වර්ෂ 2023 ක්වූ March 28 වැනිදා Tuesday
දහමත් එක්ක ජීවත් වුණොත් ජීවිතය රහයි

විවිධ කම්කටුලු බාධක මැඩගෙන තමන්ගේ අරමුණු කරා යන අය අතරට ඇයත් එකතුවේ. දකුණු ලකේ චමත්කාර ජනක ප්‍රදේශයක් වන මිද්දෙණිය ග්‍රාමයේ හැදී වැඩී මිද්දෙණිය ජාතික පාසලෙන් සිප්සතර හැදෑරූවාය. පාසලේ දීප්තිමත් ශිෂ්‍යාවක් බවට පත්වන ඇය පාසලේ ප්‍රධාන ශිෂ්‍ය නායිකාව ද විය.ක්‍රීඩාවට මෙන්ම නිවේදන කටයුතු හා පාසල්, අන්තර් පාසල් සමස්ත ලංකා මට්ටමේ ජයග්‍රහණ රැසක් ද ඇය හිමි කර ගත්තා. මාධ්‍ය ඒකකයේ ප්‍රධාන චරිතයක් බවට පත්වු ඇය පාසල් මාතාවගෙ වගකීම් දරන්නියක් වූවාය. මාධ්‍යයට තියෙන ඇල්ම නිසාම පාසලෙන් සමුගත් පසු 2009 වසරේ ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ හඬ සඟරාවට සම්බන්ධ විය. එතැනින් ඇරැඹි ගමනේ අද ඈ ශ්‍රී ටථ නාලිකාවේ වැඩසටහන් නිෂ්පාදිකාවක, පිටපත් රචිකාවක හා නිවේදිකාවක වේ. ඒ ගමනේ තොරතුරු ටිකක් සරසවිය සමඟ බෙදාගන්නට පැමිණි ඇය නමින් චාපනිකා නිදර්ශනි හේවාගමයි.
මාධ්‍ය ලෝකයට අවතීරණ වෙන්නෙ කොතනින්ද?
මම පාසල් ගිහිල්ලා ඉවර වෙලා ඉන්නකොට මගේ හොඳම යාළුවාගේ අක්කා තමයි ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ හඬ සගරාවට මාව සම්බන්ධ කරල දෙන්නෙ.මම සම්මුඛ පරීක්ෂණ පහක් විතර මේකට එන්න පෙනී සිටියා. 2009 එතනින් අරම්භ කළ ගමන 2012 වෙනකන් කටයුතු කළා.
ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ 2009 ආරම්භ කළ ගමන ගැන කෙටියෙන් පැහැදිලි කිරීමක් කරමුද?
2009 අවුරුද්දේ ගුවන්විදුලි සංස්ථාවේ සහන නිවේදිකාවක් විදිහට මාධ්‍ය ලෝකයට එන්නේ. සිටි එෆ් එම්, ස්වදේශීය සේවය, ළමා පිටිය වැඩසටහන, විදුල ළමා ගුවන් විදුලිය හි සහන නිවේදිකාවක් ලෙස වැඩ කළා. සජිවී වැඩසටහන් ඉදිරිපත් කරන්න අවස්ථාව හිමිවුණා. රේඩියෝ නාට්‍ය ශිල්පිනියක් ලෙස රාජිත දිසානායකගේ තරුබිම, වජිර ඉංදිකගේ ගුවන් විදුලි රඟමඬල සඳහා හඬ දායකත්වය ලබා දුන්නා. වැඩසටහන් නිෂ්පාදන කටයුතුවල නිරත වීමටත් මේ කාලය තුළ හැකිවීම මම ලබපු ජයග්‍රහණයක්. 2009 බෞද්ධයා රූපවාහිනී නිවේදිකාවක් ලෙස භික්ෂුණී වැඩසටහන ඉදිරිපත් කරන්නට ලැබුණා. මේ වගේ ගමනක් මට එන්න පුළුවන් වුණා ඒ වසර තුනක කාල සිමාවෙදී.
2012 වෙනකන් එස්.එල්.බී.සී. හිටපු ඔබ ඊළඟට තොරගන්නේ මොකක්ද?
ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවෙන් පස්සේ මට ශ්‍රී එෆ්.එම් නාලිකාවේ ප්‍රවෘත්ති අංශයට සම්බන්ධ වෙන්න ලැබෙනවා. ප්‍රවෘත්ති අංශය ටික කාලයක් සේවය කරත් මගේ ටැලන්ට් එක තිබ්බෙ නිෂ්පාදන අංශය පැත්තට හින්දා මම ඉන්පසු නිෂ්පාදන අංශයට මාරු වෙනවා. නාට්‍ය පිටපත් රචිකාවක් ලෙසට. මෙතනදි මට ගොඩක් වැඩ කරන්න ලැබුණා. තිරපිටපත් ලිවීම ඉඳන් නිෂ්පාදනය දක්වා ලොකු කාර්යභාරයක් නාලිකාව වෙනුවෙන් ඉටුකළා. මේ කාලය තුළදී තමයි ලංකාවේ පළමුව ස්ථානයට ගෙන ගිය කණාමැදිරි රාත්‍රිය නිර්මාණය කළේ. ඒ සියලු පිටපත් මගේ අතින් කණාමැදිරි නාට්‍ය රචනයට හා නිෂ්පාදන කටයුතු මෙන්ම නාට්‍ය තත්ත්ව පාලක ලෙසත් වරින් වර සේවය කළා. පුංචි පැටව් රේඩියෝ ළමා නාට්‍ය රචනය නිෂ්පාදන කටයුතු කරන්න මට අවස්ථාව හිමිවුණා. මේ ආකාරයට ගුවන් විදුලි නාලිකාවක තියෙන වැඩ කටයුතු සියල්ල මම ඉගෙන ගනිමින් මගේ උත්සාහයෙන් හැම නිර්මාණයකටම මට දායකත්වය දෙන්න ලැබුණා ශ්‍රී.එෆ්.එම් නාලිකාවේදී. අදටත් ඒ සියල්ල නිවැරැදිව කරනවා.
මේ වන විට ශ්‍රී.එෆ්.එම් නාලිකාව තුළ ඔබගේ කාර්යභාරයක් මොන වගේද? සතියේ දවස් පහේම දහවල් 01.00 ඉදන් සවස 03.00 වෙනකන් ශ්‍රී එෆ්.එම්. නාලිකාවේ චාපා එක්ක ‘ඔබ මගේ වේවා’ ආදර කතාව අහන්න පුළුවන්. ලස්සන ආදර කතාවක්.
සෙනසුරාදා වින්දනීය සතිඅන්තය චාපත් එක්ක. සන්ඩේ චාපගේ බයිලා එක්ක හැමදාම අපි මුණගැහෙනවා දහවල් 01.00ට සාරා, සාගරේ තරම් ආදරේ, නිම්සාරා, එක හදවතක කතාවක්, සාගරේ සේ ආදරේ දෙක, කෝලම් බයිට් වැනි විවිධ වැඩසටහන් වලින් මම වැඩසටහන් කරගෙන යනවා. ශ්‍රී රස රහස කලාකරුවන් සමඟ අපූරු කතාබහෙන් රේඩියෝ වැඩසටහනෙන් හා සමාජ මාධ්‍ය හරහා රූප මාධ්‍යයෙන් දැන් නිරතුරුවම ප්‍රතිචාර මැද මේ ගමන යනවා.
ඔබ හඬකැවීම් හා සම්බන්ධ ශිල්පිනියක්ද වෙනවා නේද?
