වර්ෂ 2023 ක්වූ December 03 වැනිදා Sunday
රහස් කියන කඳු මිථ්‍යාවක් මැවූ කතාවක යථාර්ථය

මෙරට එක්තරා කාල පරිච්ජේදයකදී දරා ගැනීමේ සීමාව ඉක්මවා ගිය තරුණ පිරිසකගේ පිබිදීමක් රජය විසින් ප්රචණ්ඩ ලෙස මර්දනය කරනු ලබයි. බොහෝ තරුණ තරුණියන් අකාලයේ මියයන්නේ, සමාජ දේශපාලන ප්‍රශ්න නිසා නොව, අද්භූත බලවේගයකට නතුව සියදිවි නසා ගැනීමේ මානසික තත්ත්වයක් මත බව නිල මාධ්‍ය මඟින් ප්‍රකාශ කරමින් මෙම අවාසනාවන්ත තත්ත්වයෙන් රටත්, රටවැසියාත්, රජයත් සුරැකීමට කටයුතු කරන බව නිවේදනය කරයි. රට පුරා කැරලි මර්දන ඒකක පිහිටුවමින් තරුණ්‍යය දඩයම් කිරීමේ මෙහෙයුමක ද රජය නිරතව සිටී. අතහැර දමනු ලැබු විශාල පාළු ගොඩනැගිල්ලක් මූලස්ථානය කර ගනිමින්, රජයේ නිලධාරියෙකු විසින් හත් දෙනෙකුගෙන් යුත් කැරලි මර්දන ඒකකයක් රහසිගතව පවත්වා ගෙන යනු ලබයි. අද්භූත බලවේගයෙන් මිදී මේ චාරිත්‍රය ඉටුකිරීම සඳහා, ඒ වනවිටත් තරුණයන්ගේ මළසිරුරු 19 ක් සුදානම්ව පවතී. තරුණයන් දෙදෙනෙකු ජිවග්රහණයෙන් යුතුව රඳවා ගනු ලබන්නේ ඔවුන්ගේ වහල් සේවය පිණිස සහ මළ සිරුරු විස්සක් කඳු මුදුනක වල දමා, ජීවමාන එක් තරුණයෙකු බිලි පූජාවට ලක් කිරීමේ අරමුණින් මරණයට පත්වු තරුණ පිරිසගේ අමානුෂික ඝාතනයන් සියැසින් දුටු සහ ඒවාට පසුව සිදුකරන ප්‍රකාශත්, මිථ්‍යා මතත් විශ්වාස නොකරන නිලධාරීන් පිරිස අතර මත ගැටුම් ඇතිවේ. එක් අහඹු අවස්ථාවකදී ජීවග්‍රහණයෙන් සිටි දෙදෙනා මාංචු පිටින් පලායති. ඔවුන් පසුපස හඹා යන නිලධාරීන්ට කුමක් සිදුවේද? පලායන තරුණයන් දෙදෙනාගේ දිවි සුරැකේද යනු, රහස් කියන කඳු, තුළින් ඔබට අනාවරණය කරනු ඇත.
සිනමා ප්‍රේක්ෂකයාට ආගන්තුකයෙක් නොවු ප්‍රතිභාපූර්ණ රංගනවේදියෙකු වු ජගත් මනුවර්ණ කුලුඳුලේ තිළිණ කරන,රහස් කියන කඳු, සිනමා කාව්‍ය ළඟදීම රිදී තිරය මත දිග හැරීමට ඔහු සූදානමින් සිටී. දශක දෙකකට ආසන්න ඔහුගේ නිර්මාණ දිවිය සිනමාවට හෝ පුංචි තිරයට පමණක් සීමාවුවක් නොවේ. මේ දිනවල පුංචි තිරයේ දිග හැරෙන,කොඩි ගහ යට, ටෙලි නිර්මාණය ඔහුගේවෙනස් මගක් ගත් ප්‍රතිභාවට හොඳ නිදසුනකි. කර්ම,නිකිණි වැස්ස, දැකලා පුරුදු කෙනෙක්, ගින්නෙන් උපන් සීතල, වැනි සිනමා නිර්මාණ හරහා ප්‍රේක්ෂක අවධානය දිනා ගත් ඔහු, සාර්ථක තිරකතා රචකයකු ද වේ. ඔහු විසින් නිර්මාණය කළ ,ගින්දර පොඩ්ඩක්, වෝටර් ලිලි සහ ප්ලේයින් කාඩ්ස් යනකෙටි චිත්‍රපට ත්‍රිත්වය, විවිධ සම්මාන උළෙලයන්හි හොඳම කෙටි චිත්‍රපටයට හිමි සම්මානය ඇතුළු විවිධ සම්මානයන්ට පාත්‍ර වීමද, ඔහු කලාලොව ලැබු විශිෂ්ට ජයග්රහණයන් අතර වේ.
