හොඳ තිරපිටපතක් ඇත්නම් අධ්‍යක්ෂ සෑහෙන්න ගොඩ

ප්‍රවීණ ටෙලි පිටපත් රචක -දිනේෂ්වර පුංචිහේවා
ඔක්තෝබර් 13, 2022

 

ඔහු කැමරා ශිල්පියකු, තිර පිටපත් රචකයකු, නිෂ්පාදකවරයකු හා අධ්‍යක්ෂවරයකු මෙන්ම නිර්මාණශීලි ලේඛකයකු ,ගීත රචකයකු ද වේ. වර්තමානයේ පවතින විවිධ සිද්ධි දාමයන් මුල් කරගනිමින් ගොඩනඟනු ලබන කතා වස්තුන් ප්‍රේක්ෂක සිත් සතන් වෙතට ගෙන එන ඔහු මේ දිනවල ස්වර්ණවාහිනී නාලිකාවේ විකාශය වන ‘ඇස්’ ටෙලි නාට්‍යයේ තිර පිටපත් රචකයායි.

ඔහු දිනේෂ්වර පුංචිහේවා යි.

 

ඔබේ අරමුණු කරා ළඟා වුණේ කොහොමද?

මම කුඩා කාලේ ජීවිතේ ගෙවුණේ ගාල්ලේ හරිම සුන්දර විදිහටයි. අධ්‍යාපන කටයුතු සියල්ල සිදුවන්නේ ගාල්ල මහින්ද විදුහලින්. පාසලේ සමිති සමාගම්වලින් සහ බාහිර වැඩ වලින් ලබපු පන්නරය ජීවිතේ දුර ගමනක් කරා ගෙනගියා. විමුක්ති ජයසුන්දර, මනූෂ නානායක්කාර, අපි එකතු වෙලා මුල්ම පාසල් මාධ්‍ය කවය නිර්මාණය කළා. අපේ පාසලෙන් අරම්භ කළ පාසල් මාධ්‍ය කවය නිසා අද වන විට සිය දහස් ගණනක් මධ්‍ය ලෝකයට දොරගුළු විවිර කර ගත්තා. ඒ නිසා පොඩ් සතුටක්ද හිත ඇතුළේ තියනවා. ජිව විද්‍යා අංශයෙන් උසස් පෙළ හදෑරුවට කලාව තමයි මගේ ජිවිතේ නව මානයක් කරා අරගෙන ගියේ.

 

ගෙන්දගම් ⁣පොළවේ ඔබට පයගහන්න හිතුණේ මොන හේතුවකටද?

1998 වසරේදී පාසල් අධ්‍යාපන බලාපොරොත්තුව බිඳවැටීමත් සමඟ මම නව දිශාවක් කරා ගමන් කරන්න හිතුවා. හරියන්න හෝ වරදින්න යි මේ ගමන ආවේ. ඒනිසා 1998 වසර තුළ ජාතික තරුණ සේවා සභාවෙ රුපවාහිනි වැඩසටහන් සහ විඩියෝ තාක්ෂණය පාඨමාලාවක් හදාරනවා. මෙම පාඨමාලව විෂයන් අටක් යටතේ පුර්ණ කාලින පාඨමාලාවක්. මෙහි බැජ්ටොප් විම නිසා 1999 ස්වාධින රූපවාහිනි ⁣නාලිකාවේ කැමරා ශිල්පියකු විමට අවස්ථාව ලැබුණා. ඒ පය තිබූ ගමන තමා මේ යන්නේ

 

ස්වාධින රූපවාහිනි නාලිකාවේ ඔබට පැවරුණ කාර්යභාරය මොනවද ?

