මට ගැළෙපෙන චරිත ලැබුණොත් නැවත රඟපානවා

ශිරාණි නුගේරා
අගෝස්තු 25, 2022


 
 80 දශකයේ සිංහල සිනමාවට පෑයූ නවක තරු ගණනාවකි. සබීතා, අනෝජා, නදීකා, වසන්ති, ගෝතමී, මැණික්, විශාඛා මෙන්ම ශිරාණි නුගේරා ද සිනමාවට ජීවය රැුගෙන ආවේ සිය භද්‍ර යෞවනය සමඟමය.
 
 රංගන පිළිබඳ හැදෑරීමක් නොකළ ද මෙම නිළි පරපුර කෙරෙන් විද්‍යමාන වූයේ ස්වකීය රංගන ප‍්‍රතිභාවයි. ඒ අරභයා සරසවිය, ඕ.සී.අයි. සී ජනාධිපති ආදී සම්මානවලට පාත‍්‍ර වීමට තරම් මේ පරපුර තුළ තිබූ හැකියාව අපමණය. 80 දශකයේ පෑයු මේ තරු පොකුර සිංහල සිනමාවේ කඩඉමක් සනිටුහන් කළ අදටත් සිංහල සිනමාවේ ජීවය බඳු වූ රූපණවේදිනියන් පිරිසකි. තමන්ටම ආවේණික වූ හැඩතල ඔස්සේ විවිධ භුමිකාවන් නිරූපණය කරමින් සිනමාවේ පෑ පෙළහර අදටත් පේ‍්‍රක්ෂක මනසේ සනිටුහන් වී ඇත. අද අපේ කතා නායිකාව වන්නේ 80 දශකයේ තරු පොකුරේ පෑයු තවත් එක්තරා තරුවක් වන ශිරාණි නුගේරා ය.


 
 ප‍්‍රධාන චරිතවලට පමණක් සීමා නොවූ ඇගේ රංගන කෞශල්‍ය උප ප‍්‍රධාන චරිත දක්වා දීර්ඝ ගමනක පියවර සටහන් කර ඇත. ගාමිණී ෆොන්සේකා, ජෝ අබේවික‍්‍රම, විජය කුමාරතුංග, රවීන්ද්‍ර රන්දෙණිය, ඩග්ලස් රණසිංහ, අමරසිරි කලන්සූරිය, ජීවන් කුමාරතුංග, සනත් ගුණතිලක, ක්ලීටස් මෙන්ඩිස් සතිස්චන්ද්‍ර එදිරිසිංහ වැනි සිංහල සිනමාවේ දැවැන්තයින් සමඟ රඟපෑමේ වරම ඇයට හිමි වී තිබීම සිනමා ශිල්පිනියක ලෙස ඇය ලද ජයග‍්‍රහණයකි.
 
