වර්ෂ 2023 ක්වූ December 09 වැනිදා Saturday
අන්තර්ජාතික මට්ටමේ සිනමා නිර්මාණයක් ළඟදීම අරඹනවා

නර්තනවේදියකු, නර්තන රචකයකු, ටෙලි නාට්‍ය අධ්‍යක්ෂවරයකු, චිත්‍රපට, වෙළෙඳ දැන්වීම්, මියුසික් වීඩියෝ නර්තන නිර්මාණකරුවකු චිත්‍ර ශිල්පියකු වන සංඛ ප්‍රසාද් පීරිස් බොහෝ කලා හැකියාවන්ගෙන් සුපෝෂිත පුද්ගලයෙකි. චිත්‍රපට රංගන ශිල්පියකු ලෙස කුඩා කාලයේ කලාවට එක්වන සංඛ ප්‍රසාද් කලක් මෙරට ජනපි‍්‍රය සිනමා නළුවන්ගේ ළමා වියේ රංගනය සඳහා දායක විය. පානදුර ශාන්ත ජෝසප් විද්‍යාලය කොළඹ ලුම්බිණි විද්‍යාලය කොළඹ රාජකීය විද්‍යාලය යන්හි අධ්‍යාපනය ලැබු සංඛ රංගනයටත් වඩා ඇලුම් කළේ චිත්‍රපට වල රූපරචනය සඳහාය. නළුවකු වනවාට වඩා නිර්මාණකරුවකු වීමේ අභිලාසයෙන් දුරගමනක් යාමට පා එසවූ සංඛ අද වනවිට චිත්‍රපට අධ්‍යක්ෂණය සඳහා ද මුලාරම්භයක් ගෙන ඇත්තේ ලෝක සිනමාවේ තත්ත්ව සහතිකයන් හා ගනුදෙනු කරන්නටය.
ලංකාවේ නම් දැරූ නර්තන කණ්ඩායමක හිමිකරුවෙක් ඔබ?
සංඛ ප්‍රසාද් ඩාන්ස් ස්ටුඩියෝ නර්තන කණ්ඩායම මගේ නිර්මාණයක්. ගොඩක් රියලැටි ෂෝවල මම නර්තනයන් ඉදිරිපත් කරල තියෙනවා. නර්තන රචකයකු ලෙස කටයුතු කරල තියනවා. සිරස ඩාන්සින් ස්ටාර් තරඟාවලියේ හොඳම නර්තන රචකයා ලෙස මම සම්මාන ලබල තියනවා.
වෘත්තියෙන් රංගන ශිල්පියකු නර්තන රචකයකු වන ඔබ චිත්‍රපට සඳහාත් නර්තන නිර්මාණයෙන් දායක වෙලා තියනවා.
වැලා ඉන් ලන්ඩන් චිත්‍රපටයේ නර්තන නිර්මාණ රචනයන් සමඟ තමයි මම චිත්‍රපට නර්තන අධ්‍යක්ෂණයට පිවිසෙන්නේ. මේ වනවිට චිත්‍රපට විස්සක විතර ගීත රූප රචනය මා අතින් සිද්ධ වෙලා තියනවා. යුගාත්‍රා, දේදුනු ආකාසේ, සංජානා, මන්දාරා, මොනාලිසා, ජූලිහත, හදවත මල්යාය ආදී චිත්‍රපට බොහොමයක් ඒ අතර තියනවා. දැනට අවසන් වරට සංජානා චිත්‍රපටයට දායක වුණා.
හා පුරා කියා ඔබ කලාවේ තිඹිරිගෙයි දොර ඇරලන්නේ රංග ශිල්පියකු ලෙසින්?
මුලින්ම මම රංගනයෙන් චිත්‍රපටයක් සඳහා දායක වන්නේ අවුරුදු පහේදි. ඒ නොම්බර 17 චිත්‍රපටයට. මේ චිත්‍රපටයේ සනත් ගුණතිලකගේ ළමා කාලය සඳහා මම රංගනයෙන් එක්වෙනවා. උතුර දකුණ චිත්‍රපටයේ මම සනත් ගුණතිලකගේ ළමා කාලයසේම ගාමිණි ෆොන්සේකාගේ පුතා ලෙසත් රඟපෑවා. මේ ආකාරයෙන් මම චිත්‍රපට 18විතර විවිධ නළුවන්ගේ ළමා කාලය සඳහා චිත්‍රපට රංගනයන් වෙනුවෙන් පෙනී සිටියා. ජීවන් කුමාරතුංග, ශෂී විජේන්ද්‍ර, රන්ජන් රාමනායක, බන්දුල දිසානායක ආදී බොහෝ දෙනෙක් වෙනුවෙන් මම ළමා චරිතය රඟපෑවා.
