වර්ෂ 2023 ක්වූ May 29 වැනිදා Monday
මගේ නිර්මාණ සාර්ථක වූවා නම් ඒ නිතර පුහුණුව නිසා

මණිපත්‍ර පණ සමව පොහොට්ටුව රැක්කෝ
පිපුණු මල, සුවඳ හැඩ විහිදුවණු දැක්කෝ
එමල දැන් හැඩි දැඩිය නොබලනා ඇස් කෝ
මණිපත්‍ර යුවළේ දැන් පෙර තිබුණු රැස් කෝ
මේ කවිය ප්‍රකට කවියකු, ගේය පද රචකයකු, ලේඛකයකු වන නුවන් කුමාර කටුගම්පලගේ නවතම කෘතිය වූ ‘ස්මාර්ට් කුඹියාගේ වලාකුළු සවාරිය’ ග්‍රන්ථයෙහි ඇතුළත් වූවකි.
මෙම ග්‍රන්ථයෙහි විශේෂත්වය එය යෞවනයට ලියන ලද කවි පොතක් වීමයි.
මව් කුසින් මෙලොව බිහිවුණු දා සිට මිනිසා නැළවිල්ලේ පටන් ළමා විය තෙක්ම කවිය රසවින්ද ද යෞවන වියට එළැඹීමෙන් නවකතාවට ගීතයට ආකාර්ෂණය වුවද කවියෙන් දුරස් වී ඇති සෙයකි.
ඒ යෞවනයට කවියක් නොමැති නිසාද?
මේ කතා බහ ඒ ඔස්සේය.
ස්මාර්ට් කුඹියාගේ වලාකුළු සවාරිය’ ඔබේ නවතම කාව්‍ය නිර්මාණයයි. එය නම්කර ඇත්තේ යෞවනයට කවියක් ලෙසයි එහි විශේෂත්වය කුමක්ද?
මෙරට බිහි වූ ප්‍රවීණ කවි කිවිඳයන්ගේ කවිපොත් වල යොවුන් කවි යැයි විශේෂණය කළ හැකි කවි ඇතත්, ඒවා යොවුන් කවි “ර්‍ථධඥථඵ ටධප රධභදඨ චඤභතබඵ, නධඥථඵ ටධප බඥඥදඵ හෝ ර්‍ථධඥථඵ ටධප රධභබඩ නමින් ශානරයක අර්ථ ගැන්වී නැහැ. මේ නිසා තරුණ වියට එළැඹීමෙන් පසු කවියෙන් සාහිත්‍යයෙන් ඈත් යෞවනය සමාජය තුළ අතරමං වෙන බවක් අපට දකින්න ලැබෙනවා. ශිෂ්ටසම්පන්න පුරවැසියකු බිහිවෙන්න නම් කලාව, සාහිත්‍ය, ක්‍රීඩාව, ආගම මේ සාධකවලින් ඔවුන්ගේ ජීවිතය සකස් වෙන්න ඕනෑ.
නමුත් තරඟකාරී අධ්‍යාපන රටාව තුළ නූතන තරුණ පරපුර මෙයින් ඇත් වී තිබීම බෙහෙවින් කනගාටුදායකයි. එහි අනිටු ප්‍රථි්ඵල විශ්වවිද්‍යාලවල පවා විවිධ සමාජ ඛේදවාචක ඔස්සේ අපට අත්විඳින්න සිදුවෙලා තිබෙනවා.
මේ කාව්‍ය සංග්‍රහය ඊට ඌන පුරණයක් කියා ඔබ සිතනවාද?
ශ්‍රී ලාංකේය යොවුන් කාව්‍යයේ පුරෝගාමී කාව්‍ය කෘතිය ලෙස මෙය හඳුන්වන්න පුළුවන්. නමුත් අපේ සාහිත්‍ය සම්මාන උලෙළකට හෝ මේ පොත ඉදිරිපත් කිරීමට නොහැකි වී තිබෙන්නේ එම වර්ගීකණයට මෙය ඇතුළත් වී නොමැති නිසයි. එම නිසා නිසි ඇගැයුමක් ඊට නොලැබී යාම නූතන තාරුණයට එය සමීප කරවීමට බාධාවක් වී තිබෙනවා. එම නිසා හෙට දිනයේ තවත් කෙනෙකුට යොවුන් කවියක් ලියන්න මේ වර්ගීකරණය ප්‍රතිශෝධනය වෙනවා නම් හොඳයි කියා සිතෙනවා.
කාව්‍ය සංග්‍රහය සඳහා ලැබෙන ප්‍රතිචාර කොහොමද?
ප්‍රතිචාර දෙවර්ගයම තිබෙනවා. පොත ප්‍රකාශනයට මත්තෙන් මගේ දියණියන් දෙදෙනා ලොකු දුව පවනිට සහ පොඩි දුව බවුමනදිට මම එහි කවි රසවිඳින් අවස්ථාව ලබා දී ඔවුන්ගේ අදහස් විමසුවා. ඒ දෙදෙනා ගෝතමී බාලිකා විද්‍යාලයේ උසස් පෙළ හා 6 ශ්‍රේණිවල අධ්‍යාපනය හදාරනවා.
