර්මාණාත්මක අධ්‍යක්ෂවරයෙක් නිසා දෙපාරක් නොසිතා මම මේ නිෂ්පාදනයට අත ගැහුවා.

සිනමාපටයට ඉන්දිය ශිල්පින් තොරාගත්තේ කොහොමද?

මේ ශිල්පින් දෙදෙනා තොරාගැනීමට සුනිල් සර් සහ චන්න දේශප්‍රිය කැමරා අධ්‍යක්ෂකවරයා ඉන්දියාවට ගිහිල්ලා සති දෙක තුනක්ම හිටියා.මුම්බායි හෝටලයක පවත්තපු ඒභඤඪබඪධද එකකදි මේ දෙදෙනා තෝරා ගැනීම සිදු කළේ. ඒ සඳහා විශාල ශිල්පීන් සංඛ්‍යාවක් සහභාගි වෙලා තිබුණා ඒභඤඪබඪධද එකට. ඒ අතරින් තේරුණ දෙදෙනාට කදිර දිව්‍යරාජ සිනමාපටය ස්කන්ධ දිව්‍යරාජයාට සහ වල්ලි දේව මාතාවට චරිත නිරූපණය කරන්න අවස්ථාව හිමිවුණා. මේ සියලු නළු නිළියන් තෝරා ගැනීම සහ ඒවාට අවශ්‍ය සියලුම දේ සුනිල් සර්ට අවශ්‍ය විදියට ඉඩකඩ මම සලසා දුන්නා. මගේ කාර්යභාරය විතරයි මම එතනදී තේරුම් ගත්තේ.නිර්මාණයක් කරද්දි පළමුව නිර්මාණය දකින්නේ තිරපිටපත ලියපු තිර රචකයා සහ අධ්‍යක්ෂණය කරන අධ්‍යක්ෂවරයායි විශේෂයෙන්. ඒවාට බාධක දාන්න කිසිසේත්ම මට අවශ්‍යතාවයක් තිබුණේ නැහැ. මට අවශ්‍යතාවය තිබුණේ හොඳ නිර්මාණයක් සමාජගත කිරීම පමණයි.

ඔබේ පළමු නිෂ්පාදනය ලෙස නිෂ්පාදවරයා සහ අධ්‍යක්ෂවරයා අතර තියෙන සම්බන්ධතාවය දැනුණේ කොහොමද?

නිර්මාණයක් කරන විට අධ්‍යක්ෂකවරයා සහ නිෂ්පාදකවරයා අතර අන්‍යෝන්‍ය සම්බන්ධතාවය හරිම ප්‍රබලයි. අධ්‍යක්ෂවරයාගේ කාර්යභාරය ඉටු කළාට මූල්‍යමය පැත්ත ශක්තිමත් වන්නේ නිෂ්පාදකවරයාගේන්ය.ඒ නිසා නිර්මාණය ඉවර වන තෙක් අධ්‍යක්ෂකවරයා සහ නිෂ්පාදකවරයාගේ අතර තියෙන සම්බන්ධය කිසිවිටෙකත් පලුදු නොවන විදිහට කටයුතු කරනු ලබනවා. නිර්මාණයක් තුළ කිසිවිටෙකත් අධ්‍යක්ෂකවරයා මමයි නිෂ්පාදකවරයා මමයි කියලා එකිනෙකාට වෙනස්ව කටයුතු කරන්න අපි කවදාවත් සූදානම් වුණේ නැහැ. සුනිල් සර් කියපු දිනයට හරියටම රූපගත කිරිම් ඉවර කළා. නිර්මාණයක් ඇතුළේ තියෙන්නේ හැමෝගේ සාමුහික බැඳීමක්. හරියට දම් වැලක පුරුක් වගේය. එකතැනකින් පුරුකක් කැඩුණොත් එකෙන් සාමුහික බැඳීම කැඩිලා යනවා. අපි එකිනෙකාගේ කාර්යභාරය මැනවින් වටහාගෙන නිර්මාණය අවසන් කරන්නේ. ප්‍රේක්ෂකයාට අලුතෙන් යමක් දෙන්න බලාපොරොත්තු වෙන්නේය. මට හිතෙන විදිහට සුනිල් සර් සරාගී කෙටි චිත්‍රපටයන් ඇරැඹු ගමන දශක පහකට වැඩි කාල පරාසයක් තුළ තියෙන දැනුම් සම්භාරයකි. ඒ අත්දැකීම් තුළින් නිෂ්පාදන කාර්යයට දායක වන සියලුම දෙනාගේ තියෙන සම්බන්ධතාවය මනා වැටහෙනවා. ඒ නිසා නිර්මාණය තුළ මතුවන ගැටලු අඩුයි. ඒක හොඳ ලක්ෂණයක් නිර්මාණයක් බිහි කිරීම තුළ නව ප්‍රවණතාවන්ද වැඩියි. මම දැක්ක හොඳ ලක්ෂණයක් තමයි කාලය, මුදල කියන දෙක සර් හරියට සම්බන්ධතාවයක් පවත්වාගෙන සිනමා පටය කරලා ඉවරකළා.

