වර්ෂ 2023 ක්වූ December 07 වැනිදා Thursday
නවීන කැමරා තාක්ෂණය යොදාගෙන අලුත් වැඩසටහනකට මුල පුරනවා

මාතලේ උකුවෙල බෝවෙලා විදුහලෙන් සිප්සතර හැදැරු ඔහු පාසලේ දීප්තිමත් ශිෂ්‍යයෙක් විය. පාසල් සියලු සමිතිසමාගම්වල කැපී පෙනුණු සිසුවකු වු හේ සෞන්දර්යවාදියෙකි. සහජ කලා දක්ෂතාවය උපතින්ම උරුම කරගත් අතර පාසල් වේදිකාව ඔහුගේ තෝරා ගැනීම්වලින් හොඳම ස්ථානය බවට පත්විය. පාසල් අන්තර් පාසල් අතර කැපී පෙනුණු නළුවකු බවට ඔහු පත්විය. ජීවිතය ම ඔහුගේ රඟමඬලක් බවට පත් කරගනිමින් ජීවිතයේ දිගු ගමනක් යෑමට ඔහු සැරසුණි. පාසලෙන් සමුගත් පසු මාතලේ තුරුණු ශක්ති කණ්ඩායමක් සමඟ එකතු වී කලාවේ තවත් ගමනක් ආරම්භ කළේය. ඉන් අනතුරුව ගෙන්දගම් පොළොව ස්පර්ශ කරන ඔහු බොරැල්ල රාහුල කලායතනය සොයා පැමිණියේය. එහි පාඨමාලාව අවසන් කිරීමෙන් පසු ඔහු ඔන්න බබෝ සිනමාපටයට රංගනයෙන් එකතු වූයේය. එතැනින් ආරම්භ කළ ගමන ගැන සරසවියට සටහනක් තබන්නට පැමිණි ඔහු නමින් චන්දන සමන් කුමාරයි.
උකුවෙල ඉඳන් ආපු ගමන කොහොමද දැනුණේ?
මේ ගමන එන්න මට හේතුසාධක උණේ ඒ කාලේ රූපවාහිනියෙන් බලපු සිනමාපටයක් නිසා එහි කාර්මික පැත්ත සහ කොහොමද කැමරාකරණයක් වෙන්නේ කියන එක දැනගන්න අවශ්‍යතාවය තිබුණා. ඒ නිසා
මම ඉස්සෙල්ලාම උකුවෙල ඉදන් බොරැල්ල රාහුල කලායතනයට එනවා. නාට්‍යකරණය පිළිබඳව පාඨමාලාවක් හදාරන්නට. එහිදී පාඨමාලාව අවසන් වීමෙන් පසු වූ චිත්‍රපට අධ්‍යක්ෂ දිනේෂ් ප්‍රියසාද්ගේ චිත්‍රපටයක් වන ‘ඔන්න බබෝ’ සිනමාපටයේ රඟපාන්න අවස්ථාව හිමි වුණා. පසුව කර්මික අංශය හා එකත් එක්ක සම්බන්ධ වෙලා ඒ හැම දෙයක්ම මම කළා. ඉන්පසුව සුජිත් නිශාන්ත කැමරා අධ්‍යක්ෂකවරයා මට කිව්වේ ඔවුන්ගේ කැමරා In sri unit එකත් එක්ක එකතුවෙලා වැඩ කරමු කියන එකයි.
ඔබ නළු කාර්යයෙන් අයින් වෙලා කාර්මික ශිල්පියකු වුණාද?
මාතලේ සිට කොළඹට ආපු මම මේ ක්ෂේත්‍රයේ ඉන්න විවිධ අධ්‍යක්ෂවරු හා නිෂ්පාදකවරු යටතේ වැඩ කළා. මගේ වැඩි ආසාව තිබුණේ රංගනයට නමුත් මම හැම දෙයක් ගැනම ඉගෙන ගත්ත නිසා මට කාර්මිකකරණය පැත්තට යොමු වෙන්නට අවස්ථාව වැඩියෙන් ලැබුණා. ඒත් මම දෙකම සමබරව කරගෙන ගියා. දෙපැත්තම සමබරව කරගෙන ගිය නිසා එක පැත්තකටවත් මම වැඩියෙන් යොමුවෙලා වැඩ කටයුතු කළේ නෑ. නමුත් ක්ෂේත්‍රයේ තියෙන දේවල් එක්ක ඕනම කෙනෙක් ඉගෙන ගත යුතු දේවල් මම හැමදාම ඉගෙන ගත්ත නිසා මට ඕනෑම කාර්යයක් කරන්න පහසු වුණා. මේ නිසා ක්ෂේත්‍රය තුළ ගොඩක් අයගෙන් මට අවස්ථාව ලැබුණා.
