වර්ෂ 2023 ක්වූ November 29 වැනිදා Wednesday
රඟපාන්න ආසයි ඒත් හොඳ නිර්මාණ කෝ අපට

යෞවනයේ අහිංසකත්වය නැවුම් ලෙස හදවතට තුරුලු කරගෙන රිදී තිරය හරහා වඩාත් දයාබරත්වයෙන් ෙප්ර්ක්ෂක ජනතාව අතරට ප්‍රවිෂ්ට වීමට සමත් වූ ඈ සිනමාවේ කිවිදිය වූ සුමිත්‍රා පිරීස් සිනමාවේදනියගේ අපූරු සොයා ගැනීමක් විය. ‘ගැහැනු ළමයි’ සිනමා සිත්තමේ කුසුම්ගේ භූමිකාවට පණ පොවමින් කලාලොවට ප්‍රවිෂ්ට වූ ඇය සරසවිය, ඕසී.අයි.සී ස්වර්ණ සංඛ, ජනාධිපති, සුමති, සම්මාන රැසකින් සම්මානීය වූ රංග ශිල්පිණියක් ද වේ.
ප්රශස්ත මට්ටමේ ටෙලි නාට්‍ය කීපයක්ම නිෂ්පාදනය සඳහා අර්ථපතිත්වයෙන් දායක වූ ඈ තම නිෂ්පාදන ටෙලි කෘති ඔස්සේ සමාජයට ගෙන හැර පෑ අපූර්වත්වය පිරි සෞන්දර්ය චාරිකාව අදත් ප්‍රේක්ෂක සිත් සතන්හි කිදාබැස ඇත. සිනමාවෙන් බිහිව දැනට රංගන ක්ෂේත්රයේ ප්රමුඛ ස්ථානයක ස්ථානගතව සිටින ප්‍රවීණ රංග ශිල්පීන් අතළොස්සක් දෙනා අතරින් මේ ප්‍රතිභාපූර්ණ රංග ශිල්පිනියට හිමිවන්නේ සුවිශේෂී ස්ථානයකි. අපූර්වත්වය පිරි රංග වපසරියකින් රිදී තිරය ඒකාලෝක කළ ඈ පුංචි තිරය දීප්තිමත්ව බබළ වන්නට වුයේ ගැහැනියකගේ ගම්භීරත්වය පෙරටුකොට ගෙන මතුවෙමිනි. සිය රංගන ජීවිතයේ අපූර්වත්වය පිරි චරිත සමුහයක් ඔස්සේ ප්‍රේක්ෂක හදවත් හි නිදන්ගත වන්නට තරම් වාසනාවන්ත වූ ඇය රංග මාණික්‍යයක් බදු තැනැත්තියක් යැයි පැවසුවහොත් එය කිසිසේත්ම අතිශෝක්තියක් නොවනු ඇත. ප්‍රේක්ෂක ආදරය නොවඩුව ලබාගත් ජනාකර්ෂණීය රංගවේදීිනයක් වූ ඈ නමින් වසන්ති චතුරාණිය. දිගු නිහඬතාවයකින් පසු වසන්ති සරසවිය හා කෙරෙන නැවුම් කතාබහකි මේ.
වසන්ති මේ දවස්වල බොහොම නිහඬයි. මොකද දැන් කලාවෙන් සමු අරගෙන ද?
අපිට කරන්න දැන් වැඩ නෑ. වැඩ අඩුයි. දැනට මම අවුරුදු පහළවකින් විතර චිත්‍රපටයක් කරල නෑ. අන්තිමට මම කළේ උදයකාන්ත ගේ වැලෙන්ජර් චිත්‍රපටය. චිත්‍රපට ඇත්තෙම නෑ. රඟපාන්න මම හොඳ ටෙලි නාට්‍ය වලට රංගයෙන් දායක වෙමින් හිටියා. ඒ වගේම උසස් ගණයේ ටෙලිනාට්‍ය මම විසින්ම නිෂ්පාදනය කරමින් සිටියා. ඒත් දැන් කෝ ඒවා දැන් තියන ඒවාට මට සම්බන්ධ වෙන්න බෑ. මේ මෑතකදීත් තිර රචනා දෙකක් මට ආවා. ඒත් මම ඒවාට ආස නෑ. ඒ නිසා තමයි මම අයින් වෙලා ඉන්නේ. කරනවා නම් වැඩක් හරියට කරන්න ඕනේ. නැත්තම් අයින් වෙලා ඉන්න ඕනේ.
