අභියෝගයක් තිබුණේ මා සමඟ පමණයි

-ආෂ්කා කුලතුංග
නොවැම්බර් 17, 2022

 

ගිටාරයක් වයමින් මිහිරීම ගී ගයන ගැහැනු ළමයකුගේ දර්ශන පෙළක් සමාජ මාධ්‍ය හරහා නැරඹුම් වාර මිලියනය ද ඉක්මවමින් ප්‍රචාරය විය. පසුව මේ ගැහැනු ළමයා Voice ලංකා තරගයේ මුල් පෙළට පැමිණි ආෂ්කා කුලතුංග ලෙස ජනතාව හඳුනා ගනු ලැබීය. මේ ආෂ්කා පැමිණි ගමන් මඟ පිළිබඳව ‘සරසවිය’ සමඟ සම්මුඛ සාකච්ඡාවකි.

 

ඇත්තටම කවුද ආෂ්කා කියන්නේ?

මිනිස්සු දන්නේ මම ගිටාර් ගහන ගමන් සින්දු කියන ගැහැනු ළමයෙක් කියල තමයි. හැබැයි මම බොහොම සංවේදී පරිසරයට ආදරය කරන ස්වභාව සෞන්දර්ය විඳින්න කැමති සංගීතය ගැඹුරින් හදරන විශ්වවිද්‍යාල ශිෂ්‍යාවක්.

ස්වභාව සෞන්දර්ය විඳිමින් ගැඹුරින් සංගීතය හදාරන විශ්වවිද්‍යාල ශිෂ්‍යවක වෙන්න ආපු ගමන පටන් ගන්නේ කොහොමද?

මගේ ගම මහනුවර දිගන, සංගීතය පිළිබඳ පවුල් පරිසරය උපරිමයෙන් මට තිබුණා මගේ සීයා සංගීත ගුරුවරයෙක්. අම්මා සංගීත ගුරුවරියක් තාත්තා විශ්‍රාමික හමුදා නිලධාරියෙක්. උපතින් ලැබුණ හැකියාවක් තිබුණා. ඉතින් මේ හැමෝගෙම සහයෝගය මට ලැබුණා. මේ ගමන එන්න.

 

ඉගෙන ගත්ත පාසැල?

මහනුවර උසස් බාලිකා විද්‍යාලය

 

පාසැලෙන් ලැබුණා සහාය කොහොමද?

විශේෂයෙන්ම පාසැල් අධ්‍යාපනය තුළින් ගොඩ නඟාගත් සමාජ පසුබිම මම මේ තලයට ගේන්න ගොඩක් උදව් වුණා. පාසැලෙන් හොඳ අවස්ථාවක් ලැබුණා. ගායන තරඟවලින් පාසැල්වලින් මුල් තැන ලැබුණා. මම කලාප තරඟවලින් මුල් තැනට මට එන්න අවස්ථාව ලැබුණා. සමස්ත ලංකා තරගවලිනුත් මට මුලික ජයග්‍රහණ ලැබුණා.

 

ඒ කියන්නේ පාසැල් අතර අක්ෂා ජනපි‍්‍රය තරුවක් වුණා.

ඔව් ඔව් ධර්මරාජ, කිංස්වුඩ්, මහමායා වගේ ඉස්කෝලවලත් මට ගොඩක් යාළුවෝ හිටියා.

 

වාද්‍ය භාණ්ඩය හැටියට ගිටාරය තෝර ගත්තේ ඇයි?

මට පුංචි කාලෙ පුංචි ඕගන් එකක් තිබුණා. තාත්තා හමුදාවේ නිසා ගෙදර කොහොමත් නැහැ. අම්මා ඉස්කෝලේ උගන්නන ගියාම ගෙදර මාව බලාගත්ත සීයා. සීයා සංගීත ගුරුවරයෙක් නිසා ඕගන් එකෙන් පුංචි පුංචි සින්දු ගහන්න මට කියල දෙනවා. මම ඒවා ඉක්මනට අල්ලගෙන වාදනය කරනවා. පස්සේ තාත්තා ඉන්දියාවේ ගිය වෙලාවක මට ගිටාරයක් ගෙනත් දුන්නා. මම හරිම ආසාවෙන් ගිටාරය තෝරගත්තා. ඕගන් එක අතහැරියා.

මුල්ම ගිටාර් ගුරුවයා කවුද?

