වර්ෂ 2023 ක්වූ December 09 වැනිදා Saturday
ගායකයන් 40කගේ පමණ හඬ අනුකරණය කරන්න පුළුවන්

මේ මිහිතලයේ පුදුම උපදවන දෑ කොතෙකුත් සිදුවේ. ස්වාභාවික කි‍්‍රයාකාරකම් සේම මිනිස් ක්‍රියාකාරකම් ද ඒ අතර ප්‍රධානය. අනුකරණයන් තුළින් ද පුදුම උපදවන්නට සමත් මිනිසුන් ද ලොව නැතුවා නොවේ. එවන් මිනිසුන් අප සමාජයේ ද නැතුවා නොවේ. වොයිස් පනහකට අධික ප්‍රමාණයකින් ගී කියන ලංකාවේ පුදුමකට මොහු යැයි පැවසුවොත් ඔබ පුදුම වනවා නොවනුමානය. අදත් ජීවතුන් අතර සිටින සේම ජීවතුන් අතර නැති ගායකයන්ගේ හඬට සමාන ස්වරයෙන් ගී ගායනයේ නියැළෙන පුදුම සහගත පුද්ගලයෙකු ගැන හෙළිදරව්වකට මේ අපේ සුදානම. ගායනයෙන් සංගීත අධ්‍යක්ෂණයෙන්, මුර්ති ශිල්පයෙන්, චිත්‍ර කලාවෙන් ගී පද රචනයෙන්, තනු නිර්මාණයෙන් අපුර්වතම හැකියාවන් බොහොමයකින් පිරිපුන් මේ අපුර්වතම පුද්ගලයා නිලන්ත සිරි පතිරණය. මේ වන විට විදෙස් ප්‍රසංග කලාවේ ජනපි‍්‍රය චරිතයක් වී ඇති නිලන්ත සිරිපතිරණ ලංකාවේ ගීත කලාවේ ඉන්ද්‍රජාලකයා ලෙස හැඳින්වීමට මේ වන විටත් සමාජය යුහුසුළු වී හමාරය. ගුවන් විදුලියේ ඒ ශ්‍රේණියේ ගායකයකු වන නිලන්ත සිරිපතිරණ කුඩා කල සිහින මැව්වේ. ගායකයකු වීමට වඩා සංගීත අධ්‍යක්ෂවරයකු වන්නටය. ගාල්ල ගිංතොට ප්‍රදේශයේ ජන්ම ලාබය ලැබු නිලන්ත ගිංතොට මහා විද්‍යාලයෙන් හා ගාල්ල ශාන්ත ඇලෝසියස් විද්‍යාලයෙන් අධ්‍යාපනය ලබා කලා ක්ෂේත්‍රයට අවතීර්ණ විය. ගණිත අංශයෙන් වසරක් පුරා අධ්‍යාපනය ලබා කලාවට තිබු ආශාව නිසාම යළි කලා විෂය දහරාව තෝරාගත් නිලන්ත උසස් අධ්‍යාපනය අවසන් කිරීමත් සමඟ 2000 වසරේ දකුණු පළාතේ ගාලු දිස්ත්‍රික්කයේ තුරුණු ශක්ති තරඟාවලියේ තෙවන ස්ථානය දිනාගනු ලැබීය. ගායන අංශයෙන් පාසල් ශිෂ්‍යයකුව ඉන්න අවධියේ සමස්ත ලංකා තරඟ සඳහා සහභාගි වී ජයග්‍රහණ රැසක් හිමිකරගනු ලැබීය. පාසල් අධ්‍යාපනයේ නිමාවත් සමඟ බෙල්වුඩ් සෞන්දර්ය කලා නිකේතනයට බැදෙමින් රාගධාරී සංගීතය හදාරමින් ලලිතා කලාවේදී ඩිප්ලෝම සමත් විය. ආචාර්ය පේ‍්‍රමසිරි කේමදාසයන්ගේ කේමදාස පදනමට එක් වී ආචාර්යතුමන්ගේ මාර්ගෝපදේශකත්වය තුළ ගායනය හා වාදනය පිළිබඳ වැඩි දුර හැදෑරිමක් සිදුකරනු ලැබීය. දකුණු පළාත් සභාව මඟින් ලබාදුන් ගුරු සහායක පත්වීමක් ලැබ බුස්ස මේධංකර විද්‍යාලයේ සංගීත ගුරුවරයා ලෙස වසර නමයක් සේවය කිරීමෙන් අනතුරුව ගුරුවෘත්තියට සමු දුන්නේය. විවාහයත් සමඟ කොළඹට සංක්‍රමණය වී හැකියාවන් බොහොමයකින් සුපෝෂිතව කලා කටයුතුවල නියැළේ. මේ ඔහුගේ සංගීත දිවියේ රස මුසු තැන් අලළා කෙරෙන සංවාදාත්මක කතාබහකි.
