හොඳ නිළියක් වෙලා අම්මාගේ සිහිනය සැබෑ කරනවා

ක‍්‍රිෂි ඩියානා
ජූලි 7, 2022

 

ඕ දකුණු පුරවරයේ බෙලිඅත්ත ප‍්‍රදේශයේ සුන්දර ගම් පියසක අට දෙනෙකුගෙන් යුත් පවුලේ හත් වැනියා ලෙස ඉපිද හැදී වැඩුණාය. ඇය අයනු ආයනු කියන්නේ බෙලිඅත්ත ධම්මපාල බාලිකා විදුහලෙනි. නර්තනය, රංගනය හා ගායනයට එකලෙස දස්කම් පෑ ඇය පාසලේ දීප්තිමත් ශිෂ්‍යාවක් ද වූවාය. පාසල් කාලය අවසන් වීමෙන් පසු කලා ක්ෂේත‍්‍රයට තියෙන දැඩි ආශාව නිසාම ගෙන්දගම් පොළොව සොයා ආවාය. කැලණිය ප‍්‍රදේශය පදිංචියට තෝරා ගැනීමෙන් පසු 2018 වසරේ හා හා පුරා කියා crime scene ටෙලි නාට්‍යයෙන් කලා ක්ෂේත‍්‍රයට පිවිසුණාය. ඇය කි‍්‍රෂි ඩියානා සරසවිය පුවත්පත සමග කළ සාකච්ඡාවකි.

 

කලා ක්ෂේත‍්‍රයට පිවිසෙන්න ඕනේ කියලා හිතුණෙ ඇයි?

 

මේක මගේ අම්මගේ හිතේ තිබුණු සිහිනයක්. මම පාසල් යන කාලයේ ඇය මට කිව්වේ කවදහරි දක්ෂ නිළියක් වෙන්නෙ කියලා. ඇය කලාවට හරිම ආදරේ කරපු දයාබර මවක්. ඇය අද අප හැරදා ගිහින්. අම්මා බලාපොරොත්තු වුණු මාවතට මට පියමනින්නට ලැබීම ගැන මම අද සතුටු වෙනවා.

 

ක‍්‍රිෂිි ජනප‍්‍රියත්වයට පත්වන්නේ සක්කාරං නාට්‍යයේ රන් එතනා නිසා නේද ?

 

ඇත්තටම ඔව්. අරුණ ජයවර්ධන අධ්‍යක්ෂණය කළ සක්කාරං ටෙලි නාට්‍යයේ රගපාන නිසා තමයි, මම අද කවුරුත් දන්නේ. අරුණ ජයවර්ධනයන්ට ස්තුතියි, crime scene ටෙලි නාට්‍යයට මාව සම්බන්ධ කර ගත්තාට. මට කැමරාවක් ඉදිරියේ රංගනයේ යෙදෙන්න හැකියාව උදා කරලා දුන්නේ සක්කාරං ටෙලි නාට්‍යයයි. ගොඩක් මහන්සි වෙලා තමයි මෙතැනට මම ආවේ.

 

ඔබ මේ වනවිට කොපමණ ටෙලි නාට්‍ය සංඛ්‍යාවක රංගනයේ යෙදිලා තියෙනවාද ?

 

දැනට ටෙලිනාට්‍යය දහයකට වැඩි සංඛ්‍යාවකට රංගනයෙ යෙදිලා තියෙනවා. ටෙලි නාට්‍යයක් ප‍්‍රදර්ශනය වී හමාරයි. තව ටෙලි නාට්‍ය පහක් ප‍්‍රදර්ශනය වෙන්න තියෙනවා. ජරසපැ ිජැබැ, සක්කාරං, හදවිල අරණ, ඉඟිබිගි හා සකල ගුරු කියන නාට්‍ය පේ‍්‍රක්ෂකයන් වැලඳගත්තා. ඉදිරියට එන්න තියෙන මම තාම නුඹ නමින්, වාසිටි, මේ වෙනවිට පසු නිෂ්පාදන කටයුතු ඉවර කරලයි තියෙන්නේ. ටෙලිනාට්‍ය තුනක වැඩ කටයුතු ඉවර කරලා තියෙන්නේ. මේ ටෙලි නාට්‍යවලටත් හොඳ ප‍්‍රතිචාර ලැබෙයි කියලා මම බලාපොරොත්තු වෙනවා.

 

වඩාත් ප‍්‍රිය කරන්නේ ටෙලිනාට්‍යයට ද, සිනමාවට ද නැත්නම් වේදිකාවට ද ?

 

මම ගොඩක්ම ආස වේදිකාවටයි. වේදිකාවේ රංගනයේ යෙදුණු ඕනෑම නළුවකුට හෝ නිළියකට අනෙකුත් ක්ෂේත‍්‍රවල රංගනයේ යෙදීම හරිම පහසු කාර්යයක්. වේදිකාවේ හතර මුල්ල නොදැන ඉන්න ගොඩක් දෙනෙක් අද කලාවේ නිරත වෙලා ඉන්නවා. ඒක ලොකු ව්‍යසනයක්.

 

ඔබ වේදිකා රංගනයේ නියැළෙනවා ද?

