නොපැතු හදක බැඳුණු ආදරේ කන්දක් සේමා

නොවැම්බර් 2, 2023

රජයේ ආයතනයක සුලු සේවකයෙකු හා එහි වෘත්තිය සමිති ක්‍රියාකාරිකයෙකු ද වන නන්දරත්නගේ සහ පොඩි ප්‍රේමාගේ දියණිය නමින් නූපා නම් වේ. ඇය යොවුන් වියේ දී ප්‍රේම සබඳතාවයක පැටලී ඉන් පරාජිත වී හිදින්නීය. තම දුප්පත්කම නිසාම රුවටීමට ගොඳුරුව අවිවාහකවම පිළිසිඳී කළලය ඉවත් කරන්නට සිදු වීම පිළිබඳව කම්පාවට පත් වන නූපා, ජපානයේ නීගතාවේ වෙසෙන මහලු ගොවියෙකු හා විවාහ වන්නේ, එබඳු විවාහයන් සිදු කරන පුද්ලයෙකුගේ මාර්ගයෙනි. ඇය විවාහ වූ මසායා ෆුකසෝවා සමඟින් ජපානයේ නීගතාවට පිටත්ව යයි. වියපත් මසායාට තරුණ රූපාගේ හැගීම් තේරුම් ගැනීමට අපහසු වෙයි. නූපා ප්‍රාර්ථනා කළ සකුරා මල් වසන්තය ඇයට හමු නොවෙයි. ඇය තම නිවසට යන එන අකිකෝ හා ඥාතිවරියක වන මිචිකෝගේ උදව්වෙන් ජපන් භාෂාව උගනී. ඇය නීගතාවේ ෂිනානෝ ගංගාව දෙපසත්, පන්සල් භූමි හා නගරයේ ඔබ මොබ සැරි සරමින් කාන්සිය මගහරවා ගැනීමට වෙහෙස දරයි. මසායාට දරුවෙකු පිළිබඳව උනන්දුවක් නූවද, අවසානයේ නූපා මවක් බවට පත් වන්නේ කුසුමී නම් දියණියකටයි. මසායා සිය සුපුරුදු අලස ජීවිතය ගත කරන අතර, නූපා තම තරුණ දිවියට අහිමි වූ සොඳුරු ආදරය සොයනට වෙහෙසෙයි. මේ අතර තුර ලංකාවෙන් රැකියාවක් සඳහා ජපානයට පැමිණි සුමල් නැමති තරුණයෙකු හඳුනා ගැනීමට ඇයට හැකි වෙයි. කාලය ගත වීමෙන් අනතුරුව ඔවුන් පෙම්වතුන් බවට පත් වෙති. නමුත් සුමල් විවාහකයෙකු බව අනාවරණය වන විටත්, නූපා නැවතත් ගැබ් ගෙන අවසානය. මහත් කම්පනයට පත් වන නූපා සිය දිවි නසා ගැනීමට තීරණය කළද , කුසුමී නිසා එසේ නොකරයි. නූපාගේ ඉරණම කෙසේ විසදේ ද? මසායා නූපා සහ නූපන් දරුවා බාර ගනී ද? කන්දක් සේමා තුළින් ප්‍රේක්ෂක ඔබට පවසන්නේ මේ සුපෙම් කතාන්දරයයි. 

