වර්ෂ 2023 ක්වූ September 22 වැනිදා Friday
බඩීට දැන් කවුද අකමැති

ඔහු රත්මලාන කඳවල මහා විද්‍යාලයෙන් මූලික අධ්‍යාපනය හැදැරුවේය. පාසල් කාලයේ වේදිකා නාට්‍ය රැසකට රංගනයෙන් දායක විය. පාසල්, අන්තර් පාසල්, කලාප, දිස්ත්‍රික්ක හා සමස්ත ලංකාවලින් සිය දක්ෂතාවයන් පෙන් වූ ශිෂ්‍යයෙකි. ඔහු පාසලේ කා අතරත් කැපී පෙනෙන චරිතයක් බවට පත් විය. පසුව අ.පො.ස .උ .පෙළ සඳහා පැපිලියාන සුනේත්‍රා දේවි මහා පිරිවරට ඇතුළත් විය. උසස් පෙළ අධ්‍යාපනෙයන් පසු කලාවේ විවිධ ඉසව් සොයා නැවතත් අවතීරණ විය. ඉන් ලැබූ පන්නරය නිසාම විවිධ නාට්‍යවල රංගනයෙන් දායකවීමට ද අවස්ථාව හිමි විය. මේ දිනවල "රැල්ල වෙරළට ආදරෙයි" ටෙලි නාට්‍යයෙ ඇමතිතුමාගේ බඩියාගේ චරිතයට පණ දෙන්නේ මොහුයි. ඔහු චූලක ද සිල්වායි.
ඔබ නාට්‍ය කලාවට අවතීර්ණ වන්නේ කොහොමද?
පාසල් යන කාලයේ දීම තමයි වේදිකාවේ ස්පර්ශ කරන්නේ. මගේ ගුරුවරයා වන්නේ ගාමිණී සුසිල් ද සිල්වායි. මගේ මුල්ම නාට්‍ය ‘මෙරු’. ඒ නාට්‍යය තුළින් අපි සමස්ත ලංකා දක්වාම එනවා. මේ විදිහට පාසල් නාට්‍ය රැසකම අපි සමස්ත ලංකා ජයග්‍රහණය කරනවා. එයින් ලැබූ පන්නරය තමයි මේ විදිහට දිගටම ඇදගෙන ආවේ. පාසල් ජීවිත මතකයේ රැඳී චරිතයක් තමයි ‘ගමරාල දිවිය ලෝකේ ගිය නාට්‍යය’. ඒ වගේම ගමරාලගේ චරිතය.ඒ කාලේ මට හැමෝම ගමරාල කියල තමයි කතා කරන්න පටන් ගත්තෙ.
ඔබට දෙහිවල මහ නගර සභාවේ රුකියාවකුක් ලැබෙනවා නේද?
මම උසස්පෙළ අධ්‍යාපනයෙන් පස්සෙ කලාවෙහි සුළු සුළු දේවල් ස්පර්ශ කරන අතරතුර දෙහිවල මහ නගර සභාවේ රැකියාවක් ලැබෙනවා. රාජකාරිය දේවකාරියක් ලෙස සලකලා කැපකිරීමක් කළා. මේ අතරතුරේ නාට්‍ය කිහිපයකටත් සම්බන්ධ වෙලයි හිටියේ.
මේ වකවනුයවේදි හිතේ තිබුණ හීනයක් හරියනවා. ඒ තමයි නවසීලන්තයට යන්නට ලැබිම. ඒ ගිය ගමන මම අවුරුදු දා හතක් නවසීලන්තයේ ඉදන් ස්ථිර පුරවැසිභාවයට ද හිමිකම් ලබනවා. දැන් මං මෙහේ ඇවිල්ල අවුරුදු 4ක් විතර වෙනවා.
නවසීලන්තයේ ගිහින් කළේ මොනවාද?
