වර්ෂ 2023 ක්වූ December 05 වැනිදා Tuesday
පැකේජයක් ලෙස සකස් කළ ගීත ඇල්බමයක්

ශ්‍රී ලාංකේය සංගීත ක්ෂේත්‍රයේ ගමන් මඟ විවිධ වෙනස්කම් සමඟ හඳුනාගන්නට හැකි වූ නිර්මාණකරුවන් බොහෝය.
නූතන පරපුරේ මිණිමුතුවන් නව නිර්මාණකරුවන් එහි උන්නතිය වෙනුවෙන් දක්වන දායකත්වය ඒ අතර කැපී පෙනෙනසුලුය. විශේෂයෙන් සිය නිර්මාණ පර්යේෂණීය වෙනස්කම්වලට ලක්කරමින් ඔවුන් තබනා සටහන් වටහා ගන්නට උත්සුක වීමත් එක් පසෙකින් වැදගත් වේ. නූතන පරපුරේ නව නිර්මාණකරුවන් පිරිසක් ලෙස Wings සංගීත කණ්ඩායම පසුගිය දා සුවිශේෂ ආකාරයෙන් සිය නවතම සංගත තැටිය (නදියේ) එළි දැක්වුයේ මෙකී කරුණු සියල්ල කැටි කොටය. එම නිර්මාණ කාර්යයේ සුවිශේෂත්ව ගණනාවක් ඇති අතර ඒ පිළිබඳ Wings දැක් වූ අදහස් බලමු.
පළමුවෙන් ‘නදියේ’ ඇල්බමය ගැන කතා කරමු. ‘වින්ග්ස්’ සංගීත කණ්ඩායමක් ලෙස වෙනස් ම ක්‍රමයකට කළ පිළිගැන්වීමක් විදියටයි බොහෝ දෙනෙක් මෙය හඳුනාගත්තේ.
ඇත්තෙන්ම ඔව්. මෙය ලාංකික පේ‍්‍රක්ෂකයාට ලැබෙන මේ ආකාරයේ පළමු අත්දැකීම කියායි අපි විශ්වාස කරන්නේ.
ඇත්තටම අන්තර්ජාතික සංගීත ක්ෂේත්‍රයට නම් මෙය අලුත් අත්දැකීමක් නොවේ. නමුත් ලංකාවේ සංගීත ක්ෂේත්‍රයට ඇත්තෙන්ම අලුත් අත්දැකීමක්. මෑත ඉතිහාසයේ පළමු වතාවටයි. ‘පැකේජයක්’ ලෙස සකස් කළ මෙබඳු ගීත ඇල්බමයක් නිකුත් වුණේ, පසුගිය වසරේ තමයි මෙය අපි නිල වශයෙන් එළිදැක්වුයේ.
මේ ඇල්බමයේ අඩංගු ගීතවල අනන්‍යතා පිළිබඳ සංගීත කණ්ඩායමක් ලෙස ඔබ තෘප්තිමත් වන්නේ කොහොමද?
මේ ඇල්බමයේ ගීත 13ක් අඩංගුයි. ඉන් ගීත කීපයක් වසර 10ක විතර අතීතයක් ඇති ගීතයි. ඒ වගේම මෙහි ඇති සෑම ගීතයකින්ම කණ්ඩායමේ සෑම ගායකයකුටම ආවේණීක වූ හඬ වගේම විවිධ සංගීත ශෛලීන් ද පෙන්නුම් කරනවා. එය ඔවුන්ගේ සුවිශේෂ හැකියා විදහා දැක්වීමක්. ඊළඟට පුළුල් ලෙස ආදරය ගැන ලියැවුණු ගීත අඩංගු වීම මේ ඇල්බමයේ අනෙක් විශේෂත්වයයි. හැබැයි ඒක පුරුෂයකු හා කාන්තාවක අතර පවතින ක්‍රමයේ පේ‍්‍රමයට පදනම් වූ ගීත පමණක්ම නොවේ.
