වර්ෂ 2023 ක්වූ December 11 වැනිදා Monday
අද ටෙලි නාට්‍ය දවස් කුලියට වැඩ කිරීමක්

ඔහු රංගන ශිල්පියකු වශයෙන් තමන්ටම ආවේණික වූ රංග පෞරුෂයක් ගොඩනඟා ගත්තෙකි. ඒ පෞරුෂය. ඒ හැඩය. ඒ දක්ෂතා හැකියාවන් අපට ඊට සමාන වෙනත් පුද්ගලයකුගෙන් දැකිය නොහැකියි. ලංකාවේ ටෙලි නාට්‍ය කලාවේ මෙන්ම සිනමාවේද ඔහු එක්තරා කාල වකවානුවක සුවිශේෂි චරිතයක් වූවා අපට මතකය. එහෙත් පසුගිය දශකයකට ආසන්න කාල වකවානුවක් පුරා ටෙලි නාට්‍ය ක්ෂේත්‍රයේ හෝ සිනමා ක්ෂේත්‍රයේ ඔහු අපට නිතර දැක ගැනීමට නොහැකි විය. කලක් මෙරට රූපවාහිනි ප්‍රේක්ෂකයන් ගේ අසීමිත ආදරය දිනාගත් ඔහු රඟපෑ ටෙලි නාට්‍යයක් යළි විකාශය වී පසුගිය දා නිමාවට පත් වූ වෙය. එම ටෙලි නාට්‍යයේ ප්‍රධාන භූමිකාව වූයේ අද අපේ කතාවේ කතා නායකයාය.
ටෙලි නාට්‍යය වූයේ සුසිරන් ද සිල්වාගේ ‘මනෝකාය’ ය.
අපේ කතා නායකයා වන්නේ එහි රඟපෑ රංගන ප්‍රේමරත්නය.
රංගන ප්‍රේමරත්න වගේ නළුවෙක් අපේ ප්‍රේක්ෂකයන්ට නිතර දකින්න නැත්තේ ඇයි?
රංගන පේ‍්‍රමරත්න ඉන්නේ ලංකාවෙනේ. ඉතින් ලංකාවේ ඉන්නකොට මේ රටේ තිබෙන සමාජ ආර්ථික, දේශපාලන සංසිද්ධීන් ඔහුටත් බලපානවා. අපි කලාව කරන්නේ මේ රටේ මිනිස්සුන්ටනේ. එතකොට ඒ කලාව රසවිඳිය හැකි ආර්ථික තත්වයන් සුබදායී මානසික තත්වයක් ඔවුන්ට තිබිය යුතුය. අපි සෞන්දර්යාත්මක දේ හෝ සමාජ ආර්ථික දේශපාලන තත්ත්වයන් හෝ කලාව ඇසුරින් කතා කළාට ඒවා මිනිස්සුන්ට මේ වෙලාවේ දැනෙන්නේ නෑ. හොඳ නිර්මාණයක් රසවිඳින්න යහපත් මානසික තත්වයක්, නිදහසක් තියෙන්න ඕන. නමුත් වර්තමානයේ එහෙම නිදහසක් මිනිස්සුන්ට නෑ. ආර්ථික පීඩනයත් එක්ක මිනිස්සු හෙම්බත් වෙලා ඉන්නේ. එදිනෙදා ජීවිතේ ගැටගසා ගන්නත් මිනිස්සු ලොකු සටනක් කරන්නේ. වර්තමානේ ඇතිවෙලා තිබෙන ඇත්ත තත්වය ඕකනේ. ඒකත් එක්ක නිර්මාණ බිහිවෙන්නේ නැති තත්තවයකුත් ඇතිවෙලානේ තිබෙන්නේ. සිනමාව පැත්තෙන් අලුත් අලුත් නිර්මාණ කරන්න උත්සාහයක් දරණ බව පෙනෙනවා. නමුත් ඒවයේ සාර්ථකත්වයක් දකින්නේ නෑ. අද එනවා හෙට යනවා. ඒ ඒ අය කරගන්නා වූ ප්‍රචාරාත්මක දේවල් ඇරෙන්න ජනතාව මේ වටා රොක්වෙන බවක් පේන්න නෑ. ඒ නිසා තමයි මම මේ දේවල් වලින් ඈත්වෙලා ඉන්න විශේෂම හේතුªව වුණේ.