රඟපෑමට හොඳ තිර රචනා නොලැබෙන නිසාවෙන් රංගනයෙන් ඈත් වුණා කියමු. කෝ ඒත් ඔබගේ අර්ථපතිත්වයෙන් නිෂ්පාදනය වූ ටෙලි නාට්‍යත් දැන් නැවතිලා තියෙන් නේ ඇයි?
මේ මොනවාද ඔයා කතා කරන්නේ. මම සාමාන්‍යයෙන් ස්ක්‍රිප්ට් එකක් ගත්තහම බොහෝවිට ඈත පළාත් වල තමයි මම නාට්‍ය නිෂ්පාදනය කළේ. එහෙම කරපුමට අද ට්‍රාන්ස් පෝට් වියදම කොහොම වෙයි ද කෑම බීම වියදම කොහොම වෙයි ද දැන් මේ සියලු වියදම් අධිකයි. අපි එක කොටසකට වියදම් කරන්නේ ලක්ෂ දෙකක් නම් අඩුම තරමේ අපිට රුපියල් ලක්ෂ තුනහමාරක්වත් ඕනේ. අද කවුද අපිට දෙන්නේ ඒ වගේ මුදලක්. මගේ ටෙලි නාට්‍ය නිෂ්පාදන සියල්ල විකාශය වුණේ අයි.ටී.එන්., ජාතික රූපවාහිනී. ස්වර්ණවාහිනී නාළිකාවල ඒ නාළිකා අද අපිට දෙයි ද එකකට ලක්ෂ තුනක් තුªනහමාරක්. අද මේ කර්මාන්තයේ ප්‍රවීණයෝ කියන බොහෝ දෙනෙකුට වැඩ නෑ. මමත් බොහොම කනගාටුවෙන් ඉන්නේ. අද ඒ අය ඉන්න නාට්‍ය බොහෝ විට අඩුයි. පරණ දක්ෂ අයට වැඩ නෑ. වියදමට සරිලන ආදායමක් නැති තැන. කවර නිෂ්පාදන ද.
මේ තත්ත්වය තුළ ඔබ කියන්නේ අවරගණයේ නිර්මාණ ද අද අපිට දකින්න තියෙන්නේ කියලා.?
හොඳ දෙයක් කරන්න. වැඩි මුදලක් යනවා. බාල වැඩක් කරන්න අඩු මුදලක් යනවා. ඕක තමයි අපි සරලව හිතන්න ඕනෙ දෙය. මම මේ මෑත කාලයේ දැක්ක හොඳ ටෙලි නාට්‍යයක් තමයි අයි.ටී.එන්. එකේ විකාශය වූ ප්‍රසන්න ජයකොඩිගේ එයා දැන් බැඳලා ටෙලි නාට්‍ය අන්න ඒ වගේ වෙනස්ම ආකාරයේ නිර්මාණ දකින්න තියනවා නම් හොඳයි. ඒත් අද දකින්න තියන ටෙලි නාට්‍ය දකින කොට ටෙලි නාට්‍ය කලාවට අනිච්ඡාවත සංඛාරා තමයි.
අද ටෙලි නාට්‍ය නිර්මාණකරුවන් ඔබ වැනි ප්‍රවීණ රංග ශිල්පීන් ශිල්පිනියන් ඔවුනගේ නිර්මාණ වලින් බැහැර කරල ද?
ඒ අය බොහෝදෙනා දන්නවා හොඳාකාරව අපි ඉගෙන ගෙන තියන තරම්වත් ඒ අය දන්නේ නෑ කියලා. ඔය තත්ත්වය වැඩිපුර දකින්න තියෙන්නේ රූපවාහිනිය තුළ. චිත්‍රපට කර්මාන්තයෙත් ඔය දේ දකින්න තියනවා. කමක් නෑ තරුණ අය දාලා නිර්මාණ කළාට. දැන් එන නිෂ්පාදකවරු අධ්යක්ෂවරු බහුතරයක් කෙළින්ම ඉලක්ක කරගන්නේ මුදල. ඒ මුදලට සරිලන බජට් එක තමයි යන්නේ. නමුත් අපිව ගත්තොත් ගාණ වැඩියි. මෑත භාගයේද මම ඉතාම හොඳ නිර්මාණයකට දායක වුණා. තිරපිටපත බලලා තමයි මම ඒක භාරගත්තේ. රඟපෑම ටිකක් කරගෙන යනකොට පිටපතේ සීන් වලින් මාව අයින් වෙනවා බලපුවාහම. මගේ ගාණ සැරයි කියල පිටපතේ සීන් වෙනස් කරනවා මගේ චරිතය මඟ හරිමින්. ඉතිං බලන්න නිර්මාණයට වන හානිය. ඕකයි අද ඇත්තම තත්ත්වය.