ප්‍රේක්ෂකයා මේ නිර්මාණය කොතෙක් දුරට වැලඳගත්තාද කියලා ඔබ හිතනවද?

දිවයින පුරා තිරගත වීමට ප්‍රථම විශේෂ දර්ශන වාර 2ක් දකුණු පළාතේ හා මාධ්‍ය දර්ශනයත් සමඟ දර්ශන වාර 3 දී අපි හිතුවට වැඩිය හොඳ ප්‍රතිචාරයක් අපිට ලැබුණා. වෙනත් නිර්මාණ සංසන්දනය කරලා කියන කතා නෙවෙයි මම කියන්නේ සැබැවින් දුටු දේ පමණයි. ගොඩක් ප්‍රේක්ෂකයන්ගේ අදහස වුණේ කදිර දිව්‍යරාජ රසවිඳීන කෙනෙකුට අවශ්‍ය නම් ඉතාම සරල ලෙස ඉතිහාස කතාව හිතලා දේව භක්තියෙන් රසවිඳීන්න පුළුවන්. තවත් ප්‍රේක්ෂකයකු ට එය ගැඹුරු ලෙසින් රසවිඳීන්නට අවශ්‍ය නම් ඒ ලෙසත් රසවිඳීමට මෙය නිර්මාණය කර තිබෙන බවයි. ගොඩක් දෙනෙක් කියපු කතාවක් තමයි හැට හැත්තෑව දශකයට අපි නැවත මේ නිර්මාණය ගෙන යන බවයි. එදා සිනමා ශාලා පිරි ඉතිරි ගියා වගේ කදිර දිව්‍යරාජ නිසා දැන් ප්‍රේක්ෂකයන්ගෙන් පිරි ඉතිරි යනවා. ඒ වචන ටික අහල මම නිෂ්පාදකවරයෙක් හැටියට පුදුම සතුටක් ලැබුවේ. ඒ වගේ වචන පාවිච්චි කරලා අපිට අදහස් ප්‍රකාශ කරනවා කියන්නේ නිර්මාණය සාර්ථකයි කියන එක නේද? නිෂ්පාදකවරයාට සහ අධ්‍යක්ෂවරයා ඇතුළු සියලු දෙනාට ඒ ලැබෙන ප්‍රතිචාර තමයි වඩාත් වටින්නේ. සමහර සිනමාහල් හිමියන් කිවේ කතරගම දෙවියන් වැඩියා හා සමාන්‍යයි. අපේ වතුර බිල්ටික විදුලි බිල් සියල්ල ගෙවා නිමකර ගන්න පුළුවන් වුණා කිව්වා.

60, 70 දශකයට ගෙන ගියා කියලා ඔවුන් අපේක්ෂා කරන්නේ මොකක්ද?