නිලන්ත සිරිගේ සංගීත දිවියේ කූටප්‍රාප්තිය සිද්ධ වෙන්නේ කොයි ආකාරයෙන් ද?
කුඩා කාලයේ පටන් මම ගීත ගායනයට ගොඩක් ඇලුම් කළා. මම කුඩා කාලයේ ඉගෙන ගත්තෙ ගිංතොට මහා විද්‍යාලයේ පාසලේ සංගීත අංශයේ සමස්ත ලංකා ජයග්‍රහණ පවා මම ලැබුවා. කුඩා කාලයේ මම වඩාත් ඇලුම් කළේ ආත්මා ලියනගේ ගායනා කරන ගීත ගයන්න. නමුත් මම වඩාත් කැමැත්තක් දැක්වුයේ සුනිල් එදිරිසිංහ, පණ්ඩිත් අමරදේවගේ ගීත අහන්න. මම සාමාන්‍යපෙළ පන්තියේ ඉන්න කොට මට වයස අවුරුදු 16 දී විතර අපේ පාසලේ ප්‍රසංගයක් කළා. 1997 දී මන්දාකිණි ගී දැහැන නමින් ඔය කාලයේ මම ගීත ගායනා කළත් කාගෙවත් හඬ අනුකරණය කිරීමක් සිද්ධ කළේ නෑ. පොඩි කාලෙ ඉඳලම මගේ ආසම ගායකයා වුණේ සුනිල් එදිරිසිංහ. මේ ප්‍රසංගයට මම තෝරගත්තේ සුනිල් එදිරිසිංහගේ ගීතයක්. පාසලේ ලොකු අයියලගේ සංගීත කණ්ඩායමේ මම සාමාජිකයෙක් වශයෙන් හිටියේ ගායනය පැත්තෙන් මම තමයි කණ්ඩායමේ හිටිය බාලයා. ප්‍රසංගය පැවැත්වුණාට පස්සේ මට සමහරු කියන්න ගත්තා නිලන්ත ඔයාගේ කටහඬ සුනිල් එදිරිසිංහ ගේ කට හඬට සමානයි කියලා. ඔය වගේ ප්‍රතිචාර මට එන්න පටන් ගත්තා. ඔය අතරේ මම පි‍්‍රයසම්භාෂණ, වෙඩින් වගේ දේ සඳහාත් සහභාගි වුණා. ගීත ගායනයෙන් පාසල් ශිෂ්‍යයකුව ඉන්න අවධියේත් උසස් අධ්‍යාපනය සඳහා ගාල්ල ඇලෝසියස් විද්‍යාලයට ගියත් එහෙදිත් මම පාසලේ සංගීත කටයුතු වලට සහභාගි වුණා. පාසලේ සංගීත කණ්ඩායමක් තිබුණා. සුපර් ඇලවීෂියන් කියල. එහි ගායනයෙන් වගේම වාදනයෙනුත් මම සහභාගි වුණා. මම මුලින්ම කී බෝඩ් එක ප්ලේ කරන්නත් මෙහිදි පටන් ගත්තා. විවිධ පුද්ගලයන්ගේ ගීත ගායනයට මට ආරාධනාත් ආවා. මම එහිදී තෝරාගත්තේ අමරදේවගේ සුනිල් එදිරිසිංහගේ, සෝමතිලක ජයමහගේ බොහොම සරල සාස්ති‍්‍රය මට්ටමේ ගීත ගායනා කරන්න.
කුඩා අවධියේ පටන් ඔබ අනුකරණය සඳහා පෙලඹුණා ද?
ගීත ගායනා කලාට එහෙම අදහසක් මගේ හිතේ තිබුණේ නෑ. නමුත් මම විවිධ ගායකයන්ගේ ගීත ගයන කොට මට මම ගැනම පොඩි වෙනසක් කරන්න හිතුණා. ඒ සඳහා මම ටික ටික උත්සාහ කළා. කුඩා කාලයේ පටන් මම කාටුන් බලන්න හරි කැමැතියි. එක එක චරිත සඳහා හඬ කැවීම පිළිබඳ මගේ අවධානය යොමු වුණා. මට සංගීතය ගැන ඔය අවධියේ ලොකු දැනුමක් තිබුණේ නෑ. නමුත් මම මේ එක එක ගායකයන්ගේ ස්වර උස්පහත් වන ආකාරය ගැන හොඳට ඇහුම්කම් දෙමින් නිරීක්ෂණය කළා. ඒ නිරීක්ෂණ මත මම ඒ ගායකයන්ගේ හඬට සමීප බවකින් ගීත ගායනා කළා. නමුත් හරියට සාර්ථක නෑ. ඊට පස්සේ මම බෙල්වුඩ් ගිහින් රාගධාරී සංගීතය හැදෑරීමක් සමඟ කට හඬ ශබ්ද හැඩතල හඳුනාගෙන අභ්‍යාසවල නිතර වුණා. වසර තුනක කාලයක් පුරා.
