චිත්‍රපට 3ක් හදලා තිරගත කරන්න බලන් ඉන්නවා

චිත්‍රපට හා ටෙලිනාට්‍ය අධ්‍යක්ෂ ධනුෂ්ක රේමන්ඩ්
නොවැම්බර් 10, 2022

 

මං මැද මාවතේ නිර්මාණකරුවෙක්

 

කොළඹ මහානාම විදුහලේ දීප්තිමත් ශිෂ්‍යයකි.පාසල් කාලයේදී තම කලා දක්ෂතාවයන් මැනවින් පෙන්නුම් කළේය.සමිති සමාගම්වල ඔහුගේ හැකියාව කැපී පෙනුණි.අන්තර් පාඨශාලීය නාට්‍ය තරඟාවලියේ ඔහු දක්ෂ රංගන ශිල්පියෙක් මෙන්ම නිර්මාණකරුවකු ද විය.ලෝක සිනමාව පිළිබඳ පත පොත පරිශීලණය කරමින් ගවේෂණය කරන්නට විය.විවිධ භාෂාවලින් සිනමාපට නරඹන්නට පුරුදු වි සිටියේය.ඔහු සොයාගත් දැනුම තුළින් පාසැලෙන් නික්මුණු පසු සිනමාව ඔහුගේ ජීවිතය හා බද්ධ විය.ඒ ආපු ගමන් මගේ ඔහුගේ පළමු නිර්මාණය වන්නේ ගායන ශිල්පිනී සුභානි හර්ශණී මුතුකුමාරණගේ ගීතයකට රූප රචනය කිරීමයි.එතැනින් ඇරැඹුණු ගමන අද සිනමාපට කිහිපයක අධ්‍යක්ෂවරයෙකු හා සියත නාලිකාවේ විකාශනය වන රේස් ටෙලි නාට්‍යයේ අධ්‍යක්ෂවරයා බවට පත්විය.මේ දිනවල වැඩිම ප්‍රේක්ෂක පිරිසක් නරඹන ටෙලි නාට්‍ය බවට පත් වී තිබේ. ඒ තරුණ අධ්‍යක්ෂකවරයා ඔබ මා හඳුනන දනුෂ්ක රේමන්ඩ්.

 

 

 

පාසල් කාලයේදී ම තිබුණු ඉලක්කයක් සැබෑ කරගත්තා නේද?

ඔව් මගේ ඉලක්කයක් තිබුණේ මට කවදහරි සිනමා අධ්‍යක්ෂවරයකු වීමයි. සිනමා අධ්‍යක්ෂකවරයෙකු වෙන්න ඉස්සෙල්ලා මුලින්ම කරන්නේ වෙළඳ දැන්වීම් සහ ගීත වලට රූප රචනය කිරීමයි. සුභානි හර්ෂණ ගේ ඉකිබිඳීන නෙතු අග කරපු රූප රචනා බලලා ගොඩක් දෙනෙක් මට රූප රචනා කරන්න අවස්ථාව දුන්නා.එදා දුන්න අවස්ථාව නිසා අද අධ්‍යක්ෂකවරයකු වෙන්න අවස්ථාව ලැබුණා. මගේ ජීවිතයේ නොයෙක් බාධක හිරිහැර කම්කටුලු මැදැයි මේ ගමන එන්නෙ. අද මට සතුටු වෙන් පුළුවන් තැනක පොළොවේ පය ගහලා හිට ගන්නවා.

 

මුල්ම සිනමා අධ්‍යක්ෂණය සිදු කරන්නේ අවුරුදු විසි දෙකෙදි නේද?

මුල්ම සිනමා අධ්‍යක්ෂණය වන්නේ බරතලීයි.එය ලක්ෂී තිලකරත්න ගේ නිෂ්පාදනයක්. ඊට පස්සේ අතුල ඉද්දමල්ගොඩ නිෂ්පාදනය කරනු ලබන ඊඩඥ එඩඪබඥ ර්චපඬ චිත්‍රපටය අධ්‍යක්ෂණය කරනවා. සුජීව ප්‍රියාල් සහ සෙනාලි ෆොන්සේකා මෙහි ප්‍රධාන චරිත නිරූපණය කරනවා. මේ වනවිට සිනමාපට කිහිපයක්ම අධ්‍යක්ෂණය කරලා ඉවරයි. සමහරක් එවට නම් දාල නැ.කිහිපයකට නම් දාලා තියෙනවා. කොහොම උණත් මම අර ඉස්සෙල්ලා කියපු සිනමාපට දෙක තමයි මුලින්ම තිරගත වන්නට තියෙන්නේ. මගේ ජීවිතයේ කඩඉමක් ලෙස තමයි දකින්නේ. මගේ අවුරුදු විසි දෙකේදී සිනමාපටයක් අධ්‍යක්ෂණය කළා කියලා.