අද නළුවෝ නිළියෝ කම්කරුවෝ වෙලා නේද? ඩේලිපේ නළුවන් නිළියන් නේද අද ඉන්නේ?
ඉස්සර අපි සීන් එකක් කරන්න පැය දෙක තුනක් ගන්නවා. අද එහෙම නොවෙයි. එක දවසට සීන් දහයක් පහළොවක් ගන්නවා. මොකද දවසේ ගෙවීමට ගන්න පුළුවන් උපරීමය ගන්න තමයි බලන්නේ. රඟපෑමේ ගුණාත්මක භාවය නෑ. අවශ්‍ය වන්නේ දවසට ගෙවන ගාණට සීන් ටික වැඩිකරගන්න ඉතිං. එතන ගුණාත්මක රංගනයක් තියනවද ගුණාත්මක නිර්මාණයක් හැදෙනවද. මම දකින දෙයක් තමයි අද අලුතෙන් එන දක්ෂ ළමයින්ගෙන් වැඩක් ගන්න සුදුසු නිර්මාණ බිහි නොවීම. හුඟාක්ම මුදලට යට වූ නිර්මාණ තමයි තියෙන්නේ. මම මුදලට යටවෙන්න කැමැති නෑ. මගේ ගාණට වැඩියෙන් මට දෙනවා කිව්වත් මම යන්නෑ. මට අදාළ චරිතය නැත්තම්.
වසන්ති ගන්න මුදලට වඩා වැඩි මුදලක් දුන්නත් චරිත භාර නොගන්නා නිළියක්?
මට ලැබෙන චරිතය පළමුව මට දැනෙන්න ඕනේ. එහෙම දැනෙන් නැත්තම් මම චරිතේ භාර ගන්නෑ. මට චරිත දැනුණොත් විතරයි. පේ්රක්ෂකයටත් ඒ චරිතය දැනෙන්නේ. සමහර දර්ශන තලවලට ගියහම මට කනගාටුවක් ඇතිවෙන අවස්ථාත් තියනවා. මම ගුරුහරුකම් ලැබුවේ මිස්ට පීරිස් මිසිස් පීරිස්ගේ ආශිර්වාදය ඇතුව ඒ අයගේ දර්ශන තලයක අත්දැකීම් ලැබුව මට වෙනත් දර්ශන තලයකදී දකින වෙනස හරි අපුරුවට දැනෙන්න ගන්නවා. එතකොට එදා අපි ලැබුවදේත් අද අපිට ලබන්න වෙලා තියන දේත් කලකිරීමෙන් යුතුව අත්විඳින්න සිද්ධ වෙලා තියනවා.
වසන්ති අද බොහොම කලකිරිමෙන් බවයි පෙනෙන්න තියෙන්නේ?
කලකිරීම් නැද්ද අනේ ඉස්සර අපි චිත්‍රපටයකට ගියහම චරිතයට අවශ්‍ය ඇඳුමට ගහන කට්ට ඉඳල චරිත වලට අවශ්‍ය සියලුම ඇඳුම් අපිට ලැබෙනවා. කිසිවක් අපි ගෙදරින් ගෙනියන්නේ නෑ. එහෙමයි නිර්මාණ බිහි වුණේ. දැන් ඒකට අපි ගෙදරින් ඇඳුම් ගෙනියන්න ඕනේ. ඉස්සර අපි ෆිල්ම් කරන්න ගියහම. ලෙස්ටර් මහත්තයා අපේ ඇඳුම් ගැන සැලකිලිමත් වෙනවා. විශේෂයෙන් ඇඳුම්වල පාට ගැන, මේකප්ගැන උනන්දු වෙනවා. කෝ මේව අද නෑනේ. මිනිස්සුන්ට ජීවත් වීමට සල්ලි ඕනේ. ඒක මම පිළිගන්නවා. සල්ලි සෙවීමේ උපක්‍රමය මිසක් නිර්මාණ අද නෑ. ඒවට සහභාගි වෙන්න බෑ. අපෙන් මිනිස්සු අහනවා ඇයි ඔයාලා අද නිර්මාණ වල දකින්න නැත්තේ කියලා. අපි එක්තරා රැකගෙන ආපු ක්‍රමයක් තියනවා. ඒක බිඳ ගන්න අපි කැමති නෑ.
