වර්ෂ 2023 ක්වූ June 04 වැනිදා Sunday
මේ ගමන ප්‍රවේශමෙන් යන්න මං දන්නවා

ඇය මීගමුව බෝලවලාන ආවේ මරියා කන්‍යාරාමයේ උසස් පෙළ හදාරන පාසල් ශිෂ්‍යයාවකි. කලා කටයුතුවලින් ජය ලබා පාසලට කිර්තියක් ගෙන ඒමට ඇයට හැකි විය. පසුගිය සරසවි නිර්මාණ වේදිකා නාට්‍ය උළෙලේ ‘හොදම නිළිය’ට හිමි සම්මානය ඇයට හිමි විය. මේ සම්මානයත් අතැතිව පසුගිය දිනෙක සරසවිය පුවත්පත සමග පිළිසදරකට ඈ එකතු වූවාය. ඇය චතුමි ක්‍රියේෂාය.
ඔබේ ගමන අරමිභ වන්නේ කොතැනින්ද ?
මම පාසලේ 6වැනි වසරේදී තමයි නාට්‍යවලට සම්බන්ධ වෙන්නේ. එදා ඉදන් මම හොදින් සියල්ල කරගෙන යනවා. පාසලේදී මගේ කලා හැකියාවන් ගුරුවරු හඳුනාගෙන මට අවස්ථාව දුන්නා. ඒ නිසා මට මගේ ගමන වඩාත් පහසු වුණා. විවිධ සම්ති සමාගම්වල මට පැවරූ අංගයන් මම ඉදිරිපත් කළා. ඒ ආපු ගමන නිසා අද මට මේ ක්ෂෙත්‍රයේ ගොඩක් දුර එන්න ලැබුණා. පාසලේ විෂයක් ලෙස අ.පො.ස සාමාන්‍ය පෙළ දක්වා නාට්‍ය හා රංග කලාව හැදෑරුවා. දැනට මම 13 වසරේ අධ්‍යාපනය ලබනවා ගණිත අංශයෙන්.
ඔබ රංගන ශිල්පිනියක් වෙන්න ඕන කියලා හිතුවේ ඇයි ?
විවිධ රටවල ජනප්‍රියත්වයට පත්වෙලා ඉන්න සියලු දෙනාගෙන් වැඩි හරියක් සිනමාව හෝ වෙනත් කලා මාධ්‍යයක් තෝරා ගත් අය. නැත්නම් ඔහුගේ හෝ ඇයගේ යම් විශේෂ කුසලතාවයක් හේතුවෙන්. ඒ නිසා මට ඕන වුණා, මම කවුද කියලා ලෝකෙටම දැනගන්න මොකක් හරි කරලා පෙන්වන්න. මගේ යම් හැකියාවක් තුළින් ඒ ගමන ආරම්භයක් ගන්නයි මම කලාව හදාරන්න ඕන කියලා හිතුවේ. ජීවත් වන කෙටි කාලය තුළ කුමන විෂය ධාරාවක් හැදෑරුවත් කලා විෂය තුළ අප ජීවත් වෙන්න ඕනේ කියන එක මගේ හිත හැමදාම කිව්වා. ඒ සිතුවිල්ලට මගේ හිතට කා වැදුණා. ඒ නිසා තමයි මම මේ ගමන ආවේ.
මෙි වන විට ඔබ දායකත්වය දිලා තියෙන අංශය කුමක්ද ?
වැඩ් හරියක්ම වේදිකා නාට්‍යයවලට තමා රංගනයෙන් දායකත්වය දීලා තියෙන්නේ. ‘දැවෙන විහඟ’ කෙටි චිත්‍රපටයකටත් දායක වෙලා තියෙනවා. මම තාම පාසල් ශිෂ්‍යාවක් නිසා සිනමාවට හා ටෙලි නාට්‍යයට අවස්ථාවක් හිමිවෙලා නෑ. මට කවදා හරි ඒ අවස්ථාව ලැබෙයි කියලා බලන් ඉන්නවා. හෙමින් යන ගමන ඕනම දෙයකට හොදයි. චූටි කාලේ ඉදන්ම මගේ ගමන ගියේ හරිම පරිස්සමෙන්. ඒ නිසා ජිවිතේට ලැබෙන දෙවල් හා නොලැබෙන දෙවල් තියනවා. ඒ දිහා උපෙක්ෂාවෙන් බලන්න මම පුරුදු වෙලයි ඉන්නේ.
ගණිත විෂය ධාරාව හදාරන ඔබට කලා විෂය ධාරාවට සම්බන්ධ වෙන එක ගැටලු සහගත නොවේද?