ඒ දශකවල නිර්මාණයන් නිසා සිනමාශාලා වලට පොරකකා පැමිණියේ. ඒ යුගයේ සිනමා නිර්මාණයක තිබුණු ගති ලක්ෂණවලට එහා ගොස් නවීණ තාක්ෂණය මේ සිනමාපටයේ දැකීම තුළින් ඔවුන්ට නැවතත් අපේ සංස්කෘතිය විදහාපාන දෙවල් නැරැඹීමට පොර කාපු යුගයකට සිනමා ශාලා වෙත රැගෙන ගියා කියන එක තමයි අදහස් කළේ. එක පැත්තකින් බලපුවාම ආසියාවේ සිටින හොඳම ප්‍රේක්ෂකයන් සිටින්නේ අපේ රටේ කියලයි මම හිතන්නේ. නිර්මාණකරුවන් සූදානම් නම් හොඳ නිර්මාණ බිහිකිරිමට ඉතාමත් යහපත් ආකාරයක ප්‍රේක්ෂකාගාරයක් දැන් අපට තිබෙනවා. ආචාර්ය ලෙස්ටර් ජේමිස් පීරිස්ගෙන් පටන් ගත්තාම වර්තමාන පරම්පරාවේ නව අධ්‍යක්ෂකවරයා දක්වා ඔවුන්ගේ කාර්යභාරය තමයි මේ නව යුගයේ ප්‍රේක්ෂකාගාරය වෙත ප්‍රේක්ෂකයා ගෙන එමේ නිර්මාණ බිහිකිරිම. නිෂ්පාදකවරයෙක් හැටියට අර්ථ පතිත්වය දක්වන්න එහෙම වුණොත් කිසිසේත්ම මැළි වෙන්නේ නැහැ.

ඔබ ව්‍යාපාරිකයකු ලෙස සිනමාව කර්මාන්තයක් වශයෙන් දියුණු වීමට නම් මොනවද අපේක්ෂා කරන්නේ?

මුලින්ම සියලුම දෙනා කර්මාන්තයක් තියෙනවද කියන එක අවබෝධ කරගත යුතුයි. පරණ සියලුම නිර්මාණකරුවන් හිතුවේ නිර්මාණයක් අවසන් කිරීමෙන් පසු හිතුවේ කර්මාන්තයක් බිහි කළ යුතුයි කියන තැන හිටගෙනයි. අතීතයේ නිර්මාණකරුවන් සහ වර්තමාන නිර්මාණකරුවන් දිහා බලන විට සතුටුදායක පිළිතුරක් දෙන්නට අමාරුයි. පෙර බිහිවූ නිර්මාණ එකිනෙකට වෙනස් නිර්මාණ බිහිවුණේ. දැන් වැඩි හරියක් නිර්මාණකරණයේ යෙදෙන්නේ තවකෙනකුගේ නිර්මාණයක් පිටපත්කර තමන්ගේ ලේබල යටතේය.චිත්‍රපට කර්මාන්තයක් සහ කලාවක් වශයෙන් දියුණු කිරිමට නම් සියලු දෙනාටම බහුවිධ ශානරයක් අවශ්‍යයි. එකිනෙකට වෙනස් විවිධ මාදිලියේ කතා තේමාවක් රැගත් විවිධත්වයන් අත්‍යවශ්‍යයි. ආසියාතික රටවල් වශයෙන් ගත්තාම අපේ සිනමාවයි දකුණු ආසියාවේ, එහෙමත් නැත් නමි සිනමාවේ විවිධත්වයෙන් අඩුම රට වශයෙන් හඳුන්වා දෙන්න පුළුවන්. රයිගම් ටෙලිස් පස්සේ ප්‍රේක්ෂකයන්ගෙන් ලැබුණු උත්තේජනය තමයි මම කදිර දිව්‍යරාජ ලෙස නවතම නිෂ්පාදකවරයා ලෙස එන්නේ. විශේෂයෙන් ප්‍රේක්ෂකයාට අවශ්‍ය දේ අපි නිර්මාණය තුළින් ලබාදෙනවා නම් අපේ ගමන හරිම පැහැදිලියි. වෙනත් නිෂ්පාදකවරුන් හිතන්නැති නිෂ්පාදනවලට තමයි මම හැමවෙලේම නිෂ්පාදකවරයා වෙන්නේ. රයිගම් දෙවෙනි බත තමයි මගේ මේ කදිර දිව්‍යරාජ සිනමාපටයට මූලිකත්වය ගෙන බරඉසිලු වේ. තිස්සමහාරාමය සිට බිබිල තෙක් දිවෙන බිම්කේතේ සහලේ අනුහස මේ නිර්මාණය තුළ ගැබ්වෙලා කියලයි මට හිතෙන්නේ. දුටුගැමුණු කුමාරයාගේ සිට තිස්ස කුමාරයාගේ කෘෂිකර්මාන්තය විහිදුණු ඉසව්ව තුළ කතරගම දෙවිඳුන් වෙනුවෙන් පෙර භවයකදී මම කරන්න තිබ්බ දෙයක් මට මේ කරන්න සිද්ද වුණා කියලයි මම හැම වෙලේම මගේ බිරිඳටත් මම කිව්වේ. ඒ දේ කරල බාරය ඔප්පු කරා කියලයි මට හිතෙන්නේ. මම හිතන විදියට වැඩිම වෙළඳ පිරිවැයක් දරුවා ප්‍රචාරණ කටයුතුවලටත්.