එබඳු ගීතත් ඇතුළුව පේ‍්‍රමයේ විවිධ පැතිකඩ හෙළි කරන ගීත මීට අඩංගු වුණා. එය මනුෂ්‍ය පේ‍්‍රමයේ සිට පේ‍්‍රමවන්තයකුගේ, පෙම්වතියකගේ පේ‍්‍රමයේ සිට විරහවේ ප්‍රකාශනයන් වගේම මේ මහපොළොවේ පේ‍්‍රමය හා දරාගැනීම පිළිබඳ ලියැවුණු ගීත තෙක් ඒවා විහිදුණා. උදාහරණයක් ලෙස ප්‍රවීණ ගීත රචිකාවක වූ යමුනා මාලිනි පෙරේරා රචනා කළ ගීය දැක්වුවොත් එහි ඇය කතා කරන්නේ මහපොළාවේ, මේ පරිසරයේ පැවැත්මට මුලික වූ පේ‍්‍රමයේ වැදගත්කම පිළිබඳයි.
ඒවගේම මේ ඇල්බමයේ සියලුම ගීතවල එක් ගීයක් හැර (එනම් බොල් වූ හදවත් ගීතය. එහි තනුව දිලීප ලියනගේ සොහොයුරා විසිනි) තනු සහ සංගීත අධ්‍යක්ෂණය සිදුකරන ලද්දේ අප විසින්මයි. එසේම සියලුම ගීත ගායනා කරනු ලැබුවේ අප විසින්මයි. අනෙක් විශේෂත්වය වූයේ මේ සම්පූර්ණ ගීත ඇල්බමයම පටිගත කරනු ලැබුවේ කිරිබත්ගොඩ මාකොළ පිහිටි අපේ ශබ්දාගාරය තුළදීම වීමයි. මේ ඇල්බමයේ සියලුම ර්ඪයඪදඨ - ර්චඵබඥපඪදඨ කටයුතු කරනු ලැබුවේ අපේ කණ්ඩායමේ නිලක්ෂ ෆ්රීසන් නෙත්තිකුමාර සොහොයුරා විසිනුුයි. ඉතින් එබඳු විශේෂත්ව ගණනාවක් මේ ගීත ඇල්බමය වගේම අපේ සංගීත කණ්ඩායමත් සතුයි.
නදියේ ඇල්බමය විශේෂ ක්‍රමයකට ඔබ පිළිගන්වන්නේ. මෙය නිර්මාණකරුවකු ශ්‍රාවකයකුට ලබා දෙන වටිනාකමක් විදියට ඔබ දැක්වුවා.
ඔව්. ඒක හරි. මෙය නිර්මාණකරුවකු විසින් ශ්‍රාවකයාට යම් වටිනාකමක් දෙන ලෙසටම සැකසු එකක් ලෙස පැහැදිලි කර දෙන්න පුළුවන්.
Delux Box පැකේජයක් විදිහට අපි මෙය පිළිගන්වන්නේ. ඒ පැකේජය තුළ ඇල්බමයේ ගීත 13ක් අඩංගු සංයුක්ත තැටිය (CD) හා USB Pen drive එකක් ප්‍රධානව තවත් අත්දැකීම් කීපයක් අපි පිළිගන්වා තිබෙනවා.
එහිදී නදියේ ගීත ඇල්බමයේ නිල තේමා රූපයේ (Album Art) A3 ප්‍රමාණයේ වර්ණ පෝස්ටරයක් එසේම සියලුම ගීතවල පද රචනා මෙන්ම ගී පද රචක රචිකාවන්ගේ නම්, පටිගත කිරීම්වලදී ලබාගත් ඡායාරූප ඇතුළත් පොතක් (Booklet) හා නිල තේමා රූපය ත්‍රිමාණ ස්වරූපයෙන් දැක්වෙන, එකිනෙක වෙන් කළ හැකි හා විනිවිද දැකිය හැකි කොළ හතරකින් යුත් වර්ණ ඡායාරූපයක් ද මේ පැකේජයේ අඩංගුයි. ඇත්තටම අපේ රටේ මේ ආකාරයේ ගීත ඇල්බමයක් පිළිගන්වන පළමු වතාව මෙයයි.
නූතන සමාජ මාධ්‍යවල බලපෑමත් සමඟ අසන්නන් සංගත තැටියක් නිදහසේ රසවිඳින තැනින් ඈත් වී තිබෙන පසුබිමක විශේෂයෙන් තරුණ පරපුර නැවත ඊට හුරු කරවීමේ අරමුණින් අපි මෙය මුලිකව කළේ. එහිදී සාමාන්‍ය ක්‍රමයේ සංගත තැටියක් නිෂ්පාදනය කර ලබා දෙනවා වෙනුවට තරුණ පරපුරට නැවත උනන්දුවෙන් සංගත තැටියක් රසවිඳින්න හැකි ආකාරයේ සාධකවලින් සමන්විත කරලයි අපි මෙය සකස් කරනු ලැබුවේ.
wings සංගීත කණ්ඩායම පිළිබඳත් කතා කරමු.