ඇත්තටම ඔව් මම හඬකැවීම් කිහිපයකටම දායකත්වය දීලා තියෙනවා. ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ ඉන්න කාලේ ඉඳන්ම හොඳ හඬ ශිල්පිනියක් ලෙස ගුවන් විදුලි නාට්‍යවලට හඬෙන් දායකවුණා.ඉන්පස්සේ ස්වර්ණවාහිනියේ, චන්ද්‍ර නන්දනී ඉන්දීය ටෙලි නාට්‍යයේ පසුබිම කථනය. රයිගම් සම්මානයෙන් පිදුම් ලැබූ මහරජ කංසා නාට්‍යයේ රාධාගේ මවගේ චරිතයට හඬකැවීම් ශිල්පිනියක් ලෙස හඬ දයකත්වය ලබා දෙන්නට අවස්ථාව හිමි ලැබුණා.මම හිතන්නේ මට මේ තාක් කල් දුර එන්න ලැබුණේ ගුවන් විදුලි සංස්ථාවෙන් සහ පාසලෙන් ලබා ගත් ප්‍රායෝගික හා න්‍යායාත්මක අවබෝධය හා දැනුම නිසයි.
ඔබ විසින් කෙටි චිත්‍රපටයක් තිර රචනය, අධ්‍යක්ෂණය හා නිෂ්පාදනය කළා නේද?
2016 අවුරුද්දේ කාන්තා හා මාධ්‍ය සාමූහිකය මඟින් පවත්වන ලද කෙටි චිත්‍රපට තරඟාවලියේ හොඳම කෙටි චිත්‍රපටයට හිමි සම්මානය දිනාගත්තා. තිර රචනය අධ්‍යක්ෂණය නිෂ්පාදනය මගේමයි. ‘ලෝහිතා’ මේක මගේ පළමු කෙටි චිත්‍රපටයයි. මෙහි උද්‍යාන පාඨය ලෙස මම සටහන් කළේ ‘ලේවලින් හැදුණු යකඩ හිතක් තියෙන, ලොවක් සනසන්න පුළුවන් ඇයයි බිහිසුණු’ මේ නිර්මාණය ලියන විට මට ගොඩක් දෙනෙක් විහිළු කළා .ඕකට ඉතින් හම්බ වෙන්නේ මොනාද කියලා නමුත් මගේ උත්සාහය මම කවදාවත් අතහැරියෙ නෑ ඒ වෙනුවෙන්. ඉදිරියේදී කෙටි චිත්‍රපට කිහිපයක් ම රචනා කරන්නත් බලාපොරොත්තුවෙන් සහ අධ්‍යක්ෂණය කරන්න හිතාගෙන ඉන්නවා. මම හිතන්නේ ගැහැනිය තමා ගැනම අභිමානයෙන් බලන තැනකට ආ යුතුයි. මේ පවතින ලොව තුළ ධර්මතාවය තුළ සියල්ල හිමිවීම්, අහිමිවීම් දරාගන්නට අප ශක්තිමත් වියයුතුයි. අප ශක්තිමත් නම් කිසිවකුට පහර දීමට නොහැකි බව මගේ හිතේ විශ්වාසය හැමදාම තියෙනවා
පිටපත් රචකයකු හැටියටද ඔබ සත්‍ය තොරතුරුද හැම වෙලේම වැඩසටහන්වලට ලියන්නේ?
ගොඩක් දුරට පිටපත් ලියන කොට සත්‍ය ලියන්නේ. ලංකාවේ හොඳම වැඩසටහන වූ ‘කණාමැදිරි රාත්‍රිය’ පිටපත ලියන විට සත්‍ය තොරතුරු තමයි මගේ අතින් නම් ලියැවෙන්නේ. සමහරක් වෙලාවට ගවේෂණාත්මක තොරතුරු රැගෙන ලියන වෙලාවල් තියෙනවා. සත්‍ය තොරතුරක් නොදෙන තැන නිර්මාණයක් සාර්ථක වෙන්නෑ කොයිම මොහොතකවත්.හැමවෙලේම නිර්මාණයට යොදා ගන්නා නම් ගම් සත්‍ය නම් ගම් හැටියට නං නෙවෙයි යොදා ගන්නේ යොදාගන්නේ අන්වර්ථ නාම හැටියටයි. මොකද කිසිවකු අගතියට පත්කරන්නට මම සූදානම් නෑ නිර්මාණයක් වෙනුවෙන්. මුල් කාලයේ නිර්මාණවල සත්‍ය සිදුවීම් ගිය විට ඒ සියලු දෙනා නාලිකාවේ ගේට්ටුව ගාව ඇවිල්ල හිටගෙන හිටියා. ඒ ඔවුන්ගේ දුක අපි ළඟට ඇවිල්ලා සත්‍ය තොරතුරුවලට තව දෙවල් එකතු කරලා කියන්න. කණාමැදිරි රාත්‍රිය කරන මුල්ම කාලෙ නම් ගම් ද කිව්වේ නෑ අපි කාගෙවත්. වැඩසටහනට මොන වගේ ප්‍රතිචාර එයිද කියල නොදන්න නිසා. ඒත් අමතක නොවෙන සිදුවීම් මේ තුළ සම්භාරයක් තියෙනවා. ඒවා එකින් එකට විස්තර කරන්න බෑ.