සිනමාව වෙනුවෙන් ඔබට මඟක් නිර්මාණය වන්නේ කොයි ආකාරයෙන් ද?
මගේ දෙමව්පියෝ චිත්‍රපට නිෂ්පාදනයට දායක වෙලා හිටියා වගේම මගේ මාමාත් චිත්‍රපට අධ්‍යක්ෂණයට එක්ව සිටීමත් මාව මේ සඳහා දායක වෙන්න හේතු වෙන්න ඇති. මගේ මව චන්ද්‍රා මුතුතන්ත්‍රි සත්වෙනි දවස චිත්‍රපටයේ නිෂ්පාදිකාව ලෙස්ලි පීරිස් මගේ පියා. හේමසිරි සෙල්ලප්පෙරුම මගේ මාමා. මේ අභාසය නිසාම මට මාමාගේ චිත්‍රපටවල ළමා අවධිය නිරූපණයට අවකාශ උදාවෙනවා. පවුලේම දරුවකු වීම නිසා දෙබස් පටිගත කිරීම් වලදී උනත් පහසුවක් වන නිසා මාව ඔවුන්ගේ චිත්‍රපට සඳහා වැඩි වශයෙන් සම්බන්ධ කරගන්න ඇති.
චිත්‍රපට 18ක විතර ළමා චරිත රඟපාන ඔබ ඒ අතරින් වඩාත් ජනපි‍්‍රය වන්නේ?
ළඟින් ගියොත් ඇහැක් නෑ. චිත්‍රපටයේ මම මෙහි ගීත දර්ශනයකට පෙනී සිටියා. ඒ වකවානුවේ චිත්‍රපටය ප්‍රදර්ශනයත් සමඟ ස්වාධීන රූපවාහිනියේ විකාශය වූ චිත්‍ර ගීත වැඩසටහනේ මේ චිත්‍රපට ගීත දර්ශනය නිරන්තරයෙන් විකාශය වුණා. ඒ ඔස්සේ මාව ඒ කාලයේ ජනපි‍්‍රය වුණා.
පුංචි තිරයෙත් ඔබ රංග ශිල්පියෙක් ලෙස කටයුතු කරනවා නොවේද?
මම වයස අවුරුදු 12 දී විතර දෙමව්පියෝ නැමැති ඒකාංගික ටෙලි නාට්‍යයේ රඟපාමින් තමයි පුංචි තිරයට පැමිණියේ. ලක්ෂ්මන් විජේසේකරගේ විලම්භීත ටෙලි නාට්‍යයෙත් මම ළමා චරිතයක් වෙනුවෙන් රඟපෑවා. අධ්‍යාපන කටයුතු වලට මුලිකත්වය දෙන්න ඕනෙ නිසා මම රංගනයෙන් ඈත් වුණා.
කුඩා කාල පටන් නළුවෙක් වීමේ සිහිනයෙන් පසු වුවාද?
කොහෙත්ම නෑ. මට ඕනෙ වුණේ නිර්මාණයක් කරන්න. චිත්‍රපටවල වුණත් නර්තන නිර්මාණය කරන්න. රංගනය සඳහා අද චිත්‍රපටකට කතා කළොත් මම භාර ගන්නේ නෑ.
නර්තනයට මෙතරම් ඇලුම් කරන්නට හේතුව?
මම පාසල් යන කාලයේ පටන් ලතින් අමෙරිකන් නර්තනය වගේම බෝල්රූම් නර්තනය හැදෑරුවා. නිරූපණ ක්ෂේත්‍රයටත් සම්බන්ධවෙලා හිටිය නිසා මම නර්තන අධ්‍යක්ෂණයට වඩාත් බර වුණා.
