ජීවිතයේ වෙන හැමදේම මම ආශීර්වාදයක් විදිහට භාරගන්නවා

Sheshadrie
සැප්තැම්බර් 2, 2021

 

පසුගිය අගෝස්තු මස 20 වැනිදා කලා තරුවකට මංගල සීනු හැඬවුණා. ඒ ශේෂාද්‍රි ප්‍රියසාද්ට. කලා පවුල්වලින් ඉස්මතු වුණු තරු අතර සිනමා අධ්‍යක්ෂ දිනේෂ් ප්‍රියසාද්ගේ දෙවැනි දියණිය වන ශේෂාද්‍රි ප්‍රියසාද් රසික ජනාදරයට පත් රංගන ශිල්පිනියකි. පෞද්ගලික ජීවිතයේ විවිධ හැල හැප්පීම්වලට මුහුණ දී කාලයක් නිහඬව සිටි ඇය නැවතත් රංගන ක්ෂේත්‍රයේ වැඩකටයුතු කරමින් සිටිනවා. ඇය අතිනත ගත්තේ කණ්ඩායම් සංගීතයේ ජනප්‍රිය සංගීත කණ්ඩායමක් වන "ච්ධජබධප" සංගීත කණ්ඩායමේ සාමාජිකයෙක් වන ක්‍රිෂාන් මාලන් පෙරේරා සමඟ. අලුතෙන් ආරම්භ කළ ජීවිතය ගැන වතගොත විමසන්න අපි ශේෂාද්‍රි ප්‍රියසාද්ව සම්බන්ධ කරගත්තා.

 

හා හා පුරා කියලා පටන්ගත්ත අලුත් ජීවිතේ කොහොමද?

අලුත් ජීවිතයට දැන් සති දෙකක් වෙනවා. අලුත් ජීවිතේ හැමදේම අලුත්. ගෙදර ඉන්නවාට වඩා

 

හැමදේම සෑහෙන්න වෙනස්. උදේට නැගිටින වෙලාවේ ඉඳලා රෑට නින්දට යන වෙලාව වෙනතෙක් හැමදේම වෙනස් වෙලා තියෙන්නෙ තියෙන්නෙ. ඒකට තවම හැඩ ගැහෙමින් පවතිනවා. කොරෝනා නිසා අපිට කොහෙවත් ඇවිදින්න යන්න ලැබුණෙත් නැහැ. ඒත් මට හිතෙනවා මම විවාහ වුණේ හොඳම කාලේ කියලා. මොකද අපිට අපි ගැන හොඳ අවබෝධයක් ලබන්න පුළුවන් පුළුවන් හොඳම කාලයක් මේක. නොලැබුණු දේවල් ගැන පසුතැවෙන්නේ නැතුව ලැබෙන දේවල් ගැන සෑහිමකට පත් වෙනවා අපි දෙන්නා.

ශේෂාද්‍රි විවාහය සිදු වුණේ බොහොම සරල විදිහට?

මම අවුරුද්දක් තිස්සේ මගේ විවාහය අගෝස්තු මාසෙදි ගන්නවා කියලා සැලසුම් කරගෙන හිටියා. අපි සැලසුම් කරපු දිනය අන්තිම මොහොතේ වෙනස් වුණා. දවසක වෙනසක් විතරයි වුණේ. මට ඕනේ වුණේ පල්ලියේ කතෝලික ආගමට අනුව මගේ විවාහ වෙන්න. මට කොහොමත් ලොකුවට විවාහ උත්සව ගන්න අදහස තිබුණේ නැහැ. මට ඕන වුණේ මගේ සමීපතමයින් විතරක් මගේ විවාහයට එනවා දකින්න. හැමෝම කතා වෙන විදිහේ විවාහ මංගල්‍යයක් ගන්න මම කැමැති නැහැ.