 

අවුරුදු විසි දෙකේදී බරතලි සිනමාපටය අධ්‍යක්ෂණයේදි බයක් හිතුණෙ නැද්ද?

මුල්ම දවසෙ කොහොමත් පොඩි චකිතයක් දැනුණා. ඒත් මගේ ඇඟේ තිබ්බේ සිනමාව නිසා මට එය පහසුවුණා. සිනමා පටයට තෝරාගත් නළු නිළියන් පිරිස හොඳ සහයෝගයක් ලබාදුන්නා නිසා එය මට කරගැනීමට තවත් ලේසි වුණා. කාර්මික ශිල්පීන් ඇතුළු සියලු දෙනාම පුදුම කැපකිරීමක් කළේ මේ සිනමාපටය වෙනුවෙන්. ජීවිතයේ ලොකු අත්දැකීමක් වුණා. ඈත හද්ද පිටිසර ගම්මානයක මහත දරුවකු ලිට්ල් ස්ටාර් තරගයට ඇවිල්ලා ජයග්‍රහණය කරන ආකාරය තමයි මේ බරතලි ලෙසින් ප්‍රේක්ෂකයාගේ රස වින්දනය වෙනුවෙන් නිර්මාණය කළේ. ප්‍රවීණ නළු නිළි පිරිස මට දුන්න සහයෝගය ඔවුන්ගේ අත්දැකීම් බෙදා ගෙන සාමූහික කණ්ඩායමක් ලෙස මේ නිර්මාණය ඉවර කළා.

 

සිනමා අධ්‍යක්ෂණයට එන ඔබ ඇයි ටෙලිනාට්‍ය අධ්‍යක්ෂවරයකු වෙන්නේ?

ගොඩක්ම මෙයට බලපෑවේ පසුගිය වකවානුවේ පැවතිච්ච ලෝක වසංගතයි. මම කැමැති සිනමා අධ්‍යක්ෂණයටයි. ඒත් අද නිර්මාණකරුවෙකු හැටියට ක්ෂේත්‍රයට එනවා නම් කුමන හෝ නිර්මාණයක නියැළීම තමයි වටින්නේ. අපි ඉගෙනගත්ත දේවල් සමාජගත කරන්න පුළුවන් නම් ඕනම නිර්මාණයක් තුළින් ඒ තමයි දක්ෂතාවය. එහෙත් අද වන විට තරුණ පිරිස නිර්මාණය කරපු හොඳ නිර්මාණ සෑහෙන සංඛ්‍යාවක් තිරගත කරන්නටත් බැරි තැනට පත්වෙලා තියෙනවා. ක්ෂේත්‍රයේ තියන අර්බුදකාරි තත්වය නිසා තමයි මෙයට හේතු වෙලා තියෙන්නේ. රැඟුම් පාලක මණ්ඩලය සහ බෙදාහරින්නන් ගේ සංගම් එකතුවෙලා මේකට වැඩපිළිවෙළක් යෙදුවොත් හොඳ නිර්මාණ ඉදිරියේදී ප්‍රදර්ශනය වෙයි.

 

කුමන නිර්මාණය කරත් ඔබ ඇතුලේ ඉන්නේ සිනමා අධ්‍යක්ෂකවරයා කියන්නේ ඇයි?