පසුගිය දවස්වල ස්වර්ණවාහිනී නාලිකාවේ වැඩසටහන් කිහිපයක තිර රචිකාව වෙනවා නේද?
ස්වර්ණවාහිනී නාලිකාවේ ලක්ස් හද බැඳී නත්තල වැඩසටහනට පිටපත් රචනයෙන් දායක වෙන්න අවස්ථාව ලැබුණා. මේ තිර පිටපත් ලිවීමේ කලාව මට ලැබුණේ පාසලේදීම. පාසලේ සාහිත්‍ය සංගම්වලදී සහ අනිත් සමිති සමාගම් සඳහා හැමදාම මගේ අතින් නාට්‍ය පිටපතක් ලියවුණා. ඒ ලියපු හැම පිටපතක්ම පාසලේදී රඟපාල පෙන්වන්න අවස්ථාව ලැබුණා. ඒ ආභාසය නිසා තමයි මට පිටපත් රචිකාවක් වෙන්න පුළුවන් උණේ කියලා මම හිතන්නේ. ඉදිරියේදී නැවතත් ගුවන් විදුලි නාලිකාවේ වැඩ කටයුතු සමබරව කරගනිමින් රූපවාහිනී නාලිකාවේ වැඩ ටිකක් කරන්න බලාපොරොත්තු වෙනවා.
පෞද්ගලික නාලිකාවල සිටින සියලුම දෙනා භාෂාව හරියට පාවිච්චි කරන්න ඕනේ නේද?
ඒකෙ සත්‍යතාවයක් තියෙනවා. මමත් ගුවන් විදුලි සංස්ථාවෙන් ආපු සහන නිවේදිකාවක් හැටියට භාෂාව සම්බන්ධව හොඳ දැනුමක් ලබාගෙන තමයි ආවේ. ඒත් මේ නාලිකාවල පවතින තරඟකාරී ස්වභාවය නිසා වැඩසටහන් කරනකොට විවිධ ක්‍රම අනුගමනය කරන්න වෙනවා. අද තරඟකාරී ස්වභාවයත් එක්ක නාලිකාව ඉදිරියට ගෙන යන්න තමයි මේ හැමදෙනාම බැඳීලා ඉන්නේ. අලුතින් එන පිරිස් පොත පත කියවීමක් නැහැ. සමාජ දැනුමක් නැතිකම තුළත් යම් යම් දේවල් සිදුවෙනවා කියලා අපිට පෙනෙනවා. වැඩසටහනක් ඉදිරිපත් කිරීමේ හා තිර පිටපත ලිවීමේදී, භාෂාවත් එක්ක න්‍යායාත්මක හා ප්‍රායෝගිකව දැනුමක් තිබිය යුතුයි කියන තැන මම ඉන්නේ.
කෙටි චිත්‍රපටවලට යොමු වුණු ඔබ සිනමාවට අවතිරණ විමට අදහසක් නැද්ද?