1999 නාලිකාවට ඇවිත් 2015 වෙනකන් සේවය කළා. මේ කාලයේ පිටපත් රචකයකු,නිෂ්පාදකයකු, නිදහස් වැඩසටහන් අධ්‍යක්ෂකවරයකු ලෙස කටයුතු කළා. මේ අතර තුර ජාතික රුපවාහිනිය ‘ඉඳුවර’ සඟරාමය වැඩසටහන ම⁣ම කළ නිර්මාණයක්ය. ඒ සදහා රාජ්‍ය සම්මාන සහ සුමති සම්මානය හිමි වුණා. ස්වාධින නාලිකාවේදී පළමු රාජ්‍ය ටෙලි සම්මාන උළෙළෙදි හොඳම තිරපිටපත් රචනයට සම්මානය හිම්වුණා. කෝපි කඩේ, සෙල්ලම් ගෙදර, වාර්තා වැඩසටහන් සැහෙන ප්‍රමාණයක් පිටපත් රචනය මගේම අතින් සිදුකළේ. මේ කළ නිර්මාණ සදහා විවිධ සම්මාන උළෙලෙ වල්වලින් සම්මාන ලැබුණා

 

ස්වාධීන රූපවාහිනී නාලිකාවට ආයුබෝවන් කියන්න හිතුවේ මොන පදනමකින්ද?

මගේ ජිවිතේ හැම දෙයක්ම ලැබුණේ දක්ෂතාවය නිසයි. මට ඉලක්ක තියනවා. ඒ ඉලක්ක තමයි මාව ජිවත් කරවන්නේ. 2015 පසු බෞද්ධයා නාලිකාවේ ප්‍රවෘත්ති සහ කාලීන වැඩසටහන් අධ්‍යක්ෂවරයා ලෙස කටයුතු කරන්නට ආරාධනාවක් ලැබුණා. පසුව ජනාධිපති කාර්යාලේ ටෙලි විෂන් වැඩසටහන් සැහෙන ප්‍රමාණයක් නිර්මාණ අධ්‍යක්ෂවරයා ලෙස කටයුතු කළා. මෙ කලේදිම මහවැලි හා ඉඩම්, අධිකරණ සහ මුදල් අමාත්‍යංශවල මාධ්‍ය ලේකම් වුණා. වර්තමානයේ කර්මාන්ත අමාත්‍යාංශයේ මාධ්‍ය ලේකම්වරයා ලෙස කටයුතු කරනවා.

 

‘ඇස්’ වගේ පිටපත් රචනාවක් පාදක කර ගන්න හිතුවේ ඇයි?

අද සමාජයේ බහුලව දක්නට ලැබෙන කතා තේමාවක්. තාරුණ්‍ය පදනම් කරගත්ත පරම්පරා දෙකක කතාවක් මේක. ගැටුමක් මැද සිදුවෙන ආදර කතාවක්. මෙහි එන චරිත බොහොමයක් ප්‍රේමයත් එක්ක සම්බන්ධයි. ප්‍රේමය තුළ ආදරය වේදනාව දුක හඳුනන් නැති තැන ජීවිතයක් නෑ. සමාජය තුළ පවතින ගැටුම් වලට කොහොමද ධනාත්මකව හිතන්නේ ඒවා තුළින් ජීවිතයේ ගෙන යන්නේ කොහොමද කියන එක මුල් කරගෙන මේ කතා තේමාව ලියන්න මට හිතුණා.

 

අද ගොඩක් අධ්‍යක්ෂවරුන් හා තිරපිටපත් රචකයන් අතර ගැටුම් ඇති වෙනවා. ඔබට එහෙම ප්‍රශ්නයක් මතු වෙලා නැද්ද?