අපි හැමෝගෙම ජීවිතේ අත්දැකීම් තියෙනවා. ඒ අත්දැකීම් එක්ක විවාහයෙයි විවාහ ජීවිතයෙයි වෙනස තේරුම් මමයි ක්‍රිෂානුයි දෙන්නම තේරුම් ගත්ත කෙනෙක්. ඇත්තටම හිතන්න ඕනේ විවාහ උත්සවය ගැන නෙමෙයි, විවාහයෙන් පස්සේ ජීවත් වෙන්න ඕන විදිය ගැන. සාමාන්‍යයෙන් හැමෝටම කියලා හොඳ විවාහ උත්සවයක් ගන්න ලක්ෂ විස්සකට වැඩි මුදලක් යනවා. අපි දෙන්නා ඒ මුදල්වලින් අපේ ගෙදර හැදුවා. දැන් අපි ජීවත් වෙන්න වෙනම ගෙදරක තනියම. මෙතැනින් එහාට විවාහ ජීවිතය සතුටින් ගත කරන එක ගැන තමයි අපේ වැඩි අවධානයක් දෙන්නේ.

 

කොරෝනා වසංගතය උත්සන්න වුණ මේ වගේ කාලෙක සරලව වුවත් විවාහ වෙනවා කියන එක වෙනස් අත්දැකීමක්?

 

මගේ ජීවිතයේ වෙන හැම දේම මම ආශිර්වාදයක් විදිහට බාරගන්න. දෙවියන් වහන්සේගේ කැමැත්තට අනුව හැමදෙයක්ම වෙනවා කියලා මම විශ්වාස කරන්නේ. මගේ ජීවිතයේ කලින් වුණ ප්‍රශ්නත් එක්ක විවාහය ගැන මට වෙනස්ම අදහසක් තිබුණේ. අපි අවුරුද්දක් තිස්සේ විවාහයේ හැමදෙයක්ම සැලසුම් කළා. මගේ කාලයෙන් වැඩි කොටසක් වෙන් කරන්න සිදුවුණේ කතෝලික සභාවට අනුව විවාහය සිදුකරන්න අවශ්‍ය කටයුතු සම්පාදනය කරන්න. එක දවසක ගිහින් මගේ සාරිය ගත්තා. ක්‍රිෂාන්ගේ ඇඳුම හදාගත්තා. අපිට වෙන දෙයක් කරන්න තිබුණේ නැහැ. මගේ විවාහයට පවුලේ අය විතරයි සහභාගි වුණේ. හැමෝම මාස්ක් දාගෙන මීටරේ පරතරේ තියාගෙන සෞඛ්‍යාරක්ෂිතව හැමදේම සිදුවුණේ.

 

කොහොමද ඔය ආදර කතාව පටන්ගත්තේ?

 

එහෙම කියන්න තරම් ලොකු කතාවක් නැහැ අපිට. එයා මගෙයි අක්කාගෙයි (දිනක්ෂි ප්‍රියසාද්) පරණ යාළුවෙක්. 2010දී අක්කි මමයි රූපවාහිනී වැඩසටහනක් කළා භනජධථඪදඨ බචතඥදබඵ තියෙන අයව ගෙන්නලා. ඒ වැඩසටහනට ක්‍රිෂාන් "ච්ධජබධප" ඡචදඤ එකත් එක්ක ආවා. එදා ඉඳලා එයා අපේ හොඳ යාළුවෙක්. අක්කායි ක්‍රිෂානුයි හොඳම යාළුවෝ වුණා.

ඒත් ලොකුවට කතාබහකළේ නැහැ අපි. ඇත්තටම මගේ ජීවිතේ විවාහය සම්බන්ධ හැල හැප්පීම් වුණාට පස්සේ අක්කා තමයි මට කිව්වේ ක්‍රිෂාන් එක්ක ටිකක් කතා කරලා බලන්න කියලා. මොකද ක්‍රිෂානුත් ඒ වෙනකොට මම වගේම ජීවිතේ ගැන අමිහිරි අත්දැකීම්වලට මූණ දීලා තිබුණේ. මම හිටපු තැනමයි එයත් හිටියේ.