ත්‍රීපීස් බෑන්ඩ් එකක් සමඟ ඔබ යළිත් ගමනක් අරඹනවා නොවේද?
මගේ යාළුවෝ දෙන්නෙකුත් සමඟ ත්‍රීපිස් බෑන්ඩ් එකක් හැදුවා. ශානක ඇන්ඩ් ද ගෑන් කියලා. ස්වාධීන රූපවාහිනියේ ප්‍රෝග්‍රෑම් එකක් කළා කුමර කුමරියෝ නමින් මේ සඳහා තෝරගත්තේ අපේ ත්‍රීපීස් බෑන්ඩ් එක. අවුරුද්දකින් විතර පස්සේ බෑන්ඩ් එකේ හිටිය ශානක අයියා බෑන්ඩ් එකෙන් ඉවත්ව විදෙස් ගත වුණා. ඊට පස්සේ බෑන්ඩ් එකේ සියලු දේ මම භාරගත්තා. පස්සේ අපේ බෑන්ඩ් එකේ නම වෙනස් කරල මම දාගත්තා නිලන්ත විත් හාමනි කියලා. හාමනි කියල නම යෝජනා කරන්නෙත් කැලුම් ශ්‍රීමාල්. 2002 වසරේ මම මගේ යාළුවන්ට උදවු කරන්න හිතාගෙන කණ්ඩායමේ සාමාජිකයන් හය දෙනෙක් දක්වා වැඩි කළා. යාපනය හැරෙන්න අනෙක් සියලුම ප්‍රදේශවල මේ කුමර කුමරියෝ වැඩසටහන පටිගත කළා. මට එහි ගීත ගායනා කරන්න ලැබුණා. මේ සඳහා මට ගොඩක් උදව් කළා. සංජය ලීලාරත්න.
ගීත කැසට් සඳහාත් ඔබ ගීත ගායනා කළා නේද?
නිල්වලා ආයතනය සජීවී ප්‍රසංග කරන්න පටන් ගත්තා. ඔය අතරේ එක කැසට් පටයකට මට ගීත ගායනා කරන්න අවස්ථාවක් උදාවුණා. ඒ ආයතනයෙන් මට ඉල්ලුමකුත් ආවා. මගේ ළඟ තියන හඬවල් එයාලට දෙන්න කියලා. ඒ අනුව අංසග පි‍්‍රයමන්ත පීරිස්, සෝමතිලක ජයමහ, අමරදේවයන්ගේ, සුනිල් එදිරිසිංහගේ ගීත මම ඔවුන් ගේ හඬින් ගායනා කළා. ඒ අතරේ මටත් විශ්වාසයක් ගොඩ නැගුණා. මටත් අනුකරණය කරන්න පුළුවන් නේද කියල. ඒ වෙනකොට ලංකාවේ අනුකරණය කිරීම ඇත්තෙන්ම තිබුණේ නෑ. මට හිතෙනවා මේකේ මුලාරම්භකයා මම වෙන්න ඇති කියලත්. සමහරවිට වෙනත් අය ඉන්න ඇති ඒත් ප්‍රසිද්ධ වෙලා ඉන්න නැතුව ඇති.
රූපවාහිනී මාධ්‍ය තුළත් ඔබ ස්ථාවරභාවයක් ගොඩනගා ගන්නවා නොවේද?
එකම දේ තුළ රැදී සිටීමට මා උත්සාහ කළේ නෑ. ලැබෙන ආරාධනා පරිදි මමත් ඒ සඳහා සහභාගි වුණා. ජාතික රූපවාහිනියේ ලයිව් බෑන් ෂෝ. ස්වර්ණවාහිනියේ ස්වර්ණ වර්ණ ගී ප්‍රෝග්‍රෑම් මා සුනිල් එදිරිසිංහයන්ගේ සඳකඩ පහණ ගීතය ගායනා කළා. ඒයින් මට ප්‍රථම ස්ථානය ලැබුණා. එකේ දී මේ ගීත ගැයිමේ අවස්ථාව මගේ එක්තරා හැරවුම් ලක්ෂ්‍යයක් වුණා. විවිධ වූ රූපවාහිනී සංගීත වැඩසටහන්වල මම වාදනයෙන් දායක වීමක් සිද්ධ කළා.