මෙහි අධ්‍යක්ෂකවරයා වෙන්නේ සමීර හසුන්ය. හැබැයි තාම මට එහෙම ප්‍රශ්නයක් මතු වෙලා නෑ. මොකද ඔහුත් තාරුණ්‍ය පසුවන අධ්‍යක්ෂවරයෙක් නිසයි. මේ රඟපාන සියලු දෙනාම සියයට පනහකටත් එහා තාරුණ්‍ය පසුවන පිරිසක් විම ගැටුම් ඇති විමට හේතු වෙන්නැ.මේ හරහා අපි දෙන්නාටම ප්‍රේක්ෂකයාට අලුත් අත්දැකීමක් ලබා දෙන්න පුළුවන් වෙලා තියෙනවා. ප්‍රේමය ගැන ගැඹුරින් හිතන්න පුළුවන් ජීවිතය ගැන ගැඹුරින් හිතන්න පුළුවන් මාතෘකාවක් කතා කරන්නේ ‘ඇස්’ තුළ පමණයි කියා මම හිතනවා. මෙහි පිටපත් රචනය හරි අර පරිස්සමෙන් කරන්නේ. හොඳට මහන්සිවෙලා ලියන්නේ. අද වන විට තාරුණ්‍යය වැලඳගත් නාට්‍ය බවට පරිවර්තනය වෙලා හමාරයි. නාට්‍ය බලපු ප්‍රේක්ෂකයන් සියලු දෙනා පවසන්නේ අරුත්බර දෙබස් තමයි මේ තියෙන්නෙ. හිස් වචන නැති බවයි. මධ්‍යකාලීනව අද ජීවත්වන පරම්පරාවත් මේ හරහා තමන්ගේ අතීත ආවර්ජනයන් සිහිගන්වමින් මේ වන විට ටෙලිනාට්‍ය නරඹනවා. දර්ශන තලයට යන සියලුම ශිල්පීන්ට සහ පසුතල නිර්මාණය කරන කාර්මික ශිල්පීන් හැමදෙනාටම තිරපිටපතක් ළඟ තියෙනවා. එතකොට තිර පිටපතත් එක්ක තමයි දර්ශන තලය ට යන්නේ. ඒ නිසා මේ නිර්මාණය සාර්ථක නිර්මාණයක් බවට පරිවර්තනය වෙලා කියන්න පුළුවන්. අකිරා කුරසාවා කියලා තියෙනවා. හොඳ පිටපතකින් සාමාන්‍ය අධ්‍යක්ෂවරුටත් හොඳ නිර්මාණයක් කරන්න පුළුවන්, හොඳ පිටපතකින් හොද අධ්‍යක්ෂවරයකුට හොඳම නිර්මාණයක් කරන්නත් පුළුවන්, නරක පිටපතකින් සාමාන්‍ය නිර්මාණයක්වත් හොඳ අධ්‍යක්ෂවරයකුට කරන්න බෑ. මේ හැම දේකටම මුල්වන්නේ පිටපතයි.ඒ නිසා සියලුම දෙනා පිටපතත් සමඟ එකතුවෙලා තමයි කටයුතු කරන්න ඕනේ.මේ සියලු දෙනාම ටීම් එකක් හැටියට තමයි කටයුතු කරන්නේ නිර්මාණයට සාධාරණයක් කරන්න.

 

‘ඇස්’වලට පණ දෙන්න තෝරාගත් චරිත කොහොමද ඔබ තෝරා ගත්තේ?

ගොඩක්ම මේ සඳහා තෝරාගෙන සිටින්නේ වේදිකාව ස්පර්ශ කරපු පිරිසක්ය. ඒ වගේම මම තිර රචනය කරනකොට මගේ මනසේ ඇඳුන චරිත තමයි විශේෂයෙන්ම මෙයට තෝරාගෙන ඉන්නේ.මෙහි ප්‍රධාන චරිත තුන කරන ගැහැණු ළමයි තුන් දෙනාම ප්‍රධාන නාලිකාවල අවුරුදු කුමාරියට තේරුම ළමයි. ඔවුන්ගේ තියෙන රූප ස්වභාවය හා දක්ෂතාවය මෙයට මුල් වුණා. ඒ තෝරා ගත්ත චරිත සියල්ලම ඔවුන්ගේ චරිතවලට සාධාරණයක් කරනවා. ඒ නිසා පිටපත් රචකයා හැටියට මට සතුටු වෙන්න පුළුවන් වාතාවරණයක් තියෙනවා. විශේෂයෙන් තරුණ පරම්පරාවත් එක්ක ගනුදෙනු කිරීමේ හැකියාව මට තියෙනවා. මම මීට අවුරුදු විසි දෙකකට ප්‍රථම තමයි තිර පිටපත් රචනයට එන්නෙ. ඒ ආපු ගමනේ මම ලබපු අත්දැකීම් තුළින් මට ගොඩක් පන්නරයක් තියෙනවා මේ තුළ ජීවත් වෙන්න. මේ කාල සීමාව තුළ මං පුවත්පත්වලට සඟරාවලට සෑහෙන ලිපි ප්‍රමාණයක් ලිව්වා. ඒ ලබපු ප්‍රායෝගික අත්දැකීම් තුළින් මගේ ලිවීමේ කෞශල්‍ය වැඩි කරගත්ත හින්දා මට ලිවිමේ හැකියාව වැඩි වුණා. ගවේෂණය, ලියනවා, පොත පත කියවනවා සහ තොරතුරු හොයනවා කියන එක මහා සාගරය ටත් එහායි. මෙන්න මේ වගේ හොයලා හොයාගත්ත පිරිසක් තමයි අද ඇස් තුළ චරිත නිරූපණයට යොදා ගෙන ඉන්නේ.