නර්තනයේ ගුරුවරුන් වන්නේ කවුද?
මැටල් ඩී අල්මේදා, ලෑන්ස්ටන්, කෙවින් නුගේරා ඇසුරේ මම නර්තනය ප්‍රගුණ කරනවා.
රියැලිටි නර්තන කලාවේ ජයග්‍රහණත් ඔබ ලබන්න ඇති?
මුලින්ම මම සිරස ඩාන්සින් ස්ටාර් සීසන් -2 සඳහා ඉදිරිපත් වී අවසන් හත්දෙනා අතරට තේරෙනවා. ඊට පස්සේ සිරස ඩාන්සින් ස්ටාර් සීසන් -3 සඳහා ඉදිරිපත් වී හොඳම නර්තන රචකයා ලෙස සම්මාන ලැබුවා. දෙරණ ස්ටා සිටි වල මම නර්තන අධ්‍යක්ෂණය කළ කණ්ඩායම් ජයග්‍රහණය කරා මෙහෙවීම සිද්ධ කළා. හිරු මෙගාස්ටාර්ස් සීසන් වන් හි නර්තනය සඳහා වැඩිම ගෝල්ඩන් බසර් හිමිකරුවෙක් වුණා වගේම මම තරඟවලියේ තෙවන ස්ථානය දිනාගනු ලැබුවා.
චිත්‍රපට සේම ටෙලි නාට්‍ය සඳහාත් අද වනවිට ඔබට රංගනය සඳහා ආරාධනා ලැබුණොත්?
කොහෙත්ම භාර ගන්නේ නෑ. රංගනයට මගේ දැන් ඇල්මක් නෑ. නර්තනය පැත්තෙන් අධ්‍යක්ෂණ කටයුත්තක් ලැබුණොත් භාර ගන්නවා.
ටෙලි නාට්‍ය රංගනයට චිත්‍රපට රංගනයට අකැමැති ඔබ ඇයි ටෙලි නාට්‍ය අධ්‍යක්ෂණයට චිත්‍රපට අධ්‍යක්ෂණයට එක්වෙන්න උත්සාහ ගන්නේ?
මගේ පළමු ටෙලි නාට්‍ය අධ්‍යක්ෂණය සදලු සේයා. මේ වන කොට වැඩ බොහෝ සේ අවසන් කරල ට්‍රේලර් එකත් නිර්මාණය කරල චැනල් කීපයකට දීලත් තියනවා. ඒ සඳහා ඔවුන්ගෙන් ඉහළ ප්‍රතිචාරයක් ලැබිලත් තියනවා. මගේ යම් කිසි දැක්මක් තියනවා ඒ දැක්ම මට එළියට ගන්න අවශ්‍යයයි. අධ්‍යක්ෂණය කියන්නේ මගේ හීනයක්.
ඔබ තුළ තියන ඔය දැක්ම නර්තන අධ්‍යක්ෂණයෙන් එළියට ගන්න බැරිද?
පුළුවන් ඒත් සීමිතයි. ඒ වෙනුවෙන් යෙදිය යුතු රූප රාමු සිමිතයි. නමුත් ටෙලි නාට්‍යයක චිත්‍රපටයක රූප රාමු විශාල ප්‍රමාණයකින් මට ඕනෙ දේ කියන්න පුළුවන්. රූප රචනය තුළ අසීමිත හැඩතල වෙත මට යන්න පුළුවන් රූපවාහිනී මෙන්ම සිනමා මාධ්‍යය තුළත්. මට ඕනෙ අසීමිත වූ සිනමා මාධ්‍යයට යන්න.
ඔබේ ඊළඟ සිහිනය සිනමා මාධ්‍ය තුළ අධ්‍යක්ෂණයේ දීර්ඝ චාරිකාවක්?