වෘත්තිමය නිළියක් වීම තුළ ප්‍රතිපත්ති ගරුක වීම නිසාම බොහෝ නිර්මාණ ගිලිහී යාම ඔබේ ආර්ථිකයටත් තදින් දැනෙනවා ඇතිනේද?
මට නම් ප්‍රශ්නයක් නෑ. එහෙම ප්‍රතිපත්ති ගරුක වුණා කියල පැවැත්ම තියන කෙනාගේ නැතිවීමක් සිද්ධ වෙන්නේ නෑ. මාලිනී ෆොන්සේකා, ගාමිණී ෆොන්සේකා, ජෝ අබේවික්‍රම මේ අයගේ පැවැත්ම අදටත් වෙනස් වෙලා නෑ. ඒ අයට සම කරන්න කවුරුවත් තවම බිහිවෙලා නෑ. විජය කුමාරතුංග උනත් තැනකට ආවහම තිබුණු පිරුණු බව ස්ටාර් ලුක් එක ඔහු නැතිවුණත් අදටත් තියන දෙයක්. යමෙක්ගේ ගාණ වැඩිනම් අඩුවට කරන අයත් ඉන්නවා. ඒක මම නැහැයි කියන්නේ නෑ.
අද වෙලාව කලාව කියන දේ පටලවා ගත් පිරිසක් නේද රංගන කලාවේ ඉන්නේ?
අපි වෙලාවට වැඩකළ පිරිසක් ෂූටින් යන්න. වෙලාවක් කිව්වොත් ඒ වෙලාවට කලින් මම නම් සුදානම්. මේ ගතිය පරණ කට්ටියගේ තියනවා. අද කාලෙ ළමයි පුරුදු වෙලා ඉන්නවා. දිනයක් වෙලාවක් දුන්නහම ඒ ගැන සැලකිලිමත් නොවන සමහර විට ඒ අයට ඕනෙ වෙලාවට ෂූටින් කරන්න ඕනේ. නමුත් මට නම් බෑ ඒ වගේ වැඩ පිළිවෙළකට එහෙම වැඩ කරන්න මට නම් බෑ. වෙලාවක් කිව්වොත් වෙලාවට තමයි මගේ වැඩ.
සිනමාව වගේම රූපවාහිනී මාධ්‍යය ගත්විට ඔබ වඩාත් ඇලුම් කරන්නේ කුමන මාධ්‍යයට ද?
සිනමාවට. හැබැයි මට සිනමාවෙන් නොලැබුණු චරිත බොහොමයක් රූපවාහිනිය තුළ මම කළා. අන්න ඒකයි. එතන තිබුණු වෙනස. මම හැමවෙලේම කළේ මට දැනිච්ච චරිත. ඒ හැමදෙයක්ම සාර්ථක වුණා.
අද බහුලව මේ රටේ ටෙලි නාට්‍ය කරන්නේ අධ්යක්ෂවරු නොවෙයි. රූපවාහිනී ආයතන කියලයි දැනගන්න තියෙන්නේ?
ඒක සත්‍යයක්. හැමදේම තීරණය කරන්නේ ඒ ආයතන. නිෂ්පාදකයෝ, අධ්යක්ෂවරු, මෙතනදී නාමිකයන් පමණයි. රූපවාහිනී ආයතන කියන නළුවෝ නිළියෝ ගන්න ඕනෙ එයලාගේ කන්ඩිෂන් වලට යටවෙලා අද කාලේ නිර්මාණ නෑ මුදලට යටවීමක් තියෙන්නේ. අපි හොඳ දෙයක් කලොත් ඒක සැමදා පවතිනවා. නරක දෙයක් කළොත් ටික දවසකින් ඒක විනාශ වෙලා යනවා. මිනිස්සුන්ට අමතක වෙලා යනවා. මුදල් හම්බ කිරීමක් විතරයි සිද්ධ වෙන්නේ.
අද අධ්යක්ෂ නමට පමණයි කිව්වොත්?
