වර්ෂ 2023 ක්වූ December 05 වැනිදා Tuesday
කලාව මගේ ඇඟේ තිබුණ දෙයක්... අහම්බෙන් හොයාගත්තේ

මීට කලකට ඉහත පිළිකා ශල්‍ය වෛද්‍ය නෙඕමාල් පෙරේරා චිත්‍රපටයක් අධ්‍යක්ෂණය කළේය. එය ‘දඩඉම’ නම් විය. වසර 30ට ඉහත දී අප නැරඹූ වසන්ත ඔබේසේකර ගේ ‘දඩයම’ චිත්‍රපටයේ දිගුවක් ලෙසින් නිර්මාණය වූ මේ චිත්‍රපටය තවමත් මෙරට ප්‍රේක්ෂකයන්ට නැරඹීමට නොහැකි වූයේය. එහෙත් මේ චිත්‍රපටය අන්තර්ජාතික සිනමා උලෙළ රැසක් නියෝජනය කරමින් අන්තර්ජාතික සම්මාන 5න් ද පිදුම් ලැබුවේය.
තව දුරටත් ලංකාවේ තිරගත වීම පමා වන අවස්ථාවක අධ්‍යක්ෂවරයා තීරණය කළේ මේ චිත්‍රපටයේ තිර කතාව ඇසුරින් නවකතාවක් නිර්මාණය කිරීමටය. ඒ අනුව ‘දඩඉම’ චිත්‍රපටය ‘දඩ ඉම’ නමින් නව කතාවක් බවට පත් වී. පසුගිය දා එළැඹී අන්තර්ජාතික කාන්තා දිනයේදී දොරට වැඩියේය. මේ ඒ පිළිබඳ විශේෂඥ වෛද්‍ය නෙඕමාල් පෙරේරා සමඟ කළ සාකච්ඡාවකි.
චිත්‍රපටයක් කරල ඒක තිරගත වෙන්න කලින් ඒකෙන් නව කතාවක් කරන්න හිතුණෙ ඇයි?
ඇත්ත වශයෙන්ම කිවුවොත් චිත්‍රපටය තිරගත කරන්න කල්ගිය නිසා තමයි පොතක් කරන්න හිතුණේ. 2020 තමයි මේ චිත්‍රපටය මුලින්ම පෙන්නන්න බලාපොරොත්තු වුණේ. ඊට පස්සේ 2021 දිත් පෙන්වන්න බලාපොරොත්තුවක් තිබුණා. නමුත් කොවිඩ් ප්‍රශ්නයත් එක්ක ඒක කල් ගියා. හදිස්සියෙවත් චිත්‍රපටය නිෂ්පාදන කටයුතු ඉවරවෙන විටම තිරගත කරගන්න අවස්ථාව ලැබුණා නම් පොත ලියවෙන එකක් නෑ. ඇත්තටම කිවුවොත් මට නිකං ඉඳීමේ පුරුද්දක් නෑ. පහුගිය කාලෙම මම හිත හිත හිටියා මොකක්ද කරන්න ඕන කියලා. එහෙම හිත හිත ඉන්න අතරේදි මට හිතුණා මේක පොතක් විදියට ලියන්න ද කියලා. ඒ අතරෙම මම හිතුවා මේ කතාව චිත්‍ර කතාවක් විදියට අඳින්න ද කියලත්. ඊට පස්සේ මට හිතුණා මගේ චිත්‍ර ඒ තරම් හොඳ තත්ත්වයක නැති නිසා නවකතාවක් හැටියටම ලියනව කියලා. එහෙම තමයි ‘දඩඉම’ නවකතාව පටන් ගත්තේ.
ඒකත් මම පළවෙනි පරිච්ඡේදය ලියල ඉවර වෙලා තුන් හතර දෙනෙකුට පෙන්නුව මම ලියන විලාසය හොඳ ද කියල බලන්න. දෙතුන් දෙනෙක්ම හොඳයි කියලා කියපු නිසා තමයි කතාව ලියන්න පටන් ගත්තේ.
ඔබ මීට කලින් නවකතා හෝ වෙනත් කතා ලියපු කෙනෙක් නොවෙයි නේද?
මම 8 වසර පන්තියේ ඉගෙන ගන්න කාලයේ අපිට සිංහල උගන්වපු ගුරුවරයා උත්සාහ කළා කෙටි කතා ලියන්න පුරුදු කරන්න. ඒ පුහුණුවීම් සමයේ මම හිතන්නේ මමත් කෙටි කතා 7ක් විතර ලිව්වා. මම මගේ පළවෙනි කෙටි කතා පොත වෙනම කොලවල ලියලා පිටකවරයක් ඇඳලා, ඒක පොතක් විදියට බැඳලයි දුන්නේ. තාමත් මං ගාව ඒ පොත තියනවා.
ඒ කියන්නේ ඔබ ලේඛකයෙක් වෙලා තියෙන්නේ ළමා කාලයේදීමයි?
