වර්ෂ 2023 ක්වූ December 07 වැනිදා Thursday
මේ වැඩසටහනේ මගේ ඉලක්කය අපේ රටට එන සංචාරකයන්

එකම රූප රාමුව දකිනකොට වෙනසක් ඕනෑ කියල හිතුණා
සමහර පේ්රක්ෂකයෝ දර්ශනතල සොයා දෙනවා
පාසල් අවධියේම පටන් මාධ්‍ය කලාවට දැක්වූ දැඩි ඇල්මෙන් ලැබූ පන්නරය ස්වාධීන රූපවාහිනිය සහ ජාතික රූපවාහිනී නාලිකාවල විවිධ වැඩසටහන් සඳහා ඔහුට සහභාගි වීමට මහෝපකාරී විය. පෞද්ගලික නාලිකා දෙකක සහය වැඩසටහන් නිෂ්පාදකවරයකු ලෙසින් මාධ්‍යයේ දොරටු ස්පර්ශ කළ ඔහු යම් දිනෙක විශ්ව සංගීතයේ විවිධ දිශානුගත දේවල් සොයමින් සංගීත රසකාමීන්ට අලූත් යමක් ගෙන එන්නට දැරූ ප්රයත්නයේ ප්‍රතිඵලය 2008 වර්ෂයේ ලබා ගත්තේය. සහාය නිෂ්පාදකවරයකු ලෙස දෙරණ නාලිකාවට එක්වී රියැලිටි වැඩසටහන් සහ විවිධ වැඩසටහන්වල සහාය නිෂ්පාදකවරයකු ලෙස පරිස්සම් සහගත ගමනක නිරත වූයේය. ඒ පරිස්සම නිසාම නිෂ්පාදකවරයකු වීමෙන් අනතුරුව “dell studio” මා නොවන මම, ලෙය සහ ලය, battle of the band ඔහු කළ වැඩසටහන් රසික ජනාදරයට පත්විය. ාැකක ිඑමාසද වෙනුවෙන් 2015, 2016 සහ 2017 වසර සඳහා නොකඩවා රාජ්‍ය හා රයිගම් සම්මානයට පාත්‍ර විය. මා නොවන මම ද සම්මානයට පාත්රවිය. සුමති සම්මාන සහ අනෙකුත් සම්මාන උලෙළවල්වලදී ජූරියේ සම්මානය මෙන්ම නිර්දේශ නාම අතරට ද එක් විය. මේ දිනවල සිකුරාදා රාත්‍රියේ 10.30 ට විකාශය වන ඔහුගේ අලූත්ම වැඩසටහන ස්පර්ශයි. දර්ශනීය ස්ථාන පසුබිම් කර ගනිමින් සංගීතයේ රස මුසු තැන් ගෙනෙනා ඔහු චින්තක ගම්ලත්ය. ඔහු සමඟ අපි කළ කතා බහ මෙසේ දිග හරිමු.
මෙවැනි සංගීතමය වැඩසටහනක් කරන්න සිතුවේ ඇයි?
අපි ගොඩක් කරන්නේ studio සංගීතයයි. එකම රූප රාමුව දකිනකොට වෙනසක් ඕනම කියල හිතුණා. ඒ නිසා එළියට ගිහිල්ලා අලූත් වැඩක් කරන්නයි මේ වෑයම් කළේ.
ස්පර්ශ සංගීත වැඩසටහනෙන් ඇත්තටම මම ඉලක්ක ගත කරන්නේ ශ්‍රී ලංකාවට එන සංචාරකයන්. ඒ වගේම අපේ ශ්‍රී ලංකාවේ ඉන්න අයත් නොදැකපු තැන් තියෙනවා. ඒ තැන්වලට යන්න මට මේකෙන් මාර්ගයක් පෙන්නලා දෙන්න පුළුවන් වුණා. ලෝකෙට අපේ රටේ සුන්දර තැන් පෙන්නන්න පුළුවන් ක්‍රමවේද ගොඩක් තියෙනවා. ඉතින් මට හිතුණා මේ සංගීතයත් එක්ක අපේ දේ ලෝකෙට ගෙනියන්න පුළුවන් හොඳම තැන් ටික තෝරලා මේ වැඩසටහන කරන්න.
තේමා පාඨය ලෙස තෝරා ගන්නේ මොකක්ද?