නමුත් ඔබ කලාවට පිවිසුණේ අතිශය නිර්මාණශිලී පසුබිමක, ජනතාව වැලඳගත් කලාකරුවක් විදියට. ඉතින් ඔබට මෙහෙම ඈත්වෙලා ඉන්න පුළුවන් ද?
එහෙම ඈත්වෙලා ඉන්න බෑ. අපේ ඇඟෙන් කලාව කවදාවත් ඈත් වෙන්නේ නෑ. නමුත් පවතින වාතාවරණය තුළ අපට එහෙම ඉන්න වෙලා තිබෙනවා. මම සිනමාවට ආදරෙයි. ඒ ගැන මට විශාල කැක්කුමක් තිබෙනවා. පසුගිය කාලයේ සිනමා නිර්මාණයක් කරන්නත් මගේ බලාපොරොත්තුවක් තිබුණා. නමුත් දැන් පවතින වාතාවරණය අනුව කාටද අපි චිත්‍රපට කරන්නේ. නිෂ්පාදකවරයකුගේ මුදල් වියදම් කරලා චිත්‍රපටයක් කරලා අඩුම තරමින් වියදමවත් කවර් කරල දෙන්න බැරිනම් ඒ චිත්‍රපට කිරීමේ ඇති වැඩක් නෑනේ.
අනෙක් පැත්තෙන් අපට හිතෙනවා. හොඳ තිරනාටකවල හිඟකම, ආනන්දයෙන් ප්‍රඥාවට මිනිසුන් ගෙනයන නිර්මාණ නැතිකම ඔබ වැනි නළුවන් නිහඬ වීමට හේතුවක් ද කියලා?
ඒ කතාව සියයට පන්සියයක් ඇත්ත. හොඳ තිර පිටපතක් තියනවා කියන්නේ නිර්මාණයෙන් හතරෙන් තුනක් සාර්ථකයි කියන එකයි. මේ තත්වයට මම කාටවත් දොස් කියනව නෙමෙයි. පසුගිය දශක දෙකක් තිස්සේ හොඳ තිරපිටපත් නිර්මාණය වුණේ අතේ ඇඟිලි ගණනටත් අඩුවෙන් කියලයි මට හිතෙන්නේ. මේ ගැන කියන කොට මිනිස්සු මාත් එක්ක තරහ වෙයි. නමුත් ඇත්ත කතාව මේකයි. සිනමා නිර්මාණ ගත්තත් විශේෂයෙන් විදේශයන් ඉලක්ක කරගත් නිර්මාණ බිහි වුණා. ටෙලි නාට්‍ය පැත්තෙන් ගත්තොත් නම් වැඩිපුරම බිහිවුණේ හරසුන් තේමාවන් රැගත් ටෙලි නිර්මාණ.
අද දවසේ ටෙලි නාට්‍ය නිර්මාණය වීම කියන කාරණාව දවස් කුලියට වැඩ කිරීමක් වැනි තත්වයට පත්වෙලා තිබෙනවා. නිර්මාණයේ ගුණාත්මක භාවය ගැන පමණක් සිතන ඔබ වැනි නළුවකු මේක දකින්නේ කොහොමද?
ඇත්තටම ඔබ කියන කාරණාව හරි. අද ටෙලි නාට්‍ය නිෂ්පාදනය දවස් කුලියට වැඩ කිරීමක් දක්වා ලඝු වී හමාරය. ඕක තමයි ප්‍රබලම හේතුව මම රඟ නොපාන. ඒ දවස්වල අපි රඟපෑවේ පිටපතක් එක්ක. පිටපත තුළම ලඝු වෙනවා කියන කාරණය නොවෙයි මම මේ කියන්නේ. නමුත් පිටපතක් තියනවා කියන්නේ නළුවකුට ලොකු හයියක්. එතකොට අපි දන්නවා මේ චරිතය ගිිහින් කොතනද නවතින්නේ. මැද කොතනද මුල කොහොමද කියලා. අපිට පුළුවන් අධ්‍යක්ෂවරයා සමඟ සාකච්ඡා කරන්න. නමුත් දැන් තිබෙන තත්වයන් එක්ක අපිට එහෙම කරන්න අමාරුයි. අද තියෙන්නේ ලියල තිබෙන දෙබස් ටික ගිරවෙක් වගේ කියවන එක. ඒක පර්ෆෝමන්ස් එකක්. නිරූපණයක් නොවෙයිනේ. මේවගේ තත්ත්වයක් එක්ක අපට යමක් කරන්න බැරි තත්වයක් උද්ගත වෙලා තිබෙන්නේ.