ඔව්. මේ පොත ලියන කතා බහ ඇතිවෙන විට, කවුරුහරි මගෙන් ඇහුවා මීට කලින් ලියල තියෙනවද? කියලා. එතකොට මගේ අයියා තමයි මතක් කරලා දුන්නේ. ඇයි ඔයාට මතක නැද්ද ඔයා ඉස්සර මල්ලිලාට කතන්දර කියනවා කියලා. ඇත්තටම ඒ කාලේ කියපු ඒ කතන්දර එකක්වත් පොත්වල තිබුණු කතන්දර නොවෙයි. ඒවා මම හදල කියපු කතන්දර. ඒ කාලේ මගේ ආසාව තිබුණේ කව් බෝයිස්ලාගේ රෙඩ් ඉන්ඩියන්ස්ලාගේ පොත් කියවන්න. මමත් මගේ කතා හදන්නේ ඒ කාලේ කව් බෝයිස්ලා ආශ්‍රයෙන්. කාටවත් කියන්න බෑ මම කියන්නේ බොරුවක් කියලා. ඒ අය ඒවා දැකලත් නැති නිසා හරි ආසාවෙන් අහගෙන හිටියා. එහෙම බලනකොට මම කතා කාරයෙක් වුණේ හුඟාක් පුංචි කාලෙදිමයි.
පස්සේ කාලෙක ඔබ යෞවනයෙක්, වැඩිහිටියෙක් වෙනකොට පරමාදර්ශ කරගත් ලේඛකයෝ හෝ ඔවුන්ගේ පොත පත ඔබට තිබුණා ද?
ඇත්ත වශයෙන්ම මට කියන්න දුකයි. මා අතින් අවුරුදු ගණනාවක් යනකම් සිංහල භාෂාව අතහැරුණා. ඒකට මට දැන් හරිම දුකයි. ඒකේ වටිනාකම මට දැනුණේ මේ කතාව ලියනකොට. අන්තිමට මම සිංහල භාෂාවෙන් රචනාවක් ලිව්වේ දහයේ පන්තියේදී විතරයි. ඊට පස්සේ උසස් පෙළ කරත්දි සිංහල භාෂාවෙන් කළාට සම්පූර්ණයෙන් විෂයන්ට අදාළ වචන තිබුණේ ඉංගි‍්‍රසියෙන්.
මගේ චිත්‍රපටයේ තිර රචනය මුලින්ම ලියලා ඒක මහාචාර්ය සුනිල් ආරියරත්නයන්ට පෙන්නුවා. ඔහුටත් මම කිව්වේ මම සිංහල නවකතා කියවල නෑ. සිංහල පත්තරය බලන්නෙත් නෑ. මම බලන්නෙම ඉංගි‍්‍රසි පොත්, පත්තර, චිත්‍රපට වුණත් බහුතරයක් ඉංගි‍්‍රසි ඒවා. ඉතිං ඒවා නිසා මේ තිර රචනය හරිද කියලා පොඩ්ඩක් බලාගන්න ඕන කියලයි. ඒ වගේම මේ තිර රචනයට අදාළ ගීතයක් තියෙනවා. ඒකත් ලියවගන්න ඕන කියලා. එතකොට ඒක බලල මහාචාර්ය තුමා කිවුවෙත් ‘නෙඕමාල්’ මට හිතාගන්න බෑ ඔයා ඉංගි‍්‍රසි භාෂාවෙන් අවුරුදු ගණනාවක් වැඩ කරලා කොහොමද සිංහලෙන් ලියන්නේ කියලා.
මේ නවකතාව ලියනකොට, ඇත්තටම මට පුදුමයි, මම අවුරුද්දක් තිස්සේ මේක හිමින් හිමින් ලිව්වා. මගේ අනෙක් වැඩ කටයුතුත් එක්ක. ඒ ලියන හැම වෙලාවෙම මගේ සිහියට ආවේ වෙන මොකවත් නෙවෙයි ග්‍රේඩ් 8,9,10 වල මට සිංහල උගන්වපු ටීචර්ව තමයි මට මැවිලා පෙනුණේ. එයා අපට බැන බැන ව්‍යාකරණ උගන්වපු හැටි මැවිලා පෙනුණා. නැත්තම් වෙන නවකතාකරුවකුගේ ආභාසයක් මට තිබුණෙ නෑ. මොකද මම එහෙම සිංහල නවකතා කියවලා නැනි නිසා. නමුත් මම මගේ කතාව ලියන්න ගත් කාලේ ඉඳලා අලුත් සිංහල නවකතා කියවන්න පටන් ගත්තා. ඒකෙන් මට ලොකු දැනුමක් ලැබුණා. ඒක කියවන විට ලියන විධි ආයෙත් මතක් වෙවී. මතක් වෙවී ආවා. මම සිංහල ජාතිකයෙක් හැටියට මම හිතන්නේ සිංහලෙන්. මම කතාව සිංහලෙන් හිතුවට ඒක ලියන කොට වචන දාන්නේ ඉංගි‍්‍රසි වචන. ඊට පස්සේ මම ඒක සිංහලට පරිවර්තනය කරගත්තා. එතකොට මේක දෙතුන් පාරක් එහෙට මෙහෙට ගිහින් තමයි වාක්‍යයක් හදන්නේ. ඒක පටන් ගැන්මෙදි අමාරුයි. නමුත් ක්‍රම ක්‍රමයෙන් පරිච්ඡේදය පරිච්ඡේදය ලියාගෙන යනකොට හරි පහසුවෙන් වචන ගලා ගෙන ආවා. ඒක මේ පොත දෙතුන් වතාවක් චෙක් කරගෙන යනකොටත් මට තේරුණ දෙයක්. වැඩි හරියක්ම මගේ වැරැදි තිබුණේ. පළවෙනි පරිච්ඡේද 5 ඇතුළෙයි. ඊට පස්සේ වැරැදි හුඟාක් අඩුයි. ඒකෙන්ම තේරුණා මම පොඩ්ඩ පොඩ්ඩ මේකට හුරුවෙලා තියනවා කියලා.
