අපේ කථානාද ඉතිහාසයේ හොඳම චිත්‍රපට 10 මොනවාද?

දෙසැම්බර් 30, 2021

සිංහල කථානාද සිනමාවට එළඹෙන ජනාවරි මස 21 වැනිදාට වසර හැත්තෑ පහකි. එනම් දියමන්ති ජුබිලියයි. ශ්‍රී ලංකාවේ ජාතික කලා පුවත්පත ලෙස සරසවිය අපේ කාර්යභාර්ය ඉටු කරමින් හෙළ සිනමාවේ වජ්‍ර ජයන්තිය වෙනුවෙන් මෙතැන් සිට විශේෂාංගයක් පළ කිරීමට තීරණය කළෙමු. එනම් කඩවුණු පොරොන්දුවේ සිට මේ දක්වා මෙරට කථානාද සිනමාවේ තිරගත වුණු සිනමාපට අතරින් හොඳම සිනමාපට 10 පිළිබඳව සිනමාවේ දැවැන්තයන්ගෙන් මත විමසීමක් කිරීමට තීරණය කළෙමු. මෙම මත විමසීම සඳහා විශේෂ තෝරාගැනීමක් යටතේ සිනමා අධ්‍යක්ෂවරුන්, සිනමා විචාරකයන් සහ සිනමා පුවත්පත්කලාවේදීන් ඇතුළත් වේ. බ්‍රිතාන්‍ය සිනමා ආයතනය (BFI) "Sight & Sound" සඟරාව මඟින් ලොව හොඳම චිත්‍රපට තෝරන සම්මත ක්‍රමවේදය මෙයයි. මෙහිදී දැනට ජීවතුන් අතර සිටින චිත්‍රපට තුනක් හෝ ඊට වැඩි ප්‍රමාණයක් අධ්‍යක්ෂණය කළ අධ්‍යක්ෂවරුන් හෝ ජාතික සහ ජාත්‍යන්තර වශයෙන් හොඳම චිත්‍රපටයට සම්මාන දිනා ඇති අධ්‍යක්ෂවරුන් මෙම මත විමසීමට ඇතුළත් වන අතර සම්මත සිනමා විචාරකයන් සහ වෘත්තිමය සිනමා පුවත්පත්කලාවේදීන්ද මෙම මත විමසීමට ඇතුළත් වේ. මෙම මත විමසීම සඳහා අධ්‍යක්ෂවරුන් චිත්‍රපට අධ්‍යක්ෂණය කර ඇති ජ්‍යෙෂ්ඨත්වයේ අනුපිළිවෙළ යටතේ සම්බන්ධ කර ගැනේ.

ප්‍රියංකර විතානාච්චි

ඇමරිකාවේ University of California, los Angeles  හීදී සිනමාව මෙරට විශ්වවිද්‍යාල කීපයකම බාහිර කථිකාචාර්යවරයකු ලෙස කටයුතු කර ඇත. ඔහු අතින් වෙළද දැන්වීම් කීපයක් ද නිර්මාණය වී ඇත. ඔහුගේ පළමු චිත්‍රපටය සැමීගේ කතාව වේ. සැමීගේ කතාව සඳහා එහි ප්‍රභා ප්‍රධාන භූමිකාව රඟදැක්වූ ජගත් චමිල නිව්යොර්ක් අන්තර්ජාතික සිනමා උලෙළේදී හොඳම නළුවා ලෙස සම්මානයට පාත්‍ර විය. 

1. ගොළු හදවත - ලෙස්ටර් ජේම්ස් පීරිස් 
2. නිධානය - ලෙස්ටර් ජේම්ස් පීරිස් 
3. පරසතු මල් - ගාමිණී ෆොන්සේකා 
4. තුංමංහංදිය - මහගම සේකර 
5. ගැහැනු ළමයි - සුමිත්‍රා පීරිස් 
6. අහසින් පොළොවට - ලෙස්ටර් ජේම්ස් පීරිස් 
7. හංස විලක් - ධර්මසිරි බණ්ඩාරනායක 
8. මහගෙදර - තිස්ස අබේසේකර 
9. ඉර මැදියම - ප්‍රසන්න විතානගේ 
10. සයපෙති කුසුම - විසාකේස චන්ද්‍රසේකර

සනත් අබේසේකර

 පුවත්පත් කලාවේදියෙක් සහ ලේඛකයෙක් ලෙස කලා ක්ෂේත්‍රයට අවතීරණය වුණු සනත් පසුව චරිතාංග රංගන ශිල්පියකු ලෙස සහ ටෙලිනාට්‍ය අධ්‍යක්ෂවරයකු ලෙස ද ප්‍රේක්ෂකයා අතර ජනප්‍රිය විය. ඓතිහාසික කතා රැල්ලක් සිනමාවට හඳුන්වා දෙමින් ඔහු මුලින්ම නිර්මාණය කළ චිත්‍රපටය මහින්දාගමනය වේ. මහරජ අජාසත්, ශ්‍රී දළදාගමනය, අනගාරික ධර්මපාල ශ්‍රීමතාණෝ යන චිත්‍රපට ඔහු විසින් අධ්‍යක්ෂණය කර ඇත. 

1. නිධානය - ලෙස්ටර් ජේම්ස් පීරිස් 
2. දඩයම - වසන්ත ඔබේසේකර 
3. බඹරු ඇවිත් - ධර්මසේන පතිරාජ 
4. කරුමක්කාරයෝ - තිස්ස අබේසේකර 
5. අපේක්ෂා - එච්.ඩී. ප්‍රේමරත්න 
6. සරුංගලේ - සුනිල් ආරියරත්න 
7. පුරහඳ කරුවල - ප්‍රසන්න විතානගේ 
8. යකඩ පිහාටු - උදයකාන්ත වර්ණසූරිය 
9. තනි තටුවෙන් පියාඹන්න - අශෝක හඳගම 
10. අස්වැසුම - බෙනට් රත්නායක

මේ සතියේ හොඳම චිත්‍රපටය ලෙස ලැබී ඇති වැඩි ඡන්ද සංඛ්‍යාව මෙසේයි.

නිධානය - 02