ඇත්තටම මගේ ගෙදරින් නම් මේ සම්බන්ධව වැඩි කැමැත්තක් නැහැ. ඒත්, මම මේ විෂයය දෙකම හරියට කළමනාකරණය කරගෙන යනවා. මගේ ගමනට විදුහල්පතිනිය ලෙස කටයුතු කරන පැවිදි සොයුරිය සිරිමා ඕපනායක සහ නියෝජ්‍ය විදුහල්පතිනිය වන පැවිදි සොයුරිය ප්‍රියංකා ප්‍රනාන්දු පාසලෙන් ලොකු ශක්තියක් ලබා දෙනවා. රේලි පීලි දෙකක් උඩ යන කෝච්චියක් වගේ තමයි මම මේ දෙක සමබර කරගෙන යන්නේ. මේ ගැන අම්මලාට නම් ලොකු බයක් දැනෙනවා. ඒත්, මගේ ගමනේ අරමුණ කොතනද කියලා මම හොඳීන් වටහා ගෙනයි ඉන්නේ. අම්මලා දැඩි ලෙස අකමැත්ත දක්වන්නෙ මගේ අරමුණ මට ඉටුකරගන්න බැරි වෙයි කියලයි. අපේ අරමුණ කරා යන්න නම් අපේ මනස රිලැක්ස් වෙන්න ඕනෑ. මට හැම දේකටම නාට්‍ය කලාව ප්‍රයෝජන වෙනවා. ව්‍යාකූලත්වයන් හා මානසික පීඩනයෙන් මිදෙන්න හා සමාජයත් එක්ක ගනුදෙනු කරන්න නම් කලාව තිබිය යුතුමයි. අපි දකින කෝණය වෙනස් කරගන්න පුළුවන් වෙන්නේ එවිටයි. ඒ නිසා කිසිවිටෙකත් මම මගේ ගණිත විෂය ධාරාවට කලා විෂය බාධාවක් කරගෙන නැහැ. එහෙම යම් දවසක වෙහෙසක් හිතුණාම මම වැඩි කාලසීමාවක් ඇරගෙන ගණිත විෂය ධාරාවට වැඩි ඉඩකඩක් වෙන් කරගෙන පාඩම් කරනවා. ඒ කරන කැපකිරීමේදී මගේ හිත එක තැනක තබාගෙනයි කටයුතු කරන්නේ.
දැනට රංගනයෙන් දායක වී ඇති නිර්මාණ මොනවාද?
මගේ මුල්ම නාට්‍ය තමයි ‘දෙවියෙක් ගමට වැඩලා’ නාට්‍යය. ඉන් පස්සෙ මම රඟපානවා ‘තීරණ තීන්දු, හීනයක්ද මේ, මතක අමතක, මීට හිස්තැනක්, දැවෙන විහඟ කෙටි චිත්‍රපටයක ද දායක වෙලා තියෙනවා. ‘ප්‍රේමයක්’ මේ වේදිකා නාට්‍යයේ මම වේදිකා පරිපාලන ලෙසයි කටයුතු කළේ. 2019 වර්ෂයේ ව්ඉඕර් හරිත සරසවි නගරය සංවිධානය කළ නාට්‍ය තරගාවලියේ ‘හීනයක්ද මේ’ නාට්‍යයේ හොඳම නිළියට හිමි සම්මානය දිනා ගන්නවා. ඊට පස්සේ 2022 වර්ෂය සඳහා ‘මීට හිස්තැනක්’ නාට්‍යයෙන් තමයි හොඳම නිළිය සම්මානය දිනා ගන්නේ.
ඔබට ලැබුණ අනෙක් සම්මාන මොනවාද ?
මෙවරත් මෙම සම්මාන උළෙල සංවිධානය කරන්නේ පිළියන්දල ‘ලීල් ආනන්ද ගජනායක මහතා’ ප්‍රමුඛ සරසවි රංග පීඨයයි. මේ සංවිධානය කළේ 37 වැනි සරසවි නිර්මාණ කෙටි නාට්‍ය සම්මාන උළෙලයි. මෙම නාට්‍ය උළෙලට මම සහභාගි වන්නේ පාසල නියෝජනය කරමින් විවෘත අංශයෙන් 4 වැනි වතාවටයි. අපිට මෙහිදී සම්මාන හතක් හිමිවෙනවා. හොඳම නිළියට හිමි සම්මානය, හොඳම සංගීතය, පිටපත් රචනය, අංග රචනය, පසුතල නිර්මාණය, ඇඳුම් නිර්මාණය, වේදිකා පරිපාලනය, සමඟ හොඳම නාට්‍යය හිමි දෙවන ස්ථානය යන සම්මාන හතක් අපි මෙවර හිමි කර ගන්නවා. අපි ලබපු වැඩිම සම්මාන සංඛ්‍යාවක් හිමි කර ගන්නේ ද මේ වසරෙයි. නාට්‍ය අධ්‍යක්ෂක රන්දික සර්ගේ මගපෙන්වීම යටතේ අපේ කණ්ඩායම මේ සදහා හොඳ කැපකිරීමක් කළා. ඒ නිසා තමයි මෙවර මෙච්චර සම්මාන සංඛ්‍යාවක් අපට හිමි වුණේ. මේ හැම සම්මානයක් පිටිපස්සෙම සිටින්නේ අධ්‍යක්ෂකවරයා වන රන්දික සර්.