දැන් ඔබ සිනමාකරුවෙක් ලෙස දොරට වඩින්න කලින් ලේඛකයෙක් වෙලා නේ? ඇත්තටම ඔබට ඕනකම තිබුණේ සිනමාකරුවෙක් වෙන්න නේද?
එහෙමම නොවෙයි. මම කලාවට හුඟාක් කැමතියි. ඉස්කෝල යන කාලෙත්, දැන් වුණත්, එක දෙයක් කියල නෑ. මගේ වෘත්තීය ශල්‍ය වෛද්‍ය විද්‍යාව වුණත්, ඒක මට කලාවක්. කවුරු මොනව කිවුවත් මම කියන්නේ ඒක විද්‍යාත්මක කලාවක් කියලා. කලා කෘතියක් මොන විදියකින් වුණත් මගේ හිතට ආපු දෙයක් කරන්න මම කැමැත්තකින් ඉන්නවා. මම දන්නේ නෑ ඉදිරියට තව මොනවා මොනව කරයිද කියලා. ඒ වගේම මම කැමැතියි එකම දේ ගොඩක් කරනවට වඩා අලුත් දේ කරන්න. වෘත්තීය පැත්තෙන් හරි, කලාව පැත්තෙන් හරි අලුත් දෙයක් තියනව නම් මම ඒක උත්සාහ කරල බලන්න කැමැතියි. නමුත් මම නවකතා ලියන එකවත්, සිනමා නිර්මාණ කරන එකවත් මෙතනින් නවත්වන එකක් නෑ.
අවුරුදු දෙක තුනක් තිස්සේ ඔබේ චිත්‍රපටය පෙන්ව ගන්න බැරිවීම නිසා ඔබේ කෘතියට අසාධාරණයක් වුණා කියලා හිතනවද?
ලොකු අසාධාරණයක් වුණා කියලා මට හිතෙනවා. ඒකත් ඒක්කම මට හුඟාක් දෙනෙක් කියපු දෙයක් තමයි මේ මගේ කතාව පරණ වෙන්නෙ නෑ කියන එක. මේක සර්වකාලීන එකක්. ඒක හින්දා මේක අවුරුද්දක් හෝ දෙකක් කල් ගියාට කමක් නෑ කියලා. මේ චිත්‍රපටය අන්තර්ජාතික සම්මාන 5ක් හිමි කර ගත්ත කාලයේදීම මේක තිරගත කරගන්න තිබුණා නම් ඊට වැඩිය වටිනාකමක් මේකට ලැබෙන්න තිබුණා.
පළවෙනි සිනමා නිර්මාණයටම අන්තර්ජාතික සම්මාන ලැබෙනවා කියන්නේ සුවිශේෂී කාරණාවක්. ඔබ වෙනත් වෘත්තියක සිට මෙතැනට ආපු කෙනෙක්. ඒ ගැන ඔබට මොනවද හිතන්නේ?
මම පළවෙනි සම්මානය දිනන කොට නම් මට අදහගන්න බැරුව ගියා. නමුත් ඒක මට ලොකු ධෛර්යයක් සැපයුවා ඉදිරියට මේක කරගෙන යන්න. මම හුඟාක් සතුටු වුණේ අමෙරිකාවේ හූස්ටන් අන්තර්ජාතික සිනමා උළෙලේ ප්ලැටිනම් සම්මානේ ලැබෙන විට. ඒකට තමයි වැඩිපුරම චිත්‍රපට ප්‍රමාණයක් ඉදිරිපත් කරලා තිබුණේ. මේවයින් තමයි මම තේරුම් ගත්තේ මේක මගේ ඇඟේ තිබෙන දෙයක් අහම්බෙන් තමයි හොයා ගත්තේ කියලා. තව දුරටත් ඒක දියුණු කරන්න ඕන කියලා හිතුණේ එතකොට.
ඒ අහම්බය ගැන අපි කතා කළොත්?
