වර්ෂ 2023 ක්වූ December 07 වැනිදා Thursday
මිදුණු විශ්වය සරල අයටත් ගැඹුරු අයටත් දෙකටම හරි

කුඩා කල සිටම කලාවට තිබූ ළැදියාවත් නිසා තරුණ වියට එළඹීමත් සමඟ දැඩි ලෙස කලාවට ඇලුම් කළේය. ඒ වකවානුවේ විට සෙව්වේ කලාවේ ප්‍රගමනය උදෙසා තමාට කරන්න පුළුවන් කාර්යභාරය කුමක් ද කියාය. එහි අතුරු ඵලයක් ලෙස නිෂ්පාදකවරයකු ගේ භූමිකාව ගෙනහැර දැක්වීමට ඔහුට අවස්ථාව උදාවිය.ජයන්ත චන්ද්‍රසිරි සමඟ එකතු වී සම්මානනීය නිර්මාණයක් ලෙස සිනමාවට නිෂ්පාදන අර්ථපති දායකත්වය දුන් සමනල සංධ්වනිය නිෂ්පාදකවරයා ඔහුයි. විශිෂ්ටතම නිර්මාණ බිහිකළ ගොන්න අතරට
එකතු වූ තවත් නම් අතරට සටහනක් ලෙස සිනමා ඉතිහාසයට මේ ලෙන්ගතු මිනිසාගේ නම ද එකතු විය. සමනල සංධ්වනියට පසු ඔහුගේ නව තම සිනමාපටය වන ජයන්ත චන්ද්‍රසිරිගේ මිදුණු විශ්වය සමඟ එකට අත්වැල් බැඳගෙන ස්වයං ගමනක නිරත වන ඔහු ජයන්ත චන්ද්‍රසිරි සමඟ කළ දෙවන සිනමා ගමන මිදුණු විශ්වයයි. සිනමා පටයක නිෂ්පාදන කාර්යභාරය හා සිනමාවේ තියෙන ප්‍රගමනය ගැන අප හා අදහස් බෙදා ගත්තු ඔහු නමින් රුවන් ජයසිංහ.
සමනල සංධ්වනියෙන් පසු මේ වගෙ නිර්මාණයකට අත ගහන්න හිතුවේ ඇයි?
මේ නිර්මාණය කරන්න ඉස්සෙල්ලා ජයන්ත චන්ද්‍රසිරි සහ මම ගොඩක් මේ ගැන කතා කළා.එහි ප්‍රතිඵලයක් හැටියට තමයි මිදුණු විශ්වය නිෂ්පාදකවරයා ලෙස අර්ථපතිත්වය දක්වන්න පුළුවන් වෙන්නේ. මේ සිනමාපටයෙන් ප්‍රේක්ෂකයාට දෙනු ලබන අර්ථකථනයට මම හරි කැමැති වුණා. මිනිස් මනස මෙහෙයවන මනෝභාවය ගණනාවක් තියෙනවා. ඒ අතර ආදරය තරම් ප්‍රබල වෙනත් මනෝභාවයක් නෑ. අන්න ඒ මනෝභාවය විශ්මය කියන්න ජයන්ත චන්ද්‍රසිරි තරම් වෙනත් අධ්‍යක්ෂකවරයකු ඉදියි කියල මම හිතන්නේ නැහැ. ඔහු රුපණවේදය ඇති මනෝවිද්‍යාත්මක ලක්ෂණ හොඳීන් හදාරා ඇති නිර්මාණාත්මක අධ්‍යක්ෂවරයෙක් නිසා දෙපාරක් නොසිතා මම මේ නිෂ්පාදනයට අත ගැහුවා.
නිෂ්පාදක වරයා සහ අධ්‍යක්ෂවරයා අතර තියෙන සම්බන්ධතාවය දැනුණේ කොහොමද?
