කලා ක්ෂේත්‍රයේදී ආත්ම ගෞරවය වැදගත්

රංගන ශිල්පිනී ඉෂාරා අතුකෝරල
ජනවාරි 12, 2023

 

කලා පරපුරකින් පැවත එන ඇය දක්ෂ රංගන ශිල්පිනියකි. රංගන ශිල්පි ආනන්ද අතුකෝරලගේ දුව කිව් සැණින් ඇය ඔබ කවුරුත් හඳුනා ගැනීමට නිසැකවම පෙලඹෙනු ඇත. නාත්තන්ඩිය ධම්මිස්සර මධ්‍ය මහා විද්‍යාලයෙන් සහ මාළ‍ෙඹ් රාහුල බාලිකා, නාවල ජනාධිපති බාලිකා විද්‍යාලයේ. හා අකුරු කළ ඇය පාසලේ දක්ෂ නර්තන ශිල්පිනියක විය. රංගනය පසෙකලා නර්තනයට දැඩි ඇල්ම දැක්වූ ඇය පාසලේ විවිධ අංශ සඳහා නර්තන‍ෙයන් පාසලට අභිමානයක් ගෙනා සිසුවියකි. ගායනය රංගනය පසෙකලා ඇය දැඩි ලෙස ඉන් අනතුරුව ඇලුම් කළේ නිවේදිකාවක් වීමටයි. පාසලෙන් සමුගත් ඇය ටික කාලයක් විවේක සුවයෙන් කාලය ගත කිරීමෙන් පසු ප්‍රධාන පෙළේ රූපවාහිනී නාලිකාවක වැඩසටහනක් සඳහා නිවේදිකාවකට අවස්ථාවක් ‍ ඇති බව දැනගන්නට ලැබිණි. එහි තිර පරීක්ෂණයෙන් පසු කොපි චැට් මුදිත වැඩසටහනට සම්බන්ධ වුවාය. මේ වන විට වසර හතරකට අධික කාලයක් මෙම වැඩසටහන පවත්වාගෙන යනු ලබයි. කුඩා කල නිවේදිකාවක් වීමේ ඇගේ සිහිනයක මල් පල දැරීමක්ය මෙම වැඩසටහනට සම්බන්ධ වීම. කොෆි ස්ටුඩියෝ විත් මුදිත ඇන්ඩ් ඉෂි වැඩසටහන හරහා ඇයට පාර දිගේ ටෙලි නාට්‍යයට සද්ධාමංගල සූරිය බණ්ඩාර ගෙන් ආරාධනාවක් හිමි විය.එම ආරාධනාවේ ප්‍රතිඵලයක් ලෙස මේ දිනවල කා අතරත් ජනප්‍රියත්වයට පත් ඇය සචිනිය. ඇය නමින් ඉෂාරා අතුකොරලයි. මෙවර සරසවිය පුවත්පත සමඟ සම්මුඛ සාකච්ඡාවට එකතු වන්නේ.

නිවේදිකාවක් වූ ඔබට රංගන ශිල්පිනියක් විමෙන් නේද ජීවිතය වෙනත්ම දිසාවට ගමන් කරන්ට ලැබුණේ.?

මගේ ජීවිතය ගොඩක් බලාපොරොත්තු බැඳගෙන තමයි මම ජීවත් වුණේ.? මට මා පමණක් වු නිසා බලාපොරොත්තු තමයි මගේ ජීවිතේ. හැමදාම රැගෙන ගියේ. සැබෑ ලෝකයේ සචිනිගේ චරිතය සිය දහස් ගුණයක් දකින්නට චරිතය ඒ විදිහෙන්ම මිනිස්සුන්ට දැනෙන්නට මට කරන්න පුළුවන් වුණා කියලා විශ්වාස කරනවා. හොඳ යහළුවන්ට හොඳ මිතුරියන් ඉන්නවා. ඒ මිතුරියත් තමයි සචිනි කියන්නේ. මම නිවේදිකාවක් ලෙස දකිනවාට වැඩිය මට ප්‍රේක්ෂකයන් ආදරය කරන්නට ගත්තේ සචිනි නිසයි. ඒ සචිනිට මම හරිම ආදරෙයි. යම් පුද්ගලයෙක් ගමන් කරන දිසාව වෙනත් දිසාවකට හරවනවා කියන්නේ. ඒක හරියටම හරියට ම ආශ්චර්යයක්. ඒ නිසා මට ලැබුණ දේවල් ගොඩක් තිබුණා. මාව සචිනි ලෙස ජීවමාන කරන්නට සැරසුණු සියලු දෙනාටම ස්තූති කරන්නත් මම මෙය මොහොතක් කරගන්නවා.