ඔබ සිනමා නිර්මාණයක් කරන්න පසුගිය කාලේ සුදානම් වෙලා හිටිය නේද?
ඔව්.ඒක රඟපෑමක් නොවෙයි. මට ඕන වුණේ චිත්‍රපටයක් අධ්‍යක්ෂණය කරන්න. ඒත් පසුගිය කොවිඩ් කාලය තුළ රටේ උද්ගත වුණු තත්වයත් එක්ක ඒක කරන්න නොහැකි වුණා. ලක්ෂ 150, 60ක් විදයම් කරන නිෂ්පාදකවරයකුත් අපි ආරක්ෂා කරන්න ඕනනේ. රටේ තිබෙන තත්ත්වයත් එක්ක එහෙම ආරක්ෂා කරනවා කියලා අපි කොහොමද සහතිකයක් දෙන්නේ.
සිනමාවෙත් ඔබට සුමිත්‍රා පීරිස් ගේ ‘සක්මන් මළුව’ චිත්‍රපටයෙන් පසු සැලකිය යුතු චරිත නිරූපණයට ඉඩ ලැබුණේ නෑ නේද?
මම ගොඩක් දුරට ඉන් පස්සේ ආරාධිත චරිත කිහිපයක් තමයි රඟපෑවේ. නමුත් සුමිත්‍රා පීරිස්ගේ ‘සක්මන් මළුව‘ චිත්‍රපටයෙන් මම රඟපාන්න හිටියේ ඔය චරිතය නෙමෙයි. වෙනත් චරිතයක් විවිධ බලපෑම් මධ්‍යයේ මට ඔය චරිතය රඟපාන්න සිද්ධ වුණා.
ඔබ ඔය කියන ආකාරයට ලංකාවේ වෘත්තිමය නළුවෙක් විදියට ඉන්න බෑ නේද?
ඔව්. අනිවාර්යයෙන්ම. ඒකනේ අපි දැන් පේන්න නැත්තේ. අපිත් ඒ කාලේ වෘත්තීය නළුවෝ. අපි වෙන රස්සාවක් කළේ නෑ. අපි හැදුණේ. ගෙවල් දොරවල්, යාන වාහන ගත්තේ ඒ වෘත්තියෙන්. නමුත් අද එහෙම නෑ. අද නළුවන්. නිළියන් වැඩ කරන්නේ දවසේ කුලී කාරයෝ හැටියට. නමුත් අපි මේ ක්ෂේත්‍රයට ආවේ යම් කිසි පදනමක් ඇතුව. කිසියම් රසවින්දනයත්, අධ්‍යාපනයේ කැප කිරීමක් ඇතිව. මට බෑ දවසේ කුලී කාරයෙක් වෙන්න. මම ටෙලි නාට්‍යයට හෝ චිත්‍රපටය රඟපානවා නම් මගේ වෘත්තීය ගාස්තුව අය කරනවා. ඒක නොමැති නම් කරන්නේ නෑ. මේ ළඟ දී දවසක මට චිත්‍රපටයකට කතා කළා. සියලු දේවල් එකඟ කරගෙන ගාන කතා කරන කොට දවසට ගාණක් ගෙවන්නේ. මට පුදුම හිතුණා. එහෙම කොහොමද චිත්‍රපටයක් කරන්නේ කියලා. පස්සේ මම ඒ ගැන හොයල බලනකොට දැන් චිත්‍රපටත් එහෙම කරනවලු. මට ඒක බැරි නිසා මම අයින් වුණා. මෙහෙම දෙයකුත් තිබෙනවා. අපි කොයිතරම් කාලයක් ජනතාව අතරේ නොහිටියාට අපි කරපු නිර්මාණ ජනතාවට තාමත් මතකයි. මේ ළඟදී දවසක් මට ‘ගිනි අවි සහ ගිනිකෙළි’ චිත්‍රපටය බලල මගේ පේ‍්‍රක්ෂකයෝ කිහිප දෙනෙක්ම කතා කළා. ඒ වගේම තමයි පසුගිය දිනවල නැවත විකාශය වූ ‘මනෝකාය’ ටෙලි නාට්‍ය බලලත් මට ප්‍රතිචාර දැක්වුවා.
කොයි තරම් ප්‍රශ්න ආවත් කලාවෙන් තොර වෙන්නත් අපට බෑ. ජිවිතේ මේ තුළම තමයි ගෙවෙන්නේ.