බොහොම ඉක්මනට ඒ සිහිනය සැබෑ වෙනවා. ඒක දැවැන්ත නිර්මාණයක්. අන්තර්ජාතික මට්ටමේ වැඩක් කිව්වත් වරදක් නෑ. එහි නිෂ්පාදන පිරිවැය ඉන්දීය නිෂ්පාදකයෙක් දරනවා. ඒ සඳහා රංගනයෙන් දායක වන්නෙත් ඉන්දියානු රංගන ශිල්පී ශිල්පිනියන්. නර්තනය හා බැදුණු චිත්‍රපටයක් මේක. මට මීට කලින් චිත්‍රපට අධ්‍යක්ෂණයට එන්න තිබුණා. මට හමු වූ අඩු ආදායම් සහිත නිෂ්පාදකයන් සමඟ. ඒත් මම එයට කැමැති වුණේ නෑ. මට හරි දෙයක් හරි විධියට කරන්න අවස්ථාව ලැබෙනකන් හිටියා.
හරි දේ හරි විධියට කරන්න අද ඔබව නිෂ්පාදකයන් ලැබිල?
ඔව්. චිත්‍රපටයේ නම අමරපාලි. පැරණි හින්දි චිත්‍රපටයක් අනුසාරයෙන් මගේ හිතවතෙක්වු සංජය තුසිත තමයි මගේත් අදහසක් ඇතුව මෙහි පිටපත ලිව්වේ. මේ සඳහා පාදකවන පැරණි හින්දි චිත්‍රපටයේ වෛජයන්ති මාලා තමයි රඟපාන්නේ. සංජය තුසිත පිටපත් රචනයෙන් විතරක් නොවෙයි අධ්‍යක්ෂණයෙනුත් මාත් සමඟ එකතු වෙනවා.
ලෝක සිනමාව තුළ අමරපාලි සුපිරි වැඩක් කිව්වොත්?
වෙන්න පුළුවන්. මේ චිත්‍රපටය සඳහා අමෙරිකාවේ නෙට්ෆ්ලික්ස් ආයතනය අපිත් සමඟ එකතු වුණා. අපි මේ චිත්‍රපටයේ සියලු පිටපත් නිසි කළමනාකරණයක් ඇතුව ඒ ආයතනයට භාර දුන්නා. ඉන්දියන් නිෂ්පාදකවරයාට පවා ලබාදීමක් සිද්ධ කළා. මම හිතන්නේ නෙට්ෆ්ලික්ස් ආයතනය හා මම මේ කරන්න යන වැඩේ ලංකාවේ මීට කලින් කවුරුවත් මේ ආයතනය හා එක්ව කරල නෑ කියලයි. අපි ඒ ආයතනයෙන් ඉල්ලා සිටියා මේ චිත්‍රපටය භාෂා දෙකකින් නිර්මාණය කළ යුතුයි කියල. ඒ අනුව සිංහල සහ දෙමළ භාෂාවෙන් චිත්‍රපටය තනන්න ඔවුන් එකඟතාව පළ කළා. සබ්ටයිටල් යනවා. ඉංගී‍්‍රසි භාෂාවලින්. ඉන්දියාවේ නළු නිළියන් හැරුණු කොට ලංකාවේ නළු නිළියන් කීප දෙනෙකුත් මේ සඳහා දායක වෙනවා. මේ චිත්‍රපටයේ ප්‍රධාන චරිත හතරක් තියනවා. ඒ චරිත හතරට රඟපාන්නේ ලංකාවේ නළු නිළියෝ.
ලංකාවේ නිෂ්පාදකයෙක් ඔබේ උත්සාහයට එක් වුණේ නැත්තේ?
සමහරවිට ඔවුන්ට බියක් ඇතිවෙන්න ඇති. මගේ පළමු චිත්‍රපට අධ්‍යක්ෂණය නිසාවෙන් අපේ විනිවිදභාවය නෙට් ෆලික්ස් ආයතනයේ අපේ එකඟතා ගැන විනිවිදභාවයෙන් යුතුව සොයා බලන්න අවස්ථාව දුන්නත් ලංකාවේ නිෂ්පාදකයන් හරි හැටි වටහාගත්තේ නෑ. අපිට ලැබිල තියන වාසනාවේ වටිනාකම අද ලංකාවට ලැබෙන්න ඕනෙ විශාල ධනස්කන්ධයක්. අපේ නිෂ්පාදකයකුට චිත්‍රපට දෙක තුනක් කරන්න පුළුවන්. මුදලක් ලැබෙන වැඩක් අනබෝධය නිසා පිටරටට ඇදිල ගියා.
කවද විතර ද ඔබේ මේ උත්සාහය මල්ඵල ගැන්වෙන්නේ?