 

ඒ කියන්නේ නිසා දිනක්ෂි තමයි ශේෂාද්‍රි - ක්‍රිෂාන් ආදර කතාව පටන්ගත්තේ?

 

අක්කි මට කිව්වේ කතා කරලා බලන්න කියලා. විවාහා වෙන්න වගේ අරමුණකින් නෙමෙයි අක්කි එහෙම කිව්වේ. අපි දෙන්නාට ජීවිතේ සම්බන්ධයෙන් එක වගේ අත්දැකීම් තිබුණු නිසා අපි ගැලපෙයි කියලා අක්කිට හිතෙන්න ඇති. ඉතින් කතා කළාම මටත් හිතුණා එයාට ජීවිතය ගැන හොඳ වැටහීමක් තියෙන කෙනෙක් කියලා. එයා මට ගැලපෙනවා කියලා මට හිතුණා. ඉතින් මම එයාට කැමති වුණා. පවුලේ අයගෙනුත් අපිට දෙන්නාටම ආශිර්වාදය ලැබුණා.

කවුද මුලින්ම ආදරය ප්‍රකාශ කළේ?

ඇත්තටම අපි දෙන්නාගෙන් කවුරුත් ආදරෙයි කියලා යාළු වෙන්න කැමතිද කියලා අහලා නැහැ. අපි සෑහෙන්න දවස් යාළුවෝ විදිහට කතා කළා. අපි දෙන්නාගේ ආදරය ඉබේම ඇති වුණු එකක්.

 

දැන් ඉස්සරහට අපි ඔබට කතා කරන්න ඕනේ ශේෂාද්‍රි ප්‍රියසාද් කියලද? ශේෂාද්‍රි පෙරේරා කියලද?

 

ශේෂාද්‍රි ප්‍රියසාද් කියලාම තමයි. මොකද හැමෝම මාව දන්නෙ දන්නේ ඒ නමින්. ක්‍රිෂාන් වුණත් මට එහෙම නම වෙනස් කරන්නේ කියලා බල කරල නැහැ කවදාවත්. මගේ නමට පෙරේරා කියලා දැම්මත් මිනිස්සු මට කතා කරන්නේ ශේෂාද්‍රි ප්‍රියසාද් කියලා.

 

ඔබ දෙපලම කලා ක්ෂේත්‍රයේ නිසා එකට ජීවත් වීම පහසු ඇති?

 

ඔව් ඒක සෑහෙන්න පහසුවක්. අපි දෙන්නම දෙන්නගෙන්ම වෘත්තීන් දෙක තේරුම් අරගෙන ඉන්නේ. ක්‍රිෂාන්ට ගායන ක්ෂේත්‍රයේ ඉද්දි මට දෙන්න පුළුවන් උපරිම පහසුව මම ඔහුට දෙනවා. එයාල වැඩ කරන වෙලාව, වැඩ කරන විදිහ, ආශ්‍රය කරන අය ඒ හැම දෙයක්ම ගැන මට හොඳ අවබෝධයක් තියෙනවා. ඒ වගේම තමයි ක්‍රිෂාන්ටත් මගේ රංගන ක්ෂේත්‍රය ගැන හොඳ අවබෝධයක් තියෙනවා. ඒක අපිට ජීවත්වෙන්න හරි පහසුයි.

ඒ වගේම ක්‍රිෂාන් කියන්නේ පැය අටේ රස්සාවක් කරන කෙනෙක්. සංගීත කණ්ඩායමේ වැඩ වගේම ඔහු රැකියාවටත් යනවා. මේ දවස්වල නම් ගෙදර ඉඳලා වැඩ කරන්නේ. නමුත් කොරනා ප්‍රශ්න ඉවර වුණාම ඔහුට නැවතත් රැකියාවට යන්න වෙනවා. එතකොට අපිට තවත් අවබෝධය ප්‍රගුණ කරන්න වෙයි.