එහෙම අයත් ඉන්නවා. නැතුව නොවෙයි. අපි එදා චිත්‍රපටයක් කරපුවහම ඒකෙ රූපෙ ද කියන්නේ ඩබින් වලට ගියාට පස්සේ ඒ තමයි ඉස්සර අපි අත්දුටු දේ. නමුත් අද මේ රඟපානවා. මේ මොනිටරයෙන් ඒක බලනවා. තාක්ෂණය ඒ තරමට දියුණු වෙලා. ඒත් නිර්මාණකරුවා තවත් වලපල්ලට. මම වගේ අත්දැකීම් බහුල ප්ර්රවීණ ශිල්පිණියක් රඟපෑමෙන් පසු අධ්යක්ෂවරයා ළඟට ගිහින් ඇහුවාලු මම කළ රඟපෑම හොඳද කියලා.ඒ පාර අධ්යක්ෂ දෙකට තුනට නැමිල ඇඹරිලා කිව්වලු අක්කට හොඳ නම් ඉතිං මට කිසි ප්‍රශ්නයක් නෑ කියලා. අද අධ්යක්ෂවරු ඉන්නේ. ඇක්ෂන් කට් කියන්න විතරයි. මොකද මොනිටරය තියනවනේ.
එදා ලෙස්ටර් සුමිත්‍රා චිත්‍රපට කරනකොට මොනිටරයක් තිබුණා නම් සිනමාවේ මොනවගේ විප්ලවයක් කරයි ද?
එදා චිත්‍රපට කළේ අපි රඟපාන දේ කැමරාවේ පටිගත කිරීම පමණයි. මට මතකයි ගඟඅද්දර චිත්‍රපටයේ විජය කුමාරතුංගගේ සිංදුව. මේ සිංදුව මිසිස් පීරිස් අහකට දාලා තිබුණේ එයා කැමැති වුණේ නෑ. ප්ලේ බැක් දාල මේ සිංදුව කරන්න. එයා ප්ලේ බැක් එක කවදාවත් දැම්මෙත් නෑ. අපට කියලත් නෑ. මේ සිංදුවක් ෂූට් කරන්නේවත් කියලා නිකන් කොස් කොලේ අතේ තියාගෙන විජය කුමාරතුංග එනවා මම ගහ අස්සෙන් එනවා. කොහොමද ඒ සීන් එක ෆිල්ම් වෙච්ච හැටි අද ඉන්නවාද එහෙම අය. මම දන්නෙත් නෑ. විජය දන්නෙත් නෑ සිංදුවක් කරනවා කියලා. එදා තමයි නියම අධ්යක්ෂවරු හිිටියේ. ඉතිං මේව දැකපු අපිට අද කරන ඒවා දැකල හිනායනවා. මම කියන්නේ නව පරපුරක් එන්න ඕනේ. මේක බාරගන්න ඕනේ. මේක දියුණු වෙන්න ඕනේ. ලංකාවේ සිනමා මාධ්‍ය රූපවාහිනී මාධ්‍යය තියෙන්න ඕනේ. නමුත් මේ දෙකේම දියණුවක් නැතිකම මම දකිනවා. අපි ප්‍රවීණයෝ විධියට හරි කැමැතියි. තරුණ පරපුරට මේක භාර දෙන්න.
ඔබ අතිශයින් ජනාදරය දිනූ ටෙලි නිර්මාණ බොහොමයක් වෙනුවෙන් නිෂ්පාදනයෙන් දායක වූ තැනැත්යක්?
අග පිපිමල්, සෙදෝණා, සත්ගුණාකාරය, යකඩ දෝලි, සොඳුරු දඩයක්කාරයා, සකුණ පියාපත් නිෂ්පාදනය කළා. මේ හැම නිර්මාණයකම තිර රචනයට සුදුසු කෙනා තමයි මම අරන් තියෙන්නේ. ඒ හැමෝම පාහේ සම්මානත් අරන් තියනවා. සම්මානයට නිර්දේශිත වූ අවස්ථා තියනවා. දැන් තියන ඒවා නිර්දේශ වෙනවාද නෑ. තියෙන්නේ ජනපි‍්‍රය නළුවයි නිළියයි විතරයි. ඒ අය සමහරු අපි දැකලත් නෑ.
සමහරු කියනවා නිර්මාණ කරන්න පුුළුවන් පෙන්නගන්න තමයි බැරි. පෙන්නගන්නත් මුදල් දෙන්න ඕනෙ කියලා.