ඒක පුද්ගල වාද්‍ය ශිල්පියෙක් ලෙස ඔබ කටයුතු කිරීම අරඹන්නේ ඔබේ පහසුව තකාද?
2007 වසරේ පටන් මම තනියෙන් සිං කරන්න පටන් ගත්තා. තනියෙන් ගීත ගායනයත් සමඟ මට ඕනෙ කළා සවන් දෙනකෙනාට අලුත් යමක් දෙන්න. ඒ නිසාම මම අනුකරණය තුළ වඩාත් සැලකිලිමත් වෙමින් එකම පුද්ගලයා විවිධ ගායන හඬවල් වලින් ගීත ගායනා කිරිම විශේෂයක් කොට තකන්න වඩාත් සැලකිලි මත්වුණා.
අද ජීවතුන් අතර සිටින සේම ජීවතුන් අතර නැති ගායකයන්ගේ හඬින් ඔබ ගීත ගායනා කිරීම පිළිබඳ ඔබට විශේෂයෙන්ම ජීවතුන් අතර ඇති ගායකයන්ගේ චෝදනා එහෙම නැද්ද?
කොහෙත්ම නෑ. ඔවුන් ඉදිරියේත් මම ඔවුන්ගේ හඬින්ම ගීත ගායනා කරනවා. අද වෙනකොට ඒ හැම කෙනෙක්ම මගේ බොහොම ළෙන්ගතු සමීපතමයන් වී හමාරයි.
මේ තියන සුවිශේෂී හැකියාව නිසාම බොහෝ විදෙස් සංචාර සඳහාත් ඔබට ඇරයුම් ලැබෙනවා නේද?
මේ වන විට මම ලෝකයේ රටවල් විස්සක විතර සංචාරය කරල තියෙනවා. මම කොළඹ පදිංචියට පැමිණිමත් සමඟ මට අවස්ථාව උදා වුණා. ශක්ති බෑන්ඩ් එකට සම්බන්ධ වෙන්න. මගේ මුල්ම විදෙස් සංචාරය සිද්ධ වෙන්නේ ශක්ති බෑන්ඩ් එක සමඟ. බංගලාදේශයට 2010 වසරේ තමයි මේ විදෙස් සංචාරය සිද්ධ වෙන්නේ.
2014 වසරේ විදේශ සේවා නියුක්ති කාර්යංශය මඟින් සංවිධානය කළ රණවිරු රියල් ස්ටාර් වැඩසටහන සංගීත අධ්‍යක්ෂණය කළේ මම. ඒ නිසා මට කොරියාව, සයිප්‍රස් ඇතුළු මැද පෙරදිග රටවල් එකොළහකට යන්න සිද්ධ වුණා. ස්වර්ණවාහිනියෙන් තමයි. මේ වැඩසටහන විකාශය වුණේ.
වැඩියෙන්ම ඔබට විදෙස් සංචාර සඳහා ඉල්ලුමක් තියෙන්නේ?
එංගලන්තයෙන්. මේ වෙනකොට මම පස්වතාවක් ෂෝ සඳහා එංගලන්තයට ගිහින් තියනවා. ඒ හැම ටූවර් එකක්ම මාස දෙකක් තුනක් ගිය සංචාර. පුදුම ඉහළ පේ‍්‍රක්ෂක ප්‍රතිචාරයක් මට තියනවා ඒ රටවල. මගෙත් උපරීම හැකියාවෙන් ඒ අයට සාධාරණය මම ඉටු කරනවා. එක් වතාවක් මම එංගලන්තයට ෂෝ එකකට ගියා. දවස් 8ක නිවාඩුවක් අරන්. ඒත් මට ඒ රටේ රසිකයෝ එන්න දුන්නෙ නෑ. මාව තියාගත්තා. මාස තුනක් අන්තිමට මම ලංකාවට ඇවිත් පාසලට ගියහම සේවය අතහැර ගියාසේ සලකා මට ලියුමක් දුන්නා. එදා ඉඳලා මට රැකියාව අහිමි වුණා.
මේ ආගමන තුළත් ඔබට සිහින තියෙන්න ඇති?
මගේ එකම ආශාව වුණේ ගායකයෙක් වනවාට වඩා සංගීත අධ්‍යක්ෂවරයෙක් වෙන්න. ඒ නිසාම ඒ සඳහා මම උත්සාහයක් දැරුවා. තනු නිර්මාණය කරන්න. 1995 දී මම පාසලේ නමවන ශ්‍රේණියේ ඉගෙන ගන්න කාලේදීම මේ උත්සාහයට මුල පිරුවා. එදා මම පාසල් ශිෂ්‍යයෙකුව ඉන්න අවධියේ මුලින්ම දාන තනුව ගීතයක් බවට පත්වන්නේ 2012 වසරේ. එය ගායනා කරන්නේ ප්‍රේමවර්ධන කපුගේ මහතා. ගමේ පාසලේ සංගීත කාමරයේ තමයි මගේ මුල්ම තනු නිර්මාණය සිද්ධ වෙන්නේ.
