වර්ෂ 2023 ක්වූ March 28 වැනිදා Tuesday
මගේ බලාපොරොත්තුව චිත්‍රපට 100 ක් නිපදවීමයි

චිත්‍රපට 75ක් නිෂ්පාදනය කරනවා යනු සෙල්ලමක් නොවේ. ලාංකේය සිනමා ඉතිහාසය තුළ මෙකි කාරණාව සැබවින්ම වාර්තාගතය. මේ චිත්‍රපට නිෂ්පාදකවරයාගේ වයස වත් තවම 75 වැනි වියට ළඟා වී නොමැත. එහෙත් ඔහු චිත්‍රපට 75ක් නිෂ්පාදනය කරමින් ලාංකේය සිනමාව තුළ අසම සම වාර්තාවකට හිමිකම් කියන්නේය. මේ නිෂ්පාදකවරයාගේ වාර්තා එපමණකින් නවතින්නක් නොවේ. තමන් නිෂ්පාදනය කළ චිත්‍රපට 75 අතුරින් චිත්‍රපට 53ක් ම අධ්‍යක්ෂණය කරනුයේ එකම චිත්‍රපට අධ්‍යක්ෂවරයෙකි. එවැනි වාර්තාවක් තැබූ වෙනත් චිත්‍රපට නිෂ්පාදකවරයකු ද මට සිතනුයේ අප සිනමා ඉතිහාසයෙන් සොයා ගත නොහැකි බවය. මතු එවන් වාර්තා තැබිය හැකි නිෂ්පාදකවරයෙකු බිහිවිය හැකි යැයිද විශ්වාස කළ නොහැකිය. එසේ බිහිවනවා නම් ඔහු හෝ ඇය චිත්‍රපට 75ක් හෝ ඊට වැඩි ප්‍රමාණයක් නිෂ්පාදනය කළ යුතු අතර එම චිත්‍රපටවලින් චිත්‍රපට 53ට වැඩි ප්‍රමාණයක් එකම අධයක්ෂවරයකු ලවා අධ්‍යක්ෂණය කරවිය යුතුය.
මේ අතරම ඔහු තවත් වාර්තාවකට හිමිකම් කියනු සිනමා ඉතිහාසය අධ්‍යයනය කිරීමේදි පැහැදිලි වේ. ඒ තම නිෂ්පාදන කාර්යය සඳහා හවුල් කර ගන්නා හවුල්කාරිය සමඟ එක්ව චිත්‍රපට 12ක් නිෂ්පාදනය කිරීමය.ලාංකේය සිනමා ඉතිහාසයේ එවැනි හවුල් සබඳතා සමඟ මෙවැනි චිත්‍රපට ප්‍රමාණයක් නිෂ්පාදනය කළ නිෂ්පාදක යුගලයක් හමු නොවේ. මෙම චිත්‍රපට 12 ඔවුන් නිෂ්පාදනය කරනුයේ වසර 10ට වැඩි කාලපරිච්ඡේදයක් පුරාය. මේ හවුල් සබඳතාවය නිසා නිෂ්පාදන ක්‍රියාවලිය තුළ ජනප්‍රිය යුගයක්ද නිර්මාණය වූයේය. මින් ඉහත සිනමාවේ නළු නිළි ක්ෂේත්‍රය තුළ එවැනි යුග නිර්මාණය වුවද නිෂ්පාදන ක්‍රියාවලිය තුළ මෙවැනි යුගයක් නිර්මාණය වූ පළමු අවස්ථාවද මෙය විය යුතුය. මේ සියලු වාර්තා සමඟින් ඔහු මේ මොහොතේ සූදානම් වනුයේ සිය 75 වැනි සිනමා නිර්මාණයේ සමාරම්භක මොහොත සනිටුහන් කරන්නටය. එළඹෙන 21 වැනිදාට යෙදෙන ඔහුගේ උපන් දිනය දවසේ සිය නවතම සිනමා පටයේ නිෂ්පාදන කටයුතු ආරම්භ කිරීමට පෙර මඟ බලා සිටින ඔහු සුප්‍රකට චිත්‍රපට නිෂ්පාදක සුනිල්.ටි ප්‍රනාන්දුය.
75 වැනි චිත්‍රපට නිෂ්පාදනයටත් ඔබ සූදානම්. ආපස්සට හැරෙද්දි මොනවද ඔබට සිතෙන්නේ?