”වෙනස් තැන් මවන වෙනස්කම් ”ස්පර්ශ සංචාර, මේ ටැග් ලයින් එක යොදා ගත්තේ අපිට ලෙහෙසියෙන් පහසුවෙන්ම රසිකයන් අතරට යන්න පුළුවන් නිසායි. ගොඩක් දෙනෙක් අද බලාපොරොත්තු වෙන්නේ වෙනස්ම විදියේ වෙනස් දේවල්ය. ඒ වෙනස දෙන්න පුළුවන් විදියේ වෙනස්ම දේවල් තමයි අපි මේ විදිහට වැඩසටහන තුළින් කරන්නේ. සප්ත ස්වරයේ ස්වර 7ට ගී හතක් ගායනා කරනවා.
මේ වැඩසටහනේ මූලික අඩිතාලම සැකසෙන්නේ කොහොමද?
මම කරපු dell studio මා නොවන මම, ලෙය සහ ලය, ඉ්එඑකැ දෙ එයැ ඉ්බා වැඩ සටහන්වලදී ලැබුණු ප්‍රතිචාරත් එක්ක ඒ බලපු සියලූ දෙනාම සඳහන් කළේ ිඑමාසද එකෙන් ඔබ්බට ගොසින් අලූත් යමක් කරන්න පුළුවන් නම් හොඳයි කියලායි. ඒ නිසා මම ලෝකයේ තියෙන විවිධ සංගීත වැඩසටහන් බැලූවා. ඒ ඒ රටවල් ඔවුන්ගේ අනන්‍යතාවය පෙන්වන විධි වෙනස්. ඔවුන්ගේ ශිල්පීන් යොදා ගන්නා විදිහ ද වෙනස්. ඩිජිටල් තාක්ෂණයත් එක්ක අපි අලූත් දේවල් කරන්න ඕනෑ. ඒ නිසා මම නාලිකාවත් එක්ක කතා කරලා මේ වැඬේට අත ගැහුවේ. ආයතනයේ මුල් පුටුවේ සිට පහළට සියලූ දෙනාම එකතුවෙලයි මේ වැඬේ කළේ.
නිෂ්පාදන කටයුතුවලට දායක කරගෙන ඉන්නෙ ඔබේ පරම්පරාව නියෝජනය කරන පිරිස් නේද?
නව අරුතකට නව නාද රටා, සංගීතය සපයන්නෙ නාද සංගීත කණ්ඩායමයි. සංගීතයේ සිට නිෂ්පාදන කටයුතුවලට දායක වන සියලූ දෙනාම සමකාලීනයන් වෙනවා. ඒ අතර අපිට වැඩිය ඉහළ පරම්පරාව නියෝජනය කරන පිරිස ද ඉන්නවා. ඒ සියලූ දෙනා මට දක්වන්නෙ හොඳ සහයෝගයක්. කණ්ඩායමක් හැටියට ඕනෑම වැඩකට අත ගැහුවාම නොබිය වැඩ කරන්න පුළුවන්. ඒ කණ්ඩායම් සහයෝගය මගේ ඉස්සර වැඩසටහන්වලදී දැක්කා. දැනුත් දකිනවා.
දැනට නිෂ්පාදනය කොට තිබෙන වැඩසටහන් ගණන කොපමණද?
විවිධ සංචාරක ප්‍රදේශයන් මුල් කරගෙන දැනට වැඩසටහන් 20ක් කරලා තියෙනවා. මේ වැඩසටහන් 20 බලපු ඕනෑම කෙනෙකුට ශ්‍රී ලංකාවේ මෙච්චර සුන්දර තැන් තියෙනවාද කියලා අහපු වාර අනන්තයි. සමහරක් අය රූපවාහිනියෙ විතරයි දැකල තියෙන්නෙ. දැකපු නැති අය ඒ තැන්වලට යන්නේ කොහොමද කියලා අහනකොට මට ඇත්තටම සතුටක් ඇති වුණා, මම වැඩසටහන සාර්ථකව කරනවනෙ කියලා. මම ඇතුළු මේ නිෂ්පාදක කණ්ඩායම ලබපු අත්දැකීම් බහුලයි. මේ වැඩසටහන් 20 තුළ විවිධ ප්‍රදේශවල පුද්ගලයන් දුන්නු සහයෝගය මතක් කළ යුතුමයි. ඔවුන් සියලූ දෙනාම ශ්‍රී ලංකාවේ අනන්‍යතාවය ලෝකයට ගෙන යන්න දෙන සහයෝගය වචනවලින් කියලා නිම කරන්න බැහැ.