මේ වන විට නාට්‍ය විෂයයට අනු බද්ධ පාඨමාවන් හදාරා තිබෙනවාද?
මේ වන විට නාට්‍ය පාඨමාලා කිහිපයක්ම හදාරලා තියෙනවා. එහෙම පාඨමාලාවක් හදාරන්න ආපු මම හරිම ආසාවෙන් හදාරන්නේ. මගේ රංගන කෞශල්‍ය නංවාගන්න නම් ප්‍රවීණයන්ගේ නාට්‍ය වැඩමුළු සහ ඔවුන්ගේ දැනුම අනිවාර්යනේම ගත යුතුයි. ඊට අමතරව පොත පත පරිශීලනය කිරීම අනිවාර්යයි. දර්ශන තලයට ගියාම කවදාවත් ලොකු කුඩා භේදයකින් තොරව මට අවශ්‍ය දැනුම මම ගන්නවා. අපේ ගමනට අවශ්‍ය දේවල් අපිම සපයා ගත යුතුයි. අපිම ප්‍රායෝගිකව ඒ දේවල් අත්විඳීය යුතුයි. අපි අපිම දැනුම බෙදා ගත්තොත් අපේ ගමනට හරිම පහසුවක් වෙනවා. ඒවා කලා දිවියේ ඉදිරි ගමන් මගටත් වටිනවා. වැඩමුළුවකට සහභාගී වෙන්න තියෙනවා නම්, මම පෙර දින සිටම සැලසුම් සහගතවයි එයට සහභාගි වෙන්නේ. මම හරිම කැමැත්තෙන් තමයි මේ සියලු දෙයටම සහභාගි වෙන්නේ.
ඔබට දෙවතාවක්ම හොඳම නිළිය සම්මානය දිනා ගැනීමට හැකි වෙලා තියෙනවා. මේ ගැන මොකද හිතෙන්නේ ?
ජීවිතය ඕනෑම දේකට නොබියව මුහුණ දුන්නොත් අපිට ජයග්‍රහණයක් බලාපොරොත්තු වෙන්න පුළුවන්. ජයග්‍රහණය මම හරිම නිහතමානීවමයි බුක්ති වින්දේ. සම්මාන ලැබීම තුළ අද ලබා ගන්නවා හෙට නැති වෙන්න පුළුවන්. ඒත්, මගේ ගමන මම නැති කර ගත යුතු නෑ. මේ සියලු කාර්ය්‍යයන් පිටුපස සිටින්නේ මගේ පාසලේ විදුහල්පතිනිය ප්‍රමුක ගුරුවරුයි. ඒ අය මට අවශ්‍ය සහයෝගය ලබා දෙනවා.
ඔබේ සමකාලීනයන්ගෙන් ඔබට ලැබෙන සහයෝගය කොහොමද?
පාසලේ සොහොයුරියන් මට සහයෝගය දෙනවා. ජීව විද්‍යා අංශයෙන් සහ ගණිත අංශයේ සිටින සියලුම සොහොයුරියන් අද මම නිසා හොඳ පියවරක් තබලා තියෙනවා කියලා කිව්වොත් නිවැරදියි. අපිට කවුරු හරි අනුගාමිකයෙක් අවශ්‍යයි. අපේ ගමන යන්න. එනිසා අපි සියලු දෙනාම කණ්ඩායමක් හැටියට එකතු වෙලා මේ ගමන යනවා. මේ සාමූහික ප්‍රයත්නය නිසා ඕනෑම දෙයක් අතමිට මොළවන තරමට ක්ෂණිකවම කරගන්නට පුළුවන්. රාමුවෙන් පිට ජීවත් වෙන අය කරන්නේ ඔවුන්ට අවශ්‍ය විදියට පියවර තබන එක පමණයි. එහෙම දේවල් ලෝකේ කිසිම රටක මේ තාක් සිදුවෙලා නැහැ.
ඔබේ ගමන්මග සිදුවන්නේ කුමන දිසාවකට ද?