විශේෂ දෙයක් හිතෙන්නේ නෑ. මට කවදාවත් පඥජධපඤ එකක් තියන්න ඕන කමක් තිබුණෙත් නෑ. මුලින්ම ෆිල්ම් එකක් හැදුවා.
ඊට පස්සේ දිගටම හදාගෙන හදාගෙන ගියා. මමත් දන්නෙ නැතිව චිත්‍රපට 75ක් දක්වා ඇවිත්. දැන් දෙසැම්බර් 21 වැනිදා පටන් ගන්නේ මගේ 75වැනි චිත්‍රපටය. ඒකේ නම ‘ ටික්ටොක්‘ .මම 50 වැනි චිත්‍රපටය කරන කොට තමයි මගේ හිටපු මැනේජර් සුනිල් ධර්මසිරි මට කිව්වේ මේ හැදෙන්නේ 50 වැනි චිත්‍රපටය සර් අපි මොනව හරි කරමු කියලා. එතකොට තමයි මමත් දන්නේ මම චිත්‍රපට 50ක් කරලා කියලා.
මගේ 50 වැනි චිත්‍රපටය තමයි ‘ දකින දකින මල්‘. ඉතින් දැන් මට හිතෙනවා මම මැරෙන්න කලින් කොහොම හරි චිත්‍රපට 100ක් කරන්න ඕනෑ කියලා. ඒක දැන් මගේ ඇඟට ආපු දෙයක්. ඒ වෙනුවෙන් තව තවත් හිත ධෛර්යමත් වෙලා තියෙනවා. මගේ උපන්දිනය දවසේ පටන් ගන්න 75 වැනි චිත්‍රපටය වන ‘ ටික්ටොක්‘ ගැහැනු ළමයි පස් දෙනෙක් සහ පිරිමි ළමයි පස් දෙනෙක් වටා ගෙතෙන විනෝදාත්මක චිත්‍රපටයක්.
ඔබේ නවතම චිත්‍රපටය අධ්‍යක්ෂණය කරන්නේ කවුද?
තවම අධ්‍යක්ෂවරයා කවුද කියලා මම තීරණය කරලා නෑ. තව නොබෝ දිනයකින්ම ඒ තීරණයට එළඹෙනවා. බොහෝ දුරට ලාල් ප්‍රියදේවට මේ චිත්‍රපටය බාර දෙයි කියලා හිතෙනවා.
චිත්‍රපටයට සම්බන්ධ කර ගන්න නව නිළියෝ කවුද?
බොහෝ දුරට අලුත්ම නළු නිළියෝ ටිකක් තමයි. සම්බන්ධ කර ගන්න බලාපොරොතතු වෙන්නේ. දැනට නිළි චරිත ටික තෝරගෙන ඉන්නවා. හිමාලි වර්ෂා, තරින්දි ප්‍රනාන්දු, මොනාෂි, හිරුනි රණසිංහ, ඩිස්නි රාජපක්ෂ තමයි ඒ අය. නළු චරිත සඳහා තවම කවුරුත් තෝරගෙන නෑ.පුවත්පත් දැන්වීමක් මඟින් තරුණ, කඩවසම් පිරිමිකමක් ඇති තරුණයන්ට ආරාධනා කරන්න බලාපොරොත්තු වෙනවා.
සුනිල්.ටී ප්‍රනාන්දු චිත්‍රපට නිෂ්පාදකවරයකු වුණේ ඔබේම උවමනාවටද?
ඔව්. මං චිත්‍රපටිවලට ආවේ මගේ ආසාවට . නැත්නම් අපේ තාත්තට ඕන වුණේ එයාගේ බිස්නස් බාරදෙන්න. මට මේ තැනට එන්නම ඕනකම තිබුණා. මේ වෙලාවේ ආදරෙන් මතක් කරන්න ඕන සෝනියා දිසා නිසා තමයි මම මෙතනට ආවේ. මම සිනමාවට එනකොට කවුරුවත් අඳුරගෙන හිටියේ නෑ. නව නිළියන්ව අඳුනගත්තේ, චිත්‍රපට අධ්‍යක්ෂවරු අඳුර ගත්තේ, ගාමිණී, මාලිනී, විජයලා අඳුරගත්තේ සෝනියා දිසා නියසි.
