කනක් ඇහිලා යන්න පුළුවන්

මාර්තු 14, 2019

ජාතික ගමනා ගමන මණ්ඩලයේ සභාපතිවරයා වෙන කවුරුවත් නෙවෙයි අපේ ජනක මල්ලිමාරච්චි. ඔහු කලාවට ඉතාම සමීපයි. කලක් ජාතික නාළිකාවේ වැඩසටහන් අධ්‍යක්ෂ විදිහට සේවය කළ ජනක ටෙලි නාට්‍ය අධ්‍යක්ෂණයටත් යොමුවුණා. හොලිවුඩ් සිනමාව ග්‍රන්ථය රචනා කළෙත් ඔහුමයි. ඔහු තම නව තනතුර ලැබුණායින් පසුව ඉතාම වැදගත් කර්තව්‍යයක් ඉටු කළා. ඒ බස් රථවල ප්‍රචාරය වන ගීත සඳහා වාරණයක් ඇති කිරීම. දිගින් දිගටම මගීන්ගෙන් ලැබෙන පැමිණිලි හේතු කරගෙනයි ජනක ඒ වගේ තීරණයක් ගත්තේ. ඇතැම් බස්වල ගොඩ වෙලා ගමනක් යන්න බැහැ කන පැලෙන්න සිංදු දාලා. ජීවිතේට අහපු නැති ගීත බස්වල ප්‍රචාරය වෙනවා. සිංදු අහන්න ඕන අපි බස් රථවල කොන්දොස්තරට සහ ඩ්‍රයිවර්ලට ඕන ඒවා. ඒ තත්ත්වය මත මේ ගත් තීරණයට අප හිස නමා ආචාර කරනවා. ඉදිරියටවත් මගියෙකුට නිදහසේ බස් එකක යන්න ලැබේවිනෙ.