වර්ෂ 2023 ක්වූ December 11 වැනිදා Monday
තිලාගේ සරසවියේ ඩය-රිය update ..හොරෙන් කියවලා බලන්න....

අද පෙබරවාරි 20 බදාදා ....
මිල්ටන් මල්ලවආරච්චි අප හැර ගිහින් අවුරුදු 21 කියලා ඔහුගේ පුත් රනිල් මල්ලවආරච්චි කියලා තිබුණා ...
ඒ දිනය තිලාටත් මතකයි සරසවියේ හිටපු දර්ශන ගුණරත්නත් තිලාත් අසහාය ශිල්පියාගේ අවසන් කටයුතු ඡායාරූප ගන්න ගියා.ඉතින් උඩහමුල්ලෙ ජයපාරේ නිවසේ සිට ජාතික කලාභවන වෙත රැගෙන ආවා මතකයි
අමතක නොවන දෙය තමයි ඔහුගේ රසිකාවක් මා ළඟට ඇවිත්
මට උදව්වක් කරලා දෙන්න පුලුවන්ද? ඔයාට තමයි දේහය ළඟට යන්න පුළුවන් " තිලා උනන්දුවෙන් අසා සිටියා.
"මට ඔහුගේ හිසෙන් කෙස් ගහක් ගලවලා දෙන්න." අහිංසක නිහතමානී ඉල්ලීමක්.....ඒත් ඒ ඉල්ලීම ඉටු කරන්න තිලාටත් දර්ශනටත් නොහැකිවීම ගැන අදත් කනගාටු වෙනවා ....
අද පෙබරවාරි 21 බ්‍රහස්පතින්දා....
ප්‍රසාද් සමරතුංගත් තිලාත් ගියා අලුත් ටෙලිනාට්‍ය අධ්‍යක්ෂක වරයෙක් රූ ගතකරන තැනකට අපි ගියෙත් ප්‍රචාරයක් දෙන්න පැය කීපයක් එයාගේ කැටයම් පෙන්නුවා. හිනා නොවී හිටියේ බොහොම අමාරුවෙන්
ලංකාවේ අධ්‍යක්ෂකවරුන් වන ලෙස්ටර් - සුමිත්‍ර යුවලගේ , තිස්ස අබේසේකරයන් , ගාමිණී ෆොන්සේකයන්ගේ, මහාචාර්ය සුනිල් ආරියරත්නයන්ගේ , සෝමරත්න දිසානායකගේ, බූඩි කීර්තිසේනගේ, ජයන්ත චන්ද්‍රසිරිගේ, සුදත් රෝහණගේ, උදයකාන්තලාගේ , ජැක්සන් ඇන්තනිගේ මෙකී නොකී අයගේ සුපිරිම අම්බැක්කේ ලී කැටයම් ඉසුරුමුණියෙ ගල්කැටයම් වැනි කැටයම් බලපු අපිට එයාගේ සව්කොළ කැටයම් දැක්කම හිනා.....
අද පෙබරවාරි 22 සිකුරාදා ....
අද ලේක්හවුස් නිර්මාතෘ ඩී.ආර්.විජේවර්ධන ශ්රීි මතාණන්ගේ 133 වැනි ජන්ම දින සමරු පින්කමේ ඊයේ දින සර්ව රාත්‍රික පිරිත් දේශනය අවසානයේ අද මහා සාංඝික දානමය පිංකම ආයතන පරිශ්‍රයේදි පැවැත්වුණා......
හවස ගියා රූබි සිනමාහලට. අලුත් වැඩියාකිරිමෙන් පසු වැඩ බැරි ටාසන් චිත්‍රපටය නැරඹූවා අරුණත්, ප්‍රසාදුත්, තුෂාරත් සමග. රූබි එක තිලාලගේ ජීවිතේ එක් කාල පරිච්ඡේදයක ගෙදර වගේ ඒ කියන්නෙ පාසල් සමයේ. රොයල්, තෝමියන්, ආනන්ද, නාලන්ද, කේරී, වෙස්ලි, සුසමය, ඩී.එස් කොල්ලන්ගෙන් 10.30 දර්ශනය හවුස් ෆුල්. වැඩිපුරම පෙන්නුවේ වැඩිහිටියන්ට පමණයි චිත්‍රපට නිසා තිලා ටිකට් කවුළුව ළඟ ඉන්නෙ ඇඟිලිවලින් උස පේන්න. තිලා ඉස්සෙල්ලාම බැලුවේ "මවුන්ටන් ඉන් ද ජංගල් "
එළියේ මරා ගන්න එක් එක් පාසල් වල කොල්ලො රූබි එක ඇතුළේදි හරි සාමකාමියි. හැමෝම හරියට 1.30 වෙනකොට බොරැල්ලේ තම තමන්ගේ පාසල් බස් එකේ....කොහොම හරි අයියට ආරංචි වෙලා හැමදාම ඇඳුමෙ පිට පැත්ත බලනවා පොඩි වෙලාද කියලා...පොඩි වෙලානම් එදාට විනාසයි... අපේ අරුණ ඒ කාළේ රූබිවාදියෙක්...................