 

පාර දිගේ සච්නිගෙන් පසු ඔබට ලැබුණු වෙනත් නිර්මාණ ගැන කතා කළොත්?

පාරදිගේ ටෙලි නාට්‍යයට ඉස්සෙල්ලා මා ආත්ම කියලා ටෙලි නාට්‍යයක තමයි රංගනයට එකතු වුණේ. එයින් පසු මම එකතු වන මුල්ම නාට්‍යය තමයි පාර දිගේ. නීල පබළු අද මට ටෙලි නාට්‍ය කිහිපයක්ම ආරාධනා කරලා තියෙනවා එකතු වෙන්න.

මේ සියලු නාට්‍ය හොඳ තිර පිටපත් තියෙන නාට්‍ය. ඉදිරියේදී බලාගන්න පුළුවන් එහි රංගනය මොනවගේද කියලා. මට ලැබෙන තිර පිටපත් මම හොඳට තෝරාගන්නේ ප්‍රේක්ෂකයාගේ ඉල්ලුමට උචිත විදිහටයි චරිතවලට අවතීර්ණ වන්නේ. ඕනවට එපාවට චරිත වලට අනුගත වෙලා රංගනයේ ප්‍රතිඵලයක් ලැබෙන්නේ නැහැ. මේ චරිතයෙන් පස්සේ මට චරිත ලැබෙයිද නැද්ද කියලා මම දන්නේ නැ. මට ලැබුණ චරිතය මම හරි සන්තෝසෙන් තමයි මේ තාක් කළේ.

පියාගේ අඩිපාරේ එන්නට ප්‍රමාද වුණේ ඇයි?

මට කලාවට එන්න තරම් ආසාවක් තිබුණේ නැහැ. ඒත් මට නිවේදිකාවක් වීමට නම් ගොඩක් ආසාවක් තිබුණා පාසල් කාලයේ සිටම. මට කවදාවත් කලාවට එන්න කියලා තාත්තා බල කරලාත් නෑ අම්මා කියලත් නෑ. හැබැයි මගේ හැකියාව නිසා තමයි මට අද අවස්ථාව ලැබිලා තියෙන්නේ. සද්ධා මංගල සූරිය බණ්ඩාර දවසක් කොපි ඵබභඤඪධ ඇවිල්ල මට කිව්ව චරිතයක් තියෙනවා කරන්න පුළුවන්ද කියලා. අවස්ථාවක් දුන්නොත් කරනවා. කියලා මම සද්ධා මංගල සූරියබණ්ඩාරයන්ට කිව්වා. අන්න එහෙම තමයි ඔය පාර දිගේ ටෙලිනාට්‍යයට මට එන්න අවස්ථාව ලැබුණේ. ඒ හම්බ වෙච්ච අවස්ථාව මට නැති කරගන්න ලෝබ හිතුණා.

 

සචිනි ගේ චරිතයමද ඉෂාරාටත් තියෙන්නේ?