නිර්මාණයක් කරන විට අධ්‍යක්ෂකවරයා සහ නිෂ්පාදකවරයා අතර අන්‍යෝන්‍ය සම්බන්ධතාවය හරිම ප්‍රභලයි. අධ්‍යක්ෂකවරයාගේ කාර්යභාරය ඉටු කළාට මූල්‍යමය පැත්ත ශක්තිමත් වන්නේ නිෂ්පාදකවරයාගෙන්. ඒ නිසා නිර්මාණය ඉවර වන තෙක් අධ්‍යක්ෂකවරයා සහ නිෂ්පාදකවරයාගේ අතර තියෙන සම්බන්ධය කිසිවිටෙකත් පලුදු නොවන විදිහට කටයුතු කරනු ලබනවා.නිර්මාණයක් තුළ කිසිවිටෙකත් අධ්‍යක්ෂකවරයා මමයි නිෂ්පාදකවරයා මමයි කියලා එකිනෙකාට වෙනස්ව කටයුතු කරන්න අපි කවදාවත් සූදානම් වුණේ නැහැ. නිර්මාණයක් ඇතුළේ තියෙන්නේ හැමෝගෙම ඊඥචථඹධපඬ එකක්. හරියට දම්වැලක පුරුක් වගේ. එකතැනකින් පුරුකක් කැඩුණොත් එකෙන් ඊඥචථඹධපඬ එකම කැඩිලා යනවා. අපි එකිනෙකාට කාර්යභාරය මැනවින් වටහාගෙන නිර්මාණය අවසන් කරන්නේ. ප්‍රේක්ෂකයාට අලුතෙන් යමක් දෙන්න බලාපොරොත්තු වෙන්නේ. මට හිතෙන විදිහට ජයන්ත චන්ද්‍රසිරිට වසර හතළිහකට වැඩි කාල පරාසයක් තුළ තියෙන දැනුම් සම්භාරයක්. ඒ අත්දැකීම් තුළින් නිෂ්පාදන කාර්යයට දායක වන සියලුම දෙනාගේ තියෙන සම්බන්ධතාවය මනා වැටහෙනවා. ඒ නිසා නිර්මාණය තුළ මතුවන ගැටලු අඩුයි. ඒක හොඳ ලක්ෂණයක් නිර්මාණයක් බිහි කිරීමට.
ප්‍රේක්ෂකයා මේ නිර්මාණය කොතෙක් දුරට වැලඳගත්තාද කියලා ඔබ හිතනවද?
දිවයින පුරා තිරගත වීමට ප්‍රථම මෙම නිර්මාණය විශේෂ දර්ශන වාර තුනක් තිරගත කළා. ඒ දර්ශන වාර 3 දී අපි හිතුවට වැඩිය හොඳ ප්‍රතිචාරයක් අපිට ලැබුණා. වෙනත් නිර්මාණවල අධ්‍යක්ෂවරු නිෂ්පාදකවරු කියන කතා නෙවෙයි මම කියන්නේ සැබැවින් දුටු දේ පමණයි. ගොඩක් ප්‍රේක්ෂකයන්ගේ අදහස වුණේ මිදුණු විශ්වය රසවිඳීන කෙනෙකුට අවශ්‍ය නම් ඉතාමත් සරල ලෙසත් රසවිඳීන්න පුළුවන්. තවත් ප්‍රේක්ෂකයකු ට එය ගැඹුරු ලෙසින් රසවිඳීන්නට අවශ්‍ය නම් ඒ ලෙසත් රසවිඳීිමට මෙය නිර්මාණය කර තිබෙන බවයි. ගොඩක් දෙනෙක් කියපු කතාවක් තමයි හැට හැත්තෑව දශකයට අපි නැවත මේ නිර්මාණය ගෙන යන බවයි. ඒ වචන ටික අහල මම නිෂ්පාදකවරයෙක් හැටියට පුදුම සතුටක් ලැබුවේ. ඒ වගේ වචන පාවිච්චි කරලා අපිට අදහස් ප්‍රකාශ කරනවා කියන්නේ නිර්මාණය සාර්ථකයි කියන එක නේද?. නිෂ්පාදකවරයාට සහ අධ්‍යක්ෂවරයා ඇතුළු සියලු දෙනාට ඒ ලැබෙන ප්‍රතිචාර තමයි වඩාත් වටින්නේ.
ප්‍රේක්ෂකයන් 60, 70 දශකයට ගෙන ගියා කියලා ඔවුන් අපේක්ෂා කරන්නේ මොකක්ද?