එදා සහ අද යුනිට් එකක දකින වෙනස මොනවද?
එදා බොහොම සීමිත ප්‍රමාණයක් තමයි යුනිට් තිබුණේ. එක නිර්මාණයක් ඉවරවෙනකොට අධ්‍යක්ෂවරයකු සහ නිෂ්පාදකවරයෙක් බලා ඉන්නේ ලොකේෂන් එක ඉවර වෙන ඒ යුනිට් එක ගෙනියන්න අලුත් නිර්මාණයකට. අද එහෙම නෙවෙයි යුනිට් ඕන තරම් තියෙනවා. තාක්ෂණය දියුණු වෙලා තියෙනවා. බොහොම සීමිත කාර්මික ශිල්පීන් සංඛ්‍යාවකින් නිර්මාණයක් ඉවර කරන්න පුළුවන් හැකියාව අද තියෙනවා. එහෙත් එක එක කාර්යයන්ට නියමිත ආකාරයෙන් ශිල්පීන්ගේ අවශ්‍යතාව තියෙනවා. ඒත් ශිල්පින් අඩු ප්‍රමාණයකින් නිර්මාණය ඉවර කළ හැකියි.
අන්තර්ජාතික සිනමාපටවලට ඔබ සම්බන්ධ වෙනවා නේද?
ඉන් ශ්‍රී ආයතනයෙන් පසු මම Film location ආයතනයට සම්බන්ධ වෙනවා. එහිදී මට අන්තර්ජාතික සිනමා අපට කිහිපයකටම සම්බන්ධ වෙන්න අවස්ථාව ලැබෙනවා. මදර් තෙරේසා, කන්ගලාල් කයිතුසේ, මේ සිනමාපටය කුඩා චරිතයක් රඟපාන්නත් ලැබුණා ගීතයකට. ඒකත් මම ලබපු භාග්‍යයක් කියලයි මම හිතන්නේ. මේ අතරතුර මම දිගටම සිනමා සහාය කැමරා අධ්‍යක්ෂවරයකු ලෙස සහ වෙළඳ දැන්වීම් කලාව තුළ ෆිල්ම් ලොකේෂන් එකත් එක්ක වැඩකළා. මේ වැඩකටයුතු මෙහෙම කරගෙන යන අතර තුර ටෙලි නාට්‍ය කලාවටත් සහාය කැමරා ශිල්පියෙකු ලෙස සම්බන්ධ වීමට අවස්ථාව ලැබුණා.
මේ වන විට සහාය කැමරා අධ්‍යක්ෂක වරයෙකු ලෙස සහ නළුවකු ලෙස නිර්මාණ කියකට සම්බන්ධ වෙලා තියෙනවද?
දැනට මම නිර්මාණ අටකට නවයකට විතර සම්බන්ධ වෙලා තියෙනවා. අවසාන වශයෙන් මේ තිරගත වීම ආරම්භ කළ රන්ජන් ප්‍රසන්න ගේ විසංගමනය සිනමාපටය සහාය කැමරා අධ්‍යක්ෂකවරයාද වෙනවා. මෙම සිනමාපටය කුඩා චරිතයක් ද මම රංගනයෙන් දායක වෙනවා.
සම්බන්ධ වෙච්ච ටෙලි නාට්‍යය ගැන කතා කළොත්?
රුවන් මාලිගා, නීල පළිඟු දිය, කේතු, මහා ඇත්පව්ර, කෝපි කඩේ ලයනල් කාන්තර ජනප්‍රිය චරිතයක් බවට පත්වුණා. ප්‍රධාන වශයෙන් ටෙලි නාට්‍යය දහයක විතර රංගනයෙන් දායක වෙලා තියෙනවා. Music video හතරක්ද, වෙළෙඳ දැන්වීම් දෙකකද මේ වෙන විට රංගනයෙන් දායක වෙලා තියෙනවා. සහාය කැමරා අධ්‍යක්ෂවරයකු ලෙස කටයුතු කරන අතරතුර.