සිනමාවට එන්න මුලිකව හේතුව වුණේ මගේ පවුලේ උදවිය නිසා. මගේ බිරිඳගේ පියා ඇලරික් ලයනල් ප්‍රනාන්දු චිත්‍රපටයක් කරන විට මම එතැනට ගියා. මම වැඩිය උනන්දු වුණේ නෑ. ඒකට දායක වෙන්නවත්. ඒක කොහොමද කරන්නේ කියල බලන්නවත්. මම පළවෙනි දවසේ ෂූටිං කරන්නේ කොහොමද කියලා බලාගෙන ඉන්න කොට, මගේ කැමරාවෙන් ස්ටිල් ෆොටෝ කිහිපයක් ගත්තා. එතකොට තාත්ති මට අඬ ගහල කිව්වා. සිනමා කැමරාවෙන් මුවින් ෂොට් ඒකකට ෂූට් කරන්න කියලා. එදා තමයි මම මුලින්ම සිනමා කැමරාවකට ඇහැ තිබ්බ දවස. එතකොට තමයි මටත් මේක ගැන ලොකු ආසාවක් ඇතිවුණේ. එදා දවස ඇතුළත ඒ ෆිල්ම් එකේ ෆයිට් එකකුත් තිබුණා. ඒ ෆයිට් ඒක ඉවර වුණාට පස්සෙ, ඒ සීන් ලැප්ටොප් එකට දාලා බලන්න පුළුවන්. එදා රෑ මම ඒවා දාගෙන ඔන්ලයින් ඥඤඪබඪදඨ ඵධටබඹඥචප එකක් ච්ධඹදතධචඤ කරගෙන ඒ මුළු ෆයිට් එකම එඩිට් කළා. පහුවදා උදේ මම හිටපු ජපඥඹ එකට ඒක පෙන්නුවා. එදා තමයි හැමෝම දැනගත්තේ, මගේ ඹඪටඥ පවා සැඟවුණ හැකියාවන් තියෙනවා කියලා. ඊට පස්සේ තමයි මටත් උනන්දුවක් ඇති වුණේ. සිනමාව කියන්නේ මොකක්ද? කියල දැනගන්න. මම තාත්ති එක්ක සරසවි චිත්‍රාගාරයට ගිහින් එඩිට් කරන විදිය, සවුන්ඩ්, ඩබින් ඔක්කොම බලාගෙන හිටියා. ඊට පස්සෙ මම හිතුවා අවුරුද්දක් ඇතුළත මම කෙටි චිත්‍රපටයක් කරන්න ඕන කියලා.
ඊට පස්සේ මම මගෙන් ප්‍රතිකාර ගන්න පිළිකාව වැලඳුණු රෝගියකු ආශ්‍රයෙන් කතාවක් ලියලා විනාඩි 40ක කෙටි චිත්‍රපටයක් කළා. ඒක දෙරණ නාලිකාවේ විකාශය වුණා. ඊට පස්සේ මම ඒ චිත්‍රපටයම ලොකු ඉජපඥඥද එකක පෙන්නුවා. ඒ කාලේ මම ලංකා හොස්පිට්ල් වැඩ කරන කාලේ. ඒ උත්සවයේ ප්‍රධාන ආරාධිත අමුත්තිය වුණේ ස්වර්ණා මල්ලවාරච්චි මහත්මිය. ඒ වගේම තවත් හුඟාක් නළු නිළියොත් ඒකට සහභාගි වෙලා හිටියා. එදා එතන හිටපු හැමෝම කිව්වේ ඇයි මේක කෙටි චිත්‍රපටයක් කළේ. මේක වෘත්තාන්ත චිත්‍රපටයකට හොඳයි කියලයි. එදා තමයි මම ස්වර්ණා මල්ලවාරච්චි මැතිනිය කිව්වේ. නෙඕමාල් ඔයාට ඊචතඥදබ එක තියෙනවා. ඔයා කරුණාකරල චිත්‍රපටයක් කරන්න කියලා. ඔතනින් තමයි මම දැනගත්තේ මගේ මේ සැඟවුණු හැකියාවන් ගැන. ඊට පස්සේ ඒවා වැඩි දියුණු කරගන්න ඕන කියල හිතුණා.
‘දඩඉම’ කරන්න ඔබට හේතු වුණේ මොකක්ද?