ඒ දශකවල නිර්මාණ බිහි කරපු නිර්මාණකරුවන්ගේ සහ නිර්මාණවලට දායක වුණු නළු නිළියන්ගේ රංගනයන් බලන්න එදා සිනමා ශාලාවලට පොර කකා පොරකකා පැමිණියේ. ඒ යුගයේ සිනමා නිර්මාණයක තිබුණු ගති ලක්ෂණ මේ සිනමාපටයේ දැකීම තුළින් ඔවුන්ට නැවතත් 60/70 දශකයේ පොර කාපු යුගයකට සිනමා ශාලා වෙත රැගෙන ගියා කියන එක තමයි අදහස් කළේ. එක පැත්තකින් බලපුවාම ආසියාවේ සිටින හොඳම ප්‍රේක්ෂකයන් සිටින්නේ අපේ රටේ කියලයි මම හිතන්නේ. නිර්මාණකරුවන් සූදානම් නම් හොඳ නිර්මාණ නැරැඹීමට බලා සිටින ඉතාමත් යහපත් ආකාරයක ප්‍රේක්ෂකාගාරයක් තිබෙනවා. ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස්ගෙන් පටන් ගත්තාම වර්තමාන පරම්පරාවේ නව අධ්‍යක්ෂවරයා දක්වා ඔවුන්ගේ කාර්යභාරය තමයි මේ නව යුගයේ ප්‍රේක්ෂකාගාරය නිර්මාණය කළේ.
චිත්‍රපට කර්මාන්තයක් වශයෙන් දියුණු වීමට නම් මොනවද අපේක්ෂා කරන්නේ?
මුලින්ම සියලුම දෙනා කර්මාන්තයක් තියෙනවද කියන එක අවබෝධ කරගත යුතුයි. පරණ සියලුම නිර්මාණකරුවන් හිතුවේ නිර්මාණයක් අවසන් කිරීමෙන් පසු හිතුවේ කර්මාන්තයක් බිහි කළ යුතුයි කියන තැන හිටගෙනයි. අතීතයේ නිර්මාණකරුවන් සහ වර්තමාන නිර්මාණකරුවන් දිහා බලන විට සතුටුදායක පිළිතුරක් දෙන්නට අමාරුයි. පෙර බිහිවූ නිර්මාණ එකිනෙකට වෙනස් නිර්මාණ බිහිවුණේ.දැන් වැඩි හරියක් නිර්මාණකරණයේ යෙදෙන්නේ ජධනර ඹපඪබඪදඨ කියන ලේබල යටතේය. චිත්‍රපට කර්මාන්තයක් සහ කලාවක් වශයෙන් දියුණු කිරිමට නම් සියලු දෙනාටම බහු විධ ශානරයක් අවශ්‍යයි.එකිනෙකට වෙනස් විවිධ මාදිලියේ කතා තේමාවක් රැගත් විවිධත්වයන් අත්‍යාවශ්‍යයි. ආසියාතික රටවල් වශයෙන් ගත්තාම අපේ සිනමාවයි දකුණු ආසියාවේ, එහෙමත් නැත්නම් සිනමාවේ විවිධත්වයෙන් අඩුම රට වශයෙන් හඳුන්වා දෙන්න පුළුවන්. සමනල සංධ්වනිය පස්සේ ප්‍රේක්ෂකයන්ගෙන් ලැබුණු උත්තේජනය තමයි මම මිදුණු විශ්වය නිෂ්පාදකවරයා ලෙස නැවත එන්නේ. විශේෂයෙන් ප්‍රේක්ෂකයාට අවශ්‍ය දේ අපි නිර්මාණය තුළින් ලබාදෙනවා නම් අපේ ගමන හරිම පැහැදිලියි. වෙනත් නිෂ්පාදකවරුන් හිතන්නැති නිෂ්පාදනවලට තමයි මම හැමවෙලේම නිෂ්පාදකවරයා වෙන්නේ.මම හිතන විදිහට වේදිකාවේ සිට සිනමාව දක්වා එන ගමනකදී නළුවා හෝ නිළිය ඔහුගේ කාර්යභාරය මැනවින් වටහා ගෙන ඉටු කළ යුතුයි.
මෙවැනි නිර්මාණයක නිර්මාණාත්මක ගති ලක්ෂණ සහ සාහිත්‍යමය වටිනාකම ඔබ කෙසේද තහවුරු කරන්නේ?
මේ මිහිමත කිසිදු නිර්මාණයක නිර්මාණාත්මක වටිනාකම සහතික කරන්න අමාරුයි. සෑම නිර්මාණයක් තුළම තක්සේරු අගයක් ද කියන්න අමාරුයි. ඕනෑම යුගයක ප්‍රේක්ෂකයන් සමඟ සාහිත්‍යමය හා නිර්මාණාත්මක ගති ලක්ෂණ සහ ඔවුන් සමඟ කරන ගනුදෙනුවලින් නිර්මාණයට වටිනාකමක් එකතු කළ හැකියි. මගේ පාසල් කාලය තුළදී මම තරුණ කාලේදිම කලාවේ සාහිත්‍යමය ගති ලක්ෂණ හොඳීන් අවබෝධ කරගෙන රසවින්දා..