ඕනෑම නිර්මාණවේදීයකුගේ ඊළඟ පියවර වෙන්නෙ තමන් කරපු දේන් පියවරක් ඉදිරියට යැම තමයි. මගේ පියවරත් එහේමම තමයි. මම හිතන විදියට කවියට, හදවතට, ප්‍රේමකර ලිවීම තමයි හද නිවීම. ඒ තුළිනුයි ලස්සන නිර්මාණ බිහිවෙන්නේ. ඕනෑම කෙනෙකුට තම නිර්මාණය හැඟීම් එක ගනුදෙනුවක් සිදු කරනවා නම් ඒ නිර්මාණය සාර්ථකව කරගෙන යන්න පුළුවන්. ඒ නිසා මම හිතනවා සිනමාකරණයට අවතීර්ණ වන්නට මට උචිත පරිසරය හා සාධක ටික එකතු උණාම එන්න පුළුවන් වෙයි කියලායි. මට ඕනේ ඕනෑම තැනක වෙනස් නිර්මාණයක් කරන්නටයි. එතකම් මේ කරගෙන යන වැඩකටයුතු එලෙසින් කරගෙන යන්න තමයි අදහස් කරන්නේ.
ගුවන් විදුලි නාට්‍ය කලාව ගැන ඔබගේ අදහස මොකක්ද?
1982 කට ඉස්සෙල්ලා සහ අසූව 80 දශකයේ සහ 90 මුල් හරියේ වැඩි හරියක්ම භාවිත කළේ ගුවන්විදුලි නාට්‍ය කලාවයි. රූපවාහිනි මාධ්‍ය කලාව ප්‍රචලිත වීමත් සමඟ ගුවන් විදුලිවිදුලි ශ්‍රාවකයන් ඈත්වෙනවා. අසා රසවිඳීන පිරිස බෙහෙවින් අඩු වීමත් සමඟම ගුවන් විදුලි නාට්‍ය කලාවේ ජනප්‍රියත්වය ගිලිහී යනවා. ඒත් ඒකට හුරුවෙච්ච ශ්‍රාවක පිරිසක් ඉන්නවා ඔවුන් එයින් මිදෙන්නේ නැහැ කවදාවත්. හොඳ තිර පිටපත් රචනා තිබුණොත් කවදාවත් ඕනෑම මාධ්‍යයකින් රස විදින පිරිස යන්නේ නැහැ. ගුවන් විදුලි නාට්‍ය කලාව ප්‍රචලිත කිරීමට රූපවාහිනි මාධ්‍ය කලාවත් එක්ක අපි කළ යුත්තේ කුමක්ද කියලා වැඩ කටයුතු කළොත් හොඳ ගමනක් යන්න පුළුවන් ගුවන් විදුලි නාට්‍ය කලාවත් එක්ක.
ශ්‍රව්‍ය මාධ්‍ය කරණයේ නියැළෙන්නියක හැටියට දෘශ්‍ය මාධ්‍ය කලාවට ජනතාව වැඩි හරියක් යොමු වී සිටින්නේ ඇයි කියලද ඔබ හිතන්නෙ?
අද වනවිට රූපවාහිනි මාධ්‍ය කලාව ද අබිබවා සමාජ මාධ්‍යයත් ඉදිරියට ඇවිල්ලා තියෙනවා.එයට හේතුවී තිබෙන්නේ මම දකින විදිහට ලේසියට පහසුවට සියලු දේම කරගන්න පුළුවන්කම හින්ද වෙන්න ඕන. ජනතාවගේ කාර්යබහුලත්වයත් ආර්ථික රටාව නිසා ඔවුන්ට කලාව පැත්තට යොමු වීමට වෙලාවක් නැති කමක් තියෙනවා. අනෙක ඉස්සර වගේ රසඥතාවයක් තියෙන පිරිසක් බිහිවෙලා නැහැ කියලත් මට දැනෙනවා. අද මේ සියලු දෙනාම රොබෝවරුන් වගේ වැඩ කටයුතු කරන පිරිසක් බවට පත්වෙලා.
නව පරම්පරාව ගැන ඔබ දකින්නේ කොහොමද?
