වර්ෂ 2023 ක්වූ October 03 වැනිදා Tuesday
අදත් එයාපෝර්ට් එකෙන් බැහැලා පළමු ඇමතුම ඔහුටයි

අපේ රටේ සංගීත ක්ෂේත්‍රයට ඔහු වෙනම ආකාරයේ ගීත ආරක් රැගෙන ආවා. තමන්ගේ නිර්මාණ මෙන්ම කණ්ඩායමක් වශයෙන් එකතු වෙලා කරපු නිර්මාණත් මේ ඔහුගේ අලුත් ගීත සම්ප්‍රදායත් සමඟ මේ රටේ රසික ජනතාව ආදරයෙන් වැලඳ ගත්තා. ඔහු අරුණ ලියාන්. මෙහෙම කිව්ව ගමන් බොහෝ දෙනෙකුගේ මතකයට නැඟේවි. ඒ වගේම කලක් ජයශ්‍රී සංගීත කණ්ඩායමත් සමඟ එක්ව නිර්මාණ කළෙත් මේ අරුණ ම තමයි. පහුගිය දිනවල ඔහු ලංකාවට පැමිණ සිටියා. මීට වසර ගණනාවකට පෙර ඔහු මෙරට තිරගත වුණ සෙනේෂ් දිසානායක බණ්ඩාරගේ ‘හාට් එෆ් එම්’ චිත්‍රපටයේ ප්‍රධාන චරිතය රඟපෑව හැටිත් අපේ ප්‍රේක්ෂකයන්ට මතක ඇති.
ඉතින් ඔහුගේ සංගීත දිවියේ මෙන්ම කලා ජීවිතයේ නවතම තොරතුරු පිළිබඳ විමසන්නට අපි ඔහුව මුණ ගැසුණා.
නිල් ගුවන් හස කැලුම්
පවසමින් පෙම් හැඟුම්
ජිවිතයේ .. යෞවනයේ දකිනා
සුව ළඳුන් සෙනෙහසින්
මගේ පැතුම් සරසමින්
මා දෙනෙතේ .. මා මනසේ රැඳුණා...
හද සැලෙනා රැයේ .. හිම සිසිලේ
රහසේ අහසේ ඈත හිමේ ...
මුතු වරුසා සැලුණා තාම මැවේ
නොබිඳි නොමැකී ඒ මතකේ....
ඉහතින් සඳහන් කළ ඔහු ගායනා කළ හද සැලුණා ගීතයත් ඔබට මතක ඇති. ඔහුගේ අලුත්ම කලා කටයුත්ත ආරම්භ වෙන්නේ මේ ගීතයත් සමඟයි.
ඔබ කාලෙකින් ලංකාවට ඇවිත්. මොනවද අලුත් තොරතුරු?
අලුත් කලා කටයුත්තක් ආරම්භ කරන්න තමයි මේ දිනවල සූදානම් වෙන්නේ. ඔබට මතක ඇති මගේ ‘හද සැලෙනා’ ගීතය. ඉතින් මම හද සැලෙනා නමින් ප්‍රසංගයක් පවත්වන්නයි මේ දිනවල සූදානම් වෙන්නේ. මුලින්ම මේ ප්‍රසංගය පසුගිය 28 වැනිදා ඉතාලියේ වෙරෝනා නගරයේදි පැවැත්වුණා.
ඊට පස්සේ මට ආරාධනා දෙකක් ලැබිලා තියෙනවා ඔස්ට්‍රේලියාවේ සහ නවසීලන්තයේ ප්‍රසංග දෙකක් පවත්වන්න. ඊට පස්සේ මේ ප්‍රසංගය ලංකාවේ පවත්වන්න බලාපොරොත්තු වෙනවා. මේ ප්‍රසංගයට මගේ ජනප්‍රිය ගීත මෙන්ම ජයශ්‍රී සමඟ මම කරපු ජනප්‍රිය ගීතත් ගායනා කරන්න බලාපොරොත්තු වෙනවා.
ජයශී‍්‍ර සමඟ කරපු ගීත වල අයිතිය ඔබට තිබෙනවාද?