ඊට පස්සේ සෝනියා - සුනිල් ටි යුගයක් නිර්මාණය වුණා නේද? කොහොමද ඒ අතීතය?
සෝනියා හමුවීමෙන් සෝනියා ටත් හොඳක් වුණා , මටත් හොඳක් වුණා. අපි දෙන්නා එකතු වෙලා චිත්‍රපට නිෂ්පාදනය කළා. අවුරුදු 10-12ක් ඇතුළත අපි දෙන්නා චිත්‍රපට 12 ක් නිෂ්පාදනය කළා. ඒ චිත්‍රපට ඉහළ ආදායම් වාර්තා තබමින් තිරගත වුණා.
ඔබේ පියා ඔබ සිනමාවට එනවට කැමැති වුණාද?
තාත්තා හිතුවේ මම පොලිසියට යයි කියලා. මට පොඩි කාලෙ ඉඳන්ම පොලීසියට බැඳෙන්න පුදුම ආසාවක් තිබුණා. මම අවුරුදු 19 දි පොලීසියට බැඳෙන්න අයදුම් පත්‍රයක් යොමු කළා. ඒකට මට ඉන්ටර්වීව් යන්න ආවා. එදා උදේ මම කටුකුරුන්දේ තිබුණු ඉන්ටර්වීව් එකට යන්න ගෙදරින් එළියට එනකොට තාත්තා එක්ක සාජන්ට් කෙනෙක් කතා කරකර ඉන්නවා. මම දැක්ක ගමන් සාජන්ට් මහත්තයා මගෙන් අහනවා ‘‘පුතා නෙල්ලි ගෙඩියේ රස කීයක් තියෙනවද? තියලා. රස 7ක් තියෙනවා. පොලිස් ජීවිතෙත් ඒ වගේ තමයි කියලා ඔහු කිව්වා. අපේ අම්මා මේ වෙලාවේ අඬන්න පටන් ගත්තා. ඊට පස්සේ ඉතින් මම ඒ ගමන එතැනින්ම නතර කරලා දැම්මා.
හැබැයි මම තාත්තාට කිව්වා මට චිත්‍රපට හදන්න ආසයි කියලා. අපේ තාත්තාට ගොඩක් සල්ලි තිබුණ කෙනෙක්. තාත්තා ඊට පස්සේ මට වෑතර ‘ වැලන්ටයින්‘ කියන සිනමා ශාලාව සල්ලි වලට අරන් දුන්නා.
තාත්තාත් සිනමාවට සම්බන්ධ වෙලා හිටියද?
තාත්තා ඒ කාලේ ‘ කරාටේ ජෝ ‘ කියන චිත්‍රපටයට ෂෙයාර්ස් දාල තියෙනවා. ඒකට සල්ලි ඩබල් ද කොහෙද හම්බ වුණා.
එහෙම නැතුව සිනමාශාලා නම් තිබුණෙ නෑ. මට තමයි ඉස්සරලම සිනමා ශාලාවක් අරන් දුන්නේ. මම සිනමා ශාලා 18ක් වෙනකම් ඒ බිස්නස් එක ගොඩනැඟුවා. මට මතකයි තාත්තාට රෝසා බස් එකක් තිබුණා. ඒක එක් ලක්ෂ හැට දාහකට තාත්තා වික්කා. ඒ සල්ලි වලින් තමයි මට සිනමා ශාලාව අරන් දුන්නේ.
තාත්තාට වයස අවුරුදු 50 වෙනකොට බිස්නස් ටික අයියටයි මටයි බෙදුවා. අයියා ටුවරිස්ට් කරන්නම් කිව්වා, බේකර් කරන්නම් කිව්වා, මට අයියා කතා කරන්නේ ‘උක්කුවා ‘ කියලා තාත්තා කැමැති දෙයක් උක්කුවට දෙන්න කියලා අයියා තාත්තට කිව්වා. තාත්තා මගෙන් ඇහුවා ‘උඹ මොනවටද කැමැති කියලා
මම කිව්වා චිත්‍රපටි හදන්න කියලා. ආ.. උඹ කැමැති බයිස්කෝප් කාරයෙක් වෙන්නද? කියලා අහලා තමයි මේ ගමන පටන් ගන්න තාත්තා මූලික වුණේ.
