‘එතෙර නිම්නද’‍ ඇරඹුවේ අපේ ශිල්පීන් අන්තර්ජාතික තලයට ගෙන යන්න

-රොෂාන් වීරසිංහ
ජූලි 7, 2022

 වේශ නිරුපන ශිල්පියකු හා සහය අධ්‍යක්ෂකවරයකු ලෙස කලාවට අත්පොත් තැබිමෙන් පසු සඳ දිය සිත්තම්, ¥විලි ටෙලි නාට්‍ය අධ්‍යක්ෂණය කරමින් ඔහු ටෙලි නාට්‍ය අධ්‍යක්ෂකවරයෙකු ලෙස ද ක්ෂේත‍්‍රයට පිවිසෙන්නේය. ”‍ඇරෝ මීඩියා”‍ නමින් නිෂ්පාදන ආයතනයක් ස්ථාපිත කරන්නේ සිතේ තිබුණු ආශාවක් ඉෂ්ට කර ගනිමින්ය. වෙළෙඳ දැන්වීම් කලාවට සහ වාර්තාමය වැඩසටහන් රැසකට මුල්තැන දෙමින් එම ආයතනයේ අනාගතය සාර්ථක පියවරකට පා තැබීය. එමෙන්ම එය ඔහුගේ සහජ හැකියාව නිසාම ටෙලි නාට්‍යට කලාවට, සිනමාකරණයට අවශ්‍ය නිෂ්පාදන ආයතනයක් ලෙස කාගේත් සිත් ඇද බැඳ ගැනීමට සමත් විය. එයිනුදු නොනැවතුණු ඔහු ලාංකික කලාකරුවන් වෙනුවෙන් එතර සංගීත ප‍්‍රසංග මාලාවක් සංවිධානය කර අන්තර්ජාතික තලයට මුදා හරින්නට වෑයම් කරයි. එහි ප‍්‍රතිඵලයක් ලෙස මාස දෙකකට වරක් ”‍එතෙර නිම්නද ‘‘ ප‍්‍රසංගය සංවිධානය කරන්නේය. ඔහු රොෂාන් වීරසිංහයි. සරසවිය පුවත්පතට පැමිණි ඔහු සමඟ අපි කළ කතා බහ මෙසේ දිග හරිමු.

 

”‍එතෙර නිම්නද” ප‍්‍රසංගයෙ අරමුණ කුමක්ද ?

 

ශ‍්‍රී ලංකාවේ කලා ශිල්පීන් රැසක් ඉන්නවා අන්තර්ජාතික තලයට යන්න බැරුව ඉන්න. ඔවුන්ගේ හැකියාව රට රටවල්වලට ගෙන යන්න ඕනෑ කියලා මට හිතුණා. එහි ප‍්‍රතිඵලයක් ලෙසයි, කලා ශිල්පීන් රැසක් තෝරා ගත්තේ. ගායන ශිල්පීන්, නර්තන ශිල්පීන් ඒ අතර විශේෂයි. ඒ අතරිනුත් තරුණ පිරිසට තමයි වැඩි අවස්ථාවක් හිමිවෙලා තියෙන්නේ. ඒවගේම ශ‍්‍රී ලංකාවේ ්රරදඅ පැාස් කියලා ආයතනයක් මේ ප‍්‍රසංග මාලාව හරහා ඩුබායිවල ස්ථාපිත කිරීම තමයි මගේ ඒකායන අරමුණ. මෙම ආයතනය මම එහි ස්ථාපිත කරන්නේ ශ‍්‍රී ලාංකික කලාකරුවන් වෙනුවෙන් හා රට ගිහිල්ලා නොයෙක් අපහසුතාවයන්ට හා පීඩාවට පත්වෙලා ඉන්න අය වෙනුවෙන් යම් සහනයක් දෙන්නයි.

 

මෙයට මුල පුරන්නේ කොයි කාලෙද ?

 

මේ වසරේ මාර්තු මාසේ තමයි මෙයට මං මුල පුරන්නේ. විදේශීය රටවල පදිංචි වෙලා ඉන්න අය මගෙත් එක්ක ගොඩක් සම්බන්ධකම් තියෙනවා. ඔවුන්ගේ අදහසකට අනුවයි මම මේ සංගීත ප‍්‍රසංග මාලාව රටවල් කිහිපයකම පැවැත්වීමට සූදානම් කරලා තියෙන්නේ. ගොඩක් අය ඒ රටවල අපහසුතාවෙන් හිර වෙලා ඉන්නේ. ඔවුන්ගේ ඒ පීඩාව නැති කර ගන්න තියෙන එකම දේ තමයි සංගීත ප‍්‍රසංගයක් රසවිඳීම. අනික ශ‍්‍රී ලාංකික ගී හඬවල් ප‍්‍රිය කරන ගොඩක් දෙනෙක් එහි ඉන්නවා. ඔවුන්ගේ කාන්සිය, මාන්සිය පාළුව නැති කරගන්න මෙහෙම දෙයක් කරනවා කියන එක ලොකු පිනක් කියලා මම හිතුවා. ඒ පිනට දායක වීම තමයි මම මේ කරන්නේ.