ඔව්. ජයශී‍්‍ර කියන ඔය ප්‍රොජෙක්ට් එක මුලින්ම පටන් ගත්තේ මගේ හෝම් තියටර් එකේ. ඒ වෙනකොට ආදර ලොවේ, සුදු ඇඳුමින් සැදි මුව හසරැල්ලේ වගේ ගීත හදලා තිබුණේ මගේ ඇල්බම් එකකට ගායනා කරන්න. නමුත් මට අතරමඟ හමුවුණ දෙදෙනෙක් නිසා ඒක වෙනස් කරලා ඒ ගීත ජයශ්‍රී බෑන්ඩ් එක විදියට අපි ගායනා කළා. එහෙම තමයි ජයශ්‍රී බෑන්ඩ් එක හැදුණේ. ඒ නිසා ඒ ගීතවල සම්පූර්ණ අයිතිය මට තියෙනවා. අපි කාලයක් එකට වැඩ කළා. නමුත් කලකදි තේරුණා අපිට දුර ගමනක් යන්න බෑ කියලා . ඒ නිසා මම එතනින් අයින් වුණා. ඊට පස්සේ මම අරුණ ලියාන් කියන නමින් මගේ තනි ගමනක් පටන් ගත්තා. මම ලංකාවට ඇවිත් හද සැලෙනා, පාට පාට හීනයක්, යෞවන සිහින ලෝකේ වගේ ගීත ගායනා කළේ. මේ සින්දු තුන ‘හාට් එෆ් එම්’ චිත්‍රපටයේ සින්දු තුන. ඒ සින්දු තුන පුදුම විදියට ලංකාවේ හිට් වුණා. ඉන් පස්සේ තමයි මම මගේ තනි ගමනක් යන්න පටන් ගත්තේ.
චිත්‍රපටවලට සම්බන්ධ වෙන්නේ කොහොමද?
ඇත්තටම හාට් එෆ් එම් එකට සම්බන්ධ වෙන්නේ එහි අධ්‍යක්ෂවරයා වූ සෙනේෂ් දිසානායක බණ්ඩාර මගේ මිතුරා වූ නිසාවෙන්. අනිත් එක මම ඒ චරිතයට විශේෂයෙන් කැමැති වුණා ඒක සංගීත ක්ෂේත්‍රයට සම්බන්ධ චරිතයක් වූ නිසාවෙන්. ඊට පස්සේ මම ‘නිසල ගිර’ චිත්‍රපටයේ සංගීත අධ්‍යක්ෂවරයා විදියට වැඩ කළා. ඒ චිත්‍රපටයේ ප්‍රවීණ ගායන ශිල්පිනී නන්දා මාලිනී මහත්මියත් මාත් එක්ක වැඩ කළා. ඊළඟට ‘පිට සක්වළ කුමාරයයි පැංචො හතයි’ චිත්‍රපටය කළා. මේ ඔක්කොගෙම සංගීතය ඉන්දියාවට ගිහින් මමයි මික්ස් කළේ. ලංකාවේ මගේ ස්ටුඩියෝ එකේ තමයි සම්පූර්ණයෙන් මියුසික් කළේ.
තව චිත්‍රපට කිහිපයකට සහ ටෙලිනාට්‍ය කිහිපයකටත් මම සංගීත අධ්‍යක්ෂණයෙන් දායක වුණා.
ඊට පස්සේ රඟපාන්න ආරාධනා ආවේ නැත්ද?
චිත්‍රපට කිහිපයකටම මට ඊට පස්සේ රඟපාන්න ආරාධනා ලැබුණා. ඒ වුණාට ඒ එක චරිතයක් වත් මගේ හිතට ඇල්ලුවේ නෑ. ඇත්තටම හාට් එෆ්.එම් මගේ හිතට අල්ලන් ඇත්තේ මම ආසම කරන මගේ වෘත්තීය වෙන සංගීතඥයෙකුගේ චරිතය නිසා වෙන්න ඇති. අනෙක් පැත්තට එහි අධ්‍යක්ෂවරයා මගේ මිතුරා නිසාත් වෙන්න ඇති. ඒ චරිතය මට මැච් වෙන චරිතයක්. ඔහු එන්නෙත් යුරෝපයේ සිට. ඒක මගේ ජීවිතේට සමීප අත්දැකීමක්. ඒ නිසා මම ඒ චරිතයට කැමැති වුණා. ඇත්තටම කිවුවොත් මට රඟපෑම ගැන අත්දැකිම් තිබුණ කෙනෙක් නොවෙයි. චිත්‍රපටයේ රඟපාන්න කළින් ප්‍රවීණ රංගන ශිල්පි මහේන්ද්‍ර පෙරේරා ගේ ඇක්ටින් ස්කූල් එකට ගිහින් පුහුණු වෙලා තමයි රංගනයට එකතු වුණේ.