මගේ පාසල් ජිවිතේ දී එකතු වුණු යාළුවෝ තමයි හැමදා මගේ ළඟින් ඉන්නේ හැබැයි සච්නියි ඉෂාරයි දෙන්නෙක් නිසා මට සංසන්දනය කරන්න කොහෙත්ම බෑ. සචිනි කියන්නෙ⁣ ගෙම් දෙන චරිතයක්. සචිනි සමහරක් ස්ථානවල දි යාළුවන් වෙනුවෙන් තම පෞද්ගලිකත්වය පවා නොතකා ක්‍රියාත්මක වෙනවා. ඒ සැබෑ යාළුකම නිසායි. සචිනිගේ සමහර දේවල් වලට මම හරි කැමතියි. ඒ දේවල් මගේ ජීවිතයටත් සමීපව තියෙනවා. කියන එක මට කියන්න පුළුවන්.

 

ක්ෂේත්‍රයේ පිරිසගෙන් ඔබට ලැබෙන සහයෝගය කොහොමද?

ක්ෂේත්‍රයේ ඉන්න සියලු දෙනාගේම මට හොඳ සහයෝගයක් ලැබෙනවා. මම එක පැත්තකින් හිතනවා මගේ තාත්තා හින්ද මට ලැබෙන දේවල් වැඩියි. මගේ තාත්තට ක්ෂේත්‍රය තුළ ලැබෙන ගෞරවය හින්ද මටත් ලැබෙනවා ඒ ගෞරවය. අද වෙනකම් මම මගේ පියාගේ ගෞරවය ආරක්ෂා කරමින් මට ලැබෙන ගෞරවය සමාජයේ සියලු දෙනාටම ලබා දෙනවා. එක පැත්තකින් මම වාසනාවන්තයි මගේ පියා නිසා. මම තවත් පැත්තකින් වාසනාවන්තයි මට ලැබුණු හොඳම නාට්‍යයේ තාත්තත් එක්ක රඟපාන්න ලැබීම. එහෙම අවස්ථාවක් ලැබෙන්නේ කීයෙන් කී දෙනාටද. මගේ ජීවිතේ මම අනවශ්‍ය දේවල් කවදාක්වත් සමීපතම කර ගන්නේ නැහැ. මට අවශ්‍ය දේවල් මම ඕනම කෙනෙක්ගෙන් ලබාගන්නවා. ඒ සුහදත්වය මත තමයි සියලුම දේවල් සිදුවෙන්නේ. අපි අපිට උදව් කර ගත්තේ නැත්තං අපිට කිසිම දෙයක් ලැබෙන්නේ නැහැ. මම මේ දේ කිව යුතුමයි තාත්තා නිසා මට ටෙලි ඩ්‍රාමා තුන හතරක්ම ලැබුණා රංගනයෙන් දායක වෙන්න. ජීවිතයේ මිහිරි සහ අමිහිර කියලා දෙකක් තියෙනවා. හැබැයි මගේ ජීවිතය මම වැඩි හරියක් ලබන්නේ මිහිරි අත්දැකීම් තමයි. මගේ ජීවිතේ මම වැඩි හරියක්ම ආසා කරන්නේ මගේ අම්මා තාත්තා එක්ක සහ මගේ සැමියාත් එක කාලය ගත කරන්නයි.

 

ඉෂාරා රංගන අතුකෝරල කියන චරිතය නිවේදිකාවක් වීමට ද කැමති රංගන ශිල්පිනියක් වීමට ද වැඩිය කැමැත්තක් දක්වන්නෙ ?

මම ඉස්සෙල්ලා නම් කැමැත්ත ප්‍රකාශ කර සිටියේ නිවේදිකාවක් වීමට යි. ඒත් මම දැන් රංගන ශිල්පිනියක් නිසාත් මම මේ දෙකම සමබරව කරගෙන යාමට තමයි දැන් කැමැත්ත දක්වන්නේ. අපේ ජීවිතවලට නොසිතූ විදියට තමයි ආශීර්වාද ගලාගෙන එන්නේ. එවිට අපි එය ආශීර්වාද වලට පයින් ගහන එක එතරම් සුදුසු නැහැ. ගොඩක් දෙනෙක් තමන්ට සුදුසු නැති දේවල් තමයි හඹාගෙන යන්න. හැබැයි මම හඹාගෙන යන්නේ මගේ ළඟට එන දේවල් වලට පමණයි. මගේ ජීවිතයට මට ඉගෙන ගන්න තියෙන දේවල් ගොඩයි. මම අන්න ඒ පසුපස හඹාගෙන ද යන කෙනෙක්.