 

 

දැන් ගොඩක් පිටපත් රචකයන් මෙගා රැල්ලේ මුදල මත යැපෙන්නේ. ඔබත් එවැනිම කෙනෙක්ද?

මම ලියපු නිර්මාණ කිසිවක් ඒ ගණයට මේතාක් වැටිලා නැහැ.

මේ නිර්මාණය එවැනි නිර්මාණයක් බවට මම පරිවර්තනය කරන්න කොහෙත්ම කැමැති නැ.අනික මං මුදල මත යැපෙන කෙනෙක් නෙමේ. නිර්මාණයට සාධාරණයක් කරන පිටපත් රචකයෙකු පමණයි. මේ කතාව තුළ මම ගේන අවසානයක් තියනවා. එතනින් එහාට මේ කතාවේ ලිවීමක් සිදුවෙන්නේ නැහැ.ප්‍රේක්ෂක අදහස් මත මම අවසානය වෙනස් කරන්න කොහෙත්ම සූදානම් නැහැ. සමහරක් නාලිකාවල දුවනවා වගේ ස්ථිරවම තියාගෙන ඉන්න පිටපත් රචකයන් වගේ ප්‍රේක්ෂකයා ඉල්ලනවා කියල බොරුවට ලියන්න මගේ පෑන හසුරුවන්න ඉඩක් නෑ.

 

ගාර්ෂියා මාර්කේෂ් සහ ඊ.එම්.ෆෝස්ටර් කියූ කතන්දර දහය ද ඔබ මේ ඇතුළත් කරගෙන යන්නේ?

ලෝකයේ මේ තාක් පැවතුම් තියෙන්නෙ ඔවුන් දෙදෙනා කියපු කතා දහය ඇතුළෙ තමයි. අපි ජීවිතයේ විඳීනවා, දකිනවා බලනවා ඒ හැම දෙයක්ම ලෝකේ තියෙන දේවල් අහගෙන බලාගෙන මගේ නිර්මාණකරණයට යොදා ගන්නේ. ඔවුන් දෙදෙනා කියපු මේ නතධබඵ 10 ඇතුළේ තමයි ලෝකය හැම කතන්දරයක් ම ගොනු වෙන්නේ. ඒ කතන්දර දහය ඇතු⁣ළේ තියෙන කතන්දරයක් තව කෙනෙකුට දැනෙන විදිහට කරන්න අපි කථා පරාසය තුළ අහපු කියපු දේවල් කරමින් ඉන්නවා. හැම වෙලේම අපි ප්‍රේක්ෂක මනස කියවිය යුතුයි. ඒ මනස කියෙව්වොත් එහෙම කරන නිර්මාණයක් සාර්ථක නිර්මාණයක් බවට පරිවර්තනය කරන්නට තිරපිටපත් රචකයාට හැකියාවක් තියෙනවා.

 

තිර පිටපත් රචකයකු ලෙස වැඩි කැමැත්තක් දක්වන්නෙ?

