වර්ෂ 2023 ක්වූ December 07 වැනිදා Thursday
‘ෂැගී’ හඬ කවනවා විතරක් නෙවේ
පෙබරවාරි 21, 2019

අතුල ජයසිංහව අප වඩාත් හඳුනා ගත්තේ හඬ කැවීම් ශිල්පියකු විදිහට. ස්කුබිඩු කාටුන් මාලවේ ෂැගීට හඬ කැව්වේ ඔහු. ඒ වගේම නළුවකු ලෙසට ද අතුල අඩු වැඩි වශයෙන් නිර්මාණවලට දායක වුණා. ඔහු අලුත් අංශයකට යොමු වෙලා කියලා අපට දැනගන්නට ලැබුණා. චිත්‍රපටවල ශබ්ද පරිපාලනය තමයි අතුලගේ අලුත් විෂය. මේ දිනවල තිරගත වන තාල සිනමාපටයේ ශබ්ද පරිපාලනය කරලා තියෙන්නේ මේ අතුල. ඉදිරියේදී තවත් නිර්මාණ කිහිපයකම ශබ්ද පරිපාලනයට ඔහු සූදානම්ලු.
නිශ්ශංක විජේරත්න