වර්ෂ 2023 ක්වූ December 11 වැනිදා Monday
රිලැක්ස් නැත්නම් ටෙන්ෂන්

හෙල්මට් දෙකක් අතේ තියාගෙන දන්න කියන කෙනෙක් කැරකෙනවා ගල්කිස්ස ඕඩියන් සිනමා ශාලා භූමියේ. බැලින්නම් ගීත රචක ඇන්ටන් ජේ. ප්‍රනාන්දු. චිත්‍රපට මාධ්‍ය සම්බන්ධිකාරකවරයකු ලෙසටත් ඔහු ප්‍රසිද්ධයිනෙ.
ලක්ෂ්මන් හිල්මිගේ සෙනෙහසේ මුට්ටිය සින්දුව ලිව්ව නිසා ඇන්ටන් නිතරම බැනුම් අහනවා. ඒක වෙනම කතාවක්. පස්සෙ දවසක කියන්නම්. සාමාන්‍යයෙන් මෝටර් බයිසිකලයක ආවා නම් හෙල්මට් එහි රැඳවීමනෙ සාමාන්‍යයෙන් කරන්නේ. නමුත් හෙල්මට් දෙක ඇන්ටන්ගෙ අතේමයි.
ඔන්න ඕක පැත්තකින් තියලා රිලැක්ස් එකේ ඉන්නවකෝ.
මිත්‍රයෙක් ඇන්ටන්ට කිව්වා.
රිලැක්ස්? මොන රිලැක්ස්ද? හෙල්මට් පැත්තකින් තියපු ගමන් මං ටෙන්ෂන් වෙනවා. ඇයි ඉතින් කොයි වෙලාවෙ මේවා අස්ථානගත වෙයිද දන්නෙ නැහැනෙ.
ඇන්ටන් එහෙම කිව්වෙ හෙල්මට් දෙක තවත් ළඟට ගන්නකම්. දන්න විදිහට ඇන්ටන්ගෙ හෙල්මට් එක දිගට කිහිපයක් නැති වෙලා. හෙල්මට් දාගෙන එළියට බැස්සට ගෙදර එන්නෙ හෙල්්මට් නැතුවලු. ඒ නිසා කොහේ ගියත් හෙල්මට් එක අතේමලු.