අනුර දිසානායක සර්. සර්ගේ පන්තියක් තියෙනවා දිගනෙ. මියුසික් ඇකඩම් කියල මූලික අධ්‍යාපන ලැබුවේ අනුර සර්ගෙන මේ අතරේ රූපවාහිනියේ ගිය වැඩසටහනකදි ගිටාර් ෆ්ලෙම්න්කෝ කියන ක්‍රමයට ගිටාර් වාදනය කරනවා. දැකල අම්මා තමයි මේ ස්ටයිල් එකට ගිටාර් ගහන්න මාව යොමු කළේ. පස්සේ චන්ද්‍රනන්ද විද්‍යාලයේ චානක තේන්නකෝන් සර්ගෙන් මම ගිටාර් ෆ්ලෙමින්කෝ කියන වාදන රටාව ඉගෙන ගත්තා. මේ රටාව ගීතයකට වාදනය කරන පිළිවෙළ ගැන මට ලොකු උනන්දුවක් තිබුණා. මම චන්ද්‍රනන්ද සර්ගෙන් ඒක හරියටම ඉගෙන ගත්තා. ලංකාවට ගිටාර් ෆ්ලේම්න්කෝ රටාව හඳුන්වා දුන්නේ අමරනාත් රණතුංග සර්. අමරනාත් සර් චානක තෙන්නකෝන් සර්ගෙත් ගුරුවරයා. අද මම විශ්වවිද්‍යාලයේ ගිටාර් ෆ්ලෙමින්කෝ හදාරන්නෙත් අමරනාත් සර්ගෙන්. දෛවය කියන්නේ හරි පුදුම දෙයක්.

 

ඍධඪජඥ ලංකා තරඟයේ මුල් තැනට එන්න කවුද ඔබට අභියෝගයක් වුණේ

ඇත්තටම අභියෝගයක් තිබුණේ මා සමඟ පමණයි. මොකද මම පාසැල් මට්ටමින් කලාප මට්මටමින් දිස්ත්‍රික්ක මට්ටමින් ඇවිත් සමස්ත ලංකා තරඟයන්ගෙනුත් කුසලාන සහතික ගත්ත කෙනෙක් නිසා මට අභියෝගයක් තිබුණේ නැහැ. එයින් මම විශාල ජනපි‍්‍රයත්වයක් ලැබුණා. එක තමයි සිදුවුණේ. අභියෝගයක් මට තිබුණේම නැහැ.

 

සාමාන්‍යයෙන් විශ්වවිද්‍යාලයක උපාධියක් සමඟ පිටවෙන කෙනෙක්. බොහෝ විට වෘත්තියෙන් පාසැල් ගුරුවරියක්. ආෂ්කාගේ බලාපොරොත්තුව ඒකමද?

නැහැ. දැනටත් මම පෞද්ගලිකව ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට ගිටාර් වාදනය උගන්වනවා. පාසැල් ගුරුවරියක් වීමේ බලාපොරොත්තුවක් මට නැහැ. ගිටාර් ෆ්ලේමින්කෝ වාද්‍ය ශිල්පිනියක් වීම තමයි බලාපොරොත්තු ගායනයත් ඒ අතර කරගෙන යනවා. මොකද මගේ අම්මා ගුරු වෘත්තියෙන් ඉවත් වෙලා මා වෙනුවෙන් කැප වෙච්ච කෙනෙක්. එවට උපරීම සාධාරණයක් මම කරන්න ඕනෑ.

 

ඔබගේ පරමාදර්ශී චරිතය කවුද?

මට විශේෂයෙන් කියන්න කෙනෙක් නැහැ. ක්ෂේත්‍රයේ ඉහළින්ම ඉන්න ගුරුවරයන්ගෙන් මම ගිටාර් ෆ්ලෙමින්කෝ හදාරන්නේ. බටහිර සංගීතය (විශේෂවේදී උපාධිය) මම විශ්වවිද්‍යාලය තුළ හදාරනවා. හින්දුස්ථාන් සංගීතය ඉගෙනගෙනයි මම විශ්වවිද්‍යාලයට ආවේ. බටහිර සංගීතය ශාස්ත්‍රීය සංගීතය, ගිටාර් ෆ්ලෙමින්කෝ වාදන රටාව මේ සියල්ල කැටිකරගත් නවතම සංගීත ආරත් ගොඩගන්නට හැකිවෙයි කියන බලාපොරොත්තුව මට තියෙනවා. ඉතින් මේවා තුළින් ගොඩනැඟුණු පරමාදර්ශයක් නම් මෙතෙක් හමුවෙලා නැහැ.

 

 

[email protected]