බොහෝ විට මේ මාසය අවසන් වීමත් සමඟ ගිවිසුම් අත්සන් කරනවා. ලංකාවේම තමයි රූපගත කිරීම් සිද්ධ කරන්නෙත්. එයින් අපිට ලොකු මුදලක් ඉතිරි කරගන්න පුළුවන්. ඉන්දියාවේ රූපගත කිරීම් කළොත් යන වියදම ගොඩාක් වැඩියි. මාස හයක ඊ ප්‍රඩක්ෂන් එකකින් පසු තමයි රූපගත කිරීම් ආරම්භ කරන්නේ. දඹුල්ල, කතරගම ප්‍රදේශවල රූපගත කිරිම් ගොඩක් කරනවා.
දිගු අත්දැකීම් සමුදායක් තුළ ඔබ චිත්‍රපට අධ්‍යක්ෂණයට එක්වන්නේ?
එක රැයකින් මම අධ්‍යක්ෂවරයෙක් වෙන්නෙ නෑ. නිරූපණ ක්ෂේත්‍රයේ, නර්තන ක්ෂේත්‍රයේ රංගන ක්ෂේත්‍රයේ ලොකු ගමනක් අත්දැකීමක් ලබල තමයි මේ කඩඉමට මම එන්නේ. සෑම පැත්තකම අධ්‍යාපනයක් තුළ තමයි මගේ ඉලක්කය මම අද ලබා ගන්නේ. අපි දැවැන්ත වැඩක් පටන් ගන්නකොට රටේ ප්‍රශ්න ගොඩක් ආවා. ආර්ථික ප්‍රශ්න සමාජ ප්‍රශ්න මේ නිසා අපේ උත්සාහය සැබෑවක් කරගන්න කාලයක් ගත වුණා. මගේ මේ සිනමා සිහිනය සැබෑවක් කරගන්න පුළුවන් වුණොත් ලංකාවේ සිනමාවට හොඳ කාලයක් යයි. හැම අධ්‍යක්ෂවරයකුටම නිෂ්පාදකයකුටම හොඳ චිත්‍රපට කරන්න පාත් එකක් හැදෙයි අනාගතයේ.
ඔබ එහෙම කියන්නේ?
අපිට අනතර්ජාතික සිනමාවක් හැදෙයි. අපි කොච්චර සම්මාන ගත්තත් ලෝකයා තුළ අපේ සිනමාවක් තියනවද කියල ලොකුවට දන්නෙ නෑ. විදෙස් රටවල නෙට්ෆ්ලික්ස් ආයතනයත් එක්ක වැඩකරනකොට ලංකාවේ සිනමාව ගැන අවදිවීමක් නිරායාසයෙන් ඇති වේවි. අපේ සිනමාව ගැන ඒ ආයතන දැන සිටියත් නිසි ක්‍රමවේදය තුළ නොගිය නිසාවෙන් අපිව මඟහැරිල තියනවා. ළිංමැඩියෝ වගේ අපි කාලය ගත කළා මිසක් මෙවැනි ආයතන සමඟ ගනුදෙනුව නිසි ක්‍රමවේදයක් තුළ සිදුකරන්න උත්සාහ ගෙන තිබුණේ නෑ. එහෙම කළා නම් අද අපේ සිනමාව තියන තැන ගැන අපිටත් ආඩම්බරයෙන් කතා කරන්න තිබුණා.
ඔබ වැනි නවකයෙක්ගේ චිත්‍රපට නිර්මාණයක් ලොව ප්‍රකට සමාගමක් භාර ගැනීමේ රහස මොකක්ද?
මම කෙටියෙන් කිව්වොත් දැන්මට තියෙන්නේ නළුවෝ නිළියො අදින පලඳින ටික දාල ඔවුන්ගේ රංගනය රූපගත කරන්න විතරයි. පිටපතේ චරිත මැවෙන හැටි ඔවුන් අදින පලදින හැටි ඉඳල සියල්ල පිළිබඳ සවිස්තරාත්මක වාර්තාවක් ඒ ආයතනයට අපි දිල ඉවරයි. ඔවුන් දැන් බලාඉන්නේ අපි ලබාදුන් විස්තරාත්මක රූපරාමු එකට කැටි වී සිනමා රූපීයව එළියට එනකන්.