ඔබට චිත්‍රපට පිළිබඳ ආසාව ඇති වුණේ කොහොමද?
මට ඒක ආවේ ඉස්කෝලෙන් . මම හිටියේ මොරටුව ශාන්ත සෙබැස්ටියන් විද්‍යාලයේ. ඒ කාලේ මම සෙන් සෙබැස්ටියන් ක්‍රිකට් ටීම් එකේ හිටියා. අපට ඉගැන්නුවේ බ්‍රදර්ස්ලා. දවසක් බ්‍රදර් කෙනෙක් ඇවිත් කිව්වා ‘ සුනිල් අපට ෆන්ඩ්ස් නෑ ක්‍රිකට් ටිම් එකට ෆන්ඩ්ස් හොයන්න කියලා. ෆාදර් කිව්වා ඒකට මොකක් හරි වැඩ පිළිවෙළක් හොයන්න කියලා. මම චිත්‍රපට දර්ශන දෙකක් ආධාර පිණිස ඕගනයිස් කළා. මට මතක හැටියට ‘ දෙවියනි ඔබ කොහිද?, සහ සිරිල් මල්ලී කියන චිත්‍රපට දෙක තමයි පෙන්නුවේ. මේ චිත්‍රපට බලන්න පුදුම තරමේ සෙනඟක් ආවා. මට හරි ආසයි ඒ සෙනඟ දැක්කම. මා තුළ චිත්‍රපට කරන්න ආසාවක් ඇති වුණේ එතැනින් පස්සෙයි. ඊට පස්සේ මම ස්පෝර්ට්ස්වලට ආයුබෝවන් කියලා ක්‍රමානුකුලව මේකට යොමු වුණා. මෙතනදි ජෝ මයිකල් මහත්මයාත් මතක් කරන්න ඕන. මොකද ඔහු නිසා තමයි මම සිනමාවට ආවේ.
තාත්තා ඔබට සිනමා ශාලාවක් අරන් දුන්නට ඒක වැඩි දියුණු කරන්න දැනුම ලැබුණේ කොහෙන්ද?
මුල ඉඳලම සිනමා ශාලාවෙන්ම තමයි ඉගෙන ගත්තේ. ඉස්සරලම මම ඔපරේටින් වැඩේ කළා. ඊට පස්සේ මැෂින් එකේ වැඩ කළා. ටිකට් දෙන වැඩේ කළා. ඇතුළට ගියාට පස්සේ සෙනඟ ගණන් කරන්න ඉගෙන ගත්තා. ඔහොම කාලයක් යනකොට හැම දේම ඉගෙන ගත්තා. අද මම සිනමා හෝල් එකක් පරිපාලනය කරන්න දැනගත යුතු සියලුමදේ දන්නවා.
එක සිනමා ශාලාවකින් පටන් අරන් සිනමා ශාලා 18ක් දක්වා ඔබ මේ ව්‍යාපාරය වර්ධනය කර ගත්තා. අද මොකද වෙලා තියෙන්නේ? ආපස්සට හැරිලා බලත්දි මොනවද හිතෙන්නේ. ?
ඇත්තටම කිවුවොත් මම මේ හැම දෙයක්ම කළේ මගේ පුතා වෙනුවෙන් . දුව ක්‍රිස්ටින් හිටියට එයා දියණියක් නිසා මේ පැත්තට යොමු නොවේවි කියලා හිතුණා. ඒ හින්දා පුතා ‘රිකී‘ වෙනුවෙන් තමයි මම මේ හැම දෙයක්ම කළේ. රිකී සිනමා, රිකී වයිට් හවුස් , කළුතර සුනිල් ටී, එමෙස් මොරටුව වැනි විශාල දේපොළක් මම අරගෙන තිබුණා.
මේ එක්කෝටම මම ඉන්වෙස්ට් කළේ චිත්‍රපට වලින් හොයපු සල්ලි මයි. රිකී නැතිවුණත් එක්කම මගේ සිහින ඔක්කොම බොඳවෙලා ගියා. ඊට පස්සේ මගේ බිරිඳත් කැන්සර් පේෂන්ට් කෙනෙක් වුණා. මට මේ සියලු දේට තිබුණ ආසාවන් නැතිවෙලා ගියා. මගේ බිරිඳ කොහොමත් සිනමාව පැත්තට කැමැති කෙනෙක් නොවෙයි.