මම උසස් පෙළ විෂය ධාරාවට ගණිත අංශය හදාරන්නේ. මගේ ඒකායන අරමුණ ඉලෙක්ට්‍රොනික් ඡ්දඨඪදඥඥප කෙනෙක් වීමයි. මේ ගමනාන්තය දක්වා ගියාම මගේ අරමුණ වෙන්නේ නිදහස්ව කටයුතු කිරීමයි. මම කවදාවත් නාට්‍ය කලාව ආභරණයක් කරගෙන ඉදිරියට යන්න කැමති නැහැ. හොඳ නිර්මාණයක් ආවොත් මම එයට රංගනයෙන් දායකත්වයක් දක්වන්න කැමැතියි. මගේම කියලා නිර්මාණවලට නම් මම තාම දායක වෙලා නැහැ.
ඔබ වඩාත් කැමැති සිනමාවට ද ? වේදිකාවට ද? නැතිනම් ටෙලි නාට්‍ය කලාවට ද?
මම වැඩියෙන්ම දැනට දායකත්වය දීලා තියෙන්නේ වේදිකා නාට්‍ය කලාවටයි. ඒත්, මට කිසිම විටෙක සිනමාවට, ටෙලි නාට්‍ය කලාවට සම්බන්ධ වෙන්න අවස්ථාවක් ලැබුණේ නැහැ. ගොඩක් මගේ වයසේ සිටින අය එක එක නිර්මාණවලට දායකත්වය දීල තියෙන්නේ ඔවුන් කිසියම් හෝ කලාවේ යම් පුරුකට සම්බන්ධ වී සිටින නිසයි. ඒත්, මම යම්කිසි දවසක සිනමාවේ සහ ටෙලි නාට්‍යයේ රූප රාමුවල දකින්නට ලැබෙයි. මම කැමරාවෙනුත් දකින්න ආසයි. ඒ යන ගමනේ සෙමෙන් තමයි යන්න වෙන්නේ. එහෙම යනකොටයි ඉතා හොද ආස්වාදයක් මේ තුළින් ලබා ගන්නට පුළුවන් වෙන්නේ. ඒ ආස්වාදය වේදිකා නාට්‍යයක් තුළ රංගනය යෙදිලම බලන්න ඕනෑ.
ඔබේ සමකාලීන අය මේ ගමනට දක්වන්නේ කුමන ප්‍රතිචාරයක්ද?
එහෙම විශේෂත්වයක් දක්නට ලැබෙන්නේ නැහැ. එහෙත් ගොඩක් දෙනෙක් රංගනයට එකතු වෙන්නට කැමතියි. අද උදාවෙලා තියෙන තත්ත්වය අනුව ඒ සියලු දෙනාටම අවස්ථාවක් නෑ. දක්ෂ අය ඕන තරම් ඉන්නවා. ඔවුන්ට මඟ කියා දෙන්න කවුරුත් තවම ඉදිරිපත් වෙලා නැති එක තමයි මට නම් දක්නට ලැබෙන්නේ. ගොඩක් දෙනෙක් මේ ක්ෂේත්‍රයේ සම්බන්ධව දරන්නේ විවිධ අදහස්. ඒ නිසා මම ඒ සියලු දෙනාටම කියන්නේ ක්ෂේත්‍රයට පය ගහලා බලලා තමයි ඒ දේවල් කියන්න ඕනේ කියන එකයි. තමන්ගේ දේවල් තමන්ම තමයි හදාගන්න ඕනෑ. එවැනි දේවල් නොකරන අය තමයි විවිධ කටකතා හදන්නේ. කවුරු කොහොම කිව්වත් මම අභියෝගවලට මුහුණ දීලා මගේ ගමන යන්න ලෑස්තියි.
ජීවිතයේ ලැබූ ලොකුම සතුට ගැන කියන්න තියෙන්නේ මොනවාද ?
මගේ ජීවිතේ මට ලැබුණ ලොකුම සතුට තමයි වසන්ත දුක්ගන්නාරාල සර් සමග ඡායාරූපයක් ගැනීම. දිගු කාලයක් තිස්සේ බලාගෙන හිටපු හීනයක් තමයි මට එදා සරසවි සම්මාන නාට්‍ය උළෙලේ දී ලබා ගන්නට හැකි වුණේ. එක එක්කෙනාගේ හීන එකෙන් එකට වෙනස්නෙ. මගේ හීනෙ තමයි, ඒ මම එදා සැබෑ කරගත්තේ. එදා තරම් මං ජීවිතේ කවදාවත් සතුටු වෙච්ච දවසක් නෑ. මගේ ගමනට උදව් උපකාර කළ සියලුම දෙනාට ස්තුතියි.