අද පෙබරවාරි 23 සෙනසුරාදා ......
අද හවස තර්ස්ටන් ඉසිපතන ක්‍රිකට් තරඟයේ ඡායාරූප අරන් ඇවිත් නිදහසේ ඉන්නකොට අපේ මංජුලා ප්‍රනාන්දු ආවා (ඔබ්සර්වර් පුවත්පතේ) කටුනායක ගුවන්තොටුපළට යන්න පිලිපීන චිත්‍ර ශිල්පි රොනිලෝ අබයන් ශ්‍රී ලංකාවට පැමිණි ආරංචියට..
අපි යන විටත් අපේ රටේ සංචාරය කොට සිය බිරිඳ සමග සියරට බලා යාමට සූදානමින්. ඔහු සිය සහජ හැකියාවෙන් චිත්‍ර අඳීන්න පටන් අරන් රාජ්‍ය නායකයන්ගේ සමීප රූප ඇඳපු ඔහු මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමාගෙත් සමීප රුවක් සිතුවම් කර තිබුණා.. හදිසියේම එතැනට පැමිණි ජනාධිපතිතුමා ඔහු හමුවී සන්නස් පත්‍රය පිලිගන්වා ඔහුගේ හැකියවන් ගැන ඉතා සතුට පළකළා. අපි ළඟටත් පැමිණි ජනාධිපතිතුමා ඔහුගේ හැකියාවන් වර්ණනා කළා.. ඇත්තටම තමයි ඔහුගේ දක්ෂතාවය බිත්තිවල අඟුරු වලින් අඳීන්න පටන් අරන්. ගුරුවරයෙක් නැතිව ලොවක් ජයගත් චිත්‍රශිල්පියෙක් වීම...අපරාදේ තිලාට අඳීන්න බෑනෙ...
අද පෙබරවාරි 24 ඉරිදා .......
අපේ ඡායාරූප ශිල්පී සුදත් මලවීර දැන් ඉන්නේ පිළියන්දල පැත්තේ ඉතින් ජීවිතේම කෝච්චියේ ගිය මිනිහා දැන් යන්නේ බස්එකේ දවසක් කොළඹ එන්න කොට්ටාවෙන් 125 බස් එකේ නැඟල එනකොට " මොරකැටිය බහිනවා කියලා ජාතික ඇඳුම ඇදපු කෙනෙක් බැස්සලු , ටික දුරක් එද්දි වත්තෙ ගෙදර බහිනවා කියලා මහත්තයෙක් බැස්සලු ,විජේරාම බහිනවා කියලා හාමුදුරුනමක් බැස්සලු , ලුම්බිණි බහිනවා කියලා මෝනා කෙනෙක් බැස්සලු, ටොරිංටන් බහිනවා කියලා ලංසි මහත්යෙක් කියලා බැස්සලු , දැන් මලවීරට හොල්මන්ලු, තව ටික දුරකින් තර්ස්ටන් බහිනවා කියල කොල්ලෙක් බැස්සලු , ඉබ්බන්වල බහිනවා ටයි දාපු මහත්තයෙක් බැස්සලු
මලවීර හිතුවලු හැමෝම නම කියලා බහිනවා . මලවීරත් ලේක්හවුස් එක ගාවදි මහා හයියෙන් " මලවීර බහිනවා"
අද පෙබරවාරි 25 සඳුදා.......
රන්ජන් රාමනායක (මහාමාර්ග හා මාර්ග සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය ) නැවතත් කරළියට ඇවිත් ඒ පාර්ලිමන්ට් ජෝක්ස් චිත්‍රපටය නැවත පෙන්වන්න නිසා නොවෙයි "පාර්ලිමන්ට් කොකේන්"නිසා (ඉදිරියෙදි රන්ජන් චිත්‍රපටයක් කරයිද දන්නෙ නැ) චිත්‍රපටිවල වගේම කාටවත් බය නැතිව ගේම ම තමයි ඉල්ලන්නෙ ඒ ගැන මහාචාර්ය කාලෝ ෆොන්සේකා මාර කතාවක් කියලා තිබුණා.
" අනේ බෑණෝ තව මරණයකට කතාවක් නම් කරන්න මට බෑ ....පළවෙනි කතාව වසර 31 කට කලින්...
එහි ඇති තර්ජනය දන්නා නිසා විය හැකිය. කොහොම වුණත් රන්ජන් මෙන්න චියර් එක.
අද පෙබරවාරි 26 අඟහරුවාදා......
සේනා දළඹුවා ගැන අමතක වෙන නිසා පසුගිය ඩය-රියභනඤචබඥ එකේ ලියුවා. ටෙලි නාට්‍යක් හෝ ගීතයක් කරන්න කියලා ඒක දැකලද දන්නෙ නෑ ජයසේකර අපෝන්සු වේදිකා නාට්‍යයක් නිර්මාණය කරලා "සේනා " කියලා. මංගල දර්ශනයත් ළඟදි තියෙනවලු.....