2011 වසරේදියි අපේ සංගීත කණ්ඩායම ආරම්භ කළේ. එහිදී අපේ මුලික අරමුණු අතර තිබුණේ අලුත් දෙයක් හා වෙනස් දෙයක් කිරීමේ අදහසයි. ඒ වාගෙම යූ ටියුබ් ඔස්සේ අප සමඟ සිටි රසික පිරිස ඒ වන විට අප සමඟ සිටියේ ඇයි කියන හේතුවත් මෙහිදී අපට හරි වැදගත් වුණා. විශේෂයෙන් අප වටා සිටි රසික පිරිස හඳුනාගෙන තිබුණා අපි වෙනස් දෙයක් කරන සංගීත කණ්ඩායමක් විදියටත්. ඉතින් ඔවුන්ගේ අදහස් ආදී සියල්ලත් සමඟ තමයි අපි නදියේ ඇල්බමය කරන්න පෙලඹුණේ. එහිදී ගුණාත්මක නිර්මාණයක් සමාජයට ඉදිරිපත් කිරිමේ වැදගත්කම දැඩිව අවධානයට ලක් වුණා. විදෙස් රටවල ශ්‍රාවකයාට නම් මේ අත්දැකීම අලුත් දෙයක් නොවෙයි. විදෙස් රටවල බොහෝ නිර්මාණකරුවන් සිය රසිකයන්ට මෙවැනි අත්දැකීමක් ලබා දීම ඔස්සේ රසිකයාට පිරිනමන්නේ යම් වටිනාකමක්.
ඊළඟට අපේ විශ්වාසය වුණේ මුල් පදරචනා හරියටම ශ්‍රාවකයා අතට පත්විය යුතුයි කියන කාරණයයි. එමඟින් පසු ගායනවලදී සිදුවිය හැකි දෝෂ වළක්වාගැනීමට එය වැදගත් බවයි අපේ අදහස වුණේ. එසේම පද රචකයන් හට ඔවුන්ට හිමි වටිනාකම ලබා දීමත් අපේ අරමුණක් වී තිබුණා. ඒ අරමුණ ඇතිවයි. අපි මුල් පදරචනා ඇතුළත් කොට පොතක් ඉදිරිපත් කළේ ඇත්තටම මේක එක් පැත්තකින් බැලුවොත් සුවිශේෂ අත්හදා බැලීමක් වගේම නවාංග රැසක් කැටි කොට ලංකාවේ රසිකයන්ට ලබා තිළිණයක් බඳුයි. ඇත්තටම මේක අපි කරපු දිගුකාලීන ව්‍යාපෘතියක ප්‍රතිඵලයක් විදියට දකින්න පුළුවන්. ‘නදියේ’ ගීත ඇල්බමය වසර ගණනාවක් තිස්සේ විවිධ බාධක මැද ගොඩ නැඟී අවසානයේ ඒ සියල්ල ජයගනිමින් එළිදැක්වුණු ගීත් ඇල්බමයක් ලෙස හැඳින්වුවොත් නිවැරැදියි. ඉතින් ඇත්තෙන්ම මෙය අපි ලාංකේය සංගීත කණ්ඩායක් ලෙස ලැබු ජයග්‍රහණයක් විදියට හඳුන්වාදිය හැකියි.
සංගීත කණ්ඩායමක් විදියට විවිධ ශෛලීන් ඔබේ නිර්මාණවලින් ඉදිරිපත් කරනවා. නදියේ ඇල්බමයට අදාළව ඔබ කොයි විදියට ද ඔබේ ප්‍රකාශනයන් ඉදිරිපත් කර තියෙන්නේ.
‘නදියේ’ රොක් සංගීතයට බර ඇල්බමයක්. රොක් සංගීතයට නැඹුරු විශාල පිරිසක් අපේ රටේ සිටිනවා. ඒ අයට මේ ඇල්බමය අපුරු අත්දැකීමක් වෙයි.
සුභාවිත ගීතයට නැඹුරු පිරිසක් අද සමාජයේ නෑ කියන අදහසක් තියෙනවා. ඒ පිළිබඳ ඹඪදඨඵ ඔබේ අදහස මොකක්ද?