අරුණ ලියාන් කිව්වම හැබැයි ඔබේ අනන්‍යතාව තියෙන්නේ සංගීත ක්ෂේත්‍රයේ නේද?
අනිවාර්යයෙන්ම. මම කැමැති මම සංගීතඥයෙක්ය කියන්න. මගේ ජීවිතේ අරමුණු සකස් වෙලා තියෙන්නේ එතන. මම ගායකයෙක් විදියට ඉන්නවා විතරක් නොවෙයි අනිත් අයටත් ගී තනු සහ සංගීතය නිර්මාණය කරනවා. ලංකාවේ ගොඩක් තරුණ ගායක ගායිකාවන් සමඟ මම වැඩ කළා. මම අවුරුදු ගාණක් මේ විදියට ලංකාවේ වැඩ කරගෙන හිටියා. ඔහොම ඉන්න අතරේ මට ඒකාකාරි ගතියක් දැනුණා. මම ලංකාවෙන් යුරෝපයට ගියේ 1991 දී. දිර්ඝ කාලයක් මම යුරෝපයේ හිටියේ. ඉතින් මට ආපහු චේන්ජ් එකක් ඕන වුණා. ඒ නිසා තමයි නැවත ලංකාවෙන් ගියේ.
හැබැයි අපි අතීතයට හැරිලා බැලුවොත් ඔබට ලස්සන අතීතයක් ඇති.?
අනිවාර්යයෙන්ම. මම අධ්‍යාපනය ලබන්නේ මහනුවර කිංග්ස්වුඩ් විද්‍යාලයෙන්. මම 10 වසරේ ඉන්න කාලෙදිම ඉස්කෝලෙ බෑන්ඩ් එකට සම්බන්ධ වුණා. ඒ කාලේ ඉඳන්ම මට සංගීතය පැත්තට ලොකු උනන්දුවක් තිබුණා. මගේ කසින් කෙනෙක් හිටියා අනුර රාජපක්ෂ කියලා ඔහු තමයි මට මුලින්ම ගිටාර් එකක් ගෙනත් දුන්නේ. ඔහු රුසියාවෙන් තමයි මට ඒ ගිටාර් එක ගෙනත් දුන්නේ. ඒක තමයි මම මුලින්ම පාවිච්චි කරපු ගිටාර් එක. ඒ කාලේ ඉතින් හරියට ඉගෙන ගන්න තැනකුත් නෑනේ. මම යාළුවන්ගෙන් අහගෙන තමයි මේක වාදනය කරන්න ඉගෙන ගත්තේ. ඒ කාලේ ඉදන්ම මම ඇහුවේ වෙස්ටර්න් සින්දු. ඉතින් ඒව ගහන්න උත්සාහ කළා. ටික ටික ඉගෙන ගත්තට පස්සේ අපි යාළුවෝ ටිකක් එකතු වෙලා බෑන්ඩ් එකක් හදා ගත්තා. යාළුවෙක්ගේ ගරාජ් එකක තමයි අපි ප්‍රැක්ටිස් කළේ. අපි ටික ටික ඔළුව උස්සන්න පටන් ගත්තා. ෂෝස් කරන්න ගත්තා වෙඩින්ස් ප්ලේ කරන්න ගත්තා. මේ කාලේ තමයි මගේ ජීවිතේ තවත් හැරවුම් ලක්ෂ්‍යයක් සිද්ධ වෙන්නේ. ඒ කාලේ අපි පිස්සු වැටිලා හිටපු ක්ලැරන්ස් ගේ බේස් ගිටාර් වාදකයා චන්ද්‍රලාල් ෆොන්සේකා යුරෝපයේ අවුරුදු ගණනාවක් ඉඳලා ලංකාවට ආවා. ඔහුගේ බැන්ඩ් එකේ නම ‘කිංග්ස්’. අපි නුවර ඉඳලා යනවා කොළඹට බෑන්ඩ් බලන්න. චන්ද්‍රලාල්ලා බැන්ඩ් ගහපු තැන තමයි මම හීන මවපු සිහිනය තියෙන්නේ. අපිට ඉතින් මේ තැන්වලට යන්න අතේ හොඳට සල්ලිත් තිබුණා. මොකද අපේ බැන්ඩ් එකට වැඩ තිබුණු නිසා. අපේ ගෙදරින් නම් ඒකට කොහෙත්ම කැමැත්තක් තිබුණේ නෑ. ඔවුන්ට ඕන වුණේ අධ්‍යාපනය පැත්තෙන් මම ඉහළට යනවා දකින්න තමයි.