 

පාර දිගේ පිරිස ගැන මොනාද ඔබට කියන්න තියෙන්නේ?

ඇත්තටම මම පාරදිගේ ටෙලි නාට්‍යයට එකතු වන විට මාව පිළිගත්තේ හරිම සුහදශීලී ලෙසයි. මං නොදන්න දේවල් ගොඩාක් ප්‍රවීණයන්ගෙන් සහ ආධුනිකයන් ගෙන් මම ඉගෙන ගත්තා. මම දන්නැති ඕනෑම දෙයක් මං කුඩා ළමයෙක්ගෙන් වුණත් ඉගෙන ගන්න කැමති කෙනෙක්. ජීවිතේ ලබන්න පුළුවන් උපරිම සතුටක් මේ කණ්ඩායමත් සමඟ මම ලැබුවා. මේ නාට්‍යය ඉවර වෙනකන් විතරක් නොව මතුවටත් එලෙසම ඒ කණ්ඩායමත් එක්ක මගේ සුහදත්වය පවත්වාගෙන යාම තමයි මගේ ඒකායන අරමුණ වෙලා තියෙන්නේ. අධ්‍යක්ෂකවරයාගේ සිට තිර පිටපත් රචක සහ ටි බෝයි දක්වා හරිම සුහදශීලී.

එය මතුවටත් එලෙසමයි.

 

ක්ෂේත්‍රය තුළ ඔබ දැන් තෝරා ගන්නා මාධ්‍ය කුමක්ද?

මාව ක්ෂේත්‍රයට ප්‍රේක්ෂකයා හඳුනාගත්තේ ටෙලි නාට්‍ය තුළින්. ඒ නිසා මම මුලින්ම තෝරා ගන්නේ ටෙලි නාට්‍ය කලාවයි. දෙවනුව ගත්තොත් මම සිනමාවට කැමතියි. ඒ වගේම වේදිකාවටත් කැමති. කොටින්ම සරලවම කියනවා නම් පුළුවන් හැම අයුරින් ම දායක වෙන්න අවස්ථාවක් ලැබුනොත් මේ ත්‍රිත්වය ම තෝරා ගන්නවා මගේ ගමන යාම සඳහා. ජීවිතේ කිසිම නළුවකුට හෝ නිළියකට තමන් මේ ගමන් මාර්ගය තෝරාගෙන යනවා කියලා තීරණය කරන්න අද ලංකාවේ අවස්ථාවක් නැති වෙලයි තියෙන්නේ. ජීවන අරගලයක පැටලෙන සියලුම දෙනා තමන්ට ලේසි පහසු මුදල් උපයා උපයාගැනීමට හැකි මාවතක් තමයි අද තෝරාගෙන තිබෙන්නේ. ඒ නිසා කිසිවකුට දෝෂාරෝපණ නගන්නට බැහැ කාටවත්.

දැනට ඔබ නිර්මාණ කීයකට දායක වෙලා තියෙනවද?

දැනට නිර්මාණ 6කට විතර දායකත්වය දීලා තියෙනවා. ඒ අතරින් ටෙලි නාට්‍ය හතරක් තියෙනවා.ආත්මා, පාර දිගේ නීල පබළු සහ අලුතෙන් රූගත කරන නාට්‍යය. මීට අමතරව සිනමාපටයකට ද රංගනයෙන් දායක වුණා. තව ඉදිරියේ නිර්මාණ කිහිපයකට රංගනයෙන් දායකවීමට අවස්ථාව උදාවෙලා තියෙනවා. එහි දින වකවානු හරියටම කියන්න බැහැ.

 

ක්ෂේත්‍රයෙන් ඔබට බලපැම් එල්ලවෙලා තියෙනවාද?