නිර්මාණයක් ගැන ඉරි ගහල වෙන් කරන්න අමාරු දෙයක්. ඊට ඉස්සෙල්ලා කරන්න ඕනේ අපි කරන නිර්මාණය මොකක්ද කියලා තීරණය කරන එක තමයි මම නං කරන්නේ. මම අතරමැදදී යනකොට කෝච්චියක හෝ බස් එකක ටිකට් එකක් අරන් ඒ ටිකට් එකේ වචන දෙකක් ලියලා ඒකෙ ගැබ්වන අර්ථය ලියාගන්න පුළුවන් නම් ඒ දිගු ඉතිහාසයකට ලියන්න කතාවක් එතැන ගැබ් වෙන්න පුළුවන්. ඒ එන අදහස පීරියඩ් ද මෙගාද කියලා වර්ගීකරණයක් කරන්න ඒ වෙලාවේ මට බැ. ඒ හිතපු දේ ඒ ලියපු දේ මනසට මිනිසුන්ට දෙන්න පුළුවන් දෙයක් නම් මම එතන ඉන්නේ.

 

තිර පිටපත් රචකයන්ට සාධාරණ නිර්මාණයක් කරන්න අවස්ථාවක් තියෙනවද?

ගොඩක් හොඳ තිර පිටපත් රචනා කරල තියෙනවා මේ වෙනවිට. ලෝකයේ මේ වන විට බිහිවෙච්ච නිර්මාණවල හැදෑරීම් ගවේෂණය කරල නිර්මාණය වෙච්ච පිටපත් තියෙනවා. සමහරක් නිර්මාණවලට නොයෙක් නොයෙක් බලපෑම් ඇවිල්ලා ඒවා යටපත් වෙච්ච නිර්මාණත් තියෙනවා. සමහර පිටපත් රචකයන් ඔවුන්ගේ නිර්මාණය කරන්නට ඒ අදාළ ස්ථානයට ගිහිල්ලායි. සමහරවිට අධ්‍යක්ෂකවරු හා නිෂ්පාදකවරයා පුද්ගලයන්ට හා සමාජයට පහරක් එල්ල වෙනවා නම් ඔවුන් මේ නිර්මාණය වෙනත් අතකට යොමු කරනවා. එහෙම වෙන අවස්ථාවල පිටපත් රචකයා අසරණ වෙනවා. තමන් කරන නිර්මාණය හරියට කළොත් ඔහුට හොඳ මාකට් එකක් එනවා. කර්මාන්තයක් තුළ අපට නිර්මාණයක් කළොත් එය වෘත්තියක් බවට පරිවර්තනය වෙනවා. තව කෙනෙකුට රැකියාවක් හැටියට එහි ජීවත් වෙන්නත් පුළුවන්ය. එහෙම වුණොත් මේ පවතින දෙයක් නිසා සමාජයට යම් වැඩ කොටසක් ඉෂ්ට කරන්නට පුළුවන් වෙනවා. ලෝකෙ මේ තාක් නිර්මාණවලට සහ පිටපත් රචකයන්ට වැඩියම ප්‍රහාර එල්ල වෙලා තියෙන්නේ දේශපාලනයෙන් හා නීතියෙන්.

 

අධ්‍යක්ෂකවරයා හා නිෂ්පාදකවරයා මත තමයි තිරපිටපත් රචකයා රඳා පවතින්නේ ඒ ගැන මොනවද කියන්න තියෙන්නේ.?