 නැතිවුණු ආදරයක් වෙනුවෙන්
 
 හෙළන සුසුම් අන් හදක වැදී
 
 පෑරුණු හදවත් එකිනෙකා අමතා කියන කතාවයි මේ
 
 සුදෝ මම ආදරෙයි
 
 සුදෝ මම ආදරෙයි
 
 සිතින් පලා ගිය එක් ආදරයක්
 
 දිහා කඳුළු පිරි නෙතින් බලා
 
 ඉන්නා අතරේ තව ආදරයක්
 
 වෙත හදවත්
 
 දොර විවර කළා
 
 ගාමිණි ෆොන්සේකා අධ්‍යක්ෂණය කළ 1980 තිරගත වූ මයුරිගේ කතාව චිත‍්‍රපටයේ ඔහු විසින් රචනා කරන ලද මෙම ගීතය ගායනා කරන්නේ ආචාර්ය සුජාතා අත්තනායකය. පසුබිමින් ගැයෙන මෙම ගීතයට අතිශයින් හැඟීම්බර රංගනයක යෙදෙන නිළියන් දෙපොළ වන්නේ ශිරාණී නුගේරා සහ වීණා ජයකොඩි ය. ශිරාණී නුගේරා රඟපෑවේ ගාමිණී ෆොන්සේකාගේ ගිලිහුණ පේ‍්‍රමයේ චරිතය යි. ශිරාණි නුගේරා හා පුරා කියා සිනමාවට පිවිසියේ හර්බට් රංජීත් පීරිස්ගේ සිල්වා චිත‍්‍රපටයෙනි. ඇය රංගනයක යෙදුණා නොව චිත‍්‍රපටයේ රූප රාමුවක පෙනී සිටියා පමණි. චරිතයක් ලෙස ඇය හා පුරා කියා රඟපෑවේ මිල්ටන් ජයවර්ධනගේ සමාවෙන්න චිත‍්‍රපටයේ උප ප‍්‍රධාන චරිතයකි. ශිරාණි නුගේරා ප‍්‍රධාන චරිත නිරූපණය කළ චිත‍්‍රපට වන්නේ ගිම්හානේ ගී නාදේ, ඇර සොයිසා, පරසතුරෝ, අහස් මාලිගා, රන්මලීගේ වාසනාව, මුතු මැණිකේ සහ දූ දරුවෝ ය. සමනල සිහින, මායා, මිහිදුම් සිහින, පුතුනි මට සමාවෙන්න, යළි හමුවෙන්නයි, ජය සිකුරුයි උප ප‍්‍රධාන චරිත රඟ පෑ චිත‍්‍රපට වේ. ගිම්හානේ ගී නාදයට ප‍්‍රධාන චරිතය රඟපෑවේ විජය කුමාරතුංගයන් සමඟය. ඇය රඟ පෑ මෙතෙක් තිරගත නොවූ චිත‍්‍රපටයක් දෙකක් ඇත. ඒ සරත් කැල්ලපත අධ්‍යක්ෂණය කළ සිිහින සිතුවම් චිත‍්‍රපටය සහ ධර්මසේන පතිරාජ අධ්‍යක්ෂණය කළ සිරකඳවුර චිත‍්‍රපටයයි. සිරකඳවුර කලාත්මක චිත‍්‍රපටයක් වුවද එහි ප‍්‍රදර්ශනය සිදුනොවීම නිසා ඇගේ හැකියාවන් දැක බලාගැනීමට පේ‍්‍රක්ෂකයන්ට නොහැකි විය.


 
 ශිරාණී නුගේරා සරසවිය පුවත්පත ගැන කතා කළේ ප‍්‍රශංසා මුඛයෙනි. නිළියක් ලෙස ජනප‍්‍රිය වන්නට සරසවිය පත්තරෙන් ලැබුණු සහයෝගය අදටත් මම අගය කරනවා. ඒ කාලේ මගේ පින්තූර සරසවිය පුවත්පතේ පළ වුණා. ඒ විශේෂාංගය නම් කෙරුණේ කැමරා ඇසයි අලූ‍ත් මුහුණයි නමින්්. මට මතක හැටියට කර්තෘ ධූරය දැරුවේ ධර්මදාස බොතේජු මහත්තයා. සුනිල් හොරේෂස් තමයි මගේ බොහොමයක් ලිපි සම්පාදනය කළේ. සරසවිය පුවත්පතට ගන්නා ලද පින්තූරයක් කවුදෝ කෙනෙක් ජනතා පත්තරේ ලස්සන මුහුණු තරගයට ඉදිරිපත් කර තිබුණා. ලස්සන මුහුණ තරගයෙන් මම 4 වැනි ස්ථානය දිනා ගත්තා. ඒ පින්තූර දුටු බොහෝ චිත‍්‍රපට අධ්‍යක්ෂවරු නිෂ්පාදකවරු ඔවුන්ගේ චිත‍්‍රපටවල සඳහා මාව දායක කර ගත්තා. ශිරාණී නුගේරා නමැති නිළිය ඉහළ තලයට ඔසවා තබන්නට අතහිත දීමේ ගෞරවය හිමිවිය යුත්තේ සරසවිය පුවත්පතටයි.
 
 ඔබ කොළඹ ප‍්‍රදේශයේ හැදී වැඩුණු කෙනෙක් නොවෙයි නේද?
 
 ඔව්. අම්මා බණ්ඩාරවෙල, තාත්තා මහනුවර. අපි පදිංචිව සිටියේ බණ්ඩාරවෙල. මම ඉගෙන ගත්තේ විශාඛා විදුහලේ. මගේ අම්මා ශ්‍යාමාවති. තාත්තා නුගේරා, මගේ තාත්තා යුද හමුදාවේ මේජ්ර්වරයෙක්. අපේ පවුලේ පස්දෙනයි. මම වැඩිමලා, නංගීලා හතර දෙනෙක් ඉන්නවා. පාසල් යන කාලේ තමයි මගේ ජීවිතේ ස්වර්ණමය යුගය. පාසලේ වේදිකා ගත වූ සියලූ‍ම වේදිකා නාට්‍යවලට මම නැතුවම බැරි චරිතයක් වුණා. වේදිකා නාට්‍ය සියල්ලේම ප‍්‍රධාන චරිතය රඟපෑමට අවස්ථාවක් ලැබුණේ මට. මම ක‍්‍රීඩා වලටත් අති දක්ෂයි. නුගේරා කිව්වම පාසලේ නොදන්න කෙනෙක් නැහැ. තාත්තා යුද හමුදා සේවය කළ නිසා අපේ පදිංචිය වෙනස් කරන්නට සිදුවුණා. පසුව අපි කොළඹ පදිංචියට ආවා. මම උසස් පෙළ හැදෑරුවේ නුගේගොඩ සමුද්‍රදේවි බාලිකා විද්‍යාලයේ.
 