මමත් ඉතින් තව පොඩි කාලයක් ජිවත්වෙයි. මගෙන් පස්සේ මේවා ගෙනියන්න කෙනෙක් නෑ. දැන් මගේ වයස අවුරුදු 62 ක්. මේ ලබන්නේ 62 වැනි වසර. මම දන්නේ නැ තව කොච්චර කල් මම ඉඳීද කියලා. මම හිතනවා අඩුගානේ 70ක් වෙනකම් වත් චිත්‍රපට කරන්න පුවවන් වෙයි කියලා හිටියොත්. ඒ කාලය ඇතුළත චිත්‍රපට 100 ක් වෙන්න කරන්න පුළුවන් වෙයි කියලා හිතනවා.
ඔබේ නිර්මාණ ආසාව අතරේ ඔබට කර ගන්න බැරිවුණ නිර්මාණත් තියෙනවද?
දැනට සිනමාව තුළත් ප්‍රදර්ශනය නොවුණ චිත්‍රපට 4ක් මම හදලා තියෙනවා. ඒ චිත්‍රපට හරිම විවිධයි. මේ අතර රේණුකා බාලසුරිය සමඟ කළ ‘ තුන්පත් රෑන‘ ජගත් මනුවර්ණ සමඟ කළ බටලන්ද කේස් එක වැනි ආන්දෝලනාත්මක චිත්‍රපටත් තියෙනවා. මේ චිත්‍රපට පෙන්වද්දි රටේ විශාල කතා බහක්, ප්‍රශ්න කිරීමක් ඇති වෙයි කියලා මට හිතෙනවා. මේ විදියේ විවිධ ගණයේ නිර්මාණ මම කරලා තියෙනවා.
පුතාත් නැති නිසා දියණිය මේ පැත්තට එන්න අදහසක් නැතිද?
මම හදලා තියෙනවා පඪජඬරටතඥය කියලා චිත්‍රපට තඪඡපචපර එකක්. ඒකට ඇප් එකකුත් දාල තියනවා. මගේ දුව මේකේ අධ්‍යක්ෂවරියක්.
මේක වැඩිපුර දුවන්නේ මැදපෙරදිග රටවල. ඒකෙන් මට සැලකිය යුතු ආදායමක් එනවා.මේ අදහස මට මුලින්ම දුන්නේ මගේ දුවයි. ‘ තාත්ති අපි දඥබටතඪය එක වගේ එකක් හදමු කියලා.
ඒ අදහස අනුව තමයි මම පඪජඬරටතඪය එක හැදුවේ. ඒකට මට ජයන්ත ධර්මදාස මහතා ගොඩාක් උදව් කළා. ජිවන් කුමාරතුංග, රවින්ද්‍ර රන්දෙණිය වැන්නන්ගේ උපදෙසුත් බෙහෙවින් ප්‍රයෝජනවත් වුණා. පඪජඬරටතඪය එකේ චිත්‍රපට බලන්න මාසෙටම ඩොලර් එකක් ගෙවන්න ඕන.මාසේ ඇතුළත එහි තිබෙන ඕනම චිත්‍රපටයක් බලන්න පුළුවන්. ලංකාවේ අයටත් ඕනනම් මේක බලන්න පුළුවන්. ඒක ගැන මම වැඩිය ඩ්ඪඨඩතඪඨඩබ කරන්නෙ නෑ. මොකද ඩොලර් එකක් ගෙවන්න තියන නිසා. ඩොලර් එකක් කියන්නේ අද රුපියල් 375ක් විතරනේ. අද ලංකාවේ තියෙන ආර්ථික තත්වයත් එක්ක ඒක අමාරුයි. නමුත් මැද පෙරදිග රටවල ඉන්න අය අතර මේක ජනප්‍රියයි. ජිවිතේ ලස්සනයි, මද්දුම බණ්ඩාර, හෝගානා පොකුණ, දරුවනේ වැනි චිත්‍රපටවලට වැඩි ඉල්ලුමක් තිබෙනවා. කොහොමත් මගේ නිර්මාණත් සමඟ මම සල්ලි දිලා ගත්ත චිත්‍රපටිත් එක්ක චිත්‍රපට 500ට ආසන්න ප්‍රමාණයක් පඪජඬරටතඥය එකේ තියෙනවා.