තනු නිර්මාණයන් සමඟ කැසට් පටයක සිහිනය ඔබ සොයාගෙන යනවා?
මම සින්දු ලියල මම තනුව දාලා මම ගායනා කරල සින්දු 16ක් නිර්මාණය කළා. එදා මම ළඟ තිබු කැසට් එකට පටියක් දාලා මේ සින්දු 16 මම රෙකෝඩ් කළා. ඒ ගීත පටිය මාස්ටර් පටිය හැටියට අදටත් මා ළඟ තියනවා. මෙහි තියන බොහෝ ගීත එදා මම ලිව්වේ මගේ බිරිය දුලාශිනීට.
බිරිය ඔබට හම්බවෙන්නෙත් සංගීතය නිසාමද?
ඔව්. මම අවසන් වරට ඉගෙන ගත් ගාල්ල ඇලෝසියස් විද්‍යාලයේ සංගීත ගුරුවරු දෙන්නෙක් හිටියා. එක් ගුරුවරයෙක් පෙරදිග සංගීතය කළා. අනික් ගුරුතුමා අපරදිග සංගීතය කළා. පෙරදිග සංගීතය කළ ගුරුතුමා නාට්‍යවලට සංගීතය නිර්මාණය කළා. දවසක් මට කිව්වා නිලන්ත මගේ යාළුවෙක් ස්ටේජ් ඩ්‍රාමා එකක් කරනවා. ඉස්කෝලේ තමයි පුහුණුවීම් කරන්නේ ඇවිත් සර්පිනාව පොඩ්ඩක් ගහන්න කියලා. ඩ්‍රාම නිසාම මම අකමැතියි සිංදු කියනවා වගේ නොවන නිසා. ඒත් ඉතිං සර්ගේ වචනය නිසාම මම ගියා. ඒ ගිය වෙලේ තමයි මේ ගෑනු ළමය දැක්කේ. එදාම මගේ හිත ඇදිල ගියා. එයාගේ ලස්සනට ළමය රඟපානවා නාට්‍යයේ රත්මලේ ගුණවර්ධන තමයි නාට්‍ය අධ්‍යක්ෂවරයා. ලංකාවේ ප්‍රවීණ නළු නිළියොත් එහි රඟපෑවා. මගේ ඉස්කෝලේ තමයි පුහුණුවීම් කළේ. ගෑනු ළමය හරිම ලස්සනයි. මුලින් මැලිවුණු මම සර් නොකිව්වත් දිගටම ගියා. සර්පිනාව ගහන්න. මම ඉස්කෝලේ පියානෝව ගහන කොට එයා ඇවිත් ළඟ ඉඳගෙන මම සින්දු කියන හැටි බලන් ඉන්නවා. ඒත් මගේ අදහස මට කියාගන්න විධියක් නෑ. මගේ යාළුවෝ දෙන්නෙක් හිටියා. එක් කෙනෙක් තමයි තීක්ෂණ අනුරාධ මම මේ දෙන්නටත් කිව්වා මගේ අදහස. දවසක් නාට්‍යය රියසල් යන අතරේ මම ළඟ හිටිය කෙනෙක්ගෙන් ඇහුවා අර කවුද ගෑනු ළමයා කියල ඒ පාර ඒ කෙනා කිව්වා ඒ මගේ වයිෆ් කියලා. මට හීන් දාඩිය දැම්මා. හිතේ තිබුණු බලාපොරොත්තු සුනුවෙලා ගියා. බලපුවහම ඒ කියල තියෙන්නේ නාට්‍යයේ එයාගේ වයිෆ් අර ගෑනු ළමයා කියලා. හැබැයි මගේ අදහස ඈට කියන්න කපුකම කළේ තීක්ෂණ අනුරාධ. ඇය හොඳ බිරිඳක් මගේ ගමනට ලොකු ආශිර්වාදයක්. ඇය නර්තන ගුරුවරියක් වශයෙන් මාත් සමඟම කාලයක් පාසලේ ඉගැන්නුවා. වෙළෙඳ දැන්වීම් කීපයකටත් පෙනී හිටියා. ටෙලි නාට්‍ය කීපයකත් රඟපෑවා. දැන්නම් ඒ සියලු දෙයින් ඉවත් වී ගෘහනියක් වශයෙන් කටයුතු කරනවා.