ඒක වෙන විදියකට සිද්ධ වුණේ. මට මතක විදියට මේ සිද්ධිය වුණේ 2016 නැතිනම් 2017 ජනාධිපති සම්මාන උලෙළ පැවැත්වුණ බණ්ඩාරනායක අනුස්මරණ සම්මන්ත්‍රණ ශාලාවේදී. ඒ උලෙළේ දී ඹ්ඪටඥ ඊඪථඥ ඒජඩඪමඥථඥදබ සම්මානය ලැබුණේ ස්වර්ණා මල්ලවාරච්චිට මේ උත්සවයේ ආරම්භයේ තිබුණ එකම දේ තමයි කාරෙකක් යන ශබ්දයක් ඇහෙනවා. ඒක මොන චිත්‍රපටයෙද කියල කාටද කියන්න පුළුවන් කියලා ඇහුවා. මටත් ඒක පාරටම දැනුණා ඒක ‘දඩයම’ චිත්‍රපටය කියලා. ඊට පස්සේ කවුරු හරි කෙනෙක් කෑ ගහලා කිවුවා ‘දඩයම’ කියලා. මම ඒ වෙලාවෙත් කල්පනා කළා කවුරුහරි කෙනෙක් නළුවෙක්, නිළියකගෙ චිත්‍රපටයක් ගැන ඇහුවොත්, සින්දුවක් කියලා චිත්‍රපටය මොකක්ද කියල ඇහුවොත් ඔක්කොම කියයි. නමුත් පසුතල ශබ්දයකින් චිත්‍රපටය හඳුනාගන්න ලැබීමට තරම් මේ චිත්‍රපටය කොච්චර ප්‍රබල ද කියල මට හිතුණා. මෙතන කාර් ශබ්දයක් එක්ක කාන්තා හිංසනයත් තිබුණා. මේ කාර් ශබ්දයේ ප්‍රබලත්වය ඒ නිසයි. මේ ඇසුරින් කෙරුණු මගේ පොතක් කාන්තා දිනයේ එළි දක්වන්න හිතුවෙත් ඒ නිසයි. මේ සම්මාන උලෙළ ඉවරවෙලා ස්වර්ණා බැහැල ආවා. ඇයට ප්‍රතිකාර කළෙත් මම. මම ඇය ළඟට ගිහින් ඇහුවා ඔබට මතකද මම ප්‍රතිකාර කරන්න තියටර් එකට ගන්න කලින් කියපු දේ කියලා.
ඇය කියනවා මොකද මට මතක නැත්තේ? කියලා මම ඇයට කිව්වේ මම ඔබේ සර්ජරි එක කරනවා. හැබැයි ඔබ චිත්‍රපට කලාවෙන් අයින් වෙන්න බෑ කියලයි. ඒ නිසා මම ඔබට සුබ පතනවා කියලා ඒ මොහොතේ ඇයට සුබ පැතුවා. ඇය ඒ මොහොතේ කිව්වා ඩොක්ටර් චිත්‍රපටයක් කරනව නම් මම ඒකේ රඟපානවා කියලා. මගේ කටට ආවට මම ඇහුවා ‘දඩයම 2’ කරමු ද කියලා. ඇය ඒකට කැමති වුණා. ඊට පස්සේ ගෙදර යන තැන ඉඳලා මගේ ඔළුවේ තිබුණේ කොහොමද මේ චිත්‍රපටය කරන්නේ කියන එකයි. එතනදි මම හිතුවා මේකේ ඇත්ත කතාවෙන් දෙවැනි කොටසක් කරන්න බෑ කියලා. මොකද ප්‍රධාන චරිත දෙකම මැරිල ඉවරයි. මේක කරන්න තියන එකම විදිය දඩයම චිත්‍රපටයේ ඉතිරි වෙලා ඉන්න චරිත අවුරුදු 30ට පස්සේ යළි මුණ ගැස්වීමයි. ඊට පස්සේ මේ කතාව ආයෙත් අලුතින් පටන් ගැනීමයි. මට හිතුණා ජයනාත්ට යම් කිසි දඬුවමක් දිය යුතුමයි කියලා. මොකද චිත්‍රපටයේ දීපු නැති දඬුවමක් මගේ චිත්‍රපටයේ හරි දිය යුතුයි කියලා.
මේ කතාවට පාදක වෙච්ච තව දෙයක් තියනවා. ඒතමයි, ධර්මසිරි බණ්ඩාරනායක දවසක් මට කියපු හැටියට දඩයම චිත්‍රපටය ඉන්දියාවට අරන් ගිහින් එහෙදි පෙන්වත්දි එහි හිටපු නිෂ්පාදන අධ්‍යක්ෂවරු ඇහුවල ධර්මසිරිගෙන් ඇයි ලංකාවේ චිත්‍රපට වලදී වැරැදිකාරයට දඬුවමක් දෙන්නේ නැත්තේ. අපේ නම් දඬුවමක් දීලා ඒ චිත්‍රපටය ඉවරවෙනකොට ඉවර කරනවා. ඇයි ඕගොල්ල ඒක කෙරුවේ නැත්තේ කියලා ඇහුවලු.
මට හිතුණා දඩයම චිත්‍රපටය ගැන අදවනතුරු කතා කරන්න හේතුවත් ඕක වෙන්නැති කියලා. රවීන්ද්‍ර රන්දෙණිය පාරේ යනකොටත් මිනිස්සු එයාට බනිනවා කියලා ඔහු මාත් සමඟ කියල කියනවා. මෙච්චර දුරට මේ කතාව ඇදිල ගියේ වසන්ත ඔබේසේකර මේ කතාව මෙතනින් නවත්තපු නිසා වෙන්න පුළුවන්. ඉතින් ඒ නිසා ඒක මටත් ලොකු උදව්වක් වුණා. නැතිතම් මට කතාවක් නෑනේ. එතැනින් තමයි මගේ කතාව ආරම්භ වෙන්නේ අවුරුදු 30ට පස්සේ.
‘දඩයමේ’ නළු නිළියෝ ‘දඩඉමේ’ දී වෙනස් වෙනවා. ඒක ඔබේ තීන්දුවක් ද?