ටෙලි නාට්‍යය තුළ අපට ඕන ඕන විදිහේ සෙල්ලම් දාන්න බැහැ. අපි ඡභඤඨඥබ එකක් ඇතුළේ කොටු වෙනවා. සමහරක් වෙලාවට එකම රූප රාමුව තුළම එකම දර්ශනය තුළ එහාට මෙහාට ඇදගෙන යනවා. එවැනි දේවල් කරන්න වෙන්නේ බජට් එක තුළ ජීවත් වන නිසයි. සිනමාව කියන්නේ එතනින් ඔබ්බට ගිය සිය දහස් ගුණයකින් එහා දකින්න පුළුවන් දෙයක්ය. කෙටි කාල පරාසයක් තුළ පොදු දෙයක් සම්පිණ්ඩණය කරල සමාජගත කරනවා. ප්‍රේක්ෂකයා බලාපොරොත්තු වෙන්නේ ඒ දෙයයි. මම ජීවත් වෙන්නේ එතන නිසා තමයි සිනමාවට කැමති. කලාවට පිවිසෙන ඕනෑම නිර්මානවේදියකු ගේ සිහිනය වෙන්නේ අධ්‍යක්ෂවරයෙකු වීමයි. මේ පොදු කාරණය නළුවකු හෝ නිළියක ටත් බලපානවා. ඒ සියලු දෙනාගෙත් මූලික අරමුණ වෙන්නේ සිහිනයේ සිනමාවට පිවිසීමයි. අපේ පරම්පරාවේ අතිදක්ෂයෝ ඉන්නවා. හැබැයි මට මේක ඇතුළට රිංගන්න අවස්ථාව ලැබුණා. ඒ දක්ෂයන්ට තවම ඒ අවස්ථාව ලැබිලා නෑ. ඒ ගැන මම අද සතුටු වෙනවා. මම ඉන්න තැන ගැන. සියලු දෙනාගේම ප්‍රශ්නය වන්නේ ඇයි මම සිනමාව අතහැරලා ටෙලිනාට්‍යයට ආවද කියන එක විතරයි. මගේ හදවතේ ජීවත්වන සිනමාකරුවා හැමදාම එතන තමයි ඉන්නේ.

 

වඩාත් ප්‍රිය කරන්නේ සිනමාවේ කුමන පැතිකඩක් ද?

මම සිනමාවේ වර්ගීකරණයකට පොදු වෙලා වැඩ කරලානෑ තාම. ලැබෙන පිටපත අනුව ඕනෑම නිර්මාණයක් කරන්න සූදානමින් ඉන්නේ. සම්භාව්‍ය, කලාත්මක, වාණිජ වෙන්න පුළුවන් පිටපතේ තියෙන දේ අධ්‍යක්ෂකවරයාගේ භූමිකාව හරියට කරන්න පුළුවන්නම් නිර්මාණය සාර්ථකයි. මගේ පළමු නිර්මාණය කලාත්මක සිනමා පටයක්. මේ සිනමා වර්ගීකරණය තුළ අධ්‍යක්ෂකවරයකු වර්ගීකරණය කරන්න බැහැ. ඒ හා සමානමයි ටෙලිනාට්‍ය කලාව තුළත්. මගේ එක දෙයක් තියනවා හැබැයි මං මැද මාවතේ ගමන් කරන නිර්මාණ වේදියෙක්.

 

රේස් ටෙලි නාට්‍යය සඳහා නළු නිළියන් තෝරා ගත්තේ කුමන පදනමකින්ද?

මුලින්ම තිර පිටපත කියවද්දි ඒ තුළ ඇඳෙන චිත්ත රූප ටිකක් තියෙනවා. දර්ශන තලය කොයි වගේ වෙන්න ඕනද, ඒකට හරියන නලුවා නිළිය මොන වගේ වෙන්න ඕනද, කියන එක පිටපත කියවලා ඉවර වෙනකොට දලා සටහනක් ඇඳලා ඉවර කරගන්නවා. තිරපිටපත් රචකයා සහ නිෂ්පාදකයා අතර අපි තුන්දෙනා අතර සිදුවන සාමූහික කතා බහෙන් තමයි නළු නිළියන් විශේෂයෙන්ම තෝරා පත් කර ගන්නේ.

 

රේස් ටෙලි නාට්‍ය ප්‍රේක්ෂක ප්‍රසාදයේ කොතැනද තියෙන්නේ?

රේස් පළමු වැනි නාට්‍යයේ කොටස් ටික ප්‍රේක්ෂකයනුත් හරි ආදරෙන් වැලඳ ගත්තා.ඉන්පස්සෙ ප්‍රේක්ෂක මනාපය මත තමයි රේස් -2 දැන් අධ්‍යක්ෂණය කරගෙන යන්නේ. මේ වෙනවිට මුල්ම කොටස් ටික විකාශය වෙලා ඉවරයි. අනිත් නාලිකා වල මේ වෙලාවට විකාශය වන ටෙලිනාට්‍ය අතර සියත නාලිකාවේ රේස්-2 ඉහළින්ම තියෙන්නේ. ප්‍රවීණ නළු නිළියන් සමඟ ඉසේඩ් පරම්පරාවේ තරුණ තරුණියන් රැසක් මෙහි රංගනයේ යෙදෙනවා. තරුණ පරම්පරාවේ දෙදෙනෙක් වන චූලක ද සිල්වා සහ ධනංජය ප්‍රනාන්දු තමයි රේස්-2 නිෂ්පාදකවරුන් වෙන්නේ.මටත් තියන වාහන පිස්සුව නිසාත් මේ තරුණ දෙන්නත් එක්ක එකතු වෙලා මේ වැඩේ කරන්න පටන් ගත්තා.

