මනුෂ්‍යත්වයේ හෘද ස්පන්දනය

නොවැම්බර් 16, 2023

පශ්චත්තාපී මානව අධ්‍යාත්මයේ චිත්තසංවේදී රූප සංධ්වනිය නර්මදා, ජස්ටින්, පද්මා, විහාරා, නිමන්ති, ජෝ, රොහාන් සහ අංජලී එක්ව ඔබට කියන්නට යෙදෙන කතාන්දරයයි ස්වර. සුඛෝපභෝගී ජීවන රටාවකට නතුව ජීවිතයේ සුන්දරත්වය අතිශයින්ම විඳීන සුප්‍රකට සංගීතවේදනීයක් වන නර්මදා, ඇයගේ වෘත්තීය ජීවිතය සාර්ථක කර ගැනීමට නිරන්තරයෙන් උත්සාහ ගනී. එලෙස යන ගමන් මගේදී ඇයට හමුවන විවිධ චරිත හතක රැඳුණු මානවීය සබඳකම් අතර අනේකවිධ චිත්තසන්තාපයන්ට මුහුණ දීමට ඇයට සිදු වේ. පවතින ජන සමාජය තුළ එදා සේම අදත් විවෘතව කතා කිරීමට මැළි කමක් දක්වන එච්.අයි.වී. ඒඩ්ස් රෝගය ලෝකය පුරා පැතිර ගියේ අද ඊයේ නොවේ. මේ රෝගයට ගොදුරු වූවන් සමාජයේ විවිධ පරිභවයන්ට, කොන් කිරීම්වලට ලක් වූයේ නිරායාසයෙනි. එය එසේ සිදු නොවිය යුතු බව ස්වර පැහැදිලි කරයි. සිංහල සිනමා ක්ෂේත්‍රයේ මෙතෙක් අවධානයට පාත්‍ර නොවූ සංකල්පයක් මත දිග හැරෙන ස්වර , ප්‍රත්‍යවේක්ෂණයෙන් යුතුව විමසීමට ප්‍රේක්ෂකයා පොලොඹවනු ලබයි.

ප්‍රවීණ ටෙලි නාට්‍ය හා චිත්‍රපට අධ්‍යක්ෂ සංජය නිර්මාල්ගේ වෙනස් මගක් ගත් සිංහල සිනමා වංශ කතාවට නවමු අත්දැකීමක් සනිටුහන් කරන සිනමා නිර්මාණයක් ලෙස “ස්වර” හඳුන්වා දීමට පුළුවන. ඔහු මෙයට ප්‍රථම “ සමාරා ”,“ රෝස කැලේ ”, “ ජූලි හතයි ”, “ප්‍රාණ ” වැනි චිත්‍රපට මෙන්ම ජනප්‍රිය ටෙලි නාට්‍ය රැසක් අධ්‍යක්ෂණය කළ ප්‍රවීණ නිර්මාණවේදියෙකි. මම ලෙඩෙක් මට ලෙඩක් , ඒ පොත නොහොත් සර්පයා මැරීම ඇතුළු ග්‍රන්ථ රැසක් ඔහු විසින් රචිතව එළි දක්වා ඇත.

ස්වර චිත්‍රපටයේ රංගන දායකත්වය

නීටා ප්‍රනාන්දු, ඩබ්. ජයසිරි, දමිතා අබේරත්න, අනුෂා රාජපක්ෂ, සචිනි අයේන්ද්‍ර, ධනූ ඉන්නසිත්තම්බි, ජීවන් කුමාරතුංග, දිලුනි මල්ලවආරච්චි , වීණා ජයකොඩි, ක්ලීටස් මෙන්ඩිස්, ශ්‍රියන්ත මෙන්ඩිස්, නිලන්ති විජේසිංහ, බුද්ධික ජයරත්න, අසේල ජයකොඩි, සරත් කොතලාවල, සංජීව දිසානායක, නිරෝෂන් ඉලේපෙරුම, ජානකී විජේරත්න, සංජීවනී වීරසිංහ, කුලිත රවිඳු පෙරේරා ඇතුලු පිරිසක් මේ සඳහා එක් වී ඇත.

 

ස්වර චිත්‍රපටයේ කාර්මික දායකත්වය

අධ්‍යක්ෂණය - සංජය නිර්මාල්

තිර රචනය - සංජය නිර්මාල් , යොලොන්ඩා වීරසිංහ

කතා සංකල්පය - යොලොන්ඩා වීරසිංහ

නිෂ්පාදනය - නීටා ප්‍රනාන්දු , මනෝහාන් නානායක්කාර

සංස්කරණය සහ ශබ්ද සංකලනය - ලාල් දිසානායක , නන්දා ජයකොඩි

කැමරා අධ්‍යක්ෂණය - ප්‍රභාත් රෝෂන්

අංග රචනය - නාරද ධනංජි තොටගමුව , විදුර සංඛ අබේධීර

කලා අධ්‍යක්ෂණය - මංජුල අයගම

වර්ණ සංකලනය - ආනන්ද බණ්ඩාර

නැටුම් අධ්‍යක්ෂණය - චන්න විජේවර්ධන

ඇඳුම් නිර්මාණය සහ විධායක නිෂ්පාදනය - යොලොන්ඩා වීරසිංහ

සහය අධ්‍යක්ෂණය - නිශාන්ත රණසිංහ, රංග මුණසිංහ, වසන්ත අමරසිංහ

කැමරා සහය - රොහාන් ධර්මසේන, ගනේෂ් කුමාර, නලින් ධම්මික

නිෂ්පාදන කළමණාකරණය - හැරල් කරුණාතිලක

කොණ්ඩා මෝස්තර - තුෂාර විදාන ගමගේ

නිෂ්පාදන විධායක - නිලන්ත හපන්වීර

විශේෂ ප්‍රයෝග - ඩොන් චානක රුක්මල්

උපසිරැසි - යොලොන්ඩා වීරසිංහ, ලාල් දිසානායක

සංගීත අධ්‍යක්ෂණය - රංග දසනායක

ගේය පද මාලා - නිලාර් එන්. කාසිම්, වසන්ත කුමාර කොබවක, හිමාලි එන්. ලියනගේ

ගීත ගායනය - ධනූ ඉන්නසිත්තම්බි , දයාසිරි ජයසේකර , නිරෝෂා විරාජිනී, සාලිය රංජන්, ප්‍රදීපා ධර්මදාස, රිනුදි විදත්‍යා කොබවක

අංග රචනා සහය - ළහිරු මධුමාධව

කලා සහය - ඩබ්.ඩී. දුලීප් ප්‍රනාන්දු, අරුණ ගුණවර්ධණ, ලෙස්ලි විමල් වීරවංශ

නිෂ්පාදන සහය - ඉන්දික සමන් කුමාර, හර්ෂ දිනේෂ් යාපා

ඉදිරිපත් කිරීම ඒෂියා ඩිජිටල් එන්ටර්ටෙයින්මන්ට්

 

ඇන්ටන් ජේ.ප්‍රනාන්දු

[email protected]