ඒක කරගෙන යනකොට අපට තේරුණ දෙයක්. මම ඉස්සරලම තිර පිටපත කියවන්න දුන්නෙත් රවීන්ද්‍ර රන්දෙණියට. එයා හරිම ආසාවෙන් ඒක බාර ගත්තා. එයාම තමයි මට උපදෙස් දුන්නේ අපි ක්ෂේත්‍රයට ඇතුළු වෙනවා නම් මේක තමයි තැන. නමුත් මේකේ ඔයාගේ දෙබස් එහෙම බලනකොට මට අමාරුයි. මේ වගේ චරිතයක් කරන්න කියලා. ඒකට මම ඔහුට බෙහෙවින්ම ගරු කරනවා පැහැදිලි කරල දුන්නට. ඒ වගේම මේ මොහොත වෙනකම්ම හැම දේකටම උදව් කරන්නත් ඔහු බලාගෙන ඉන්නවා.
ඊට පස්සේ තමයි ජැක්සන් ඇන්තනීව තෝරා ගත්තේ. ඔහු ඉතාම හොඳින් මේ චරිතය රඟපෑවා. මම දැකලා නෑ මීට ඉහත ඔහුගෙන් මෙවැනි රංගනයක්.
ස්වර්ණා මල්ලවාරච්චි වැනි නිළියක් ඔබ අධ්‍යක්ෂණය කළේ කොහොමද?
මට තිබුණු ලොකුම ප්‍රශ්නය ඒකයි. ප්‍රවීණ නළු නිළියෝ තුන්දෙනෙක්ව කොහොමද අධ්‍යක්ෂණය කරන්නේ කියන එක. ඇත්ත වශයෙන්ම මට කියන්න සතුටුයි ඒ තුන්දෙනා අධ්‍යක්ෂණය කරන එක තමයි මට ලේසිම වුණේ. එකෙන්ම ඔප්පු වෙනවා ඔවුන්ගේ ප්‍රවීණත්වය. නමුත් ඊට පස්සේ මම පොත ලිව්වනේ පොත ස්වර්ණා මල්ලවාරච්චි බැලුවට පස්සේ ඇය කියනවා ඇයි නෙඕමාල් මේ පොත අපිට චිත්‍රපටය කරන්න ඉස්සරලා දුන්නේ නැත්තේ කියලා. එයා කියනවා මේ චරිතය ගැන ඔයාගේ හිතේ තිබුණ දේවල් මේ පොතට දාල කියලා. ඔයා අධ්‍යක්ෂණය කරන්න ආපු වෙලාවේ අපට කිව්වේ නැති දේවලුත් මේ පොතට දාල කියලා. අපිට මේ පොත තිබුණානම් ඔයා නොකියපු දේවලුත් මේ පොතෙන් ගන්න තිබ්බා කියලා.
ඇත්තටම අද මාත් පිළිගන්නවා ඇය කියන කතාව හරි කියලා.
බොහෝ වෙලාවට අපිට පුරුදු සාහිත්‍ය කෘති ඇසුරින් චිත්‍රපට නිර්මාණය වීම, නමුත් ඔබ කරලා තියෙන්නේ ඒකේ අනිත් පැත්ත?
මම බලාපොරොත්තු වෙනවා ඉදිරියේදී එහෙම එකක් කරනකොට අඩුම තරමේ අනිත් පැත්තට කරන්න.
ස්ක්‍රිප්ට් එකෙන් නවකතාවක් ලියන එක ඔබට පහසු වුණාද?
නෑ. මම ස්ක්‍රිප්ට් එකෙන් ගත්තේ දෙබස් ටික විතරමයි. දෙබසුත් මට සමහර ඒවා වෙනස් කරන්න සිද්ධ වුණා. ඒ වගේම මට මේ නවකතාව ලියන කොට පොඩි ප්‍රශ්නයක් ආවා. පළවෙනි පරිච්ඡේදය ඉවර කරලා මම කියවන්න ස්වර්ණාට දුන්නා. ඇය මගෙන් ප්‍රශ්නයක් ඇහුවා. ‘ඔයා දැන් මේක කවුරු ලියන විදියට ද ලියන්නේ, කර්තෘ ලියන විදියටද? එහෙම නැතිනම් ජැක්සන්ට පේන විදියට ද නැතිනම් ස්වර්ණාට පේන විදියට ද කියලා. මම කල්පනා කළා. ඇත්ත වශයෙන්ම මමත් ඒක හිතන්න ඕන දෙයක් කියලා. චිත්‍රපටයේ ප්‍රධාන චරිත 2ක් තියෙනවා. එතකොට මම ස්වර්ණාගේ පැත්තෙන් ලිවුවොත් ජැක්සන්ගේ චරිතෙ බහිනවා. ජැක්සන්ගේ පැත්තෙන් ලිවුවොතින් ස්වර්ණාගේ චරිතය බහිනවා. මට ඕන වුණේ පොතේ හැම චරිතයක්ම කැපී පේන්න. මම සිංහල නව කතාවල දැකලා නැති ඉංගි‍්‍රසි නවකතාවල තියෙන එක එක පරිච්ඡේද එක එක්කෙනාට