ඔබ යන ගමනට හදාරලා තියෙන පාඨමාලාවන් මොනවද?
කැමරාකරණයේ පිළිබඳ පාඨමාලාවන් සහ නාට්‍ය හා රංග කලාව හා බහුවිධ කැමරා හැසිර වීම හදාරල ඉවරයි. ලංකාවේ ප්‍රධාන පෙළේ නාලිකාවල මම බහුවිධ කැමරා හැසිරවීම කරලා තියනවා. සජීවී විකාශනයක් සම්බන්ධව තමයි මේ සියලුම දේවල් සිදුවෙන්නේ. මේ වන විට තිරයේ පිටුපස සිදුවෙන කාර්යභාරයත් ප්‍රායෝගික හා න්‍යායාත්මක අධ්‍යයනය කරලා හා ඒ පිළිබඳ දැනුම ලබාගෙන තියෙන්නේ.
අලුත් වැඩකට මුල පිරුවා කියන්නේ මොකක්ද?
සංචාරක කර්මාන්තයට සම්බන්ධ අලුත් වැඩකට අත ගහලා තියෙනවා. adventure and safety කියලා තමයි මෙම සංචාරක වැඩේ කරගෙන යන්නේ. ප්‍රධාන පෙළේ රූපවාහිනී ආයතනයක් හා සම්බන්ධ වෙලා මම මේ සංචාරක වැඩසටහන කරන්න අදහස් කරගෙන ඉන්නේ. මෙම වැඩේ නිෂ්පාදකවරයා සහ නිවේදකයා වෙන්නෙත් මමයි. ලංකාවේ සංචාරක ස්ථාන බොහොමයක් තියෙනවා. ඒවා පෙන්වීමට සහ මඟ කියා දෙන්න මේ වන විට හරිහමන් කෙනෙක් මම හිතන විදිහට නෑ. ඒ නිසා මේ ගැන හොඳ අධ්‍යයනයක් කරලා ඒ කාර්යයට අත ගැහුවේ. ඊට අමතරව සජීවි වැඩසටහන් සහ Event management හා විදේශීය රටවලට ගොස් සංචාරක කර්මාන්තයට සම්බන්ධ විශේෂ ස්ථාන රූපගත කර විකාශය කිරීමටත් මම බලාපොරොත්තු වෙනවා. ඒ වගේම අධ්‍යාපනික වටිනාකමක් දීලා පාසල්වල ළමුන් මෙම වැඩසටහනට සම්බන්ධ කරගැනීමට ඉදිරියේද අදහසක් තියෙනවා සීරිස් එකක් ලෙස දීර්ඝව කරගෙනයාමට තමයි මෙම වැඩසටහන නිෂ්පාදනය කරන්නේ
ඔබ ආපු ගමනට පවුලෙන් ලැබෙන සහයෝගය කොහොමද?
බිරිඳ ඇතුළු සියලු දෙනාගේම හොඳ සහයෝගයක් මට මේ ගමනට ලැබෙනවා. ඒ වගේම මම වැඩ කරපු සියලුම ආයතනවල මගේ හිතවතුන් මට මේ ගමනට ලොකු සහයෝගයක් ලබා දෙනවා. අද මම මෙතැනට එන්න උදව් කරපු සියලු දෙනාටම ස්තූති කරන්නත් මම මේ අවස්ථාවක් කර ගන්නවා.
ඉදිරියේ මොන වගේ දේවල් කරන්නද අදහස් කරගෙන ඉන්නෙ?
නවීන කැමරා තාක්ෂණය යොදා ගෙන හොඳ වැඩසටහන් ටිකක් කරන්නත් අදහස් කරනවා. ඉදිරියෙදි ඩිජිටල්කරණයත් සමඟ නිෂ්පාදනය වන වැඩසටහන් ගුණාත්මක බවෙන් නිෂ්පාදනය විය යුතුයි. නවීන තාක්ෂණය භාවිතා කළ දේවල් පමණයි ඉදිරියේ ප්‍රේක්ෂකයා රසවිඳීන්නේ එයට අපි අනුගත වී සිටිය යුතුයි. මගේ අරමුණ වී තිබෙන්නේ එයයි.