මෙවැනි නිර්මාණයක සිනමා නිර්මාණාත්මක ගති ලක්ෂණ සහ සංස්කෘතිමය හා සාහිත්‍යමය වටිනාකමක් තහවුරු කරන්නේ කෙසේද?

මේ මිහිමත කිසිදු නිර්මාණයක නිර්මාණාත්මක වටිනාකම සහතික කරන්න අමාරුයි.සෑම නිර්මාණයක් තුළ ම තක්සේරු අගයක් ද කියන්න අමාරුයි. ඕනෑම යුගයක ප්‍රේක්ෂකයන් සමඟ සංස්කෘතිකමය, සාහිත්‍යමය හා නිර්මාණාත්මක ගති ලක්ෂණ සහ ඔවුන් සමඟ කරන ගනුදෙනුවලින් නිර්මාණයට වටිනාකමක් එකතු කළ හැකියි. මගේ පාසල් කාලය තුළදී මම තරුණ කාලේදිම කලාවේ සාහිත්‍යමය ගති ලක්ෂණ හොඳීන් අවබෝධ කරගෙන රසවින්දා. අපේ සියලුම ජනයා ඉතිහාසය සිදු වෙච්ච දේවල් හා ඉතිහාසයේ ජනප්‍රවාද කතා පමණයි අසා තිබෙන්නේ. ඒ ජනප්‍රවාද කතා මනසින් ඇඳගෙන හැමවෙලේම එම ස්ථානවලට ගියාම විඳීන එක කරන්නේ. ඒ අහපු කතා විඳපු දේවල් මනසින් රූප රචනය තුළින් ගෙනහැර ඔවුන්ට විඳීන්න දීම සංස්කෘතික වටිනාකමක් හා මනෝචිකිත්සක හොඳ ඖෂධයක් කියලයි මම මේ නිර්මාණය දකින්නේ. සංස්කෘතිය සාහිත්‍ය හා ඉතිහාසය සියල්ල කැටි කරලා මේ නිර්මාණය තුළින් ප්‍රේක්ෂකයා හමුවට ගෙනත් තියෙනවා.

සිනමා නිර්මාණ කිහිපයක්ම එක ළඟ ප්‍රදර්ශනය කිරීම නිෂ්පාදකවරයාට හානියක් වෙයි කියලා හිතුවේ නැද්ද?

දැනට පවතින සිනමා ශාලාත් එක්ක ගත්තාම මේක තිරගත කිරීම අභියෝගයක් වුණා. සිනමා පටය ඉවර කරලා අවුරුදු හතරක් අපි සියලු දෙනාම බලාගෙන සිටියා. සිනමා පටය මුදාහරින්න. ඒ මුදා හැරපු කාලය තුළත් ගැප් රිලිස් නිසා ළඟ ළඟ සිනමාපට තිරගත කිරීම ආරම්භ වුණා. මේ නිර්මාණය වැඩකටයුතු සියල්ල ඉවර වෙන්නේ ලෝක වසංගතයක් සමඟය. ඒ ප්‍රමාදය වෙනත් පැත්තකින් නැවත අපිට ආශීර්වාදයක් ගෙන දුන්නා. සංස්ථා හා මණ්ඩල මේක විධිමත් ක්‍රමවේදයක් සැකසුවා නම් ඕනෑම නිර්මාණවේදියකුට සාධාරණයක් වෙනවා කියලා මම හිතනවා.

සිනමා සංස්කෘතියක් තියේද නැද්ද කියන එක ඉස්සරහට ප්‍රශ්නයක් නේද?