බාර දෙන ක්‍රමයකට ලියන්න හිතුවා. එතකොට පළවෙනි පරිච්ඡේදය දකින්නේ කීර්ති ගජනායක ‘මම’ කියන ඇහෙන්. ස්වර්ණගේ ආත්ම කථනය මම කියලා දෙවැනි පරිච්ඡේදයෛ් යනවා. අවසානයේදී කීර්ති ගජනායක කියන චරිතය හිර වුණාම ඒක පටන් ගන්නේ මම පි‍්‍රයංකර ජයනාත් ද කීර්ති ගජනායක ද කියලා මට හිතන්න බෑ. මොකද මේ නම් දෙක දාන්නේ මාව ආමන්ත්‍රණය කරන්න නොවෙයි. මේ නම් දෙක අවශ්‍ය වෙන්නේ පිට කට්ටියට මාව ආමන්ත්‍රණය කරන්න. මට නමෙන් වැඩක් නෑ. මේ නම් දෙකම ෆේල් ඒ නිසා මම හිතනවා කර්තෘ මේ නම් දෙකට වඩා ‘මම’ කියල භාවිත කරනවා නම් වඩාත් උචිතයි කියලා. ඒ නිසා අන්තිම පරිච්ඡේදය ‘මම’ කියල ලියල තිබෙනවා. මේ චිත්‍රපටයේ ඇති චරිතවලට අවශ්‍ය වෙලාවට ඒ පරිච්ඡේදය වෙන් කරල තිබෙනවා. ඒක ෆිල්ම් එක බලද්දි ෆිල්ම් එකේ දී වැඩියෙන් ඉස්මතු වන චරිතයට තමයි මම පරිච්ඡේද දාල තියෙන්නේ.
ඔබේ කාර්ය බහුල ජීවිතයක් එක්ක ලියන්නට විවේකී මනසක් හදාගන්නේ කොහොමද?
මම මගේ ක්ලිනික් එක පටන් ගන්නේ 10.00ට මම හැමදාම උදේ 7.00 සිට 10.00 වනතුරු මේ කටයුතු වෙනුවෙන් තමයි වෙන් කරන්නේ. සතියට දවස් තුනක්වත් අඩුම තරමින් මේ කාලය මට ගන්න පුළුවන්. පසුගිය කාලවල මම රෑ තිස්සෙත් ශල්‍යකර්ම කළා. දැන් මම හිතාගෙන ඉන්නවා 6 - 7 වෙනකොට ශල්‍යකර්ම නතර කරන්න ඕන කියලා. එතකොට රාත්‍රි කාලයෙනුත් පැයක් දෙකක් ලියන්න ගන්න පුළුවන්. මේ විදියට ලියපු නිසා තමයි මට අවුරුද්දක් විතර ගියේ මේ පොත ලියන්න.
මේ වගේම තමයි චිත්‍රපටය කරත්දිත් ස්ටුඩියෝ එක මට දුන්නේ රාත්‍රි 10 සිට උදේ 1.00 වනතුරු මම එකට යන්නේ. එඩිටර් එඩිට් කරන අතරතුර සමහර විට මට නින්දත් යනවා. කලාවට ආස කරන දෙයක් කරන්න මගේ කැපකිරීම ආවේ ඔන්න ඔය විදියට.
කලාවට තිබෙන මේ කැමැත්ත, කැප කිරීම ඔබට ලැබෙන්න ඇත්තේ කොහෙන්ද?
මගේ ඉස්කෝල යන කාලේ ඉඳලා පුරුද්දක් තිබුණා. ඒක වෙලාවේ වැඩ 4- 5 ක් කරන නැත්තම් මගේ ඇඟ දුවන්නෙ නෑ. සාමාන්‍යයෙන් මම නවකතා අඩුම තරමේ දෙකක් කියවනවා. එකත් ඊචඡ එකේ දාගෙන ඇවිත් කියවනවා. සිංහල එකකුත් කියවනවා. ඒ අතරතුර කොම්පියුටර් එකේ ඔන්ලයින් මොනව හරි කියනවා නම් ඒවත් කියවනවා. එකක් කරන විට තව එකක් කරන්න හිත කොහොම හරි පෙලඹෙනවා.
මම හිතනවා මගේ වෘත්තියමය පැත්තෙන් ඉහළටම ඇවිත් තියනවා. තවත් ඉගෙන ගන්න දෙයක් නෑ. මොනව හරි තිබුණොත් පොඩි දෙයක් තමයි. ඒක දවසින් දෙකින් ඉගෙන ගන්න පුළුවන්. මම කැමැති වුණේ නෑ මගේ කාලය නිකං නාස්ති කරන්න. ඒක නිසා තමයි මම කැමති කලාව වැඩි දියුණු කර ගන්න හිතුවේ. මං හිතනවා මේක අනිත් අයටත් ආදර්ශයක් විය යුතුයි කියලා. මොකද බොහෝ දෙනෙක් සතු දක්ෂතා මිය යනතුරුම අඳුර ගන්න බැරි වෙනවා.