ටෙලි නාට්‍ය සංගීත අධ්‍යක්ෂණයට වගේම ටෙලි නාට්‍ය තේමාගීත ගායනයටත් ඔබ යොමුවෙනවා නේද?
ජනපි‍්‍රය නළුවකු වූ සංජය ලීලාරත්න මට ටෙලි නාට්‍ය පැත්තට යොමු වෙන්න ගොඩක් උදව් කළා. ඔහුගේ තාරුකා මල් ටෙලි නාට්‍යයේ තේමාගීතය සංගීතවත් කරමින් මට ගායනා කරන්න අවස්ථාව උදාවුණා. නුඹ තරහද මන්දා... ගීතය ඒක ඒ දවස්වල ගොඩක් ජනපි‍්‍රය වුණා. මොනරකිරිල්ලි ටෙලි නාට්‍යයේ තේමා ගීතය. මෑතකදී තිරගත වූ මානය චිත්‍රපටයේ තේමාගීතය ගායනා කළේ මම. නුවන්ගි ලියනගේ නිෂ්පාදනය කළ චන්ද්‍රරත්න මාපිටිගම අධ්‍යක්ෂණය කළ බිඳුණු මල් වී.සිවගරුනාදන් අධ්‍යක්ෂණය කළ පාරක් නැති ගෙයක් ටෙලි නාට්‍යවල සංගීත අධ්‍යක්ෂණය කළා. සක්කාරං ටෙලි නාට්‍යයේ තේමා ගීතය ගයමින් සංගීත නිර්මාණය කිරිම උදෙසා මට සුමති ටෙලි සම්මාන උලෙළේ දී සම්මානයට පවා පාත්‍රවීමේ අවස්ථාව උදාවුණා. රූපවාහිනී ඒකාංගික ටෙලි නාට්‍ය බොහොමයක් සේම වේදිකා නාට්‍ය බොහොමයක් වෙනුවෙන් සංගීත අධ්‍යක්ෂණයෙන් දායක වෙන්නත් මම වාසනාවන්ත වුණා.
ගායනයෙන් වාදනයෙන් එහා ගිය හැකියාවන්ගෙන් පිරිපුන් පුද්ගලයෙක් ඔබ?
මට කලාව කියන දේ ඇතුළේ ගොඩක් වැඩ කරන්න පුළුවන්. මම දන්නෑ ඒ හැකියාව මට කොහොම පිහිටල තියනවාද කියලා. චිත්‍ර අඳින්න. නැටුම් කරන්න, අඹන්න මේ හැම හැකියාවක්ම මට තියනවා. මම විනෝදාංශයක් ලෙස මේ දේවල් කරල තියනවා.
ගායක ගායිකාවන්ගේ ගීත සඳහා සංගීත නිර්මාණය කරන ඔබ චිත්‍රපට සංගීත අධ්‍යක්ෂණයටත් යොමු වෙලා?
සිසිල් ගුණසේකරගේ පානදුරා වාදය චිත්‍රපටයේ සංගීත අධ්‍යක්ෂවරයා වීමට මට අවස්ථාවක් උදාවුණා. මේක මගේ මුල්ම චිත්‍රපට සංගීත අධ්‍යක්ෂණය වසන්ත කුමාරවිලගේයි මානය චිත්‍රපටයේ සංගීත අධ්‍යක්ෂණය කළේ දෙවනුව. නමුත් මුලින්ම තිරගත වුණේ මානය චිත්‍රපටය. පානදුරා වාදය ඉදිරියේදී තිරගත වෙන්න තියෙනවා. එදාට මගේ සංගීත අධ්‍යක්ෂණය ගැන බොහෝ දෙනා කතා කරාවි.
නිලන්ත සිරිපතිරණ ලෝකයාට දැනගන්න ලැබෙන්නේ?
කලම්බු ටෙලිවිෂන් යුටියුබ් නාළිකාව වෙනුවෙන් බුද්ධික රඹුක්වැල්ල මගේ හැකියාවන් හඳුන්වාදීමේ වැඩසටහනක් කළා. මේ වැඩසටහන යුටියුබ් ඔස්සේ ලෝකයා නැරඹුවා. එතැන් පටන් මට ලංකාවේ විතරක් නොවෙයි පිට රටින් පවා ආරාධනා ගලා ආවා.