 චිත‍්‍රපට රඟපෑමට අවස්ථාව හිමි වුණේ?
 
 ගුණතිලක අංකල් නමින් පියාගේ යහළුවෙක් මාර්ගයෙන් තමයි චිත‍්‍රපටයේ රඟපාන්නට අවස්ථාව ලැබුණේ. ඔහු තාත්තාගෙන් ඉල්ලීමක් කර තිබෙනවා මාව සහ නංගීව චිත‍්‍රපටවලට යොමු කරන්නට කියා. පොඩි කාලෙම අපි පස්දෙනා හරිම ලස්සනයි. විශේෂයෙන් කියන්න ඕන. අම්මායි තාත්තායි හරිම ලස්සනයි. නංගී රඟපාන්නට අදිමදි කළා. මම රඟපාන්නට කැමැති වුණා. හර්බට් රංජීත් පීරිස්ගේ සිල්වා චිත‍්‍රපටයේ මා පෙනී සිටියේ ගීතමය දර්ශනයකට. එම දර්ශනය රඟපෑවේ මාලිනී ෆොන්සේකා සමඟ රෝයි ද සිල්වා. මම එම ගීතමය දර්ශනයේ පමණක් පෙනී සිටියා. පසුව හර්බට් රංජීත් පීරිස් ගේ ඇර සොයිසා චිත‍්‍රපටයේ මට ප‍්‍රධාන චරිත ලබා දුන්නා. දෙව්දුව චිත‍්‍රපටය මාලීනි ෆොන්සේකාගේ නැ`ගණිය ලෙස රඟපෑවේ මම. මට හරි සතුටුයි සිනමාවේ අගරැුජින මාලිනි අක්කා සමඟ රඟපෑමට ලැබීම. ශිරාණී නුගේරා සරසවිය සම්මානයට පාත‍්‍ර වූ නිළියකි. ඇය රඟපෑ මායා චිත‍්‍රපටය වෙනුවෙන් වසරේ නැ`ගී එන ජනප‍්‍රිය නිළියට හිමි සම්මානයට ඇය පාත‍්‍ර වුයේ ලද ජනප‍්‍රසාදය නිසාමය. ශිරාණී නුගේරා වැඩිම චිත‍්‍රපට ගණනාවකට දායක වුයේ 1984 වසරේදීයි. ඒ වසරේදී ඇය චිත‍්‍රපට 7කට ආසන්න සංඛ්‍යාවක රඟපෑවාය.
 
 ඔබ රඟපෑ කතරගම රුමතිය වේදිකා නාට්‍යය විශාල දර්ශන වාර ගණනක් පැවත්වුවා නේද?
 
 කතරගම රූමතිය වේදිකා නාට්‍යය නිෂ්පාදනය කළේ තිලක් වේහැල්ල. ආරම්භ කළේ 1982 වසරේ. සොමී රත්නායක, ජීවන් කුමාරතුංග, ක්ලීටස් මෙන්ඩිස්, ශාන්ති ලේඛා ආදී දැවැන්තයන් මා සමඟ මේ නාට්‍යයේ රඟපෑවා. දර්ශන වාර නමසිය අනූ නවයක් පවත්වන්නට තරම් වේදිකා නාට්‍ය අතිශයින් ජනප‍්‍රිය වුණා. සමහර දිනවල නාට්‍ය කණ්ඩායම සමඟ බසයේ නැග්ගම සතියක් පුරා අපි සිටින්නේ බස් එකේ. තැනට තැනට නාට්‍යය රැුගෙන යනවා. ඒ කාලේ අපි සිටියේ කණ්ඩායමක් ලෙසයි ඉතාමත් කුලූපග මිත‍්‍රත්වයක් සහෝදර බැම්මක් අප අතර තිබුණා. නිහාල් ජයවර්ධනගේ සත්මල් ප‍්‍රාසාද සහ ආරියරත්ත විතානගේ සිකුරු යුද්ධය වේදිකා නාට්‍යවල රඟපෑවා. මේ අවධිය තුළ චිත‍්‍රපට රඟපෑම සඳහා මට බොහෝ ආරාධනා ලැබුණත් දින වෙන් කර ගැනීමේ අපහසුව නිසා ඒ සියල්ල රඟපෑමට තිබූ අවස්ථාව මට ගිලිහී ගියා. මම සිනමාවට වගේම වේදිකාවටත් ආදරෙයි. මේ ක්ෂේත‍්‍ර දෙකේම නිරත වීමට ලැබීමෙන් මම විශාල ජනප‍්‍රියත්වයක් දිනාගත්තා. විශේෂයෙන් පවසනවා නම් වේදිකාවේ දී අපේ දෑසින්ම පේ‍්‍රක්ෂක ප‍්‍රතිචාරය දකින්නට ලැබීමෙන් ලැබෙන ආත්ම තෘප්තිය ඉහළයි.
 