සංඛගේ ‘සඳලු සේයා’ ටෙලි නාට්‍ය නිර්මාණයත් වෙනස්ම ආරක ටෙලි නිර්මාණයක් ද?
කොමර්ෂල් කියන්නත් බෑ. ආට් කියන්නත් බෑ. මැද මාවතේ නිර්මාණයක් ඒ සඳහා විශාල කැපකීරීමක් කළා. තව දිනක රූපගත කිරීම් කරන්න තියනවා. කොටස් සියයක ටෙලි නාට්‍යයක්. කොටස් කීපයක් රූපවාහිනී නාළිකාවලට දුන්නා. ස්වර්ණවාහිනිය ස්වාධීන රූපවාහිනිය දැනටමත් ඒ සඳහා විකාශයට කැමැත්ත ලබා දීල තියනවා. සත්‍ය කතාවක් පාදක කරගෙන තමයි මෙය නිර්මාණය කළේ. ලංකාවේ ප්‍රවීණ රංගශිල්පීන් බොහොමයක් මෙහි චරිත නිරූපණය කරනවා. ඒ අයත් මීට කලින් මාත් සමඟ විවිධ නිර්මාණවලදී හමු වී එකට වැඩ කරපු අය ඒ නිසා මට තවත් පහසු වුණා. මගේ අධ්‍යක්ෂණ කටයුතු කරන්න. ඉදිරි මාස දෙක ඇතුළත පේ‍්‍රක්ෂකයන්ට දැක බලාගන්න පුළුවන් වෙයි. සඳලු සේයා ටෙලි නාට්‍යය.
නර්තන ප්‍රසංගයක් සංවිධානය කරන්න ඔබේ අදහසක් නැද්ද?
අනුන්ගේ නර්තන ප්‍රසංග මගේ නර්තන ප්‍රසංග බවට පත් වෙන එක තමයි මෙතෙක් සිදුවුණේ. බොහෝවිට බර පැන දරන්න වෙලා තියෙන්නේ. මට මේ දවස්වල සිනේත්‍රා කියල. ප්‍රසංගයක් කරගෙන යනවා. අර්ජුන කමලනාත් රෝෂාන් රණවන උපේක්ෂා ස්වර්ණමාලි, නිලන්ති ඩයස්, රජිත චාමිකර, ටීනා ඇතුළු රංගන ශිල්පීන් කීප දෙනෙක්ම සහභාගිවන දැනට එක ප්‍රංසගයක් අපි තිබ්බා ලංකාවේ. එම ප්‍රසංගය විදෙස් රටවල් හා එක් වී සම්බන්ධ වී කරන්නත් අපේ සැලසුමක් තියනවා. ලෝකේ වටා රැගෙන යන්න. ඉදිරියේ තවත් ශිල්පීන් ඒ සඳහා එකතු වේවි. මෙම ප්‍රසංගයේ සියලු නර්තන නිර්මාණ මගේ.
පේ‍්‍ර්ක්ෂකයා සිනමා ශාලාවට ගෙන්නා ගැනීම අභියෝගයක් වෙලා තියන අවධියක. අපේ සිනමාව වලපල්ලට ඇදෙමින් තියන කාල වකවානුවක සංඛ ඇයි දැවැන්ත සිනමා නිර්මාණයක් වෙත පිවිසිසෙන්න උත්සාහ ගන්නේ?