හොඳ නිර්මාණ කිහිපයක්ම එක ළඟ තිරගත කිරීම නිෂ්පාදකවරයාට හානියක් වෙයි කියලා හිතුවේ නැද්ද?
දැනට පවතින සිනමා ශාලාත් එක්ක ගත්තාම මේක තිරගත කිරීම අභියෝගයක් වුණා. සිනමා පටය ඉවර කරලා අවුරුදු තුනක් අපි සියලු දෙනාම බලාගෙන සිටියා සිනමා පටය මුදාහරින්න. ඒ මුදා හැරපු කාලය තුළත් ගැප් රිලිස් නිසා ළඟ ළග සිනමාපට තිරගත කිරීම ආරම්භ වුණා. මේ නිර්මාණය වැඩකටයුතු සියල්ල ඉවර වෙන්නේ ලෝක වසංගතයක් සමඟයි. ඒත් වසංගත තත්ත්වය හේතුවෙන් තිරයට මුදා හැරීම අපි ටීම් එකක් හැටියට ප්‍රමාද කළා. ඒ ප්‍රමාදය වෙනත් පැත්තකින් නැවත අපිට පෙරළා පහර දෙන්නට සිදුවුණා. සංස්ථා හා මණ්ඩල විධිමත් ක්‍රමවේදයක් සැකසුවා නම් ඕනෑම නිර්මාණ වේදියකුට සාධාරණයක් වෙනවා කියලා මම හිතනවා.
ඉදිරියේදි සිනමා සංස්කෘතියක් තියේද නැද්ද?
මේ යථාර්ථය ඉක්මනින්ම වෙනස් වී ගෙන යන බව තමයි මට පෙනී යන්නේ. ඵධජඪචත ථඥඤඪච අද වන විට ශීඝ්‍රයෙන් ප්‍රේක්ෂකයන් වැළඳ ගෙන හමාරයි. හොලිවුඩ්, බොලිවුඩ්, කොලිවුඩ් සිනමාපට සඳහා ප්‍රේක්ෂකයාට නැවතත් වැලඳ ගැනීමට ඔවුන්ගේ ක්‍රමවේදය සිනමාහල්වලින් එය ඔසවා තබන්නට ඔවුන් හැම වෙලේම දැන් පියවර ගනිමින් සිටිනවා. ඊට අමතරව සිනමාහල්වලින් ඉංග්‍රීසි සහ දමිළ හින්දි සිනමාපට ප්‍රේක්ෂකයන් වෙත දායාද කිරීම නිසා සිංහල සිනමාපටවලට ලොකු ප්‍රශ්නයක් බවට පරිවර්තනය වෙලා තියෙනවා. ඉදිරියේදී අපිට දකින්නට පුළුවන් වෙන්නේ කෙසේ නමුත් ඥ. ථධඡඪතඥ මොබයිල් සිස්ටම් එක තුළ සිනමාපට සහ සියලුම දේවල් නැරඹීම පමණයි. ඒ තරම්ම සෝෂල් මීඩියා එක දැන් ඉදිරියට පැමිණිය අවසන්.
එක ළඟ සිනමාපට තිරයට මුදා හැරීම තුළින් නිෂ්පාදකවරුන්ට හා අධ්‍යක්ෂවරුන් ඇතුළු කණ්ඩායමට අසාධාරණයක් වෙලා තියෙනවා නේද?