රහස් කියන කඳු රංගන දායකත්වය
සරත් කොතලාවල, ප්‍රියන්ත සිරිකුමාර, ධර්මප්‍රිය ඩයස්, සම්පත් ජයවීර, ලක්මාල් ධර්මරත්න, ආනන්ද කුමාර උන්නැහේ, කලණ ගුණසේකර, ජගත් මණුවර්ණ, නිමල් පල්ලේවත්ත, චමින්ද පුෂ්පකුමාර, සමන්ත පරණ ලියනගේ, ගාමිණි ජයරත්න, ශ්‍රීමාල් වෙඩිසිංහ, මාදනි මල්වත්ත, ගයාත්‍රි ඒකනායක, නලින් ලුසේනා, කෝරළගේ සමන්, යසන්ත නිරෝෂන්, සමන් බණ්ඩාර ඇතුළු රංගන ශිල්පීන් රැසක් මේ සඳහා එක්වී ඇත.
රහස් කියන කඳු කාර්මික දායකත්වය
අධ්‍යක්ෂණය - ජගත් මණුවර්ණ
තිරරචනය - ජගත් මණුවර්ණ, නාමල් ජයසිංහ
නිෂ්පාදනය - සුනිල් ටී. ප්‍රනාන්දු, නිර්මාණ බණ්ඩාර
සම නිෂ්පාදනය - චන්න දේශප්‍රිය, රසිත ජිනදාස
කැමරා අධ්‍යක්ෂණය - විශ්වජිත් කරුණාරත්න
සහය අධ්‍යක්ෂණය- ලසන්ත ප්‍රැන්සිස්, ඉෂාර තිලකසිරි, සේවියර් කනිෂ්ක
සංස්කරණය - සංඛ මල්වත්ත
කලා අධ්‍යක්ෂණය - උපුල් චමිල බණ්ඩාර
අංග රචනය - මනනුවන් රූපසිංහ සහාය - තරංග උඩුමුල්ල
අංග රචනා සැලසුම - නාරද ධනංජි තොටගමුව
ශබ්ද සැලසුම - අරුණ ප්‍රියන්ත කළුආරච්චි සහාය - පුබුදු ධනංජය වනිගසේකර
වර්ණ සංයෝජනය - ආනන්ද බණ්ඩාර
ඇඳුම් නිර්මාණය - නාමල් බණ්ඩාර, චරිත් ගමගේ
සංගීත අධ්‍යක්ෂණය- තිලංක ගමගේ
දෘශ්‍ය ප්‍රයෝග අධීක්ෂණය - චත්‍ර වීරමන්
නිෂ්පාදන කළමණාකරණය - රොනිත් අධිකාරි
රේඛීය නිෂ්පාදනය - සුනිල් ධර්මසිරි, උදුල් ප්‍රේමරත්න
බාහිර ශබ්ද ප්‍රයෝග - ඩබ්.ජි. පොඩිරත්න සහාය - ප්‍රියන්ත නිරෝශන්
නිශ්චල ඡායාරූප - සමීර වීරසේකර, අසංක වීරසිංහ, රසික සූරසේන
කේෂාලංකරණය - හරූන් ෂයිඩින්
සහය කලා අධ්‍යක්ෂණය - සුමිත්‍රා ධර්මතිලක, සමීර ලක්මාල්, සමන් වන්නිනායක, චමිල ගුණතිලක, කෞශල්‍යා කරුණාරත්න, හෂිත මධුරංග.
කැමරා සහය - මුදිත විතානගේ, විමුක්ති සෝලංග ආරච්චි
ප්‍රධාන ආලෝකකරණ ශිල්පි - ඩී.එම්. ඉඳුනිල් සුරංග
ආලෝකකරණ ශිල්පීන් - සුමිත් මධුශාන්, චන්දන ප්‍රේමකුමාර, මහින්ද ප්‍රේමලාල්, කැලුම් සුරංග, ඒ.ජි.ඒ. තිලකසිරි, මංජුල නිලන්ත, හිරාන් ඉන්දික, ප්‍රසාද් දයාරත්න
සංගීතය පටිගත කිරීම - ගයාන් සී.බෙන්තරගේ
සංගීත මිශ්‍රණය - නදීක වැලිගොඩපොල