මුලින්ම මම TNL එකේ රිද්ම රාත්‍රියට තමයි හඬ අනුකරණ ප්‍රෝග්‍රෑම් එක කළේ. මේක විකාශය වෙලා මගේ දුරකථන අංකය විකාශය වීමත් සමඟ මට ආපු ඇමතුම් ප්‍රමාණය සියයකට අධිකයි. එදා මට පාන්දර පහවෙනකන් ඇහැරිලා ඉන්න වුණා. එන කෝල් වලට ආන්සර් කරන්න මගේ වැඩසටහනක් ගියොත් එන කොල් ප්‍රමාණය සියයකට වැඩියි. දවසකට කෝල් දහයක් එනවාමයි රසිකයන්ගෙන්.
ඔබේ ගුරුවරු ගැන සිහිපත් කලොත්?
පුෂ්පා රංජනී. ප්‍රසන්න ලංකානාත්, දීපානන්ද කුඩා හෙට්ටි, මගේ පාසල් අවධියේ ගුරුමැණිවරු ගුරුපියවරු. සංගීත දිවියේ මගේ ඕගන් වාදනයේ මට ගුරුවරයෙක් නෑ. ගුරුවරයාත් මමමයි. මම ඕගන් වාදනය ගැන පන්ති කළත් මට මගේ පන්තිය මට ලැබෙන ෂෝ එකක්. මගේ ඕගන් එක මා ළඟ තියනවා කියන්නේ මට මහශක්තියක්. කෙනෙක්ගේ ගීතයක් මම ගායනා කරන කොට මම ඇස් දෙක පියාගෙන ඒ කෙනාගේ රූපය හිතේ මවා ගන්නවා. ඔහු ගීත ගායනයේ දක්වන හැඩතල මගේ හිතේ මවාගෙන තමයි. ඒ ගීතය ගායනා කරන්නේ.
ඔබ හඬ අනුකරණය කරන පුද්ගලයෝ කැමති ද අද ඔබ ඔවුන්ගේ හඬින් ගීත ගායනයේ නියැළෙනවාට?
ඔව්.ඒ අය ඉදිරියේත් මම ඔවුන්ගේ හඬින් ගීත ගායනා කරලා තියෙනවා. මට අමරදේව මහත්තයාගේ නෝනා කියන්නේ විජ්ජාකාරයා කියලා. ධර්මදාස වල්පොල මහතාගේ ගීත මම ලතා වල්පොල මහත්මිය ඉදිරියේ ගායනා කරල තියනවා. එතුමිය දවසක් මට කිව්වා උඹ හෙට අනිද්ද, මගේ හඬිනුත් සින්දු කියයි කියල සමන් ද සිල්වා පුන්සිරි සොයිසා, සුනිල් එදිරිසිංහ මේ හැමෝම මට ආශිර්වාද කරනවා හැරෙන්න දොසක් කියලා නෑ. මමත් හැම වෙලාවෙම උත්සාහ ගත්තේ ඒ අයට අගෞරවයක් නොවන විධියට ගීත ගායනා කරන්න. මම හැමදාම ප්‍රසංගයක් පටන් ගන්න ඉස්සෙල්ලා මුලින්ම කියන්නේ මගේ මේ උත්සාහය කාටවත් අගෞරවයක් වෙන්න එපා කියලා.
ගායිකාවන්ගේ හඬ අනුකරණයට ඔබ පෙළඹුණේ නැද්ද?
මුලින්ම ලතා වල්පොලයන්ගේ හඬ මම අනුකරණය කරල බැලුවා. මට කරන්න බැරිකමක් නෑ. නමුත් පිරිමි කෙනෙක් ඒ දේ කරන එක හරි නෑ කියලා මම හිතුවා. ඉන්දියාවේ නම් මම දැකල තියනවා එහෙම ලස්සනට සින්දු කියන අවස්ථා. මට කෙනෙකුගේ හඬ සියයට සීයක් අනුකරණය කරන්න බෑ. නමුත් මට සියයට පනහකට වඩා ඒ සඳහා සාධාරණයක් කරනවා. කවුරු හෝ ගායිකාවකට මම ඒ කරන දෙයින් අගෞරවයක් වෙයි කියල ඒ සඳහා මම පෙලඹෙන්නේ නෑ.
ඔබ තෝරාගත් හඬ අනුකරණයේ පරාසයේ විහිදුණු හඬවල් කොපමණ ප්‍රමාණයක් තියනවාද? නම් වශයෙන් කිව්වොත්?
හඬවල් හතළිහකට පණහකට වැඩිය මට පුළුවන් සුළු වශයෙන් හරි.