සීයට දෙසීයක් එය නිවරැදි. සිනමාපටයක් හදලා තිරගත කිරීමට කාලයක් බලා ඉන්නට වෙනවා නිෂ්පාදකවරයාට සහ අධ්‍යක්ෂකවරයාට, ඉන්පස්සෙ තිරගතවීම ආරම්භ වුණාම ප්‍රශ්න වැලකට මුහුණ දෙන්නට සිදු වෙනවා. සමහර සිනමාශාලාවල දර්ශන දෙකක් දාලා තියෙනකොට එක දර්ශනයක් කැන්සල් කරන වෙලාවල් බොහෝ දුරට අද පවතිනවා. මේ හේතුවෙන් ප්‍රේක්ෂකයා නැවත හැරී යන තත්ත්වයක් තියෙනවා. එයින් සිදුවන්නේ කර්මාන්තයට ලොකු හානියක්. සිනමා ශාලාවට එන්නේ මිදුණු විශ්වය බලන්න හිතාගෙන එනකොට වෙනත් ෆිල්ම් එකක් තියෙනකොට ඔවුන්ට එය නරඹන්නට අවශ්‍යතාවයක් නැති නිසා ඔවුන් යනවා. පසුගිය ටිකේ මිදුණු විශ්වය ට පමණක් තනි දර්ශනවාර තිහක් විතර ලබා දීලා තියෙනවා. මේ හේතුව වෙන්නෙ කොහොමද කියන එක සියලු දෙනාටම ප්‍රශ්නයක් වෙලා තියෙන්නේ. කොතැනින්ද ඒක නිවැරදි වෙන්න ඕනේ කියන එක ගැන වගකිවයුතු කිසිවකු උත්තර දෙන්නෙ නෑ. මේ ඇතුළෙ තියෙන්නෙ මාෆියාවක් කියලයි මටනම් හැඟී යන්නේ. අඩුම ගානේ මාසයක්වත් ආපු ෆිල්ම් එක තිරගත වුණාට පස්සේ නැවත අලුත් ෆිල්ම් එකක් ආවොත් මේ තත්ත්වය ටිකක් හරි මග හැරෙයි කියලා මටනම් හිතෙන්නේ. විවිධ සමිති සමාගම් කණ්ඩායම් පිහිටුවාගෙන ඉන්නවා නමුත් ඔවුන්ට වත් මේ දෙවල් පෙනෙන් නැති එක ගැන තමයි හරිම පුදුමය. නමට පමණක් නිෂ්පාදකවරයකු අධ්‍යක්ෂකවරයකු පමණක් වෙන්න ඕනි කියල හිතෙන කොට්ටාසයක් ඉන්නවා ඔවුන්ට මේ ක්ෂේත්‍රය ගැන කිසිදු අල්ප මාත්‍රයක්වත් අවශ්‍යතාවයක් නැහැ කියලත් මට තේරෙනවා. එහෙම යුගයක සිනමාව කොහෙටද මේ ගෙනි යන්නේ කියන එකයි තියෙන්නේ.
ජංගම දුරකථනය පරිහරණය නිසා සිනමා ශාලාවට එන ප්‍රේක්ෂක පිරිස අඩුවෙලා නේද?
වර්තමානයේ එවැනි තත්ත්වයක් දකින්නට ලැබෙනවා. සිනමා ශාලාවෙන් රසවිඳීන කොට්ඨාසය සීමිත සංඛ්‍යාවක් බව ඇත්ත. ඒත් සිනමාශාලාවල තියෙන පහසුකම් එක්ක බලපුවාම හරි අඩු ප්‍රමාණයක් තමයි සිනමා ශාලා තියෙන්නෙත්. ක්‍රමයෙන් දැන් අලුත් සිනමා ශාලා කිහිපයක් හැදීගෙන යනවා. හොඳ ප්‍රේක්ෂක පිරිසක් ඉදිරියට සිනමාව රස විඳීන්නේ නම් ඔවුන්ට අවශ්‍ය පහසුකම් සැලසිය යුතුයි. තවත් පැත්තකින් ජංගම දුරකථනය නිසා සිනමාපටය මුදා හැරලා තත්පර ගාණක් යන්නත් ඉස්සරවෙලා යූ -ටියුබ් ෆේස් බුක්වල තිරගත වීම ආරම්භ කරලා. මේක හරිම කනගාටුදායක තත්ත්වයක් බවට පත්වෙලා. මෙවැනි දේවල්වලට නීතිමය විසඳුම් සෙවිය යුතුයි. නිෂ්පාදකවරයෙක් හැටියට මම හිතෙනවා. ක්ෂේත්‍රය තුළ තිබෙන අඳුරු ස්වභාවය නිසා මෙවැනි දේවල් සිදුවෙනවා කියන එක වළක්වන්නත් බැහැ. නමුත් මේවට විසඳුම් සොයා නිෂ්පාදකවරයා ආරක්ෂා කරගත යුතුයි කියන තැන මම ඉන්නවා. බොහෝ නිෂ්පාදකවරුන් කලාවට තියෙන ආදරය නිසා මුදල් තිබිලා නොවෙයි නිෂ්පාදකවරයකු බවට පත් වෙන්නේ ඔවුන්ගේ තිබෙන මොනාහරි දේපළක් උගස් තියලා හෝ විකුණලා හරි තමයි මුදල් යොදවන්නේ. එහෙම කරන තැන්වලදී නිෂ්පාදකයා ආරක්ෂා නොකරන තැන්ද තියෙනවා. පවුල් ගණනාවක් නිෂ්පාදකවරයා නිසා ජීවත් වෙනවා කියන තැන ක්ෂේත්‍රයේ ගොඩක් දෙනෙක් දන්නෙ නැති තැනක් තියෙනවා. ජංගම දුරකථනවලින් සහ යූටියුබ් වලින් කරන විනාශය නවත්වා ගන්න පුළුවන් නම් සියලු දෙනාටම එකතුවෙලා ක්ෂේත්‍රයට හොඳ කලක් යයි කියලා මම කියනවා.