ඒ වගේම දන්නා හඳුනන අනෙක් දරුවන්ගෙන් ද මෙහි ඇතුළත් කවි පිළිබඳ මා විමසුමක් කළා. පූර්වා දර්ශනයක් වශයෙන්. ඒ සඳහාත් යහපත් ප්‍රතිචාර ලැබුණා. ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ජ්‍යේෂ්ඨ කථිකාචාර්ය සමන් චන්ද්‍රණසිංහ මහතා දිනක් මා සමඟ පැවසුවා කොළඹ විශ්ව විද්‍යාලයේ නවක සිසුන්ට එතුමා සිදුකරන දේශනය මේ කෘතිය ආශ්‍රයෙන් සිදුකරන බව. එය මා ලද දිරිමත් ඇගැයුමක්.
ඒ වගේම විමතියෙන් මේ දෙස බලන, යොවුන් කවිය?
කුමක්දැයි අසන කවියන් ද සිටිනවා. ප්‍රතිචාර හොඳ, නරක දෙවර්ගය අතර දෝලනය වෙමින් තිබෙනවා.
ඔබේ කාව්‍යකරණය හා අනෙක් කාව්‍ය නිර්මාණ ග්‍රන්ථ ගැනත් කතා කරමු.
කුඩා අවධියේ පටන්ම මා කවියට ඇලුම් කළා. අපේ නිවෙසේ පසුබිමක් ඒ සඳහා බලපෑවා. මාගේ මවුපියෝ කවියෝ නොවුණත් දෙදෙනාම කලාවට ආදරය කළා. ඒ නිසාම කවියට ගීතයට අපේ නෙත සිත යොමුකළා.
මා විසින් ලියන ලද කවියක් මුලින්ම ප්‍රසිද්ධ මාධ්‍යයක පළවුයේ මිහිර පුවත්පතේ ‘පුංචි අපේ නිර්මාණ’ පිටුවෙයි. මේ ඇරැඹුමත් සමඟ ම මා අතින් නිර්මාණය වන කවියක් ගී පද රචනාවක් මුද්‍රිත ප්‍රකාශනයක හෝ රූපවාහිනි, ගුවන් විදුලි වැඩසටහනකින් ජයග්‍රහණය හිමිවීම මා හට විසල් උත්තේජනයක් බවට පත්වුණා. ඒ ඇගැයුම ඊළඟ නිර්මාණයට රැකුලක් බවට පත්වුණා. එසේ බිහිවුණු කාව්‍ය නිර්මාණ එකතුව ‘දෑත වැටිලා’ නමින් මගේ ප්‍රථම කාව්‍ය නිර්මාණය ලෙස එළිදැකීමට හැකියාව ලැබුණා.
ඔබ විසින් රචනා කරන ලද ගායෙන් මං මුදවලා ගීතය තාරුණ්‍යයේ වඩාත් ජනපි‍්‍රය ගීත ගොන්නට ඇතුළත් ඒ ගැන ඔබේ අදහස දැනගන්න කැමතියි.
‘මනැස තුළ තැන්පත්ව නි්ර්මාණය සේ වැඩෙන්නට අර අඳින වස්තු බීජයක් ගී පද රචනාවක් බවට පත්වන්නේ පද රචකයාගේ චිත්තාභ්‍යන්තරයේ සිදුවෙන කැලඹිලි සහගත මහා සංග්‍රාමයක් ජයග්‍රහණය කිරීමෙන් අනතුරුවයි. ගීතය ඉතා සරලව මවක් විසින් යහපත් අයුරින් දරුවෙකු හදා වඩා ගත යුතු අයුරු කියා පානවා.
විශේෂඥ වෛද්‍යවරු මනෝ වෛද්‍ය උපදේශකවරුන්ගේ නිර්දේශය මත අධ්‍යාපන අමාත්‍යංශය මඟින් ප්‍රකාශයට පත්කර ඇති ‘යොවුන් සිත මවුපිය නෙතිත්’ අත් පෙතාට මෙය යොදාගෙන තිබීම ද විශේෂයි.
වත්මන් සාහිත්‍ය කටයුතු මොනවාද?
කලාශූරී ලයනල් රන්වලයන්ගේ ජීවිත කතාව පාසැල් දරුවන්ට (3 වසර - 6 වසර) සුදුසු අයුරින් රචනා කළා. සහන් රන්වල මහතා විසින් සිදුකරන අපේ රටේ විදෙස් ගතව සිටින දරුවන්ගේ සංගීත වැඩසටහනකට තේමා ගීතය රචනා කළා.
IBNM පොත් ප්‍රකාශකයන්ගේ පින්තූර කතන්දර පොත් සඳහා මා විසින් කතන්දර කිහිපයක් නිර්මාණය කළා.
නිරතුරු සාහිත්‍යකරණයේ නිරත වෙනවා. මාගේ කිසියම් නිර්මාණයක් සාර්ථක වී ඇත්තම් ඒ එහි නිරන්තර පුහුණුව නිසාමයි.
සේයාරූ - මාලන් කරුණාරත්න