මට නම් කවදාවත් එහෙම වුණේ නෑ. මගේ ටෙලි නාට්‍ය එක පයින් විකාශයට ගත්තා. මගෙන් කවුරුවත් විකාශය කරන්න සල්ලි ඉල්ලුවේ නෑ. එහෙම ඉල්ලුවා නම් මම දෙන්නේ කනට එකක්. මම ඔය ජරාව දෙන්න පුරුදු කරගත්තේ නෑ. මගෙන් ඉල්ලලවත් නෑ. මට ලැබුණේ 8.30 බෙල්ට් එක. මම කළ සකුණ පියාපත් ටෙලි නාට්‍යයට විතරක් 7.30 බෙල්ට් එක දුන්නා. ඒ නාට්‍ය ඩිරෙක් කළේ ක්‍රිස්ටි ෂෙල්ටන් කොටස් 65ක් විකාශය වුණා. ලස්සන නාට්‍යයක් මේ නාට්‍යය නවත්තපු වෙලාවේ පේ්රක්ෂකයොත් ප්‍රශ්න කළා. ඇයි මේක නතර කළේ කියලා.
අද එදා තිබු හොඳ නිර්මාණ බිහි නොවන්නේ?
ඒකට ප්‍රධාන හේතුව රටේ ආර්ථිකය එදා තිබුණු ආර්ථික රටාව අද තිබුණ නම් මම රඟනොපෑවත් මම හොඳ ගණයේ ටෙලි නාට්‍ය නිෂ්පාදනය කරනවා.
ටෙලි නාට්‍ය රඟපාන්න ආරාධනා නැති තැන තමන්ගේම ටෙලි නාට්‍යයක් නිෂ්පාදනය කර එහිම රඟපෑම සමහරුන් කරන දෙයක් ඔබත් ඒ ගණයේද?
නෑ මම එහෙම වෙන්න ඕනෙ නෑ. මගේ ටෙලි නාට්‍ය කරද්දීත් මම වෙනත් අයගේ ටෙලි නිර්මාණ වල වැඩකළා. එහෙම කළ බොහොමයක් අතරින් එකක් තමයි අම්මාවරුනේ මේක ගොඩක් ජනපි‍්‍රය වූ ටෙලි නාට්‍යයක් සමහර නාට්‍යවලට ආරාධනා ආවත් මට මගේ දේවල් නිසා බාරගන්න බැරිවුණා.
ඔබේ ටෙලි නාට්‍යවල නළු නිළියන් තේරුවේ ඔබ කිව්වොත් මා නිවැරැදිද?
බොහෝ විට ඔබ නිවැරැදියි. මම බොහොමයක් සඳහා චරිත වෙනුවෙන් නළුවෝ නිළියෝ තේරුවා. ඒ අය ඒ චරිතවලින් පසුව සම්මානත් ගත්තා. මගේ සොඳුරු දඩයක්කාරයා නිර්මාණයේ අංජුලා රාජපක්ෂ, යකඩ දෝලි නිර්මාණයේ අනුලා බුලත්සිංහල, සත්ගුණාකාරය නිර්මාණයේ දීපානි සිල්වා ඒවාට ප්‍රබල උදාහරණ මට ඒ හැකියාව ලැබුණේ ලෙස්ටර් සුමිත්‍රා යුවලගේ ආභාසයත් එක්ක.
අදත් ඔබ රංගනය ගැන පසුතැවෙන නිළියක් ද?
නෑ. නිළියක් වශයෙන් මම තෘප්තිමත් නමුත් හොඳ දෙයක් කරන්න. මම අදත් සුදානම්. අපට කරන්න පුළුවන් කාලේ අපි මෙහෙම ඉන්න එක මහ අපරාධයක් නමුත් ඒකට අද ආර්ථිකය හරස් වෙලා.
ටෙලි නාට්‍ය නිෂ්පාදනයට පෙම් කරන ඔබ ඇයි චිත්‍රපට නිෂ්පාදනයට යොමු නොවන්නේ?
ප්‍රධාන හේතුව මුදල්, ගොඩක් ආසයි චිත්‍රපටයක් කරන්න. ඒකට මුදල් ගොඩක් ඕනේ. මුදල් නැතිකම නිසා ආසාව හිතේ තියන් ඉන්නවා. මුදල් තිබුණා නම් මමත් හොඳ ලස්සන චිත්‍රපටයක් කරනවා.
කවුරුහරි ඔබට මුදල් දුන්නොත් චිත්‍රපටයක් කරනවාද?