කිංග්ස්ලට මගේ ලොකු කැමැත්තක් තිබුණා. ඒ ගොල්ල ළඟ මම සිහින දැකපු යුරෝපයේ තිබෙන සද්දේ තිබුණා. මම හැම සති අන්තෙම එයාලා බලන්න යනවා. මේ අතරේ මට චන්ද්‍රලාල් එක්ක හොඳ හිතවත් කමක් ඇති වුණා. චන්ද්‍රලාල් ගේ බැන්ඩ් එකේ හිටපු ගිටාරිස්ට් රනිල් එක්ක මගේ හොඳ යාළුකමක් තිබුණා. ඒ වෙනවිට ඔහුට වෙන බෑන්ඩ් එකකට ජොයින් වෙන්න අවස්ථාවක් ලැබිලා. ඔහු මට ඔහුගේ තැනට එන්න ආරාධනා කළා.
ඊට පස්සේ ඔබ කිංග්ස් ලට සම්බන්ධ වෙනවද?
මට ඒ අවස්ථාව දැනුණේ දිව්‍ය ලෝකේ ගියා වගේ. මම ආසම කරපු බෑන්ඩ් එකකට සම්බන්ධ වෙන්න ලැබීම. එක අතකින් ඒක ආශ්චර්යයක්ද කියලා හිතුණා. මම චන්ද්‍රලාල් ගෙන් ඇහුව මම මේකට ඔඩිෂන් එන්නද කියලා. ඔහු මට අවස්ථාවක් දුන්නා. මම ඔඩිෂන් එක පාස් වුණා. ඊට පස්සේ මම කිංග්ස් බෑන්ඩ් එකට සම්බන්ධ වුණා. මම බොහොම ආඩම්බරයෙන් කියන්නේ මගේ හරි ගුරුවරයා තමයි චන්ද්‍රලාල් ෆොන්සේකා. එතන ඉඳලා තමයි මගේ හරි සංගීත දිවිය පටන් ගන්නේ. එතකම් අපි එහෙන් මෙහෙන් අහුලගෙනනෙ බැන්ඩ් ගැහුවේ. මැණික් ගලක් වුණත් ඔප දාන්න දාන්නනේ දිලිසෙන්නේ. මාව ඔප දැම්මේ චන්ද්‍රලාල් තමයි. ඇත්තටම මම ඔහුට ණය ගැතියි. අදටත් මම එයාපෝර්ට් එකෙන් බැහැලා පළවෙනි කෝල් එක දෙන්නේ ඔහුට.
මේ සංගීත දිවිය ඔබට උරුම වෙන්න පවුලේ පසුබිමක් තිබුණද?
අපේ පවුලේ කවුරුත් මේ පැත්තට සම්බන්ධ නැහැ. නමුත් මගේ අම්මා සංගීතයට ආස කරපු කෙනෙක්. එයා සින්දු කියනවා මට ඇහිලා තියෙනවා. නමුත් අපේ පවුලේ බහුතරයක් ඉන්නේ බොහෝම උගත්තු ර්‍ථඩ.ඤ තියෙන අය. ඒ කාලේ හැටියට සංගීතඥයෙක් කියන එක අපේ පවුලට ගැළපෙන්නේ නෑ. නමුත් මම දන්නේ නැ මේ කැමැත්ත කොහෙන් ආවද කියන්න. අපේ පාසලේ පසුබිමත් සමහර විට ඒකට බලපාන්න ඇති. කොහොම හරි මම මගේ ඩ්‍රීම් එකට ගියා.
