අපේ කථානාද ඉතිහාසයේ හොඳම චිත්‍රපට 10 මොනවාද?

දෙසැම්බර් 2, 2021

සිංහල කථානාද සිනමාවට එළඹෙන ජනාවරි මස 21 වැනිදාට වසර හැත්තෑ පහකි. එනම් දියමන්ති ජුබිලියයි. ශ්‍රී ලංකාවේ ජාතික කලා පුවත්පත ලෙස සරසවිය අපේ කාර්යභාර්ය ඉටු කරමින් හෙළ සිනමාවේ වජ්‍ර ජයන්තිය වෙනුවෙන් මෙතැන් සිට විශේෂාංගයක් පළ කිරීමට තීරණය කළෙමු. එනම් කඩවුණු පොරොන්දුවේ සිට මේ දක්වා මෙරට කථානාද සිනමාවේ තිරගත වුණු සිනමාපට අතරින් හොඳම සිනමාපට 10 පිළිබඳව සිනමාවේ දැවැන්තයන්ගෙන් මත විමසීමක් කිරීමට තීරණය කළෙමු. මෙම මත විමසීම සඳහා විශේෂ තෝරාගැනීමක් යටතේ සිනමා අධ්‍යක්ෂවරුන්, සිනමා විචාරකයන් සහ සිනමා පුවත්පත්කලාවේදීන් ඇතුළත් වේ. බ්‍රිතාන්‍ය සිනමා ආයතනය (ඕජ්ධ්) "ඉඪඨඩබ ) ඉධභදඤ" සඟරාව මඟින් ලොව හොඳම චිත්‍රපට තෝරන සම්මත ක්‍රමවේදය මෙයයි. මෙහිදී දැනට ජීවතුන් අතර සිටින චිත්‍රපට තුනක් හෝ ඊට වැඩි ප්‍රමාණයක් අධ්‍යක්ෂණය කළ අධ්‍යක්ෂවරුන් හෝ ජාතික සහ ජාත්‍යන්තර වශයෙන් හොඳම චිත්‍රපටයට සම්මාන දිනා ඇති අධ්‍යක්ෂවරුන් මෙම මත විමසීමට ඇතුළත් වන අතර සම්මත සිනමා විචාරකයන් සහ වෘත්තිමය සිනමා පුවත්පත්කලාවේදීන්ද මෙම මත විමසීමට ඇතුළත් වේ. මෙම මත විමසීම සඳහා අධ්‍යක්ෂවරුන් චිත්‍රපට අධ්‍යක්ෂණය කර ඇති ජ්‍යෙෂ්ඨත්වයේ අනුපිළිවෙළ යටතේ සම්බන්ධ කර ගැනේ.


රංග විජේන්ද්‍ර

මෙරට සිනමාකරණයට පිවිසි අතළොස්සක් වූ ඉස්ලාම් භක්තිකයන් ගෙන් කෙනෙක් වන රංග ජනප්‍රිය සිනමා නළු ශෂී විජේන්ද්‍රගේ බාල සොහොයුරාය. චිත්‍රපට නිෂ්පාදකවරයෙකු ලෙස සිනමාවට පිවිසි රංග විජේන්ද්‍ර ශක්තිය ඔබයි අම්මේ, නොහඬන් කුමරියෙ, අඳුරු සෙවණැලි, වසන්තයේ කුණාටුව යන චිත්‍රපට අධ්‍යක්ෂණය කර ඇත.

1. නොමියෙන මිනිසුන් - ගාමිණී ෆොන්සේකා 
2. නිධානය - ලෙස්ටර් ජේම්ස් පීරිස් 
3. බඹරු ඇවිත් - ධර්මසේන පතිරාජ 
4. සත්සමුදුර - සිරි ගුනසිංහ 
5. පරසතු මල් - ගාමිණී ෆොන්සේකා 
6. ගම්පෙරලිය - ලෙස්ටර් ජේම්ස් පීරිස් 
7. වැලිකතර - ඩී.බී. නිහාල්සිංහ 
8. හංසවිලක් - ධර්මසිරි බණ්ඩාරනායක 
9. දඩයම - වසන්ත ඔබේසේකර 
10. පුරහඳ කළුවර - ප්‍රසන්න විතානගේ


සුගත් සමරකෝන්

"උතුරේ රාහුල හිමි" වේදිකා නාට්‍ය නිර්මාණය හරහා වේදිකාවේ කීර්තිමත් නමක් දිනාගත් සුගත් සමරකෝන් "අධිෂ්ඨාන" වැනි සිනමාපටවල රංගනයෙන් රංගන ශිල්පියෙක් ලෙස ද නමක් දිනා ගත්තේය. ඔහු සිනමාවට පිවිසෙන්නේ "වියරු මිනිසා" චිත්‍රපටය නිර්මාණයෙනි. ඉන් අනතුරුව ඔහු විසින් වාර්තාගත ආදායම් තැබූ විජය කුවේණි, ඇහැළේපොළ කුමාරිහාමි, අපේ කාලයේ පටාචාරා යන සිනමාපට අධ්‍යක්ෂණය කරන ලදී.

