පාසල් බාලේ කෙළිලොල් ලීලේ

අගෝස්තු 31, 2023

නගරයට නුදුරු ග්‍රාමීය පරිසරයක වෙසෙන සමීර හා ප්‍රියංවදා සොඳුරු දිවියක් ගෙවන මව්පිය යුවළකි. ඔවුනට ධරණි හා පවන් ලෙසින් දූ පුතුන් දෙදෙනෙකු සිටී. අක්කා-මලෝ දෙදෙනා ගමේ මිශ්‍ර පාසැලක උගැනුම ලබති. දසවියැති පවන් දඟකාරයෙකි. නිතර පාසැලට පැමිණීමට ප්‍රමාදවීම හේතුවෙන් පවන් දිනපතාම ගුරුවරුන්ගේ දඬුවමට ලක්වෙයි. දිනක් පවන් තම මිතුරා වන රමිත් සමඟ එක්ව පාසැලේ සීනුව සොරකම්කර ගඟකට වීසි කරයි. ගුරුවරුන් සහ සිසුන් එක්ව එය සෙවූවද හමුනොවේ. ජීවිතය ගෙවන ආකාරය පිළිබඳව අරුත්බරව දරුවනට කියාදෙන බණ්ඩාර ගුරුතුමා සිසු දරු දැරියන්ගේ සිත්දිනා ගත්තෙකි. නරක අයහපත් දේවලින් මිදී එක්දිනක් ගෙවන ලෙස ඔහු දරු-දැරියන්ගෙන් ඉල්ලීමක් කළේය. එහිදී එම ඉල්ලීම ධරණි තම සොයුරා වූ පවන්ගෙන් ඉල්ලා සිටිවිට ඔහු එකඟ විය. මෙය ගමෙන් නගරයටත්, කලාප අධ්‍යක්‍ෂකවරයා හරහා අධ්‍යාපන ඇමැතිවරයාත්, සංස්කෘතික ඇමැතිවරයා හරහා ජනාධිපතිවරයාටත් මෙම කරුණ දැනගැනීමට ලැබේ. ඉන්අනතුරුව සිදුවන්නේ කුමක්ද යනු“රිදී සීනු”නරඹා දැන ගැනීමට හැකිවනු ඇත.

ප්‍රවීණ සිනමාකරු උදයකාන්ත වර්ණසූරියගේ විසිහය වන සිනමා නිර්මාණය ලෙසින් රිදී සීනු තිරයට පිවිසෙයි. ඔහු විසින් මෙයට ප්‍රථම මහමෙර උසට (1997), ගිනි අවි සහ ගිණිකෙළි (1998), බහු භාර්යා (1999), රාජ්‍ය සේවය පිණිසයි. (2000), රෝස වසන්තෙ (2001), බහුභූතයෝ (2002), ලේ කිරි කඳුළු (2003), යකඩ පිහාටු (2003), දිය යට ගින්දර (2004), රන්දිය දහර (2004), හිරිපොද වැස්ස (2006), රංකෙවිට (2007), ආසයි මං පියාඹන්න (2007), පායා එන්න හිරුසේ (2009), චැලේන්ජර්ස් (2011), සෙනෙසුරු මාරුව (2012), රංකෙවිට -02(2013), කොස්තාපල් පුඤා්ඤාසෝම (2014), බහු භූතයෝ - 02 (2015), බන්ධනය (2017), මධුර චාරිකා (2018), වස්සානේ සඳ (2018), ප්‍රසිඩන්ට් සුපර්ස්ටාර් (2019), ගිනි මල් පොකුරු (2021) ගින්දරී -03 (2022) යන චිත්‍රපට ප්‍රේක්ෂකයා වෙත ගෙනඑන ලදී.