ඒක මෙහෙමයි. සුභාවිත ගීතය නැතිවම හෝ ඊට කැමැති පිරිසකුත් නැතිවම නොවේ. අපි මෙහෙම හිතමු. දැන් රෙගේ, රොක් ක්ලැසික් ආදි මේ ඕනෑම ආරක සංගීතය නැති වී නැහැනේ. එය එහෙමම තියෙනවා. ඒ ආරේ නිර්මාණ බිහි නොවී තියෙන්නේමත් නෑ හැබැයි ඒ සියල්ල අබිබවා වෙනත් ආරක නිර්මාණ වැඩි වැඩියෙන් යම් පසුබිමක් තුළ බිහිවෙනවා නම් එය මිනිසුන්ට හුරු පුරුදු වෙන්න තියෙන ඉඩ වැඩියි. ඉතින් මේ ප්‍රශ්නයට පිළිතුරත් ඒකයි. සුභාවිත ගීතය නැතිව නොවේ. හැබැයි එවැන්නක් එළියට එන්නේ කලාතුරකින්. හැබැයි ඊට වඩා වැඩි වේගයෙන් වෙනස් ආරක සංගීත ශෛලීන් හෝ ගීත බිහිවෙනවා. එහිදී සුභාවිත ගීතය සැඟවෙන්න තියෙන ඉඩකඩ වැඩියි. ඒ වගේ පසුබිමක ඒ නිර්මාණකරුවන් කලකිරීමකටත් පත් වී ඉන්නවා. සමහරවිට ඔවුන් නිර්මාණ කරන්නේමත් නැති තරම්. ඉතින් ඒවගේ වටපිටාවක් තමයි මීට බලපා තියෙන්නේ. හැබැයි ඒ අතරතුර දී ප්‍රතිභාපූර්ණ නිර්මාණකරුවකු මතු වී මේ වටපිටාවේ වෙනසක් කරන්නත් හැකියි.
මේ වෙලාවේ ඔබ උදාහරණකොට ගන්නේ කාවද?
චරිත අතලගේ. මේ වේලාවේ මතක් වෙන්නේ ඔහුව. ඔහු කළ කුවේණි කියන ගීතය ඊට උදාහරණයක්. එහිදී ඔහු සම්භාව්‍ය සංගීතය එලෙසම යොදා ගන්නවා වෙනුවට වෙනත් ආරයන්, අපේ ජන සංගීතයේ හමා එන නාද රටා ආදි භාවිත කරමින් පරිස්සමින් සිය නිර්මාණය මෙහෙයවා තිබුණා. එහිදී ඒ නිර්මාණය පිළිගත් රසික පිරිසක් ඔහු වටා සිටියා. ඒ වගේම තමයි එවැනි නිර්මාණයක් රස විඳිය හැකි ඒවාගේම ඊට නැඹුරුවක් සහිත පසුබිමක් සැදී තිබෙන්නත් ඕනෙ.
නදියේ ඇල්බමය එළිදක්වද්දී වින්ග්ස් සංගීත කණ්ඩායම මේ අභියෝගවලට ප්‍රතිචාර දැක්වුයේ කොහොමද?
මුලින්ම අපට අප ගැන විශ්වාසයක් තිබිය යුතුයි. කණ්ඩායමක් ලෙස අපට ඒ විශ්වාසය තිබුණා. විද්‍යාව, ඉංජිනේරු තාක්ෂණය ව්‍යාපාර කළමනාකරණය වැනි විවිධ ක්ෂේත්‍රවල වෘත්තීය පසුබිම් නියෝජනය කරන, එමෙන්ම, සංගීතය ප්‍රගුණ කළ සංගීතඥයන් පස්දෙනකුගෙන් සමන්විත කණ්ඩායමක් විදියට අපි කැමැති සංගීත ආර ඔස්සේ ශ්‍රී ලාංකේය සංගීත ක්ෂේත්‍රයට වෙනස් හා අලුත් නිර්මාණ එකතු කරන්නයි අපට හැමවිටම වුවමනා වුණේ. අපේ ගීතවල ප්‍රධාන වශයෙන් ඕල්ටනේටිව්, රොක්, ක්ලැසික් රොක්, බ්ලුස් සහ ජෑස් වැනි සංගීත ආරයන් අඩංගු වනවා. නිර්මාණකරණයේදී වෙහෙස මහන්සිවීම , කැපවීම වගේම විශ්වාසයත් සැමවිටම මුලික වනවා. මේ ගීත ඇල්බමය නිර්මාණය කරද්දි මුලිකව අපි විශ්වාසයෙන් වැඩ කළා. ඉතින් ඇත්තටම එතැනදි අපි හිතුවාට වඩා පිරිසක් අප සමඟ ඉන්න බව අපි තේරුම් ගත්තා.