ගෙවුණු වසර ගණනාවත් තිස්සේ ඔබ සිනමාවේ හිටියා. සිනමාව තුළ විවිධ පෙරළි සිද්ධ වුණා. විවිධ රැලි ආවා. සමහරු කිව්වා සිනමාව කඩා වැටුණා කියලා. මේවා ඔබට බලපෑවේ කොහොමද?
ඔය එකක්වත් මට බලපෑවේ නෑ. ඒවා බලපාලා මගේ චිත්‍රපට ෆේල් වුණා නම් මම මෙච්චර චිත්‍රපට ප්‍රමාණයක් හදන්නේ නෑනේ. දැනටත් චිත්‍රපට 4ක් තිරගත කරන්න පෝලිමේ තියෙනවා.
මගේ චිත්‍රපටවලදි මම කොහොමහරි මගේ කොස්ටි එක කවර් කරනවා. මට පාඩු වුණ එකම චිත්‍රපටය වුණේ ‘ අජාසත්ත‘ විතරයි. මොකද ඒකට මම අසිමිත මුදලක් වියදම් කරපු නිසා.
චිත්‍රපට නිෂ්පාදනයෙදි ප්‍රධානම දේ වෙන්නේ අපි මේ චිත්‍රපටය පෙන්වන්නේ කාටද කියන එකයි. ඒ අයගේන එන පඥබභපද එක මොකක්ද කියන එක ගැනත් අවධානය යොමු කරන්න ඕන.
මේව තමයි අපි චිත්‍රපටයක් කරත්දි හිතන්න ඕන. එතකොට අපිට කවදාවත් පාඩු වෙන්නෙ නෑ. චිත්‍රපටයක් ගත්තම ඩීවීඩී අයිතිය, ඇප්ස්, කේබල් ටීවී, ඒඪපඡධදඤ පඪඨඩබඵ, ඛ්ඩචදදඥත පඪඨඩබඵ ගත්තම මුළු මුදලත් එක්කම ලාබෙට ලාබයකුත් හොයලා ඉවරයි. ඔය ඔක්කොමත් එක්ක මම ලංකාවේ තියටර්ස් ටිකට චිත්‍රපටය දාලා පෙන්වන්නේ බෝනස් එක බලාපොරොත්තුවෙන්.
අනිත් ඒවා වලින් ඕන ඉන්කම් එක එනවා. ඕක අනිත් මිනිස්සු දන්නෙ නෑ. නිර්මාණය හරියට උණේ නැත්නම් ඒක පිටරටට විකුණන්න හම්බවෙන්නේ නෑ. මම නම් ඒක හරියට බලල කරනවා . ඒකයි හේතුව.
වර්තමානයේ සිනමාවේ අර්බුදයක් තියෙනවාද?
අර්බුදයක් නෑ. මට නම් පේන තෙක් මානයක වත් නෑ. මේකේ ප්‍රධානම දේ අධ්‍යක්ෂවරු හදන්නේ මහජනතාවට ඕන චිත්‍රපට නොවිමයි. ඔවුන් ඒ අයගේ සමිප අත්දැකීම් නැතිනම් ඒ අයගේ පවුලේ කාට හරි වුණු සිද්ධියක් සිනමාවට අරන් එනවා. අපේ මිනිස්සු ඒවා බලන්න කැමැති නෑ. ඉස්සර ලෙනින් මොරායස් කොච්චර ලස්සන චිත්‍රපට හැදුවද?
මිනිස්සු වැල නොකැඩි ඇවිත් ඒ චිත්‍රපට බැලුවා. මහජනතාවටඕන, ඔවුන් බලන්න කැමැති දේ හදපුවම මිනිස්සු චිත්‍රපට බලන්න එනවා. අද අපේ මිනිස්සු තමන්ගේ පෞද්ගලික ප්‍රශ්න වලින් චිත්‍රපට කරලා ඒක රටට පෙන්වන්න යනවා. ඒ ප්‍රශ්න රටේ ප්‍රශ්න නොවෙයි. ඒකයි ප්‍රධාන හේතුව. දැන් මම චිත්‍රපට 75ක් කළාට එක චිත්‍රපටයකවත් රඟපෑවද?