චිත්‍රපටයේ දැවැන්තකම කියන්නේ ඒ සඳහා යන මුදල නොවෙයි. අධ්‍යක්ෂවරයාගේ ඇහැ ප්‍රධානයි. සල්ලි ගොඩක් වියදම් කළා කියල දැවැන්ත වෙන්න නෑ, අද තියන සිනමාව සිනමා ශාලාවල විතරක් පේ‍්‍රක්ෂකයන්ට රස විඳින්න ඉඩහැර තියන දෙයක් නමුත් අද සිනමාව ඊට එහා ගිය තැනක තියන දෙයක්. කැමති මාධ්‍යයක් තුළ පේ‍්‍රක්ෂකයාට සිනමාව රසවිඳින්න පුළුවන්. සිනමා ශාලාවක ඒ උපරීම රසය පේ‍්‍රක්ෂකයාට ලැබෙයි. අද සිනමාකරුවා රැකෙන්න මාධ්‍ය බිහි වෙලා තියනවා ලෝකය පුරාවට අපි එතනට නොයන එකයි ප්‍රශ්නය. අපිට පුළුවන් බැහැයි කියල නෑ. සිනමාකරුවන් සිනමා ශාලාත් පේ‍්‍රක්ෂකයාත් නිෂ්පාදකයාත් අපිට බේරගන්න පුළුවන්. මම කියන දේට කවුරුහරි කියයි සුරංගනා කතාවක් කියල. ඒත් මට මාව විශ්වාසයි. මගේ ගමන මේ යන පාත් එකේම ගිහින් ජයග්‍රහණය කරනවාමයි.
සංඛ වැඩක් කරන්නේ විශ්වාසයක් ඇතිව?
ඔව්. මම ගොඩක් වැඩ කරලා නෑ. මගේ නර්තන නිර්මාණ වලදීත් මම පටන් ගන්නේම මම කප්එක ගන්නවාමයි කියලා. ඒ විශ්වාසය මම අදටත් ජයගෙන තියනවා. ලංකාවේ රංගන ශිල්පියෝ දක්ෂයි. හැම කෙනෙක්ම දක්ෂයි. ඒත් ප්‍රශ්නයකට තියෙන්නේ අප්ඩේට් වෙන්නැතිකම හරි පාත් එකට වැටෙන් නැතිකම.
නිර්මාණ කටයුත්තක් කියන්නේ?
මම දකින්නේ එය එක්තරා අන්දමක භාවනාවක්. ඒ සඳහා දායක වන හැමකෙනෙක්ම යම් කැපකිරීමක් කළ යුතුයි. මෙය සාමුහික කාර්යක් කෙනෙක්ගෙන් වන අතපසුවීමක් සමහරවිට මුළු නිර්මාණයටම බලපාන්න පුළුවන්. මම එදාවේල කන නිර්මාණකරුවෙක් නොවෙයි. මම සුන්දර නිර්මාණයක් තමයි එළියට දෙන්න උත්සාහ ගන්නේ. ඒ සුන්දර නිර්මාණය එළියට ආවට පස්සේ ප්‍රේක්ෂකයෝ මම කියන දේ කොච්චර සත්‍යයද අසත්‍ය ද කියල තීරණය කරයි. අධ්‍යක්ෂවරයාගේ හිතයි කැමරා අධ්‍යක්ෂවරයාගේ ඇහැයි එකට ගැළපුණොත් විතරයි නිර්මාණයේ සාර්ථකත්යට සාධාරණයක් සිද්ධ වෙන්නේ.
සිනමාවට රංගනයෙන් දායක වෙමින් ගමනක් අරඹන ඔබට අද සිනමාව ගැන මොකද හිතෙන්නේ?
මම පොඩි කාලේ ඉඳලා දැකපු සිනමාව මේක අභාවයට යන්න දෙන්න බෑ කියලා. මගේ හිත කියන්නේ මෙහෙම අපේ සිනමාව දකිද්දී මට හරි දුකයි. පොඩි කාලේ ඉඳලා මම ප්‍රවීණ නළු නිළියෝ ඇසුරු කළා. මේ මට්ටමේ නොවෙයි අපේ සිනමාව තිබිය යුත්තේ. පළපුරුද්දෙන් සපිරි දක්ෂ ප්‍රවීණයෝ වගේම නවකයෝත් අපිට ඉන්නවා. මේ වගේ සම්පතක් අපිට තිබිලත් ඇයි ද මේ තනිවෙලා කියන එක ප්‍රශ්නයක්.
පවුලේ තොරතුරු කිව්වොත්?
මගේ බිරිය ශානදී දිවාසනා. ඇය නර්ථන ගුරුවරියක් රූපති කලායතනයේ හිිමිකාරියත් ඇයයි. මට තේජ දිහස් නමින් පුතෙක් ඉන්නවා. තවම පුතාට අවුරුදු දෙක පහුවෙලා විතරයි.
සේයාරූ - නිශ්ශංක විජේරත්න