 

මේ ප‍්‍රසංගය පවත්වන්නේ කොහේද කවදාද ?

 

ඩුබායි ”එයාර්පොට් මිලේනියම්” හෝටලේ දී මේක පවත්වන්නෙ. ජූලි 9 වැනිදායි පවත්වන්නට සියලූ‍ කටයුතු සූදානම් කරලා තියෙන්නේ. එදාට එහි වෙසෙන සියලූ‍ දෙනාටම මම ආරාධනා කරනවා එන්න කියලා මේ ප‍්‍රසංගය රසවිඳින්නට.

 

ප‍්‍රසංගය සංවිධානය කරන්නේ කවුරුන්ද ?

 

්රරදඅ පැාස් ශ‍්‍රී ලංකා, එතෙර ඉවෙන්ට් ඩුබායි, රෝයල් එයරසච ඩුබායි, ඪගඨගඵගක්‍ කියන ඩුබායි ආයතන එකතුවෙලා තමයි මේ ප‍්‍රසංගය සංවිධානය කරන්නේ. ප‍්‍රසංගයට අවශ්‍ය සියලූ‍ම උපකරණ සපයන්නේ ෘගණගෑඩැබඑ ආයතනයයි. ඔවුන්ගේ සංගීත කණ්ඩායම තමයි ිසටබ්එමරු සංගීත කණ්ඩායම. මේ සියලූම සංගීත ශිල්පීන් ඒ රටේ පදිංචි වෙලා ඉන්න අයයි. දක්ෂ සංගීත කණ්ඩායමක් ඒ රටක ඉන්නවා කියන එක අපිට ලොකු හයියක් වුණා. ඔවුන් මේ ප‍්‍රසංගයට සහභාගි කරවා ගැනීමටත් ඔවුන්ගේ ප‍්‍රසංගයකට සහභාගි නොවන කෙනෙක් ඒ රටවල් වල නෑ.

 

ප‍්‍රසංගයට සහභාගී වන ගායන ශිල්පින් කවුරුන්ද ?

 

ඩුබායි රාජ්‍ය සම්මාන ලත් ඉන්දික කාරියවසම් ප‍්‍රමුඛ ිසටබ්එමරු වාදක මණ්ඩලයත් සමඟ ශෂිකා නිසංසලා, දුමාල් වර්ණකුලසූරිය, කේ සුජීවා, කාංචනා අනෝමානි පීරිස්, තිවංක දිල්ශාන්, චාතුර්යා සඳ බරණි, ඩුබායි ිමචැරිඒර තරගාවලියෙන් ජයග‍්‍රහණය කරපු කුෂි සහ සකින් යන ශිල්පීන් දෙන්නත් එදාට මේ ප‍්‍රසංගය රසවත් කරනවා. නිවේදන කටයුතුවලින් එකතුවෙන්නේ සිංදු ජා ශ‍්‍රී භාග්‍යා සමඟ ඩුබායි රන්දුණු සුර්යා, එක්ක උපෙක්ෂියි.

 

මේ ප‍්‍රසංගය සඳහා තරුණ ශිල්පීන් සහභාගී කරවා ගත්තේ මොන හේතුවක් නිසාද ?

 

මේ ප‍්‍රසංගයට තරුණ පිරිස් සහභාගි කරවා ගත්තේ ඒ රටවල්වල තරුණ ගායක ගායිකාවන්ට ඇති අවස්ථාව වැඩි නිසයි. අනික සංවිධායක මණ්ඩලය සහ රටේ පදිංචි වෙලා ඉන්න සියලූ‍ දෙනාගේ කැමැත්ත, අකැමැත්ත හොයලා බලල තමයි මේ සංවිධානය කරන්නේ. ඒ නිසා අපිට ඕන අය ප‍්‍රසංගයට සහභාගි කරවා ගන්න බැහැ.

 

ප‍්‍රසංගය රසවිඳින්නට එන්නේ කවුරුන්ද? කොපමණ වේලාවක් ප‍්‍රසංගය පවත්වනවා ද ?

මේ සෑම රටකම වැඩි හරියක් එන්නේ රැකියාවන් සඳහා ගිය අපේ ශ‍්‍රී ලාංකිකයන්. ඒ අතර ඩුබයිවල පදිංචි වෙලා ඉන්න පවුල් පිටින් එනවා. ඒ රටවල ජාතිකයනුත් මෙයට සහභාගි වෙනවා. ප‍්‍රසංගය පැය හයක් විතර නොකඩවා පවත්වනවා. සමහර වෙලාවට පැය හයත් මදි වෙනවා.