තාක්ෂණයත් එක්ක ඉක්මනින්ම වෙනස් වී ගෙන යන බව තමයි මට පෙනී යන්නේ. සමාජ මාධ්‍ය අද වන විට ශීඝ්‍රයෙන් ප්‍රේක්ෂකයන් වැලඳ ගෙන හමාරයි. විශේෂයෙන් තරුණ පරම්පරාවයි. හොලිවුඩ්, බොලිවුඩ්, කොලිවුඩ් සිනමාපට සඳහා ප්‍රේක්ෂකයාට නැවතත් වැලඳගැනීමට ඔවුන්ගේ ක්‍රමවේදය සිනමාහල්වලින් එය ඔසවා තබන්නට ඔවුන් හැම වෙලේම දැන් පියවර ගනිමින් සිටිනවා. ඊට අමතරව සිනමාහල්වලින් ඉංග්‍රීසි සහ දමිළ හින්දි සිනමාපට ප්‍රේක්ෂකයන් වෙත දායාද කිරීම නිසා සිංහල සිනමාපටවලට ලොකු ප්‍රශ්නයක් බවට පරිවර්තනය වෙලා තියෙනවා. ඉදිරියේදී අපිට දකින්නට පුළුවන් වෙන්නේ කවුරු මොනවා කිව්වත් ඡ්- මොබයිල් සිස්ටම් එක තුළ සිනමාපට සහ සියලුම දේවල් නැරඹීම පමණයි. ඒ තරම්ම සෝෂල් මීඩියා එක දැන් ඉදිරියට පැමිණිලා ඉවරයි. යූටියුබ් නාලිකා වලින් මේ මොහොතේ සිදුවන දේ විකාශය කීම තුළින් හොඳ දේ, වගේම නරක දේත් වෙනවා. හොඳ දේට වඩා නරක දේවල් ප්‍රචලිත වීමත් අද තිබෙන එක ලක්ෂණයක්. කොහොම නමුත් කදිර දිව්‍යරාජ සිනමාපටයට පුළුල් ප්‍රචාරයක් ද මේ සියලු මාධ්‍ය ජාලාවලින් මට ලබා දුන්නා. ඒ ගැන මම අදටත් සතුටු වෙනවා. ඒ සියලුදෙනාටම ස්තූතිය පළ කරන්න මම මෙය අවස්ථාවක් කරගන්නවා.

එක ළඟ සිනමාපට තිරයට මුදා හැරීම තුළින් අසාධාරණයක් වෙලා තියෙනවා නේද?

සීයට දෙසීයක් එය නිවැරැදි. සිනමාපටයක් හදලා තිරගත කිරීමට කාලයක් බලා ඉන්නට වෙනවා නිෂ්පාදකවරයාට සහ අධ්‍යක්ෂකවරයාට, ඉන්පස්සෙ තිරගතවීම ආරම්භ වුණාම ප්‍රශ්න වැලකට මුහුණ දෙන්නට සිදු වෙනවා. සමහර සිනමාශාලාවල දර්ශන දෙකක් දාලා තියෙනකොට එක දර්ශනයක් කැන්සල් කරන වෙලාවල් බොහෝ දුරට අද පවතිනවා. ඒත් කදිර දිව්‍යරාජ මේ තත්ත්වය වෙනස් කර තියෙනවා. දර්ශන වාර තුනම සමහර ශාලාවල ප්‍රදර්ශනය වෙනවා. එයින් සිදුවන්නේ කර්මාන්තයට ලොකු පිබිදිමක්. කොතැනින්ද ඒක නිවැරැදි වෙන්න ඕනේ කියන එක ගැන වගකිවයුතු කිසිවකු උත්තර දෙන්නෙ නෑ. ඒත් කදිර දිව්‍යරාජ එයට උත්තරය සොයාදුන්නා. මේ ඇතුළෙ තියෙන්නෙ මාෆියාවක් කියලයි මට නම් හැඟී යන්නේ. අඩුම ගානේ දින 50ක්වත් ආපු ෆිල්ම් එක තිරගත වුණාට පස්සේ නැවත අලුත් ෆිල්ම් එකක් ආවොත් මේ තත්ත්වය ටිකක් හරි මග හැරෙයි කියලා මටනම් හිතෙන්නේ.