 

ශේෂාද්‍රිට විවාහයත් එක්කම තවත් ලොකු පවුලකුත් ලැබිලා?

 

ක්‍රිෂාන්ගේ පවුලේ ඉන්නේ අම්මායි තාත්තායි නංගියි. නංගි විවාහ වෙලා විදේශ ගත වෙලා ඉන්නේ. අම්මායි තාත්තායි නංගි ළඟත් ඉන්නවා. ලංකාවෙත් ඉන්නවා. ඒ අම්මාගෙනුත් තාත්තාගෙනුත් මට ලොකු සහයෝගයක් ලැබෙනවා. එයාලා මට හරිම ආදරෙයි. අපි පොඩි කාලේ ඉඳලාම හිතන්නේ විවාහ වෙන කෙනා ගැන විතරයි.

ඒත් අපි කවදාවත් වැඩිපුර හිතන්නේ නැහැ අපිට හම්බෙන කෙනාගෙ පවුල ගැන. මොකද කෙනෙක් හොඳ වෙන්නේ ඒ කෙනාගේ පවුල හොඳ වුණොත් විතරයි. හොඳ කෙනෙක් වගේම හොඳ පවුලකුත් ලැබෙන්න ඕනේ. අපි විවාහ වුණාට පස්සේ මේ හැමෝම නෑදෑයෝ වෙනවා. එකට මුණගැහෙනවා. එක පවුලක් වෙනවා. හොඳ පවුලක් ලැබෙන්න ඕනේ

කියලා මම බලාපොරොත්තු වුණා. දැන් මට හොඳ පවුලකුත් ලැබිලා තියෙනවා.

 

ශේෂාද්‍රි දැන් ගෘහණියක් විදිහට කාර්යබහුල ඇති නේද?

 

ඔව් මේ දැන් කතා කරන්නෙත් ගෙදර වැඩ කරන අතරතුර. (සිනාසෙමින්) මම කොහොමත් ආසයි ගෘහණියක් වෙන්න. රස කෑම උයලා, ගෙවල් ලස්සනට අස්පස් කරගෙන ඉන්න මම ආසයි. ඒත් මම ගෙදර අම්මලා එක්ක ඉන්නකොට මගේ කාමරේ අස් කර ගත්තට ලොකුවට ගෙවල් අස් කළේ නැහැ. ඒත් දැන් මට දැනෙනවා වගකීම් වැඩියි කියලා. ඒක හොඳ අත්දැකීමක්. මම උයලා ගෙදර අස් කරලා රෙදි සෝදලා වේලෙන්න දාලා කල්පනා කළා ගෙදර හිටියා නම් අම්මි මේ ඔක්කොම තනියම කරන්නේ කියලා.

 

විවාහයෙන් පසුව රංගන ක්ෂේත්‍රයෙන් ඈත්වෙන්න බලාපොරොත්තුවක් තියෙනවද?

 

මම ජීවිතය ගැන ලොකු බලාපොරොත්තු තියාගෙන ඉන්න කෙනෙක් නෙමෙයි. එන විදිහකට මුහුණ දෙනවා. මට රඟපාන්න තහනමක් නැහැ. ක්‍රිෂාන් කවදාවත් මට එහෙම වාරණ දාන්නේ නැහැ. එයා මගේ වෘත්තියට සම්බන්ධ වැඩක්ටම මුල්තැන දෙන්න කියලා නිතරම කියනවා. මගේ පවුල් ජීවිතයට බාධාවක් නොවන සමබරව කරන්න පුළුවන් හැම රංගන කටයුත්තකටම දායක වෙනවා.

 

ඔබේ විවාහයත් එක්ක සමහර ප්‍රේක්ෂකයන් කලා කරුවන්ගේ පෞද්ගලිකත්වය අනවශ්‍ය ලෙස හාරවුස්සන බවක් පේනවා.