 

මේ දවස්වල නම්, පෙර පුහුණුවීම් නවත්තලා තියෙන්නෙ. මහින්ද පතිරගේ ගේ අලූ‍ත් වේදිකා නාට්‍යයක පෙර පුහුණුවීම් කටයුතු නවත්වලා තියෙන්නේ. රටේ ඇතිවෙලා තියෙන අර්බුදකාරී තත්ත්වය නිසා මේ සියලූ‍ම දේවල් ප්ලෑන් කරලා කරන්න බැරි තැනකට පත් වෙලා තියෙන්නෙ.

 

සිනමාවට ඔබ කැමත්තක් නැද්ද? මේ වන විට අධ්‍යක්ෂකවරු ඔබට කතා කරලා නැද්ද ?

 

සිනමාපටයක රංගනයේ නියැළෙන්නට මම හරිම කැමතියි. මගේ විනෝදාංශයක් හැටියට මම සිනමාපට බැලීම තමයි වැඩි හරියක්ම කරන්නේ. මේ වෙනවිට කීපදෙනකුම කතා කරලා තියෙනවා. නමුත් පවතින වාතාවරණ මේ සියල්ලටම හරස් වෙලා.

 

ඔබට ප‍්‍රවීණයන්ගෙන් ලැබෙන සහයෝගය කොහොමද ?

 

හොඳ සහයෝගයක් ඔවුන්ගෙන් ලැබෙනවා. අපි දන්නැති සියලූ‍ම දේවල් කියා දෙනවා. ආධුනිකයකු ලෙස ක්ෂේත‍්‍රයට එන විට ප‍්‍රවීණයන්ගෙන් ලැබුණු ගුරුහරුකම් ඉතාම වටිනවා. අද මම මෙතැන ඉන්නෙ ඔවුන්ගෙන් ලත් ගුරුහරුකම් නිසා.

 

නවකයන්ට ලැබෙන අවස්ථාවෙන් ප‍්‍රයෝජන ගන්නවා කියලා ඔබට කියන්න පුළුවන්ද ?

 

ඇතැම් අය ප‍්‍රයෝජන ගන්නවා. ඇතැම් අය ජනප‍්‍රියත්වය උදෙසා පමණයි ක්ෂේත‍්‍රයට එන්නෙ. හරියට රැල්ලට යනවා වගේ. ඒ එන අයට කැමරාව ඉදිරියේ රංගනයේ යෙදෙන්න බෑ. ටික කාලයක් ගිහින්. එතකොට වෙන්න ඕන දේ වෙලා ඉවරයි. හරියට පත්තුවෙලා නිවෙන බල්බ් එකක් වගේයි. ගොඩ දෙනෙක් ක්ෂේත‍්‍රය ගැන අවබෝධයක් නැතුව එන්නෙ. ඒ ගැන අධ්‍යයනයක් කරලා නැතුවයි එන්නේ. තමාට අවශ්‍ය අවම සුදුසුකම් ටිකවත් සපුරාගෙන එනවනම් හොඳ ගමනක් තියෙනවා.

 

මේ දිනවල ඔබේ ”‍සිහිනය”‍ කියන ගීතයේ රූප රචනය ගොඩක් දෙනෙක් වැලඳගෙන සිටිනවා කියලා ඔබ විශ්වාස කරනවා ද ?

 

සැබැවින්ම එම ගීත රචනය ගොඩක් පේ‍්‍රක්ෂකයන් වැලඳගෙන සිටිනවා. තවත් ගීත කීපයකටම රූප රචනා කරන්න තියෙනවා. කරපු ඒවා තව දෙකකුත් තියෙනවා. එවාට වෙනදාට වැඩිය හොඳ ප‍්‍රතිචාර ලැබෙනවා.

 

නිරූපණ ක්ෂේත‍්‍රයේට ඔබේ දායකත්වය කෙසේද ?

 

නිරූපණ ක්ෂේත‍්‍රයත්, රංගනයත් මම සමබරව කරගෙන යනවා. මේ සියලූ‍ දේවල් සිහින තමයි මගේ ලෝකේ.

 

ඔබට පවුලෙන් ලැබෙන සහයෝගය කොහොමද ?

 

ඇත්තටම මගේ සහෝදර, සහෝදරියන් සහ පියා මට හොඳ සහයෝගයක් දෙනවා. මට ඒක ලොකු ආශිර්වාදයක්. මගේ ගමනේ වැරදි හොඳ, නරක සියල්ල පෙන්වන, උපදෙස් දෙන සියලූ‍ දෙනාම වෙන්නේ මගේ පවුලයි.

 

ඔබේ ගමන් සහකරු මොන වගේද ?

 

ඇත්තටම එයා රජයේ රැකියාවක් කරන කෙනෙක්. තව ටික කාලයක් ඉඳලා අනාගතය ගැන හිතන්න කාලය යොදා ගන්නවා. හැමදාම මෙහෙම ඉඳලා හරියන්නේ නෑ. අපි තීරණ ගන්න ඕන වෙලාවට තීරණ ගන්නවා.

 

අනාගතය ගැන මොනවද කියන්න තියෙන්නේ ?

 

මගේ අම්මගෙ ලොකුම බලාපොරොත්තුව තමයි, මම දක්ෂ නිළියක් වෙන එක. ඒ බලාපොරොත්තුව ඉටු කිරීම තමයි මගේ පළවෙනි විසඳුම. එය ඉටුකර ගනිමින් එන විදිහට මුහුණ දෙන්න තමයි මම බලාපොරොත්තු වෙන්නේ.