මට ඔන නම් රඟපාන්න තිබුණා. ප්‍රධාන නළුවා වෙන්නත් තිබුණා. ඕන දෙයක් කරන්න පුළුවන් කම තිබුණා. මගේ ජීවිතෙත් චිත්‍රපට කරන්න පුළුවන් කතා වස්තුත් තියෙනවා. උදාහරණයකට මාව ගන්නකො. මම කිසි දවසක එක සින් එකකට ඉඳලා නෑ. මම ඉස්කෝලෙ යනකාලේ රඟපාන්න ආසාව තිබුණා. නමුත් ඒ ආසාව පොඩි කාලයයි.
මම හිතුවා ඒක මට සුදුසු නැ කියලා. මට සුදුසු නිෂ්පාදන කාර්යය කියලා හිතුවා.
ඒක ඔබට තේරුණේ කොහොමද? ඔබ රඟපාන්න ගියාද?
ඒ කාලේ මාව එක්කෙනෙක් ප්‍රධාන චරිතයකට දාල චිත්‍රපටයක් කළා. ශිරානි නුගේරා එක්ක තමයි ප්‍රධාන චරිතය කළේ. අන්තිමට ඒ චිත්‍රපටය මමම ගිනි තියලා දැම්මා. චිත්‍රපටය නිෂ්පාදනය කළේ සේනානායක කියලා ලොකු සල්ලිකාරයෙක්. චිත්‍රපටය කරලා ඉවර වුණාට පස්සේ ස්ටුඩියෝ එකේ එක්කෙනාට ගාණක් දිලා චිත්‍රපටය අරගෙන ගිනි තිබ්බා. මම කැමැති වුණේ නැ ඒක එළියට එනවට. මට මතකයි සෝනියා දිසා , අනෝජා වීරසිංහ වගේ අය මේක හෙව්වා පෙන්නන්න කියලා. කොහොම වුණත් හොඳ වෙලාවට මම නළුවෙක් වුණේ නැත්තේ. එහෙම වුණා නම් මෙ වෙනකොට ඔක්කොම ඉවරයිනේ. දැන් තාමත් මම බැට් කරනවානේ.
ගාමිණී- මාලිණි, විජය -මාලිනී ගේ ඉඳලා නළු නිළි සුසංයෝගය ගැන ඔබ හොඳීන්ම දන්නවා. වර්තමානයේ තිබෙන නව නිළි පෞරුෂයන්ගේ අඩුව ඔබ දකින්නේ කොහොමද?
එදා නළු නිළියන්ගේ තිබුණු ඒ ගැම්ම අද නෑ. තරු ගුණයෙන් යුතු ළු නිළියෝ පහසුවෙන් බිහිවෙන්නෙ නෑ. මැතකදි ඒ තරු ගුණය තිබෙන නළුවෙකුට මම දැක්කේ හේමාල් රණසිංහ විතරයි.
ඔබේ සිනමා ජිවිතය පෞද්ගලික ජිවිතයට බලපෑවේ නැත්ද?
නෑ. මගේ ඹඪටඥ හරිම චඤමචදජඥ හිතන කෙනෙක්. මම කරන්නේ මොකක්ද?, මගේ රස්සාව මොකක්ද කියලා එයා හොඳට දන්නවා. එයා කවදාවත් මේවට ඇඟිලි ගහන්න ආවේ නෑ. අනෙක් පැත්තෙන් ඒගොල්ලන්ට කිසිම අඩුපාඩුවකුත් නෑ. ඒ අයට අවශ්‍ය ලක්ෂරි ජිවිතය මම දිලා තියෙනවා. මගේ දුව කවදාවත් බස් එකක, කෝච්චියක ගිහින් නෑ.
මුල් කාලේ ඩ්‍රැයිවර් එක්ක ඉස්කෝලෙ ගියා . පස්සේ මාත් එක්කම තමයි ගියේ. දරුවන් හදනව නම් අපි දරුවන්ගේ වගකිම බාර ගන්න ඕන. ඒ අයට අසාධාරණයක් නොකර.
දැන් ඔබේ දියණිය මොනවද කරන්නෙ?