කිසිවිටක මට බලපැම් එල්ලවෙලා නැහැ. මම හිතන විධියට එයට හේතුව ඇත්තේ මගේ තාත්තා නිසා බවයි. මම හිතන්නේ නැත්නම් යම් යම් දෙවල් ක්ෂේත්‍රය තුළ සිදුවෙනවා කියලා කියන්නත් බෑ නොකියන්නත් බෑ. මේ හැම දෙයකින්ම බේරෙන්න තමන් දැන ගන්න ඕන. තමන් දක්ෂයෙක් නම් කාගේවත් ළඟට ගිහින් නැවෙන්න ඕන නෑ. අපේ ගොඩ දෙනකු අනුන්ගෙන් පිහිට පතන්න තමයි හැස විටම සුදානම් වෙන්නේ. මම නම් ම⁣ගේ දක්ෂතාවය නිසා තොරගත්තොත් එහෙමයි නැත්නම් අවශ්‍ය නෑ. ජනපි‍්‍රයත්වය උදෙසා අලුතින් එන අය ඕනම දෙයක් කරන්නට බලාපොරත්තුවෙන් ඉන්නවා. එවැනි අය නිසා එවැනි දෙවල්වලට යොමු වෙච්ච් අය අර පාරෙම යන්නේ. එමෙ උණාම හැම තැනකටම ක්ෂේත්‍රයේ නම කැතවෙන එකතමා සිදුවෙන්නේ. මේ හැම දෙයක්ම තාවකාලික බව ඒ සියලු දෙනා දන්නෑ. තමන්ගේ ආත්ම ගරුත්වය ගැන මොහතක්වත් නොසිතන පිරිසක් ඒ අය.

 

මේ අපු ගමන ගැන මොකද කියන්න තියෙන්නේ?

මම ක්ෂේත්‍රයට ඇවිත් කෙටි කාලයයි. ඒ කෙටි කාලය තුළ මම ලැබූ අත්දැකීම් සහ පන්නරය තුළින් මම හොඳ ගමනක් ආවා කියලා හිතනවා. තමන්ට ලැබෙන දේ ගැන තමන් සතුටු විය යුතුයි. මම නොලැබෙන දේවල් ගැන බලාපොරොත්තු තියාගෙන ඉන්න කෙනෙක් නෙවෙයි. ඒත් අද ලංකාවේ ජනප්‍රියතම නාට්‍යය තුළ මට රඟපාන්න ලැබිල තියෙන එක මම ලබපු ලොකුම සතුට සහ භාග්‍ය කියලා මම හැමදාම හිතෙනවා. ඒ දේ මට හොඳටම ඇති.

ප්‍රේක්ෂකයා වැළඳගන්න ගුණාත්මක නිර්මාණ බිහිවිය යුතුයි. මෙගා රැල්ලේ නිර්මාණ වුණත් ගුණාත්මක බවින් සහ කලාත්මකව රසවිඳීන්ට පුළුවන් අයුරින් නිර්මාණ බිහිවෙනවා නම් ඕනෑම ප්‍රේක්ෂකයෙක් ඒ නිර්මාණ වැලඳගන්නවා. අපි ප්‍රේක්ෂකාගාරයට ගෙනයා යුත්තේ අන්න එතැනටයි කියලා මම හිතනවා. අධ්‍යක්ෂකවරයා ප්‍රවීණ ද ආධුනික ද කියලා නොවේ මම නම් හිතන්නේ නිර්මාණයට හොද සාධාරණයක් ඉෂ්ට සිද්ධ කරන්න පුළුවන් අධ්‍යක්ෂකවරයෙක් ද කියලා. මට ක්ෂේත්‍රයේ තුළ ඉගෙන ගන්න පුළුවන් නම් ඕනෑම කුඩා දරුවකුගේ වුණත් මට අවශ්‍ය දේ මම ලබාගන්නවා. මම කිසිවිටෙක පන්ති භේද වර්ගීකරණයකට හසු නොවී වැඩ කටයුතු කරන කෙනෙක්.

 

[email protected]