ඔබ වඩා කැමති වෛද්‍ය වෘත්තියට ද? කලාවට ද?
මට හිතෙනවා ම වෛද්‍ය වෘත්තියට හුඟාක් කැමතියි. ශල්‍ය කර්ම වලට හුඟාක්ම කැමතියි. කලාව කරන කොට තිබෙන මානසික සහනය මට වෛද්‍ය වෘත්තියේදිත් ලැබෙනවා නම් හොඳයි. මේ දෙක මික්ස් වෙනව නම් තමයි හොඳ. කලාවෙදි මගේ මනස හරිම නිදහස්. නමුත් ශල්‍යකර්මයේදී මට ලොකු වගකීමක් තියනවා. එතන ආතතිය වැඩියි. ආතතිය අඩුවෙලා කලාවෙන් ලැබෙන නිදහස ඔපරේෂන් වලදිත් ලැබෙනවා නම්, වගේම ඔපරේෂන් කරද්දි තියටර් එකේ ඉන්න අනිත් අයගෙන් මට ලැබෙන සහාය කලා ලෝකයෙනුත් ලැබෙනවා නම්, කොච්චර ලස්සන වෙයිද? නමුත් ඉතින් ඔය දෙක එකට එන්නේ නෑ.
ඉස්සරහට මොනවද අලුතින් කරන්න බලාපොරොත්තු වෙන්නේ?
මම දැනට තිර රචනයක් ලියලා තියෙනවා. ඒක ලියලා තියෙන්නේ කිසියම් ආබාධිත තත්ත්වයක් සමඟ. ශල්‍ය වෛද්‍යවරයකුගේ කතාවක්. ඇස්පර්කස් කියලා. අසනීප තත්වයන්. ‘ඔටිසම්’ තත්ත්වයේම ඒක කෙලවරක්. මේ අය මනස ඉතාමත් දියුණු කට්ටියක්. උදාහරණයක් විදියට ඇල්බර්ට් අයින්ස්ටයින්ට ඇස්පර්කස් තිබුණ කියලා කියනවා. මේ අය මනසින් ඉතාමත් හොඳට දියුණු වුණු කට්ටියක්. මගේ චරිතයේ ඉන්න ශල්‍ය වෛද්‍යවරයත් ඒ වගේ කෙනෙක්. මේ අය සමාජය සමඟ ලොකු ගැටලු තියනවා. ඒ අය හිතන පතන විදිය සමාජයට තේරුම් ගන්න බෑ. ඒක නිසා මෙයාව සමාජයෙන් කොන් වෙනවා. ඒ කොන්වීමත් එක්ක ගෙතෙන කතාවක් මේක. ප්‍රධාන චරිත 4ක් එක්ක යන්නේ. ඒකට යන්න ඉස්සර මට ලැබුණු උපදෙස් එක්ක ඒක නව කතාවකට කරලා ඊට පස්සේ සිනමාවට බහිනවා කියලා මම හිතාගෙන ඉන්නවා.
මේ ගමනට ඔබේ බිරිඳගේ සහයෝගය කොයි වගේද?
මගේ හැම දෙයක්ම කෙරෙන්නේ බිරිඳගේ සහයෝගයෙන් තමයි. එයා හිටියේ නැත්තම් සමහරවිට මම ලියන එකක් නැතිවෙයි. චිත්‍රපට කරන එකකුත් නැතිවෙයි. එයා තමයි කියන්නේ ‘ඔයාට පුළුවන්.. මේක කරන්න කියලා. ඇත්ත වශයෙන්ම මේ නවකතාවේ පළවෙනි පරිච්ඡේදය ලියලා දුන්නට පස්සේ එයා එක පාරටම බලලා මගෙන් ඇහුවේ ‘ඔයා කොහොමද මේ විදියට හිතුවේ කියලා. මේක මම ප්ලෑන් කරලා ලියපු දෙයක් නොවෙයි. මගේ මනසට ආපු දේවල් ලිව්වේ. මේ කා ගැන ද ලියලා තියෙන්නේ? ඔයාගේ චරිතය ද මේකේ තියෙන්නේ? කියලා ඇහුවා. මම කිව්වා නෑ. මගේ චරිතයක් නෑ.මේ කතාව පටන් ගන්නකොටම කියනවා කීර්ති ගජනායක මම කලාවට කැමැති නැති මිනිහෙක් කියලා. මම කිව්වා ඉතින් මම කලාවට කැමැති නැති මිනිහෙක් නෙවෙයිනේ කියලා. මට හැම වෙලේම මගේ දේවල් වලදී මගේ පිටුපස්සේ ඉඳගෙන මට ලොකු තල්ලුවක් දෙන්නේ මගේ බිරිඳ. මම හිතනවා එයාට තියෙනවා ලොකු හැකියාවක්. ඒ තමයි මගේ හැකියාවන් එයාට පේනවා. ඒ අතින් මම හරිම වාසනාවන්තයි. ඒ වගේ භාර්යාවක් ලබන්නට.
සේයාරූ - නිශ්ශංක විජේරත්න