මේ වැඩසටහන්වල දර්ශන තල මොන වගේද, ඒ කොහේද?
පළමු වැඩසටහන කළේ මොරගහකන්ද තටාකයක උඩ. ඉන්පස්සෙ ඒ ගාල්ලේ කොටුවේ. තුන්වෙනි වැඩසටහන කළේ සීගිරියේ. හතර වැනි වැඩසටහන හැටියට අපි තෝරගත්තේ ලස්සන රබර් වත්තක්, ඊට පස්සේ සීතාවක උද්භිද උද්‍යානයේ තමයි අපි තෝරා ගත්තේ, සීතාවකින් පස්සේ ටවුන් හෝල් එක, යාපහුව, බේරුවල වරාය, විශේෂ වෙසක් වැඩසටහනක් ලෙස කන්දෙ විහාරය තෝරා ගත්තා, කොළඹ වරාය නගර සහ වරාය නගරයේ ඇතුළෙ තියෙන යෝට් එකක් උඩ එකක් කළා, ජාතික කෞතුකාගාරයේ මෙන්ම බණ්ඩාරගම දර්ශනීය වැවක් ළඟ සහ වෙල්යායක් යන දර්ශන තලවලට පස්සේ නිදහස් චතුරස්‍රය අසල ආදී වශයෙන් මේ වැඩසටහන් සියල්ලම පටිගත කළා. ඉදිරියේදී අනුරාධපුරය, පොළොන්නරුව, යාපනය, මන්නාරම, වව්නියාව ත්‍රිකුණාමලය, මඩකලපුව, අම්පාර සහ දකුණ, නැෙ`ගනහිර, බටහිර, කන්ද උඩරට සහ මධ්‍යම පළාත ඇතුළු විවිධ ප්‍රදේශවල වැඩසටහන කරන්න බලාපොරොත්තු වෙනවා. මේ හැම දර්ශන තලයක්ම ශ්‍රී ලංකවේ අනන්‍යතාවය කියාපාන තැන්. මේ සියල්ලම සංචාරකයන් වැලඳ ගත් ස්ථාන. එයයි මෙහි තියෙන විශේෂත්වය.
දැනට සහභාගි වූ ගායන ශිල්පීන් ශිල්පිනියන් කවුද?
වැඩසටහන කරගෙන යන්නේ කෝකිල පවන්, සමිතා මුදුන්කොටුව, ශෂිකා නිසංසලා, නදීමාල් පෙරේරා, චිත්‍රාල් සෝමපාල, නලින් පෙරේරා, නාමල් උඩුගම සහ ෆැලන් ඇන්ඩි්රයා යන අය මූලික වැඩසටහන් ටිකේ හිටියා. original song තුනක් සහ cover song හතරක් මේ සියලූ දෙනාම ගායනා කළා. ඒ සඳහා සියලූ දෙනාම හරිම කැමැත්තෙන් තමයි මේ වැඩසටහනට සහභාගි වුණේ.
පේ්රක්ෂකයෝ වැඩසටහනෙන් බලාපොරොත්තු වන්නේ මොනවාද?
ගොඩක් පේ්රක්ෂකයෝ බලාපොරොත්තු වන්නේ සුභාවිත ගීත. ඒ අතර වෙනත් ආරවල ගීතත් බලාපොරොත්තුවන පේ්රක්ෂකයෝත් ඉන්නවා. ඒ නිසා සමීක්ෂණයක් හැටියට මේ වැඩසටහන කරනවා. සමහර පේ්රක්ෂකයෝ දර්ශන තල සොයා දෙනවා. ඒවා අපිවත් දැකපු නැති දර්ශන තල. ඔවුන් හරිම උනන්දුයි මේ වැඩසටහනට. මොකද ශ්‍රී ලංකාවේ වටිනාකම් විදේශිකයන්ට සහ දේශීය සංචාරකයන්ට ඇවිත් බලල රසවිඳින්නට අවස්ථාව සලසන්නට, මේ හරහා විවිධ කැමරා කෝණවලින් දර්ශන තල පෙන්වීම තුළින් ආකර්ෂණීය බව වැඩි වෙලා තියෙනවා. පේ්රක්ෂකයන්ගේ ඉල්ලීම ඉෂ්ට කරන්න අපි බලාපොරොත්තුවෙන් ඉන්නවා.