ඔබේ සිනමාපට සඳහා එකම වර්ගෙයේ නළු නිළි පිරිසක් පමණයි ගන්නේ ඒ ඇයි?
සිනමාපටයක අධ්‍යක්ෂකවරයාගේ භාරදූර කාර්යයක් තමයි නළුවා හා නිළිය තෝරා ගැනීම. බොහෝදුරට නළුවරණයේදි අධ්‍යක්ෂකවරයා සලකන්නේ චරිතයට ගැළපෙනවද නැද්ද යන්න විතරයි. තිර පිටපත ලියන අධ්‍යක්ෂකවරයා වෙන්නත් පුළුවන් වෙනත් පුද්ගලයෙකු වෙන්නත් පුළුවන් ඔහුගේ මනසේ අඳීන චිත්ත රූපය තමයි හැමවිටම චරිත නිරූපණයට යොදවා ගන්නේ. ඒ අතින් මම ජයන්ත චන්ද්‍රසිරි සමඟ කළ නිෂ්පාදනය දෙකේදිම ඔහුගේ මනසේ ඇඳුණු චිත්ත රූපවලින් පිරිපුන් නළුවන් නිළියන් තෝරා ගෙන නිර්මාණය සාර්ථක කරනවා. කිසි දිනක මම නිර්මාණයකදී නළු, නිළියන් තෝරා ගෙන නැහැ.ඒ සියල්ල වගකිවයුතු පුද්ගලයන්ට පවරලා තියෙන්නේ මම මූල්‍යමය පැත්තට පමණයි ප්‍රධාන වශයෙන් වගකියන්නේ. කෙසේ නමුත් දක්ෂ පිරිසක් තුළ නිර්මාණයක් සාර්ථක වෙනවා කියන එක මම දකිනවා. මම සෑම විටම බලන්නේ නිර්මාණයේ සාර්ථකත්වය සහ ගුණාත්මක පැත්ත සමාජයට දීමයි.
ඉදිරි නිෂ්පාදන කටයුතු ගැන කතා කළොත්?
ඉදිරියට තව නිර්මාණ දෙකක් තිරගතවීමට තියෙනවා ඒ තමයි ‘යාත්‍රා’ සහ ‘නෝනා හරිම වසයි’ සිනමාපට දෙක ඉදිරියේදී තිරගත වීමට නියමිතයි. දැනට මම සිනමාපට හතරක් නිෂ්පාදනය කරලා තියෙනවා. මිදුණු විශ්වයෙන් පසු තවත් නිර්මාණ 2කට විතර අතගහන්න අදහසක් තියෙනවා. එහි තිර පිටපත් විපරමින් සිටින්නේ. මිදුණු විශ්වය ඉවර උණාම එකපාරට නිෂ්පාදන කාර්යයකට යොමු නොවී පොඩි කාලයක් ඉඳලා තමයි ඊළඟ නිර්මාණයට හිත යොමු කරන්න හිතාගෙන ඉන්නේ. මේ සියලු දේට මගේ නෝනගෙන් සහ දරුවන්ගෙන් ද උදව් අර ගන්නත් ඕන නිසා ඔවුන් සමඟ ටිකක් සාකච්ඡා කරලා ඊළඟ නිර්මාණය ගැන හිතන්න ඕනි. හොඳ තිර පිටපත් නැතිවීම තුළ නිෂ්පාදකවරු බිහි නොවෙන්නත් පුළුවන්. කෙසේ නමුත් හොඳ තිර පිටපත්වලට නිෂ්පාදකවරයකු ලෙස ඉදිරියේදී මගේ දායකත්වය ලැබෙයි.