මම එහේ ගිහිල්ලා ඉස්සෙල්ලාම කළේ රැකියාවක්. ඊට පස්සේ ක්‍රමයෙන්, ක්‍රමයෙන් මම ව්‍යාපාර පැත්තට යොමු වුණා. දැන් මගේම කියලා ව්‍යාපාරයක් තමයි මම එහේ කරගෙන යන්නේ. මේ අතරතුරේ නවසීලන්තයේ ඉන්න අපේ අයත් එක්ක එකතුවෙලා කලාවත් කරගෙන යනවා. ශ්‍රී ලංකාවේ තිබුණු නාට්‍ය කිහිපයක්ම අපි නවසීලන්තයට ගෙන්නුවා. මම නවසීලන්ත කලා සංසදයේ සාමාජිකයෙක්. ශ්‍රී ලංකාවෙන් එන සියලු දෙනාම මගේ ගෙදර තමයි නවාතැන්පල කරගන්නේ. ඊට පස්සේ මම නැවතත් කලාවට අවතීර්ණ වන්න පටන් ගත්තා. ඔවුන්ගේ ආගමනයත් සමඟ කලාවෙන් වෙන්වෙලා සිටිය මට නැවතත් කලාවට එකතු වෙන්නට ආසාවක් ඇති වුණා. ශ්‍රී ලංකාවට ආපු සෑම වතාවකදීම නවසීලන්තයට පැමිණි සියලුම කලාකරුවන් මුණගැහිලා ඔවුන් සමඟ සතුටු සාමීචියේ යේදිල තමයි නැවත නවසීලන්තය බලා යන්නේ. ඒ ඇතිවෙච්ච බැඳීම් නිසා තමයි මට නැවතත් ශ්‍රී ලංකාවට ඇවිල්ලා මේ විදියට රඟපාන්න අවස්ථාව ලැබුණේ. ඒ සියලු දෙනාම මේ වෙලාවේ සිහිපත් කරන්නේ හරිම ආදරයෙන්.
ශ්‍රී ලංකාවට ඇවිල්ලා අලුත් වැඩකට අත ගැහුවා නේද?
මම ශ්‍රී ලංකාවට ඇවිල්ලා කුමාර තිරිමාදුර සමග යූටියුබ් නාලිකාවක් පටන් ගත්තා. ‘කුමාරයි මාරයි’ කියලා. මේ වෙනකොට ග්‍රාහකයන් 22000 පන්නලයි ඉන්නේ. ඒක ඉතාම කෙටි කාලයක් තුළ අපි ලබපු හොඳ ජයග්‍රහණයක් කියලා කියන්න පුළුවන්. මේ වන විට යූටියුබ් නාලිකාව මදකට නතර කරලයි තියෙන්නේ. එකේ විශේෂ වැඩසටහන් කීපයක් අපි කරන්න බලාපොරොත්තු වෙන නිසා තමයි පොඩ්ඩක් මඳකට නවත්තවලා තියෙන්නේ. අලුතෙන් පිටපත් කිහිපයකුත් කුමාර අයියත්, මාත් එකතුවෙලා ලියාගෙන යනවා. යූටියුබ් එක නතර කරලා තියෙන හින්දා ග්‍රාහකයන්ගෙන් කරදරේ වැඩි වෙලා. අපි සමාජයට හොඳ දෙයක් දුන්ණොත් ග්‍රහකයන් අපි පසුපස හඹා ගෙන එනවා. අපිටත් දැන් වෙලා තියෙන්නෙ අන්න ඒකයි.
‘රැල්ල වෙරළට ආදරෙයි’හි බඩියා වෙන්නේ කොහොමද?
කුමාර අයියත්, මමත් යූටියුබ් නාලිකාවක් කරන හින්දා අපි දෙන්නා නිතරම මුණ ගැහෙනවා. මෙහෙම ඉන්න දවසක තමයි කුමාර අයියාට ‘රැල්ල වෙරළට ආදරෙයි’ ටෙලි නාට්‍යයේ ෂූටිං තිබුණේ. දවසක් මට කිව්වා, මගෙත් එක්ක ගමනක් යන්න එනවාද කියලා. එදා මටත් විශේෂ වැඩක් තිබ්බේ නැති හින්දා මම කුමාර අයියත් එක්ක ගියා. ඒ ගියේ ලොකේෂන් එකකට. මම වේදිකා නාට්‍ය කරලා තිබුණට ටෙලි නාට්‍ය රඟපාලා තිබුණේ නෑ. ඒ ගිය අතරතුර කුමාර තිරිමාදුර මට එහි තිර පිටපත් රචක අරුණ ජයවර්ධන සහ අධ්‍යක්ෂකවරයා වූ නිමන්ත ප්‍රසාද්ට හඳුන්වා දුන්නා. ඒ දෙන්නා මගෙන් ඇහුවා චරිතයක් තියෙනවා කරන්න කැමතිද කියලා. මම කවදාවත් කැමරාවට මුහුණ දීලාවත් තිබුණේ නැති හින්දා මට එය අලුත් අත්දැකීමක් වුණා. කුමාර අයියා මට එදා කිව්වේ වතුර පෙන්වන්න පුළුවන්. ඒ වතුර පිරිසිදු ද, පිහිනන්න පුළුවන්ද, බොන්න පුළුවන්ද, කියලා මට කියන්න බෑ කියලයි. එයා කියපු විදිහට මම එදා බීලා බැලුවා. ඒ නිසා අද "රැල්ල වෙරළට ආදරෙයි" බඩ්යා වුණා. මේ වන විට ප්‍රේ්ක්ෂකයන් මාව ජනප්‍රියත්වයට ගෙනියලයි තියෙන්නේ. දැන් පාරේ ගියත් මට බඩී කියලා තමයි හැමෝම කතා කරන්නේ. මේ සියලු දෙනාම බඩීගේ චරිතයට කැමැතියි කියන එක විතරයි මම දන්නේ. කලා ක්ෂේත්‍රය පුරාවටම චූලක අයින්වෙලා බඩ්යාගේ නම රෙජිස්ටර් වෙලා ඉවරයි.