 

ඒක මිනිස්සු වැඩක් නැති නිසා කරන දෙයක්. දැන් ලොක්ඩවුන් නිසා මිනිස්සුන්ට කොහොමත් වැඩ අඩුයි. ඉතින් අනිත් අයගේ දේවල් හොයන එක තමයි කරන්නේ. අපි හැමෝටම ඉතිහාසයක් තියෙනවා. ආරම්භයක් තියෙනවා. දේවල් හරි ගිහිල්ලා තියෙනවා වැරදිලා තියෙනවා. ඒ හැම දෙයක්ම ජීවිතයට පාඩම්. ඒ වැරදුණ දේවල් නැවත නැවතත් මතක් වෙන විදිහට අපි වැඩ කරන්න හොඳ නැහැ. මම සමාජ මාධ්‍යවල මගේ විවාහා ඡායාරූපය දැම්මම හැමෝමමට සුබපතලා තිබුණා. කවුරුත් මාව විවේචනය කරල තිබුණෙ නැහැ. එහෙම විවේචන තිබුණත් මම ඒවා ගණන් ගන්නේ නැහැ.

ඔබ දෙපලට සුබපතපු ප්‍රේක්ෂකයන්ට යමක් කියන්න ඇති?

 

ඒ හැමෝටම මට කියන්න තියෙන්නේ ස්තූතියි කියලා. එයාලා අපිට හැමදාම වගේ එයාලගේ ආදරය ලබාදෙනවා. අපිට සමාජමාධ්‍යවල සුබපතපු හැමෝටම ස්තූතියි කරන්න වෙලාවක් ලැබුණේ නැහැ. මම මේක ඒකට වෙලාවක් කරගන්නවා. හැමෝටම අපි වෙනුවෙන් සුබපැතුවාට ස්තූතියි කියනවා.

ශේෂාද්‍රි ප්‍රියසාද් කියන්නේ කාලයක් සිනමාවේ බලාපොරොත්තුවක් වුණු රංගන ශිල්පිනියක්. සිනමාවෙන් ඉදිරියට යන්න බලාපොරොත්තුවක් නැද්ද?

 

බලාපොරොත්තුවක් තියෙනවා. රූගත කිරීම් ආරම්භ කරන්න තිබුණු සිනමා සිනමාපට කීපයකම වැඩ කටයුතු කොරෝනා නිසා නතර වුණා. මේ වගේ කාලයක චිත්‍රපටි තිරගත කරන්නත් බැහැ. සිනමා කර්මාන්තය හොඳටම වැටිලා තියෙන්නේ. ළඟදි දවසක සිනමාපටයකට දායක වෙන්න ලැබෙයිද කියන එක අවිනිශ්චිතයි. හැමදෙයම කාලයට භාරදීලා ඉන්න වෙන්නේ අපිට.

ඉදිරි කලා කටයුතු ගැන කිව්වොත්?

 

මේ දවස්වල මම හිරු නාළිකාවේ "හිරු සුඔඅර් ඩාන්සර්" රියැලිටි වැඩසටහනේ නිවේදන කටයුතු කරනවා. කොරෝනා වසංගතය එක්ක අලුතෙන් පටන් ගන්න තිබුණු නිර්මාණ කීපයක වැඩ කටයුතු නතර වුණා. මේ වසංගත තත්ත්වයත් එක්ක මම හිතන්නෙ නැහැ තව ටික දවසක් යනකං අපිට වැඩ කරන්න පුළුවන් වෙයි කියලා. දවසින් දවස මරණ සංඛ්‍යාව වැඩි වෙනවා. කොරෝනා රෝගීන් සංඛ්‍යාව වැඩි වෙනවා. මේ වගේ තත්ත්වයකදි රූගත කිරීම් කරන්න කියලා අපිට කියන්න බැහැ.