ඇත්තටම අපේ ගමන ගැන අපස්සට හැරිල බලන විට ඒ ගැන සිතමින් සතුටුවෙන් පුළුවන් පරිසරයක මම ඉගෙන ගත්තේ. 2009 සිට 2023 දක්වා අවුරුදු දාහතරක කාල පරිච්ඡේදයක් ගෙවා් දැමුවා. ඒ ආවේ අපේ දක්ෂතාවයන් තුළින්ය. ඒත් දැන් එන පිරිස දක්ෂතාවයට වැඩිය ඔවුන්ගේ බාහිර ස්වරූපයන් පෙන්වීම හා කිසිදු දක්ෂතාවයක් නැතුව ඉදිරියට යන්න දඟලන්නේ. ඕනෑම ක්ෂේත්‍රයක් තුළ න්‍යායාත්මක හා ප්‍රායෝගික අවබෝධයක් ලබා ගන්නේ නැත්නම් ඔවුන්ට ඒ ගමන යන්න හරි අපහසු වෙනවා. ක්ෂේත්‍රය තුළ පවතින විනය රඳා පවත්වා ගැනීමත් තමන්ගේ ගමනට මහෝපකාරී වෙනවා. දක්ෂයාට තැන හිමි වෙනවා නම් මේ කේෂ්ත්‍රය තුළ ඒක තමයි වෙන්න ඕනේ කියන එකායන මතයේ මම නම් ජිවත්වෙන්නේ. නව පරම්පරාවේ එන පිරිස් දක්ෂතාවලින් පිරිපුන් පිරිසකුත් ඉන්නවා. අදක්ෂයොත් ඒ අතර ඉන්නවා. මේ එන වැඩිහරියක්ම ඉදිරියට යන්න දඟලන්නේ තවකෙකු කපාගෙන කොටාගෙනයි. එහෙම සමාජයක් මේ නුදුරේ දී තමයි බිහිවෙන්න පටන් ගෙන තියෙන්නේ. හිමින් ඇවිත් හෙමින් ගමනක් ගියොත් ඕනෑම ක්ෂේත්‍රයක ඉදිරියට යන්න පුළුවන්. ඉක්මනින් ඇවිල්ලා තවකෙකු කපාගෙන යන අයට රඳා පැවැත්ම අඩුයි කියන එක තමයි මට දෙන්න තියෙන ලොකුම උපදෙස. ඒ වගේම මයික් එකක් ඉදිරිපිට ගිහිල්ලා ගිරව් වගේ කිව්වට තමන්ට අවබෝධයක් නැතුව කවදාවත් නිවේදකයකු හෝ නිෂ්පාදකයෙක් තිර රචකයෙක්වත් වෙනවා කියන්න අමාරුයි. එයට අවශ්‍ය කරුණු කාරණා සියල්ලම ප්‍රායෝගික හා න්‍යායාත්මක අවබෝධය ලබාගත යුතුයි.
මේ ජීවිතේ ඔබට රහක් දැනෙනවද?
ජීවිතය රහ බව දැනෙන්නේ හරියට ජීවිතය අවබෝධ කරගෙන දහමත් එක්ක ජීවත් වන කෙනෙක්ට පමණයි. මම ඒ දෙය අවබෝධ කරගෙන ඉන්න කෙනෙක් හැටියට විශ්වාස කරන්නේ තමන්ගේ හිතට එකඟව ඕනෑම දෙයක් කළොත් ජීවිතය රහයි. අනික ජීවිතේ ආදරය ලස්සනයි හරියට ජීවිතේ බෙදාගෙන ජීවත් වුණොත්.
මේ ගමනට පවුලෙන් ලැබේන සහයෝගය කොහොමද?
මගේ දෙමව්පියන් සහෝදරියන් දෙදෙනා මගේ සැමියා මට පුදුම සහයෝගයක් ලබාදෙන්නේ. මේ ගමන එන්න උදව්කළ හැමෝම සිහිපත් කරනවා. මිද්දෙණිය ජාතික පාසලේ ගුරුඋතුමන්ලා සහ මාධ්‍ය ජීවිතේ මඟ කියාදුන් අය, මිතුරු මිතුරියන්. පිටපත් රචනයේදී ගුරුහරුකම් දුන් සියලු දෙනා
දැනට මා සේවය කරන ශ්‍රී එෆ් එම් ආයතනයේ අධ්‍යක්ෂක මණ්ඩලය ඇතුළු කාර්ය මණ්ඩලය හා මගේ වැඩසටහන් රසවිඳපු සියලුම දෙනා ආදරෙන් සිහිපත් කරනවා.