ස්පර්ශ සඳහා ප්‍රවීණ ශිල්පීන්ගේ සහභාගිත්වය සිදුවෙන්නේ කොහොමද?
ප්‍රවීණයන්ගෙන් හොඳ ප්‍රතිචාර තියෙනවා. මොකද ස්ටුඩියෝ එකෙන් එළියට ඇවිත් විවිධ තැන්වල පරිසරයත් සමඟ බැඳීම් ඇති කර ගෙන සිදු කරන හින්දා මෙම වැඩසටහනට ඔවුන් කැමතියි. ඉදිරි වැඩසටහන්වලදි ප්රවීණයන්ගේ සහභාගිත්වයත් සිදුවෙනවා.
සංචාරක කර්මාන්තයත් එක්ක බැඳී පවතින හින්දා රාජ්‍ය අනුග්‍රහය සිදු වන්නේ කොහොමද?
විශේෂයෙන්ම මතක් කරන්න ඕනෑ, රාජ්‍ය පැත්තෙන් පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව අපට දක්වන සහයෝගය ඉතාම ඉහළයි. ඒ වගේම අනෙක් රාජ්‍ය ආයතන ද හොඳ සහයෝගයක් දෙනවා. කිසිදු මුදලක් අය නොකර තමයි අපිට මේ සියලූ දේම සපයන්නේ. ඒක හොඳ සාධනීය ලක්ෂණක්.
වැඩසටහනේ ඉදිරිය ගැන කියන්න තියෙන්නේ මොනවාද?
ස්පර්ශ සීරියස් එකක් හැටියට ගෙනල්ලා එක්තරා තැනකදි නවත්තලා. පොඩි නැවතීමක් අරගෙන නැවත කරන්නයි බලාපොරොත්තු වෙන්නේ. මොකද මේක ලොකු අභියෝගයක් අරගෙන කරන වැඩසටහනක්. මැදිරියක් තුළ කරන එකක් වගේ නෙවෙයි. පරිසරයට බද්ධ වෙලා වැඩසටහනක් කරනකොට වර්ෂාව වගේ ප්‍රශ්නයක් ආවොත් ගොඩක් පසු බැසීමකට ලක් වෙන්න වෙනවා. ඒ නිසා කාල කළමනාකරණය කරගෙන තමයි මේ වැඩසටහන් සියල්ලම අපි නිෂ්පාදනය කරන්න ඕනෑ, ජ්‍යෙෂ්ඨ, ප්‍රවීණ, ආධුනික සියලූ දෙනාම අපි ඉදිරියේදී මේ වැඩසටහන හා සම්බන්ධ කර ගන්න බලාපොරොත්තු වෙනවා. හොඳ ගීත තෝරා ගැනීම තුළ තමයි මේ වැඩසටහන මම ඉදිරියට කරන්න බලාපොරොත්තු වෙන්නේ. මෙම වැඩසටහන බලපු නැති අයෙකුට මුල ඉඳලා දැනට කරලා තියෙන සියලූම දේවල් යූ ටියුබ් හරහා නරඹන්න පුළුවන්.
ඔබේ පෞද්ගලික ජීවිතය මේ හා සම්බන්ධ වෙන්නේ කොහොමද?
මම පාසල් යන කාලේ ඉඳන්ම සංගීතයට හරිම ළැදි කෙනෙක්. ඒ නිසා මට පවුලෙන් හොඳ සහයෝගයක් ලැබුණා. මම මේ කරන හැම වැඩසටහනකටම සියලූම දේවල් සමබරව මම කරගෙන යනවා. ගෙදරින් ලැබෙන සහයෝගය වගේම යාළු හිත මිත්‍රාදීන්ගෙන් නොකඩවා හොඳ සහයෝගයක් දෙනවා. නාලිකාවේ සියලූ දෙනාගෙන් ද නොමසුරු සහයෝගය ලැබෙනවා. ඒ නිසා මගේ ගමනට ඔවුන් හොඳ ශක්තියක්.