අරුණ ලංකාවෙන් යන්නේ ඇයි?
කිංග්ස් ලත් එක්ක මම දවසට පැය දහ අටක් ප්‍රැක්ටිස් කළා. එයාලගේ ලෙවල් එකට එන්න නම් මම අසීමිතව ප්‍රැක්ටිස් කළ යුතුයි කියලා මට තේරුණා. මම අවුරුද්දක් යනකොට ඔවුන්ගේ ලෙවල් එකට ආවා. චන්ද්‍රලාල් හැම තිස්සෙම පිටි පස්සෙන් ඉඳගෙන ඔප දාන එක කළා. ඩිසිප්ලින් කියන එකත් හරියටම මම ඉගෙන ගත්තේ කිංග්ස්ලගෙන්. චන්ද්‍රලාල්ලා ආවේ යුරෝපයේ ඉඳලානේ. අවුරුදු තුනකිත් විතර පස්සේ ඔවුන්ට ආයෙත් යුරෝපයට යන්න අවස්ථාව ලැබුණා. ලංකාවේ 88-89 භීෂණ යුගයේ අපි තීරණය කළා යුරෝපයට යමු කියලා. එහෙම තමයි මම මුලින්ම යුරෝපයට යන්නේ. ඒ 1991 දී තමයි අපි ගියේ ජර්මනියට. අපේ පළවෙනි කන්ට්‍රැක්ට් එක අත්සන් කරන්නේ ස්විට්සර්ලන්ඩ් එක්ක. එහේ අපි කාලයක් හිටියා. ඊට පස්සේ කිංග්ස් ලක් එක්කම ලංකාවට ආවා. චන්ද්‍රලාල්ලට ඕන වුණේ ඊට පස්සේ ලංකාවේ ඉන්න. නමුත් මගේ ඩ්‍රීම් එක තිබුණේ නැවත යුරෝපයට යන්න. ඒ නිසා මම තනියෙන් යුරෝපයට ගියා.
අරුණගේ පළවෙනිම සින්දුව වුණේ මොකක්ද?
ඒක තමයි ජයශ්‍රී සමඟ කරපු ‘ආදර ලොවේ’ ගීතය. ඊට පස්සේ තමයි ‘හද සැලෙනා’. ‘පාට පාන හීනයක්’, ‘යෞවන සිහින ලෝකේ’ කළේ. මේ සින්දු ඔක්කොම එකතු කරලා තමයි මගේ ‘හද සැලෙනා’ ඇල්බම් එක කළේ. දැන් මම සින්දු 20ක අලුත්ම ඇල්බම් එකක් රිලීස් කරන්න සූදානමින් ඉන්නවා. මේ පාර මම ලංකාවට ආවේ ඒ වැඩ කටයුතු සඳහා. අගෝස්තු මාසේ ෂෝස් දෙකක් කරන්න බලාපොරොත්තු වෙනවා. ඊට පස්සේ ඉතින් මගේ ප්ලෑන් එක ලංකාවේ ඉන්න. දැන් ඉතින් අවුරුදු ගණනාවක් යුරෝපයේ හිටියා ඇති.
ජීවිතේ අද ඉන්න තැන දිහා බලත්දි මොකද හිතෙන්නේ?
මට හරිම සන්තෝෂයි. මම මගේ සිහින වලට ගිහින් ඒවා සැබෑ කර ගත්තා. ලංකාවේ වගේම යුරොපියන් ආර්ටිස්ලටත් මම නිර්මාණ කරලා තියෙනවා. මගේ බැන්ඩ් එකත් කරගෙන යනවා. ඉතිරි කාලය ලංකාවට ඇවිත් නිර්මාණ ටිකක් කරමින් ජිවත් වෙන්න තමයි බලාපොරොත්තුව.
හේමාලි විජේරත්න
සේයාරූ -
නිශ්ශංක විජේරත්න