එයා කරන්නේ බයෝ ටෙක්. එක පැත්තකින් රොබෝලා ලවා ඔපරේෂන් කරවනවා. අනෙක් පැත්තෙන් ඩිසල් එන්ජින්, පෙට්‍රල් එන්ජින් පලු කරලා රොබෝලා ලවා ෆිට් කරවනවා. දැන් එයා ඉන්නේ ලන්ඩන් වල. එයා ලංකාවට එන එකක් නෑ. ලක්ෂ 70-80ක් විතර මාසෙකට හම්බ වෙනවා. තවම අවුරුදු 21යි. තවම විවාහ වෙලා නෑ.
ඔබ චිත්‍රපට 38ක්ම සුනිල් සෝම පීරිස්ට හදන්න දුන්නේ ඇයි?
එයා හරිම අවංකයි. සල්ලිවලට හරිම අවංකයි. ඒ නිසා අපි දෙන්නට දුර ගමනක් යන්න පුළුවන් වුණා.එයා කරපු සමහර චිත්‍රපට ෆේල් වුණා නමුත් එයා දිගින් දිගටම මාත් එක්ක හිටියා.
සිනමාශාලා හිමිකරුවාට දැන් මොකද වුණේ?
එමෙස් මොරටු මම පවත්වාගෙන යනවා. ඒක මගේ දේපළක් නිසා. අනිත් ඒවා මට කරන්න බෑ. හේතුව චිත්‍රපට බලන්න එන පිරිස ගොඩක් අඩුයි.
මගේ දේපොළ සමහර ඒවා මම වික්කා. එමෙස් තියෙන තැන මට තියෙන්නේ ලොකු කම්ප්ලෙක්ස් එකක්. මෙතනින් මට මැරෙන තුරු ජිවත් විය හැකි ආදායමක් ලැබෙනවා.
මම අනිත් ඒවා පවත්වාගෙන ගියා නම් සේවක ප්‍රශ්න ආදියටත් මැදිහත් වෙන්න සිද්ධ වෙනවා. ඒ ප්‍රශ්න එක්ක මට මේක කරන්න බෑ. මගෙන් පස්සේ මේවා කරන්න දෙන්න කෙනෙකුත් නෑනේ. මම හිතුවා දැන් මම නිදහසේ ඉන්න ඕන කියලා. අපේ තාත්තාත් එහෙමයි. එයා අවුරුදු 50 දි පෙන්ෂන් ගියා. මට දැන් 62 ට ආසන්න වෙලත් තාම මම පෙන්ෂන් වෙලා නෑ. මගේ රස්සාවේ පෙන්ෂන් යන්න දෙයකුත් නෑ. මම හිතුවා බාහිර කරදර මුකුත් නැතිව ෆිල්ම් එකක් හදාගෙන ඉන්න ඕන කියලා. චිත්‍රපටයක් හදනවා කියන්නෙත් ප්‍රැක්ටිකලි සුන්දර දෙයක්නේ. මම ඒක කරගෙන ඉන්නවා. මම දන්නවා චිත්‍රපටියක් ෆේල් නොවෙන්න හදන්න.
සමස්ත සිනමාව ගැන ඔබට මොනවද කියන්න තියෙන්නෙ?
හෙට එච්චර කළුවර නෑ. කළුවර කර ගන්නේ අපේ අයම තමයි. ඒකට මට කරන්න දෙයක් නෑ. සිංහල චිත්‍රපට පෙන්වන හෝල් 53 මම පෙරලා ගත්තා මගේ බෝනස් එකට. ඉස්සර ප්‍රධාන ආදායම දැන් මම බෝනස් එකක් කර ගත්තා. අනෙක් නිෂ්පාදකවරු ඒක කර ගන්න දන්නෙ නෑ.
සුනිල්.ටී කියන පුද්ගලයා කොහොම කෙනෙක්ද?
හරි සුන්දරයි. සරලයි. කාටවත් වරදක් කරන්නෙ නෑ. හැමෝම එක්ක සුහදයි. මම හිතන්නේ එක්කෙනෙක් දෙන්නෙක් හැර කවුරුත් මගෙත් එක්ක තරහ නෑ.
ජිවිතේ ගැන සතුටුයිද?
මාරම සතුටුයි. මට හෙට මැරැණත් කමක් නෑ. පණ තියෙන තුරු චිත්‍රපට කරයි. චිත්‍රපටයක් කරන අතරතුර සමහර විට මැරෙයි. මැරුණට පස්සේ මගේ බොඩි එකත් හිනාවෙලාම ඉඳීයි.
සේයාරූ - නිශ්ශංක විජේරත්න