ඔබේ කණ්ඩායමේ සාමාජිකයන් පිළිබඳත් කතා කරමු.
නිලක්ෂ නෙන්තිකුමාර, සාලිය ඉලංගසිංහ, දිලීප් ද සිල්වා, කවීෂ් සිරිසේන, උදේශ් නිලංග මේ හැමදෙනාම wings සංගීත කණ්ඩායම් සාමාජිකයන් ලෙස ඔවුන්ගේ සුවිශේෂ හැකියාව සේම කාලය, ශ්‍රමය නොපැකිළව දෙමින් දක්වන සහය ගොඩක් අගය කළ යුතුයි.
වෘත්තියක් විදියට කලාවේ නිරත වීම අවදානමක් ගැනීමක් ලෙස බොහෝ දෙනෙක් විශ්වාස කරනවා. සංගීත කණ්ඩායමක් ලෙස ඔබට මෙය අභියෝගයක් නොවේද?
අපේ පදනම හදාගන්න අපි ගොඩක් මහන්සි වුණා. ඒක මූලික ජයග්‍රහණයක්. සංගීත කටයුතුවල නියැළෙද්දී අපේම ශබ්දාගාරයක් අවශ්‍යයි කියන අදහස අපට තිබුණා. ඊළඟට සංගීත භාණ්ඩ ඇතුළු අනිකුත් උපකරණ සමඟ සම්පූර්ණ ශබ්දාගාරයක් අපි ටිකෙන් ටික ගොඩ නැඟුවා. අපි සංගීත කටයුතුවලින් ඉපැයු මුදල් තමයි මුලිකව ඊට යොමු කළේ. ඒ සඳහා අපට කාලයක් ගත වුණා. හැබැයි එහි ප්‍රතිඵල නෙළාගන්න අපට පුළුවන් වුණා. විශේෂයෙන් 2000 සහස්‍රකයෙන් පසු මේ ක්ෂේත්‍රයට පැමිණි පිරිස මේ කලාවෙන් ආර්ථිකව ගොඩනැඟෙන්න පුළුවන් කියන අදහස සාක්ෂාත් කර පෙන්නූ පසුබිමක් තුළ අපිත් වර්ධනය වුණා.
බොහෝ දෙනෙක් සිය නිර්මාණ ඉක්මනින් සමාජ මාධ්‍ය වෙත මුදා හරිනවා. මේ ඇල්බමයේ ගීත සමාජ මාධ්‍ය ඔස්සේ රසවිඳින්න ලැබේවිද?
එවැනි අදහසක් තිබෙනවා. නමුත් අපි යෝජනා කරන්නේ මේ ඇල්බමය අපි ඉදිරිපත් කරන ආකාරයෙන්ම අරගෙන රසවිඳින්න කියලයි. මොකද අපි නිර්මාණයක් හරියට තේරුම් ගන්න නම් එය නිදහස් මනසින් විඳිය යුතුයි. ඉතින් ඒ සඳහා අවශ්‍ය වටපිටාවකුත් සමඟයි අපි මේ ඇල්බමය රසිකයන්ට ලබා දෙන්නේ. ඒ නිසා අපේ වෑයමේ සියුම් තැන් ස්පර්ශ කරන්න, ඒවා හඳුනාගන්න මේ ඇල්බමය ලබා ගෙන රසවිඳින්න කියා අපි ආරාධනා කරනවා. ඒ සඳහා අපේ නිල වෙබ් පිටුවට පිවිසීමෙන් ඊට අදාළ (එනම්. https://www.wingsmusic.lk) වෙබ් පිටුවෙන්) තොරතුරු දැනගත හැකියි.
විශේෂයෙන් අපේ මේ සුවිශේෂ වෑයම යථාර්ථයක් බවට පත්කරගන්න අපට සහය වූ සෑම දෙනකුමත් මේ මොහොතේ සිහිපත් කරන්න wing අපි කැමැතියි. ඒවගේම නදියේ ඇල්බමය රසවිඳ අදහස් දක්වන්න කියාත් කියන්න කැමතියි.