සමාජ මාධ්‍ය පරිහරණය නිසා සිනමා ශාලාවට එන ප්‍රේක්ෂක පිරිස අඩුවෙලා නේද?

වර්තමානයේ එවැනි තත්ත්වයක් දකින්නට ලැබෙනවා. සිනමා ශාලාවෙන් රසවිඳීන කොට්ඨාසය සීමිත සංඛ්‍යාවක් බව ඇත්ත. ඒත් සිනමාශාලාවල තියෙන පහසුකම් එක්ක බලපුවාම හරි අඩු ප්‍රමාණයක් තමයි සිනමා ශාලා තියෙන්නෙත්.ක්‍රමයෙන් දැන් අලුත් සිනමාශාලා කිහිපයක් හැදීගෙන යනවා. හොඳ ප්‍රේක්ෂක පිරිසක් ඉදිරියට සිනමාව රස විඳීන්නේ නම් ඔවුන්ට අවශ්‍ය පහසුකම් සැලසිය යුතුයි. තවත් පැත්තකින් ජංගම දුරකථනය නිසා සිනමාපටය මුදා හැරලා තත්පර ගාණක් යන්නත් ඉස්සරවෙලා යූ-ටියුබ්, ෆේස් බුක්වල තිරගත වීම ආරම්භ කරලා. මේක හරිම කනගාටුදායක තත්ත්වයක් බවට පත්වෙලා. මෙවැනි දේවල්වලට නීතිමය විසඳුම් සෙවිය යුතුයි. නිෂ්පාදකවරයෙක් හැටියට මම හිතෙනවා. ක්ෂේත්‍රය තුළ තිබෙන විවිධ වංචනික ස්වභාවයන් නිසා මෙවැනි දේවල් සිදුවෙනවා. ඒක වළක්වන්නත් බැහැ. නමුත් මේවට විසඳුම් සොයා නිෂ්පාදකවරයා ආරක්ෂා කරගත යුතුයි කියන තැන මම ඉන්නවා. කලාවට තියෙන ආදරය නිසා මුදල් තිබිලා නොවෙයි නිෂ්පාදකවරයකු බවට පත් වෙන්නේ ඔවුන්ගේ තිබෙන දේපළක් උගස් තියලා හෝ විකුණලා හරි තමයි මුදල් යොදවන්නේ. එහෙම කරන තැන් වලදී නිෂ්පාදකයා ආරක්ෂා නොකරන තැන්ද තියෙනවා කියලා මම අහලා තියෙනවා. පවුල් ගණනාවක් නිෂ්පාදකවරයා නිසා ජීවත් වෙනවා කියන තැන ක්ෂේත්‍රයේ ගොඩක් දෙනෙක් දන්නෙ නැති තැනක් තියෙනවා. සමාජ මධ්‍යයෙන්

විනාශය නවත්වා ගන්න පුළුවන් නම් සියලු ක්ෂේත්‍රයන්ට හොඳ වපසරියක් හැදෙයි කියලා මම කියනවා. මේ අතර හොඳ සමාජ මාධ්‍ය තියනවා ඒ අතර කිහිපයක් පමණයි විකල්ප රැඩිකල් ගති ලක්ෂණ ගෙන්නේ.

එක එක අධ්‍යක්ෂවරයා තෝරාගත්ත නළු නිළි පිරිසක් පමණයි සිනමාපට සඳහා ගන්නේ ඒ ගැන මොනාද කියන්න තියෙන්නේ?

අධ්‍යක්ෂකවරයාගේ භාරදූර කාර්යයක් තමයි නළුවා හා නිළිය තෝරා ගැනීම. බොහෝදුරට නළුවරණයේදි අධ්‍යක්ෂකවරයා සලකන්නේ චරිතයට ගැළපෙනවද නැද්ද යන්න විතරයි. තිර පිටපත ලියන අධ්‍යක්ෂකවරයා වෙන්නත් පුළුවන් වෙනත් පුද්ගලයකු වෙන්නත් පුළුවන් ඔහුගේ මනසේ අඳීන චිත්ත රූපය තමයි හැමවිටම චරිත නිරූපණයට යොදවා ගන්නේ. ඒ සියල්ල වගකිවයුතු පුද්ගලයන්ට මම පවරලා තිබුණේ. මම මූල්‍යමය පැත්තට පමණයි ප්‍රධාන වශයෙන් වග කිවිවේ. කෙසේ නමුත් දක්ෂ පිරිසක් තුළ නිර්මාණයක් සාර්ථක වෙනවා කියන එක දකිනවා. එය සැබවින් දැන් අත්විදිනවා. මම බැලුවේ නිර්මාණයේ සාර්ථකත්වය සහ ගුණාත්මක පැත්ත සමාජයට දීමයි.