ගොඩක් වෙලාවට ඔය දේ සාපේක්ෂවයි තියෙන්නේ. මම හැබැයි තාම එතනට නම් වැටිල නැහැ. මේතාක් කරපු නිර්මාණවලට මට කිසිම අවස්ථාවක අධ්‍යක්ෂකවරයා ගෙන් වත් නිෂ්පාදකවරයා ගෙන් වත් බලපෑම් එල්ල වෙලා නැහැ. නිෂ්පාදකවරයා නිර්මාණයට මුදල් දීලා අධ්‍යක්ෂකවරයා අධ්‍යක්ෂණය කරන්නේ මගේ පිටපත නම් ඔවුන්ට බලපෑම් එල්ල කරන්න කිසිම අවස්ථාවක ඉඩකඩක් නැහැ. ඒ මතම යැපෙන කට්ටියට යම් යම් ප්‍රශ්න මතුවෙනවා ඇති .මම ඒ මතම යැපෙන පුද්ගලයකු නොවන නිසා මට ප්‍රශ්නයක් නැහැ. මම දකින විදියට නිෂ්පාදකවරයා කිසිවිටෙකත් පිටපතට අත නොදාන තරමටමයි හොඳ. එහෙම වුණොත් ගැටුම්කාරී තත්ත්වයක් නිර්මාණය තුළ මතු වෙනවා.ඒ අත නොදමන තරමටම අධ්‍යක්ෂවරයා නිෂ්පාදකවරයා තිරපිටපත් රචකයා අතර හොඳ අන්‍යෝන්‍ය සම්බන්ධතාවයක් ගොඩ නැඟෙනවා. එහෙම නිර්මාණ තමයි ලෝකයේ නිෂ්පාදනයෙන් ඉහළ ම තැන්වලට මිල මුදල් හම්බ කරන නිර්මාණ බවට පත්වෙලා තියෙන්නේ. ඕනම නිර්මාණයක 90% තියෙන්නෙ තිර පිටපතයි. ඉතිරි 10 තමයි අනිත් සියලු දෙනාටම අයිති.

 

ස්වාධින නිර්මාණ වෙනුවට කොපි පිටපත් නේද රචනාවෙන් වැඩි හරියක්?

ඕනෑම නිර්මාණකරුවෙක් අහපු දැකපු බලපු දේවල් වැඩි කර ගත්තොත් ඔහුගේ නිර්මාණ ශක්තිය වැඩිවෙනවා. ඕනම කෙනෙකු අධ්‍යක්ෂණය හා ලියන්න හරි ගත්තොත් රූප පේන ප්‍රමාණය වැඩියි. කිසිදු විටෙක අධ්‍යයනයකින් තොරව නිර්මාණයක් කරන්න බැහැ. සිනමාව තිර පිටපත් රචනා කලාව අධ්‍යයනය කළ යුතුයි. ශිල්පීය න්‍යාය ධර්මය තමයි මම අනුගමනය කරන්නේ. ලංකාව තුළ ගොඩක් දුරට මේ පාවිච්චි වෙනවා. විශේෂයෙන් ඉන්දීය මලයාලම් චිත්‍රපටවල චරිත ගැටෙන විදිය සිද්ධි ගළපන විදිහ සිද්ධි අතර ඝට්ටනය වෙන ආකාරය ගැටුම් ඇති වෙන විදිහ හොඳ අධ්‍යයන ප්‍රවේශයක් වෙනවා. ගවේෂණාත්මක ලෙස අධ්‍යයනය කර ඒවා මූලධර්ම ආශ්‍රිතව ගොඩනඟාගෙන ඒ තුළින් තමන්ගේ නිර්මාණ බිහි කරන්නට පුළුවන් හැකියාවක් ඇති වෙනවා.

 

එකම දර්ශන තලයක් ඇතුළේ ටෙලිනාට්‍යයක් රූගත කිරීම් කරන එක ගැන ඔබ එකඟද?