 කාලයක් ඔබ ක්ෂේත‍්‍රයන් ඈත් වී සිටියා නේද?
 
 ඔව් මම මගේ පුතා සහ ලේළිය සමඟ නවසීලන්තයට පදිංචියට ගියා. මගේ පුතා රජිව්. ඔහුගේ බිරිඳ එරංගි නවරත්න. ඔවුන්ට දරුවෝ දෙදෙනෙක් සිටිනවා. පුතාට වයස අවුරුදු හයයි. දුවට වයස අවුරුදු එකමාරයි. දරු මුණුපුරන් සමඟ නවසීලන්තය ගත කළ ජීවිතය අතිශය සුන්දරයි.
 
 ඔබ ටෙලි නාට්‍ය කිහිපයකම රඟපාලා තිබෙනවා නේද?
 
 මම නවසීලන්තයේ පදිංචි වී සිටියත් සිනමාවට තිබූ ඇල්ම අඩු වුයේ නැහැ. ඒ බව දැනගත් මගේ පුතා සහ ලේළිය ඉල්ලීමක් කළා අම්මා නැවතත් රඟපාන්නට යොමු වන්නට කියා. ඒ හේතුව මතයි මම නැවත රඟපාන්නට තීරණය කළේ. 2018 වසරේ ලංකාවට පැමිණියේ සිවගුරුනාදන්ගේ ආරාධනය පරිදි ඔහුගේ එකගෙයි මිනිස්සු ටෙලි නාට්‍යය රඟපෑමටයි. ලංකාවට පැමිණි පසු මට ටෙලි නාට්‍ය කිහිපයක රඟපෑමට ආරාධනා ලැබුණා. එකගෙයි මිනිස්සු ටෙලි නාට්‍යයේ සතිස්චන්ද්‍ර එදිරිසිංහ සමඟ ප‍්‍රධාන චරිතයක් රඟපාන්න අවස්ථාව හිමි වුණා. පසුව ගාමිණී හේවාවිතාරණගේ චිත‍්‍රපට දෙකක රඟපෑවා. ඒවා තවම නිම වී නැහැ. පසුගිය වසරේ ගාමිණී හේවාවිතාරණගේ සඳදඩයම, යකඩ දෝණිි, රුවන් තාරකා නැමැති චිත‍්‍රපට තුනේම රඟපෑවා.
 
 වර්තමාන ඔබේ පදිංචිය
 
 මම ඉන්නේ නුගේගොඩ. මගේ සහෝදරියන් තිදෙනෙක් ලංකාවේ ජිවත් වෙනවා. මගේ අම්මා මියගියා තාත්තා තාමත් ජීවත් වෙනවා. අපි සහෝදරියෝ හරිම ලෙන්ගතුයි. ඔවුන්ගේ දරුවෝ, දරුවන්ගේ දරුවෝ, අපි එකම පවුලක් ලෙස සමගියෙන් සාමයෙන් ජිවත් වනවා. අපේ පවුල් අතර කිසිදු ගැටුමක් නැහැ. ඉරිසියාව, ක්‍රෝධයක් වෛරයක් නැහැ. හැමෝම එකා වගේ එක්කෙනෙකුට ප‍්‍රශ්නයක් ගැටලූ‍වක් ඇති වූ විට අනිත් සියලූ‍ දෙනාම ඒ වෙනුවෙන් පෙනී සිටිනවා. ඒක මටත් ලොකු ශක්තියක්. නංගි කෙනෙක් තාත්තාව ආදරෙන් රැුකබලා ගන්නවා. අපි නිතරම තාත්තාගේ දුක සැප බලනවා. ඔහුට අවශ්‍ය දේවල් ලබාදෙනවා. අද බොහෝ දෙනා සහෝදර සහෝදරියන් අතර ගැටුම් තිබුණත් අපේ පවුල තාමත් එකා වගේ ආදරයෙන් බැඳී ජීවත්වෙනවා. ඇත්තටම ජිවිතේ සැදෑ සමය සුන්දරයි. සතුට, ප‍්‍රීතිය මගේ ජීවිතයට ලබාදෙන්නේ සැනසීමක්. දරුවන් මුනුපුරන් වගේම සහෝදර සහෝදරියෝ මට ලොකු ශක්තියක්. දරුවන් වාගේම ඔවුන් සියලූ‍දෙනාටම මම සැමදා ආදරෙයි.
 
 ඉඳහිට මට ගැළපෙන චරිතයක් දෙකක් ලැබුණොත් රංගනයේ යෙදෙන්න මට බලාපොරොත්තුවක් තිබෙනවා.