 

දෙවැනි කොටස ලෙස එන රේස්-2 කෙටි නාට්‍යක්ද දිගු නාට්‍යයක්ද?

මේ නාට්‍ය නිෂ්පාදකවරුන් දෙදෙනාගේ අදහස අනුව සියලූ දෙනා සාමූහිකව එකතුවෙලා කටයුතු කරන නිසා අපි හිතුව දීර්ඝ මෙගා නාට්‍යයක් ලෙස දෙවැනි කොටස ලෙස ගෙන එන්නයි.

 

විවිධ චරිත රැසක් රේස් -2 තුළට ගෙන එනවා. ඇයි එහෙම කරන්න අදහස් කළේ?

රේස්-2 පිටපත් රචකයා වන්නේ ගයාන් හෙට්ටිආරච්චි සහ නිෂ්පාදකවරුන් දෙන්නත් එක්ක එකඟතාවයකට ඇවිල්ලා අපි යන දිසාව වෙනස් කරනවා. ඔවුන් මට පූර්ණ නිදහස ලබලා දීලා තියෙනවා නිර්මාණය ඇතුළේ නිර්මාණයක් කරන්න. කොටස් විස්සක් විතර අධ්‍යක්ෂණය කරලා ඉවර කරලා නවක චරිත රැසක් මේ තුළට ගෙන එන්නට මම බලාපොරොත්තු වුණා. ඒ නිසා ප්‍රේක්ෂක මනාපයත් හොඳ තැනකට ගෙනාවා.චරිත කිහිපයක් දකිනවට වැඩිය ප්‍රේක්ෂකයා බලාපොරොත්තු වෙනවා අද චරිත ගොඩක් තියෙන නාට්‍යයක් බලන්න. චරිත වැඩි කරා කියලා නාට්‍යයට කිසිදු හානියක් වෙන්න ඉඩ තියන්නේ නැහැ. එකතු වුණ චරිතවලින් ප්‍රධාන චරිත වලට ජීවයක් දෙනවා. නාට්‍යයක් තුළ දකින්න පුළුවන් ගුණය මේ වන විට ගෙනල්ලා තියෙනවා. බණ්ඩාරගම ඩේවිඩ් පීරිස් කාටින් බපචජඬ තමයි දර්ශන පථය වන්නේ. ඊට අමතරව කොට්ටාව, හොරණ. මොරගහහේන, හෝමාගම කඩුවෙල වැනි ප්‍රදේශවල රූගත කිරීම් කරනවා.

 

ඉදිරියේදී එන්න තියන නිර්මාණ මොනාද?

කෝඩුකාරයෝ අලුතෙන්ම කරපු නාට්‍යයක් එන්න තියෙනවා. මේක කොටස් 60 කින් සමාප්ත වෙනවා. අතුල ඉද්දමල්ගොඩ නිෂ්පාදනයක්. ලබන මාසේ මුල ඉඳන් විකාශය වීමට නියමිතයි. බරතලි තමයි මුලින්ම එන සිනමාපටය. තව සිනමා මට තුනක් විතර එන්න තියෙනවා. මගේ ලොකු බලාපොරොත්තුවක් තියෙනවා. යම් යම් සන්ධිස්ථාන වලදී ලොකු වෙනස්කම් ටිකක් කරන්නට. ඒ ටිකක කරමින් යන ගමනක්. තනිකඩ මගේ ජීවිතයේ හිමීට යන ගමනක් තියෙන්නේ. මගේ මේ ගමන සඳහා පවුලේ උදවිය සියලු දෙනාම සහ යාළු හිතමිත්‍රාදීන් උදව් කනවා. බලාපොරොත්තුවක් එක්ක ජීවත් උණොත් හැමදාම බලාපොරොත්තු තියාගන්න පුළුවන් දේවල් තමයි තියෙන්නේ.

 

 

[email protected]