අබේවර්ධන බාලසූරිය, ඩබ්ලිව්.ඩී. අමරදේව, අමරසිරි පීරිස්, අනිල් භාරතී, අංසග පි‍්‍රයමන්ත, ආත්ම ලියනගේ, බණ්ඩාර අතාවුද, චාමර වීරසිංහ, චන්දන ලියනආරච්චි, චන්ද්‍රසේන හෙට්ටිආරච්චි, ක්ලැරන්ස් විජේවර්ධන, දමිත් අංසක, ධනපාල උඩවත්ත, ධර්මදාස වල්පොල, දයාන් විතාරණ, දයාරත්න රණතුංග, දයාරත්ත පෙරේරා, ඩෙස්මන්ඩ් සිල්වා, ගුණදාස කපුගේ, සුනිල් පෙරේරා, හරුන් ලන්ත්‍රා, ජගත් වික්‍රමසිංහ, ජානක වික්‍රමසිංහ, කසුන් කල්හාර, කීර්ති පැස්කුවල්, ලක්ෂ්මන් හිල්මී, එම්.එස්. ප්‍රනාන්දු, මිල්ටන් මල්ලවආරච්චි, මිල්ටන් පෙරේරා, මොහෙදීන් බෙග්, නාමල් උඩුගම, පි‍්‍රන්ස් උදයපි‍්‍රයන්ත, පි‍්‍රයා සූරියසේන, පුන්සිරි සොයිසා, රොහාන් ශාන්ත බුලේගොඩ, රූකාන්ත ගුණතිලක, සනත් නන්දසිරි, සේනානායක වේරලියද්ද, සිසිර සේනාරත්න, සෝමතිලක ජයමහ, සුනිල් එදිරිසිංහ, විජය කුමාරතුංග, වික්ටර් රත්නායක, එච්.ආර්.ජෝතිපාල, ග්‍රේෂන් ආනන්ද, ඇන්ටන් ජොන්ස්, එඩ්වඩ් ජයකොඩි, සුනිල් ශාන්ත, මිලාන් රොද්‍රිගු, අතුල ශ්‍රී ගමගේ, දීපාල් සිල්වා, ජොලි සීයා, හෙන්රි කල්දේරා, ෂෙල්ටන් මුතුනමගේ, උපාලි කන්නන්ගාර
දයාන් විතාරණගේ හඬ ගන්න ඔබ අතින් බෙල්ල මිරිකනවා නේද? එවැනි දේ තවත් ගායකයන් ගේ හඬගන්න කරන්න සිද්ධ වෙනවද?
මුලින්ම මට දයාන් අයියාගේ හඬින් ගීතයක් කියන්න පුුළුවන් කියල මට දැනුණේ මගේ බිරිය නිසා. අපි දෙන්නා පෙම්වතුන් වෙලා ඉන්න කාලයේ ගාල්ලේ පාක් එකේ කතා කර කර ඉන්නකොට පාළුවට වගේ මම සින්දු කියනවා. ඔය අතරේ මම සින්දු කිය කිය ඉන්නකොට මගේ බිරිය එදා පෙම්වතිය මගේ බෙල්ල මිරිකුවා. ඔය කියන සින්දුව අනේ දැන් ඇති ඇති කියල. මට දැනුණා. අහල තියෙන ගායකයෙක්ගේ හඬක් මගෙන් පිටවුණා නේද කියලා. ඒ පාර මම එයාට කිව්වා අනේ වස්තුවේ ආයෙත් ඒ විදියට අතින් බෙල්ල මිරිකන්න කියල ඒ පාර මට වැටහුණා. මේ දයාන් අයියාගේ හඬනේ කියලා. එතකොට දයාන් අයියාගේ වැටෙන් එහා මල් පඳුරේ ගීතය තමයි ජනපි‍්‍රය වෙලා තිබුණේ. එදා මගේ බිරිය බෙල්ල මිරිකපු තැන හරි එයා තමයි දයාන්ගේ හඬ මගෙන් හොයාගත්ත කෙනා. එයා අල්ලපු තැන මම අදත් අල්ලගෙන දයාන්ගේ හඬ අනුකරණය කරනවා. හැබැයි මම එදා පාක් එකේදී කිය කිය හිටියේ චන්දන ලියනාරච්චි කියන ඇහැලමල් පිපිලා.. ගීතය එකපාරට බිරිය බෙල්ල මිරිකනකොට මට කියවුණේ දයාන් ඇහැල මල් පිපිලා ගීතය කියන හඬ.
කොහොමද පවුලේ තොරතුරු?
මගේ බිරිය දුලාශිනී උපේක්ෂිකා තෙන්නකෝන් මගේ දුව රසාරා සරසිනී පතිරණ. පුතා කේෂව ලියෝන් පතිරණ.
ලිපිනය වගේම දුරකථන අංකයත් මතක් කළොත් ?
අංක 92/8, වීර උදිත මාවත, හැඩිගම, පිළියන්දල.
0777 938503
සේයාරූ - නිශ්ශංක විජේරත්න