‘රැල්ල වෙරළට ආදරෙයි’ දැනට කොටස් කීයක පමණ රංගනයෙන් දායක වෙලා තියෙනවාද?
දැනට කොටස් 280 ක් ප්‍රදර්ශනය වෙලා ඉවරයි. එයින් කොටස් 150ක විතර මම රඟපාලා තියෙනවා. ජීවිතය නොලද අත්දැකීම් සම්භාරයක් මේ නාට්‍ය තුළින් මම ලබා ගත්තා. ඕනෑම ක්ෂේත්‍රයක තියෙන ගැඹුර හොඳට වටහා ගන්න නම්, ඒ තුළ කිමිදිය යුතුයි. අවුරුදු 17ක් ශ්‍රී ලංකාවෙන් ගිහිල්ලා විදේශීය රටක ඉඳලා නැවත ශ්‍රී ලංකාවට ඇවිල්ලා කෙටි කාලයක් තුළ මම ආ ගමන ගැන ඇත්තටම සතුටු වෙනවා.
දැන් අත ගහලා තියෙන අලුත්ම වැඩේ ගැන කියන්න කැමැතිද?
ඉස්සර ඉඳලම මට තිබුණු ආසාවක් තමයි, නිෂ්පාදකවරයෙකු වීම. ඒ නිසා මම මේ රඟපාන ගමන්ම නිෂ්පාදන කටයුත්තට අත දාලයි තියෙන්නෙ. මගේ හොඳ හිතවතෙක් වගේම නළුවෙක් තමයි ධනංජය ප්‍රනාන්දු. අපි දෙන්නා එකතු වෙලා කුමාර තිරිමාදුරගේ පිටපත් රචනය සහ අධ්‍යක්ෂණය කරන ප්‍රථම ටෙලිය ඹ්ඪටඥ ට්භචපඤඵ සහ ධනුෂ්ක රේමන් අධ්‍යක්ෂණය කරන ‘රේස් 2’ යන නාට්‍ය දෙකටම නිෂ්පාදනයෙන් දායක වෙනවා. මේ දෙක හැරුණාම ඉදිරියේදී තව කිහිපයකටම නිෂ්පාදනයෙන් දායක වෙන්න තමයි අදහස් කරගෙන ඉන්නේ. හොඳ පිටපතක් හමුවුණොත් සිනමාපටයකටත් දායකත්වය වෙන්න අපි දෙන්නගෙ අදහසක් තියෙනවා. කුමාර අයියා ඉතාලි ගිහිල්ලා ආවට පස්සෙ ලබන මාසයේ ඉදන් ඹ්ඪටඥ ට්භචපඤ ටෙලි නාට්‍යයේ ෂූටින් පටන් ගන්න තමයි හිතාගෙන ඉන්නේ. දැනට රේස් නාට්‍යයේ වැඩ කටයුතු ටික අපි කරගෙන යනවා.
ඹ්ඪටඥ ට්භචපඤ පිටපත ලියලා තියෙන්නෙ සිනමාපටයකටද?