1. නිධානය - ලෙස්ටර් ජේම්ස් පීරිස් 
2. ගම්පෙරලිය - ලෙස්ටර් ජේම්ස් පීරිස් 
3. ගොළු හදවත - ලෙස්ටර් ජේම්ස් පීරිස්  
4. දඩයම - වසන්ත ඔබේසේකර 
5. වැලිකතර - ඩී.බී. නිහාල්සිංහ 
6. තුංමංහංදිය - මහගම සේකර 
7. ගැහැනු ළමයි - සුමිත්‍රා පීරිස් 
8. රන්සළු - ලෙස්ටර් ජේම්ස් පීරිස් 
9. විජය කුවේණි - සුගත් සමරකෝන් 
10. ඇහැලේපොළ කුමාරිහාමි - සුගත් සමරකෝන්


විමුක්ති ජයසුන්දර

වසන්තට සහ පතීට සමාන ඡන්ද

ලාංකේය සිනමාවේ නූතන පරම්පරාවේ අධ්‍යක්ෂවරයෙක් දිනාගත් ඉහළම සම්මානය වූ ප්‍රංශයේ කාන්ස් සිනමා උලෙළේ කැමරා ඩියෝ සම්මානය දිනාගත් එකම ශ්‍රී ලාංකික නිර්මාණකරුවා වන්නේ විමුක්ති ජයසුන්දරයි. ආන්දෝලනාත්මක වස්තු විෂයන් තම සිනමා ප්‍රකාශන සඳහා යොදා ගන්නා ඔහු විසින් සුළඟ එනු පිණිස, අහසින් වැටෙයි, චත්‍රක්, සුළඟ ගිනි අරන් යන සිනමා නිර්මාණ අධ්‍යක්ෂණය කර ඇත. බෙංගාලි බසින් චිත්‍රපටයක් නිර්මාණය කළ එකම ලාංකික සිනමාකරුවා වන්නේද ඔහුය. ඔහු විසින් ජාතික සහ අන්තර්ජාතික සිනමා සම්මාන උලෙළයන්හී ජූරි මණ්ඩලයද නියෝජනය කරනු ලබයි.

1. තුංමංහංදිය - මහගම සේකර 
2. නිධානය - ලෙස්ටර් ජේම්ස් පීරිස් 
3. පවුරු වළලු - ප්‍රසන්න විතානගේ 
4. මේ මගේ සඳයි - අශෝක හඳගම 
5. බඹරු ඇවිත් - ධර්මසේන පතිරාජ 
6. සාගර ජලය මදි හැඬුවා ඔබ හන්දා - සුමිත්‍රා පීරිස් 
7. හංස විලක් - ධර්මසිරි බණ්ඩාරනායක 
8. සිහින දේශයෙන් - විශ්වනාත් බුද්ධික කීර්තිසේන 
9. සංකාරා - ප්‍රසන්න ජයකොඩි 
10. සයපෙති කුසුම - විසාකේස චන්ද්‍රසේකර


සංජය නිර්මාල්

නිධානයට වැඩි මනාප

ටෙලිවිෂනය හරහා සිනමාවට පිවිසි නූතන පරම්පරාවේ සිනමාකරුවෙකු ලෙස සංජය නිර්මාල් හැඳීන්විය හැකිය. සමාරා, රෝස කැලේ, ජූලි හතයි, ආලේ කොරෝනා යන සිනමාපට ඔහු විසින් අධ්‍යක්ෂණය කරන ලදී.

1. නිධානය - ලෙස්ටර් ජේම්ස් පීරිස් 
2. බඹරු ඇවිත් - ධර්මසේන පතිරාජ 
3. පාර දිගේ - ධර්මසේන පතිරාජ 
4. අහස් ගව්ව - ධර්මසේන පතිරාජ 
5. දෙලොවක් අතර - ලෙස්ටර් ජේම්ස් පීරිස් 
6. පවුරු වළලු - ප්‍රසන්න විතානගේ 
7. නිම්නයක හුදෙකලාව - විශ්වනාත් බුද්ධික කීර්තිසේන 
8. චන්ද කින්නරී - අශෝක හඳගම 
9. මිල්ලෙ සොයා - විශ්වනාත් බුද්ධික කීර්තිසේන 
10. දඩයම - වසන්ත ඔබේසේකර

මේ සතියේ හොඳම චිත්‍රපටය ලෙස ලැබී ඇති වැඩි ඡන්ද සංඛ්‍යාව මෙසේයි.

නිධානය - 04 
බඹරු ඇවිත් - 03 
දඩයම - 03