මම කොහෙත්ම එකඟතාවයක් නැහැ. මොකද තිරපිටපත් රචකයා ගේ මනස තුළ ඇඳුණු දර්ශන තල තමයි තිරපිටපතේ තියෙන්නෙ. නිෂ්පාදකවරයාගේ මුදල් මත තමයි ඔය හැම දෙයක්ම සිදු වෙන්නේ. අද බොහෝ දුරට ආර්ටිස්ට් කෙනෙකුට ඤචර නචරථඥදබ ගෙවන්නේ. එකම දර්ශන තලයේ රූපගත කිරීම් කර ගන්නේ. එදාට ඉන්න කලා ශිල්පීන්ගෙන් උපරිම ප්‍රයෝජන ගන්න තමයි හැම වෙලේම බලන්නේ. එහෙම උණාම නිර්මාණ සාර්ථකත්වය අඩු වෙනවා. කාලය හා ශ්‍රමය මුදල තමයි මේ හැමදේටම මුල් වෙලා තියෙන්නේ. එහෙම උණාම ප්‍රේක්ෂකයාට එපා වෙන බව ඔවුන්ට තේරෙන්නේ නැහැ. නිර්මාණාත්මක හැකියාවන් තුළින් වෙනත් ආකාරයකට කැමරාව හසුරවලා දර්ශන තලය වෙනස් කරන බවක් පෙන්නන්නත් පුළුවන් ඊඥජඩදධතධඨර එක දැනගෙන ඉන්නවනම් ඇස රවට්ටන්න පුළුවන් හැකියාවක් තියෙනවා. තරුණ පරම්පරාවේ දක්ෂතාවයන් පෙන්වන කට්ටිය අද ඉන්නවා.අපි හැම ජපඥචබඪමඥ වුණොත් නිර්මාණය සාර්ථකයි. අපේ කලාකරුවන්ට තියෙන ආර්ථික රටාවත් එක්ක දැන් මේකට හුරු වෙලා තියෙන්නෙ. ඒ ශිල්පීන් නිර්මාණ තුන හතරකට අත ගසල තියෙනකොට කඩේකට ගිහිල්ලා බඩු ගන්න එනව වගේ තමයි දර්ශන තලයට එන්නෙ. ප්‍රේක්ෂකයා මේ ප්‍රශ්න දන්නැති හින්දා ප්‍රේක්ෂකයා විවිධ දේවල් කියනවා. ඇතුළාන්තය දැනගත්තු දාට ප්‍රශ්නයක් ඇති නො වෙයි කියලා මම හිතනවා.

 

නිර්මාණ කරණයේදී වැඩි හරියක්ම අධ්‍යක්ෂකවරයා හා නිෂ්පාදකවරයාය ඇගයිමට ලක්වන්නේ. තිර පිටපත් රචකයා ඇගයිමට ලක්වෙනවා බොහෝදුරට අඩුයි නේද?

ඒ කතාවට මම එකඟයි. තිර පිටපත් රචකයාට නිර්මාණය සියයට අනුවක්ම සතුයි. ඒත් වැඩිහරියක්ම කතා කරන්නේ අධ්‍යක්ෂකවරයාට හා නිෂ්පාදකවරයාගේ තතු පමණයි. ඩිජිටල්කරණය තුළ එසේ නොවනු ඇතැයි මම අපේක්ෂා කරනවා. අද පවතින පරම්පරාව තුළ එය ඉදිරියට ඇවිත් තියෙන්නේ. එහෙම උණාම තිරපිටපත් රචකයා අනිවාර්යනේම කතා කරන්න වෙනවමයි. අද ලෝකේ නිර්මාණය එක යායක්ම වෙලා තියෙන්නේ. ඉස්සෙල්ලා අපි කතා කළේ විශ්ව ගම්මානයක් ගැන හැබැයි අද ඒක විශ්වයම ගෙයක් ගෙයක් ගානට පරිවර්තනය වෙලා තියෙන්නේ. එහෙම උණාම නිර්මාණාත්මක ගුණය තියෙන නිර්මාණයන් ඉදිරියට ඉතිරි වෙනවා. මේ හැමදේකටම කාලය තමයි උත්තර දෙන්නේ.

 

ඇස් වලින් පස්සේ ඔබේ ගමන කොයි දිසාවට ද?

අලුත් නිර්මාණ කිහිපයකටම තිර රචනය කරන්න අදහසකින් ඉන්නවා. අලුත් පිටපතක් මෙවනවිට ලියාගෙන යනවා. මාධ්‍ය ජීවිතේට අවුරුදු විසිපහක් පිරීම නිමිත්තෙන් පොත් විසි පහක් ලියන⁣වා. මගේ විෂය අනුබද්ධ කරුණු 25ක් තමයි මේ තුළ ගොඩක් ගැබ්වෙලා තියෙන්නේ. ඒ පොත් 25 ජනගත කිරීම තමයි මගේ එකම අරමුණ වෙලා තියෙන්නේ.