ඹ්ඪටඥ ට්භචපඤ ටෙලි නාට්‍යයක් නෙවෙයි. සිනමාපටයකට තමයි තිරපිටපත රචනා කරල තිබුණේ කුමාර තිරිමාදුර. ඒත්, මගේ විශේෂ ඉල්ලීමක් නිසා මේක ටෙලි නාට්‍යයක් බවට පිටපත් කළා. ඔහු කිසිසේත්ම එකඟතාවයකට ආවේ නෑ මෙගා නාට්‍යයක් බවට පරිවර්තනය කරන්න. ඒකත් මම ලබපු ජයග්‍රහණයක්. ‘රැල්ල වෙරළට ආදරෙයි’ ඇමතිතුමාගේ බඩියා නිෂ්පාදකයා වෙනවා කියන්නේ ඔහුට හොඳ ශක්තියක්. මේ කලා ක්ෂේත්‍රය තුළ මම නළුවෙක් වෙලා ඉඳලා වැඩක් නෑ. මගෙන් ක්ෂේත්‍රයට වැඩක් කරන්න පුළුවන් නම් මං ඒ දේ ඉෂ්ට කරන්න ඕනෑ. මම හරි දේ හරියට කළා කියලා මම හිතනවා. මේ කරන ටෙලි නාට්‍යය ලොකු ප්‍රාග්ධනයක් වැය කරලා කරන්න ඕන දෙයක්. නිර්මාණය එළියට එන දවසට බලාගන්න පුළුවන් කොච්චර පිරිවැයක් ගිහිල්ල තියෙනවද කියලා. වතුර යට සහ අහසේ තමයි වැඩි හරියක්ම රූපගත කිරීම් තියෙන්නේ. ප්‍රවීණයන් සහ නවකයින් රැසක් මෙම නාට්‍යයට රංගනයෙන් දායක වනවා. මේක පසුගිය දවස්වල වැඩිම සංඛ්‍යාවක් තිර පරීක්ෂණයට සහභාගි වුණු නාට්‍යයයි. පොඩි කාලේ මගේ හිතේ තිබුණු හීනයක් තමයි නාට්‍යයක් මගේ කියලා අයිති කරගන්න. ඒ හීනය මේ නාට්‍යය තුළින් ඉෂ්ට වෙනවා. ඒක මම ලබපු සතුටක් කියලා කියන්න පුළුවන්.
ඔබේ කලා කටයුතුවලට පවුලෙන් ලැබෙන සහයෝගය කොහොමද?
පවුලේ දරුවෝ ඇතුළු සියලු දෙනාම නවසිලන්තයේ වෙලින්ටන්වලයි ඉන්නේ. ඒ සියලු දෙනාගේන්ම හොඳ සහයෝගයක් ලැබෙනවා. එහේ අපේ කලා සංසදයක් තියෙනවා. අපේ 350ක් විතර පිරිසක් එහේ ජීවත් වෙනවා. එහේදී වේදිකා නාට්‍යයක් හෝ ප්‍රසංගයක් අපේම අය එකතුවෙලා සංවිධානය කරනවා. ඒ සියලු දේ වලට පවුලෙන් ලැබෙන සහයෝගය මට කියල නිම කරන්න බැහැ. මොන දේවල් තිබ්බත් වැඩක් නෑ මිනිස්සුන්ට විනෝදාස්වාදය නැතිව. දැනට මං මේ කරගෙන යන අනිත් වැඩ කටයුතුවලටත් මට හොඳ සහයෝගයක් සියලුම හිතෛෂීන්ගෙන් ලැබෙනවා.
ඉදිරියට එන්න තියෙන නිර්මාණ මොනවාද ?
ජයසේකර අපොන්සුගේ නාට්‍ය නිර්මාණයක් වන රන්තැසියේ ලන්තෑරුම් සහ සමන් සිල්වාගේ කොමඩියක් එන්න තියෙනවා. මහාචාර්ය ආරියරත්න ඇතුගලගේ නාට්‍යයක් සහ අදිසි නදිය තියෙනවා. තව නාට්‍ය පහක හයක රඟපාලා තියෙනවා. ඒවගේ නම් තාම හරියටම කියන්න දන්නෙ නැහැ. ඒ සියලු නාට්‍යවල පිටපතේ තිබුණු නම වෙනස් කරලයි තියෙන්නේ. රංගනයේ යෙදෙමින් නිෂ්පාදකවරයෙක් වශයෙන් කලා ක්ෂේත්‍රයට හොඳ මෙහෙවරක් කරන්න තමයි මගේ එකම බලාපොරොත්තුව.