 

රිදී සීනු රංගන දායකත්වය

රවීන්ද්‍ර රන්දෙණිය, සනත් ගුණතිලක, චාහෙල් රගීත් කෝනකඩුව, සෙලීනා ටුවින්කි, ඉසුරු ලොකුහෙට්ටිආරච්චි, උපේක්ෂා ස්වර්ණමාලි, නිශ්ශංක දිද්දෙනිය, රොජර් සෙනෙවිරත්න, ශ්‍යාම් ප්‍රනාන්දු, ශ්‍රීමාල් වෙඩිසිංහ, ශිරන්ත ප්‍රේමවර්ධන, කුමාර වඳුරැස්ස, කුමාරි සේනාරත්න, දමයන්ත පෙරේරා, ආනන්ද අතුකෝරාළ, චතුර පෙරේරා, අනුර බණ්ඩාර රාජගුරු, ජයරත්න ගලගෙදර, හසිනිකා කරලියැද්ද ඇතුළු විශාල රංගන ශිල්පීන් පිරිසක් මේ සඳහා එක්වී ඇත.

 

රිදී සීනු කාර්මික දායකත්වය

කතාව, තිර රචනය, සහය නිෂ්පාදනය සහ අධ්‍යක්‍ෂණය - උදයකාන්ත වර්ණසූරිය

නිෂ්පාදනය - නිශාන් හේවාගමගේ

කැමරා අධ්‍යක්‍ෂණය - නිශාන්ත ප්‍රදීප් හේමචන්ද්‍ර

සහය අධ්‍යක්‍ෂණය - ඩොනල්ඩ් ජයන්ත, ප්‍රියන්ත පතිරගේ, චාපා පෙරේරා

සහය කැමරාකරණය - කසුන් චාමර, සතීෂ තමෝද්

නාභිගතකරණය - හර්ෂණ කරුණාතිලක

සංස්කරණය - මේඝ කොළඹගේ

කලා අධ්‍යක්‍ෂණය - ඇහැලියගොඩ සෝමතිලක සහය ජයසේන මඩපොලවත්ත

අංග රචනය හා කොණ්ඩා සැකසුම - සංජය නිපුණආරච්චි

විශේෂ කොණ්ඩා සැකසුම - ලලිත් ධර්මවර්ධන

නිෂ්පාදන කළමනාකරණය - අශෝක ආරියරත්න සහය - හේමන්ත බන්ධනගේ

ශබ්ද සැලසුම්කරණය - ඩිරාන් විජේසිංහ

පසුබිම් සංගීත අධ්‍යක්‍ෂණය - උදාර සමරවීර

ගී තනු නිර්මාණය සහ සංගීතය - මහේෂ් දෙනිපිටිය

ගී පද රචනය - කුලරත්න ආරියවංශ, නිලාර් එන්. කාසිම්

ගීත ගායනය - සුනිල් එදිරිසිංහ, සංගීත් රවිශ්වර, ඔමිරු සන්ධීර, ප්‍රණීත් පෙරේරා, සුවිනි මධාරා ගමගේ

නිශ්චල ඡායාරූපකරණය - මහේෂ් නිශාන්ත

නර්තන අධ්‍යක්‍ෂණය - ශාන් පෙරේරා

ආලෝකකරණය - ගයත්‍ර අනුරුද්ද බැන්ඩිගම්පොළ, චතුරංග පෙරේරා, සමන් ආරියපාල, චානක සඳරුවන්, පියල් ඉරේපෙරුම

දර්ශනතල රූපගත කිරීම - අනුර රත්නායක

ග්‍රැෆික් නිර්මාණ කටයුතු - දසුන් කෝන්ගහගේ

නාමාවලිය අකුරු සැකසුම - නිලන්ත මේඝ කොළඹගේ

කැමරා සහ ආලෝක උපකරණ සැපයීම - මූවිටෙක් ෆයින් විෂන්

ඇඳුම් පැලඳුම් - අයේෂා මල්ෂි ප්‍රනාන්දු

නර්තන කණ්ඩායම - අශ්විනි කාවිංගා පෙරේරා, මහිමා පබසරා, තරුෂි නවෝද්‍යා, විශ්මි ඔමායා රන්මිණි, එල්. වයි.මධුභාෂිණි

සිරිලක් ෆිල්ම්ස් ඉදිරිපත් කිරීමකි.

 

[email protected]