සිනමා ශාලා කීයක තිරගත වෙනවාද, දර්ශනවාර ලැබිම කොහොමද?

දැනට සිනමා ශාලා 75ක තිරගත වීම සිදුවෙනවා. මේ අතරින් සිනමා ශාලා බොහෝමයක දිනකට දර්ශනවාර තුනම තිරගත වීම සිදුවෙනවා. වසර දහයකට පසු එකම සිනමාපටය වැඩිම සිනමාහල් සංඛ්‍යාවක ප්‍රදර්ශනය වෙන්නේත් දර්ශන වාර තුනම ප්‍රදර්ශනය සිදුවෙන්නේත් කදිර දිව්‍යරාජයි. සමහර සිනමාශලා හිමියන්ට වෙනත් සිනමාපට එක එක වෙලාවල් වලට මුදා හරින්නට අවශ්‍යතාවයක් නැති බව මෙයින් හොඳටම පෙනී යනවා. මොකද ප්‍රේක්ෂකයන් ශාලාවට ඇදෙනවා නම් ඔවුන් කිසිසේත්ම වෙනත් සිනමාපට ප්‍රදර්ශනය කරන්නේ නැහැ. සිනමාශාලා හිමියන් සියලු දෙනා පවසන්නේ කතරගම දෙවියන්ගේ අනුහස් ම නිසා තමයි අපිට මේ දර්ශන වාර තුනම ප්‍රේක්ෂකයන්ගෙන් පිරී ඉතිරිලා යන්නේ කියලයි. නිෂ්පාදකවරයා ලෙසින් මමත් පුදුම සතුටක් ලබන්නේ. අධ්‍යක්ෂවරයා ඇතුළු නිෂ්පාදක කණ්ඩායම ඇතුළු නළු නිළියන්ද එයින් සතුට භුක්ති විඳීනවා.

කදිර දිව්‍යරාජ, තිරුමුරුගන් නමින් හඬ මුසු කරන්න යන කතාව මොකක්ද?

දමිළ ජනතාවගේ ඉල්ලීම් මේ වන විට මට නන්දෙසින් එනවා. මේ නිසා දමිළ භාෂාවෙන් හඩකවා දමිළ පිටපතක් ලෙස ‘තිරුමුරුගන්’ නමින් එළි දක්වනවා. අපේ රටේ දමිළ ජනතාවගේ අතර අද මේ වන විට සිනමා පටය කවදාවත් නැති තරම් ඉල්ලුමක් හා හොඳ ප්‍රේක්ෂක ප්‍රතිචාර ඇවිත් තියෙන්නේ. ඒ සියලු දේවල් මැද සිනමාපටය සාර්ථකව තිරගත වෙනවා. බොහෝ සිනමා ශාලා 75 අතරින් හවුස් ෆුල් වෙලා තියෙන්නේ. තිරුමුරුගන් නමින් තිරගත කිරීමට හඬ කැවීම සඳහා ළඟදිම ඉන්දියාව බලා යන්න බලාපොරොත්තු වෙනවා. වගකීම් සහිත කාර්ය භාරයක්. හඬකැවීම් සිදුකිරීමේදී නළුවන්ගේ හා නිළියන්ගේ ඹ්ඪන ථධමඥථඥදබ හරියටම සම්බන්ධ හඬ නළුවන් සොයාගන්නට සෑහෙන්න මහන්සි වෙලා මේ කාර්‍යය කරන්න වෙනවා. අමාරුවෙන් හරි මේ වැඩේ මම කරලා එළැඹෙන නොවැම්බර් 12 වැනිදා ලංකාවේ සහ ඉන්දියාවේ ප්‍රදර්ශනය කරන්න බලාපොරොත්තු වෙනවා.