ඔව්. අධ්‍යක්ෂණය පැත්තෙන් නොවෙයි. සම්බන්ධීකරණය පැත්තෙන් මම ටොප් ක්ලාස් වැඩක් කරන්නේ. කරන්නේ නැත්තේ ඩිරෙක්ට් කරන එක විතරයි. මම කරන දේ දැනුම්වත්ව කරන්න ඕනේ. එහෙම නැතුව කරන්නේ නෑ. මගේ සිරිත තමයි මගේ නාට්‍යකට වුණත් මම ගන්නේ හොඳම කෙනා සමහර නිෂ්පාදකයෝ ඉන්නවා. ඩිරේක්ටර්ගේ ඔළුවටත් උසින් ගිහින් මොනිටරය බලන. නමුත් මම නම් නෑ. මම දන්නවා හොඳම කෙනා ගත්තොත් ආයෙ උඩින් බලන්න ඕනේ නෑ කියලා.
කවුරු හරි කිව්වොත් වසන්ති තුළ තියෙන්නේ යල් පැනගිය අදහස් කියලා?
නෑ. මම තුළ යල් පැනගිය අදහස් නෑ. මම කියන්නේ අපි නවීණ තාක්ෂණය සමඟ යා යුතුයි. එදා අපිට ඒ තාක්ෂණය තිබුණේ නෑ. අපි කළ යුත්තේ නවීණ තාක්ෂණය හරි දේට හරි විධියට යොදා ගැනීමයි කියලා හිතන්නේ. ප්‍රධාන චරිතෙට අවශ්‍ය කෙනා තරුණ කෙනෙක් නම් ඒකට මගේ අමනාපයක් නෑ. සුදුස්සාට තියන තැන ලැබිය යුතුයි. මම යල් පැන ගිහිල්ලා නම් මම කළ නිර්මාණ කොහොමද අතිසාර්ථක වන්නේ. ඒක ඔය කතාවට හොඳම උත්තරය නොවන්නේද?
අද ඔබ සිනමාවෙන් විරාමයක් අරන් තියෙන්නේ මොන චිත්‍රපටයෙන් පස්සේද?
උදයකාන්තගේ වැලෙන්ජර් චිත්‍රපටයෙන් පසු මේ චිත්‍රපටයෙන් පසු මම කිසිම චිත්‍රපටයකට කවුරුවත් ආරධනා කළේ නෑ. හේතුව මම දන්නෑ. දැන් අපි අවුට් කියල හිතල ද දන්නෙ නෑ.
කලා ජීවිතයට කොපමණ වසරක් පිරිල ඇතැයි ඔබ සිතනවාද?
වසර 45ක් විතර ඊට අඩු නෑ. ඔය කාලය තුළ චිත්‍රපට පණහක් විතර කරල ඇති. ටෙලි නාට්‍ය නම් ඊටත් වැඩියි.
අද ඔබට චිත්‍රපටයකට කතාකළොත් බාරගන්නවද?
ඔව්. මගේ කන්ඩිෂන් එක්ක. කරන ඩිරෙක්ටර් ගැන මම සැලකිලිමත්. මගේ ගාණ ගැන සැලකිලිමත් ස්ක්‍රිප්ට් එක ගැන මම සැලකිලිමත් ලැබෙන චරිතය ගැන සැලකිලිමත් ඔය කාරණා සම්පුර්ණ නම් මගේ රංගනයේ උපරීමය නිර්මාණයට ලැබෙයි.
අතීතයේ ඔබ සිනමාවට ප්‍රවිෂ්ට වූ ආකාරය ගැන මොකද හිතෙන්නේ?