 

මෙම ප‍්‍රසංග මාලාව දිගටම කරන්න අදහස් කරනවාද ?

 

ඔව්. මං මේකට අත ගැහුවේ ඒ නිසාමයි. දැනට සිංගප්පූරුව ඕස්ටෙ‍්‍ර‍ලියාව, ඉතාලිය, කොරියාව, කැනඩාව, යන රටවල් කිහිපයකින්ම අපිට ප‍්‍රසංග වලට ආරාධනා ලැබිලා තියෙනවා. ඒක හොඳ සාධනීය මට්ටමක්. මට මේ ප‍්‍රසංගය එක එක රටවල්වලට අරගෙන යන්නට හා කලාකරුවන් වෙනුවෙන් යමක් කරන්න පුළුවන්.

 

මේ ප‍්‍රසංගයේ වැඩි ඉඩකඩක් ලැබෙන්නේ කාටද ?

 

මේ ප‍්‍රසංගයේ වැඩි ඉඩකඩක් ලැබෙන්නේ තරුණ පරම්පරාවටයි. නවක ශිල්පීන්ටත් අවස්ථාව හිමි වෙනවා. ඒ කියන්නේ ශ‍්‍රී ලංකාවේ තිබුණු සුපර් ස්ටාර් තරගාවලියෙන් අවසන්වටයට තේරී පත් වුණු අය කීප දෙනෙක්ම අපි තෝරා ගෙන ඉන්නවා. මෙතැනදි මම නෙවෙයි කලා ශිල්පීන් තෝරනකොට මූලිකත්වය ගෙන කටයුතු කරන්නේ. ඒ රටවල්වල ජීවත්වන අය තමයි අපිට මේ අය ඕන මේ අය ඕනේ කියලා කියන්නේ. ඒ කියපු අය ප‍්‍රසංගවලට සහභාගි වෙන්න කැමති නම් මම ඒ ශිල්පින් සම්බන්ධ කරගෙන අරගෙන යනවා.

 

ප‍්‍රසංගයෙන් ලැබෙන ආදායමට මොනවද කරන්නේ ?

 

රට රැකියාවන් සඳහා ගිහින් අසරණ වුණු අපේ ශ‍්‍රී ලාංකිකයන් වෙනුවෙන් රැකියාවක් සොයා දෙන්නට, එහෙම රැකියාවක් හොයලා දෙන්න බැරි වුණොත් ටිකට් හා වීසා එක්ක ශ‍්‍රී ලංකාවට එවන්න අපි කටයුතු සූදානම් කරලා දෙනවා. සහන යාත‍්‍රාවක් ලෙස ද ඔවුන් වෙනුවෙන් පෙනී සිටිනවා. පොසොන් උත්සවයට ජාති කුල මල භේද නොතකා අපි දන් සැලක් දෙනවා. වෛද්‍ය කඳවුරක් පවත්වනවා. කලාකරුවන්ගේ ඉදිරි සුබසාධන කටයුතු සඳහා මොන ආකාරයෙන් ද ක‍්‍රියා කළ යුත්තේ කියලා ඉදිරියේදී හොඳ තීරණයක් ගැනීමට අදහස් කරගෙන ඉන්නවා.

 

ප‍්‍රසංගය සජීවී විකාශයක් ලෙස විකාශනය කරනවාද?

 

ඇත්තටම ප‍්‍රසංගය සජීවී ලෙස ප‍්‍රචාරය කරන්නට සියලූ‍ කටයුතු සූදානම් කළා. ශ‍්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ (සිටි එෆ්.එම්) සේවයෙන් රාත‍්‍රී 9 ට මෙය සජීවී ලෙස ප‍්‍රචාරය කෙරෙනවා. ශ‍්‍රී ලංකා රූපවාහිනි සංස්ථාවෙන් පටිගත කළ දර්ශන සති දෙකක් ඇතුළත විකාශය කරනවා. මුද්‍රිත මාධ්‍ය අනුග‍්‍රහය දක්වන්නෙ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත‍්‍ර සමාගමයි. විද්‍යුත් මාධ්‍ය අනුග‍්‍රහය දක්වන්නෙ ශ‍්‍රී ලංකා රූපවාහිනී සංස්ථාව සහ ශ‍්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවයි .

 

ඔබගේ ඉදිරි වැඩ කටයුතු මොනවාද?

මේ සඳහා නන් අයුරින් මට උදව් කළ දේශීය හා විදේශීය සියලූ‍ දෙනාට මම ස්තුතිවන්ත වෙනවා. දක්ෂ ගායක ගායිකාවන්, නර්තන ශිල්පීන් යොදාගෙන හොඳ ප‍්‍රසංගයක් පැවැත්වීම තමයි මගේ ඊළඟ අරමුණ.