යෞවනයේ දොරකඩට එන

චනුත්
අප්‍රේල් 22, 2021

 

මවඟේ උකුලෙන් පියමං කෙරුවා පමණයි

මිතුරනේ-මිතුරියනේ

යෞවනයේ දොරකඩ ළඟටම අපි ඇවිදින්

ඒ දැකුම්කලු ලෝකය වෙත අපි යමු දැන්

 

හිරු සඳු පායන්නේ අපටයි

තරුමල් හිනැහෙන්නේ අපටයි

ගිරිකුළුදහසක් ඇත තව තරණය නොකෙරූ

අපි යමු ගිරිකුළු තරණයට මිතුරු

 

නැණ ගුණ උකහා ගෙන අපි පොරණින්

එක්වී අපි හිත මිතුරනි සතුටින්

අපට ඉතිරි වී ඇත කරනට එක වෙනසක්

මිලිනව යන මිනිසත් බව වෙත දී අරුතක්

 

 

හැදෙන ගහ දෙපෙත්තෙන් දැනේ කියලා අපේ පරණ කියමනක් තියෙනවා. කෙනෙකුට කුඩාකාලයේ සිටම තම හැකියාවන් දක්ෂතාවන් හඳුනා ගනිමින් ඒ ඔස්සේ යන්නට හැකිනම් එයම ජයග්‍රහණයක් නොවේද? චනුත්ට ඒ හැකියාව වගේම වාසනාවත් ඒ විදිහටම පිහිටලා තියෙනවා කියලා මට හිතුණේ චනුත් අම්මයි තාත්තායි නංගියි එක්ක අපේ පත්තර මහගෙදරට ආ වෙලාවේ. තවමත් පාසල් අධ්‍යාපනය ලබන චනුත් ගැන විස්තර දැනගන්න ඔහුගේ අම්මත් ළඟ හිටියනම් හොඳයි කියලා මුලින් මට හිතුණත්, මං චනුත්ගෙන් අහපු හැම ප්‍රශ්නයකටම චනුත් චතුර ලෙස උත්තර දුන්නේ මාවත් පුදුමයට පත් කරමින්. 'අක්කේ මම ගීතදෙකක් කළා' චනුත් කතාව පටන්ගත්තේ ඒ විදිහට.

 

කියන්නකෝ චනුත් ගැන විස්තර ටිකක්?

මම චනුත් පෙරේරා. මට දැන් වයස අවුරුදු 18 යි. ඉගෙන ගන්නේ කොළඹ රාජකීය විද්‍යාලයේ. උසස්පෙළ කලා අංශයෙන් අධ්‍යාපන කටයුතු කරනවා. සංගීතයත් විෂයක් විදිහට හදාරනවා. අජිත් අලවත්තේ සර් යටතේ ගිටාර් වාදනය පුරුදු වෙනවා.

චනුත් කරපු ගීත දෙක ගැන කියමු?

මේ ගීත දෙකේ එක ගීතයක් ' මවගේ උකුළෙන්' කියලා අම්මා ගැන කියවෙන එකක්. අනිත් ගීතය ' සමාවන්න මට' කියලයි නම්කරලා තියෙන්නේ. මේ ගීත දෙකම සංගීතවත් කළේ නවරත්න ගමගේ සර්. පදරචනය සිසිර කුමාර බණ්ඩාරගම සර්. මේ ගීත දෙක මේ වන විට ගුවන්විදුලියේ විකාශය වෙනවා. ඊට අමතරව මගේ ජඩචදභබඩ නඥපඥපච යූ ටියුබ් නාළිකාවෙන් බලන්න පුළුවන්.

 

කොහොමද පවුලෙ අයගෙන් ලැබෙන සහයෝගය?

අම්මගෙන් සහ තාත්තාගෙන් මට ලොකු සහයෝගයක් ලැබෙනවා. විශේෂයෙන්ම අම්මා තමයි මගේ ලොකුම ශක්තිය. මාව හැමදේටම යොමු කරවන්නේ අම්මා. ඒ දෙන්නා තමයි මට හැමදේටම මගෙ පිටිපස්සෙන්ම ඉන්නේ.

 

චනුත්ගේ ගායන හැකියාව යාළුවෝ අතර ප්‍රසිද්ධ ඇති?

රාජකීය විද්‍යාලයේ නව රඟහලේ මම ගීත දෙකක් ගායනා කළා. එය අහඹු සිදුවීමක්. නව රඟහලේ අපිට දේශනයක් තිබුණා. ඒවනවිට මම එකොළහ වසරේ. ඒ දේශනය කරපු සර් ඇහුවා කාට හරි පුළුවන්ද ස්ටේජ් එකට ඇවිත් සින්දුවක් කියන්න කියලා. මගේ යාළුවා කිව්වා ඒ සර්ට කිව්වා චනුත්ට සින්දු කියන්න පුළුවන් කියලා. පසුව සර් බැහැලා ඇවිත් මගේ අතින් අල්ලගෙන ගියා ස්ටේජ්එකට. මට සිංදුවක් කියන්න කිව්වත් සින්දු දෙකක්ම කියන්න වුණා.ඒකේන් මගේ යාලුවෝ ඔක්කොම දැන ගත්තා මට සින්දු කියන්නපුළුවන් කියලා.

 

චනුත්ට ස්තූති කරන්නත් ගොඩක් අය ඇති?

ඔව්... මගේ අම්මට තාත්තට නංගිට ඒ වගේම නෑදෑයන්ට ඉස්කෝලේ ගුරුවරුන්ට යාළුවන්ට ඒ වගේම මට සංගීතය උගන්වන අජිත් අලවත්තේගම සර්ට, නවරත්න ගමගේ සර්, සිසිර කුමාර බණ්ඩාරගම සර්ටත් මට ස්තූති කරනවා.

 

චනුත් මොනවද අනාගත බලාපොරොත්තු?

අධ්‍යාපන කටයුතුත් හොඳීන් කරන ගමන් සංගීතයෙන් ඉහළට ගිහින් සංගීතඥයෙක් වෙන්නයි මගේ බලාපොරොත්තුව