ඒක ඇත්තෙන්ම හීනයක් ජීවිතය පුදුම දෙයක් අහම්බෙන් හමුවීමක් මගේ ජීවිතය ගෙනියන්නේ නොසිතපු දිසාවකට සංසාරයේ මොනවා හරි හමුවීමක් වෙන්නත් පුළුවන්. මාවත් ලෙස්ටර් සුමිත්‍රා යුවළ හමුවීමත්. සමහර විට මගේ ජීවිතයේ වාසනාවක් කිව්වත් වරදක් නෑ. මම ලෙස්ටර් සුමිත්‍රා යුවළගේ චිත්‍රපටවල රඟපෑවා විතරක් නොවෙයිනේ. එයාලගේ දරුවෙක් වගේ මාව එයාල ඔවුන්ගේ ජිවිතයට සම්බන්ධ කරගෙන තිබුණාත් මට ආචාර්ය පීරිස් හරිම ආදරෙයි. මට අද වගේ මතකයි. පීරිස් යුවළට මාව හමුවන සිද්ධිය. සුමිත්‍රා පිරිස් මහත්මිය ‘ගැහැනු ළමයි’ චිත්‍රපටයට ළමයෙක් හොයමින් ඉන්නකොට ඩොකියුමන්ට්‍රියක් කරන්න ගම්පහට ආවා. ඒ ආ පාර ඇයට නෑදැවන ළමයි වගයක් ඉන්න ඉස්කෝලෙකට යන්න කතාකරගෙන මගේ පාසල වූ ගම්පහ සිරිකුරුස විද්‍යාලයට ආවා. ඒ ඇවිත් අපේ පාසලේ විදුහල්පතිනිය වූ සිස්ට නෙලී හෙලන් මහත්මිය හමු වී තිබුණා. මම දැක්කා ඇය වට කරගෙන ළමයි ඉන්නවා. මටත් ඒ කාලේ රඟපෑමේ පිස්සුව තිබුණා. සිංදු කියන්න කවි ගායනා කරන්න. නාට්‍ය රඟපාන්න ඕව තමයි මට පුළුවන් ගණන් කිව්වොත් වෙව්ලනවා. සාහිත්‍ය වැඩකටයුතු වලට මම දක්ෂයි. මමත් ළමයිව වටකරගෙන හිටිය තැනට ගියා. ඒ යනකොට මිසිස් පීරිස් මා දිහා බලාගෙන හිටියා. අමුතුවෙන් වගේ මගෙන් ඇහුවා. චිත්‍රපටය රඟපාන්න කැමැතිද කියලා. මම ගත් කටටම කිව්වා. හරිම ආශයි ගෙදරින් අහන්න කියලා. මම ඉස්කෝලේ ඇරිලා ගෙදර ගියහම හැන්දෑවේ මිස්ට පීරිස් මිසිස් පීරිස් ආව මගේ ගෙදරට ඇවිත් කිව්වා. මෙයාව අපි චිත්‍රපටයකට ගන්නවා. කැමැති නම් ලියමනක් එවන්න කියලා. ඇඩ්රස්එක දීලා ගියා. ආච්ච්ි චිත්‍රපට කියන ඒවාට කැමැතිම නෑ. මං සිංදුවක් කිව්වත් මට බනිනවා. මගේ පුංචි අම්මාට හිටියෙත් පුතාල. මම ඒ අයත් එක්ක එකට සිංදු කියනවා. මමත් කොල්ල වගේ ඒ අයත් එක්ක බජව් දානවා. නටනවා. දවසක් මට ආච්චි මට කිව්වා. මම නාට්‍යයක රඟපාන්නම් කියලා. ඒ පාර ආච්චි කිව්වා රඟපාන්න ගියොත් මගෙ කකුල් දෙක පුච්චනවා කියලා. මම හිතුවෙත් නෑ මෙහෙම කිව්ව ආච්චි මේකට කැමැති වෙයි කියලා මොන හේතුවකට දෝ මන්දා මට ඇය චිත්‍රපටයේ රඟපාන්න යන්න කැමැත්ත දුන්නා.
වසන්ති චතුරාණි බොහෝ විට අපි දකින්නේ බොහොම නිහඬ චරිතයක්. මේකට හේතුව?
කෑ මොර දීල තමන්ගේ ගුණ ගී තමන්ම ගායනා කරගන්නේ තමන්ට තමන් විශ්වාස නැති අය. මට මාව විශ්වාසයි. මිනිස්සුන්ගේ හිත් වලින් ගඟ අද්දර අයින් කරන්න බෑ. ගැහැනු ළමයි අයින් කරන්න බෑ. මම අහන්නේ ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස් කියන්නේ දගලපු මනුස්සයෙක් ද නෑ බොහොම නිහඬ චරිතයක්. ඒක තමයි බුද්ධිමත් මිනිස්සුන්ගේ ලක්ෂණය. තමන්ට සාර්ථක ගමනක් යන්න නම් අපි අපි ගැන කියාගන්න ඕනෙ නෑ.’
ඔබේ රංගන ජීවිතයේ ගුරුවරු වුණේ කවුද?
ලෙස්ටර් ජේම්ස් පීරිස් සුමිත්‍රා පීරිස් යුවළ. මගේ ගුරුවරුන් වුණාට පස්සේ මට තව කවුරුවත් ගුරුවරුන් වන්නද? ජෝ අබේවික්‍රම එක්ක රඟපෑව කියන්නේ ජයලත් මනෝරත්න එක්ක රඟපෑවා කියන්නේ ඇක්ටින් ස්කූල් එකකට ගියා වගේ තමා.
සේයාරූ - දයාන් විතාරණ