සිනමාවට වසර 75ක් පිරිම තුළ ඔබේ නිෂ්පාදනය ආදායම් වාර්තා පිහිටු වනවා නේද?

ලාංකේය කථානාද සිනමාවට වසර 76ක් සපුරන මේ වසර තුළදී පළමු නිෂ්පාදනයෙන්ම මට හොඳ වාර්තා කිහිපයක් පිහිටුවන්නට පුළුවන් වුණා. දින 15 තුළ මිලියන 50 ක ආදායමක් උපයන්නටත් පසුගිය 20වැනි ඉරුදිනය තුළ පමණක් මිලියන 8ක ආදායමක් ලබන්නත් පින් කරල තියෙනවා.කදිර දිව්‍යරාජ සිනමාපටය මේ දින15 තුළ තරග කළේ රජිනිකාන්ත්ගේ ජේලර් සිනමා පටය සමඟයි. එම සිනමාපටය නොතිබුණානම් දින 15 තුළ මිලියන 75ක ආදායමක් උපයන්න තිබුණා. මේ කතා කරන මොහොත වන විටත් තිස්සමහාරාම නිව් රෝහණ, ත්‍රිකුණාමලය සරස්වතී, දෙමටගොඩ රිගල් යන සිනමා ශාලා පිරී ඉතිරී යනවා. ඒ වගේම ලංකාව වටේ තියන අනිත් සිනමාශාලාවලත් මේ තත්ත්වයම තමයි පවතින්නේ. ඒ සියලුම සිනමාශාලා හිමියන් ගේ වචනයෙන් කියන්නේ කතරගම දෙවිඳු මැණික් ගඟ සිනමා ශාලාවලට හැරෙව්වා වගේ කියලයි.ඒක ලාංකේය සිනමා ඉතිහාසය හොඳ සංධිස්ථානයක් ලෙසයි මම දකින්නේ.

සිනමාපටයේ ඉදිරි සැලසුම් මොනවගේද?

කදිර දිව්‍යරාජ සැප්තැම්බර් 3 වැනිදා ලෝක ප්‍රදර්ශනය ආරම්භ කරනවා. ඕස්ට්‍රේලියාව, මෙල්බර්න්. ජපානය, නවසීලන්තය, කොරියාව, එංගලන්තය, කැනඩාව, ඇමරිකා එක්සත් ජනපදය, ඉතාලිය ඇතුළු රටවල් ගණනාවක ප්‍රදර්ශනය ආරම්භ කරනවා. ඒ වගේම තමයි සැප්තැම්බර් 24 වැනිදාට සිනමාපටයට දින 50 පිරෙනවා. ඒ නිමිත්තෙන් සැප්තැම්බර් 29 වැනිදා ආශීර්වාද පූජාවක් කරන්න බලාපොරොත්තු වෙනවා. කතරගම කිරිවෙහෙර සහ කතරගම දේවාලය මුල් කරගනිමින්. මොකද කතරගම දෙවිඳුන්ගේ අනුහස නිසා තමයි මේ සිනමා පටයේ මේ තාක් හැම දෙනාටම සතුටු වෙන්නත් ආදායම් වාර්තා පිහිටුවන්නටත් ලැබුණේ. ඒ භූමිය තුළ මේ සියලු දේවල් සිදු කිරීම තමයි මගේ සහ අධ්‍යක්ෂකතුමා හා නිෂ්පාදන කාර්යයට උර දුන් සියලු දෙනාගේම අදහස වෙලා තියෙන්නේ. මේ සියලු ආශිර්වාද පූජා පවත්වමින් ලංකාවේ එතෙක් මෙතෙක් නොතිබු ආදායම් වාර්තාවක් ඉතිහාසගත කිරීමටයි මගේ ඒකායන බලාපොරොත්තුව.

ස්කන්ධ කුමාරයාගේ අනුහසින් ඒ දේ අනිවාර්යනේම සිදුවෙනවා කියන එකයි මේ නිෂ්පාදනයට දායක වුණ සියලු දෙනාටම බලාපොරොත්තුව වෙන්නෙත්.

 

[email protected]