සිනමා ක්ෂේත්‍රයේ දීර්ඝකාලයක් සැරිසැරූ අශෝක ආතාවුදහෙට්ටිගේ දෙවන සිනමා නිර්මාණය ලෙසින් නිර්මිත කන්දක් සේමා නුදුරේම තිරගත වීමට නියමිතව ඇත. ඉදිරියේ දී තිරගත කිරීමට සැලසුම් කර ඇති මින්නු ඔහුගේ කුලුඳුල් සිනමා නිර්මාණයයි. 1974 වසරේ දී බෙකට් සහ හරිම බඩු හයක් වැනි වේදිකා නාට්‍ය තුළින් රංගන ශිල්පියකු ලෙස ක්ෂේත්‍රයට පිවිසි ඔහු, වේදිකා පරිපාලන ශිල්පියෙකු, ගුවන් විදුලි හා රූපවාහිනී හඬකැවීම් ශිල්පියෙකු, සහය සංස්කරණ ශිල්පියෙකු දේශීය හා විදේශිය චිත්‍රපට සහය අධ්‍යක්ෂවරයෙකු, නිෂ්පාදන සැලසුම්කරුවකු, කලා අධ්‍යක්ෂවයෙකු හා වාර්තා වැඩසටහන්, වේදිකා නාට්‍ය අධ්‍යක්ෂවරයෙකු ලෙසත් දීර්ඝ කාලයක් කලා ක්ෂේත්‍රයේ විවිධ අංශයන්හි නියැළෙමින් සුවිශාල පන්නරයක් ලැබූවෙකි. පසුගිය දා ඔහුගේ තෙවන සිනමා නිර්මාණය වූ ආදර අන්තය චිත්‍රපටයේ වැඩකටයුතු ද ආරම්භ විය.

කන්දක් සේමා චිත්‍රපටයේ රංගන දායකත්වය

නිරෝෂා පෙරේරා, ජූන් ඉතෝ, කොබයාසි ආයාකෝ, බිමල් ජයකොඩි, දිනෙත් ද සිල්වා, සිරිල් වික්‍රමගේ, වසන්ත කොටුවැල්ල, වීනා ජයකොඩි, කෞශල්‍යා ප්‍රනාන්දු, මිදොරි ඉසමුරා, සින්වා කතඔකා, යුකෝ තකයාමා, ප්‍රියංකර රත්නායක, විශ්වජිත් ගුණසේකර, ජයනි සේනානායක, නිලන්ති විජේසිංහ, දසුන් පතිරණ, ලක්ෂ්මන් මෙන්ඩිස්, පුබුදු චතුරංග, රවිඳු හසාංග ප්‍රනාන්දු, කරින් ඔගුරෝ, යුයිරා ගොතෝ ඇතුළු පිරිසකි.


කන්දක් සේමා චිත්‍රපටයේ කාර්මික දායකත්වය

අධ්‍යක්ෂණය - අශෝක ආතාවුදහෙට්ටි 
කතාව, දෙබස් සහ තිර රචනය -
සුමිත්‍රා රාහුබද්ධ
නිෂ්පාදනය - සමන්මලී පද්මකුමාර, ජයන්ත හෙට්ටිආරච්චි, මහාචාර්ය ආශු මාරසිංහ, සුමිත්‍රා රාහුබද්ධ
සහය අධ්‍යක්ෂණය - මොරියෝ ඔහාරා,
නිමල් විජේසිරි සේනාධීර
කැමරා අධ්‍යක්ෂණය සහ ආලෝකකරණය - රුවන් කොස්තා
සංස්කරණය - අජිත් රාමනායක
සංස්කරණ අධීක්ෂණය - රවීන්ද්‍ර ගුරුගේ
අංග රචනය - නාරද තොටගමුව, තනබේ කියෙකො, ෂිබාතා හිරෝමි
අංග රචනා සහය - විදුර ශානක අබේධීර, තුෂාර විදානගමගේ, ළහිරු රංජිත් 
කලා අධ්‍යක්ෂණය - කුමාර කරව්දෙනිය, ෂින්ජි ෆුජිවරා
කලා සහය - මනෝජ් වික්‍රමසිංහ, දිමුතු ප්‍රියජනක, සංජීව කරුණාරත්න,
සමන් ශ්‍රී නාරායන
නැටුම් අධ්‍යක්ෂණය - සංඛ අබේසිංහ
ශබ්ද පරිපාලනය - අරුණ ප්‍රියන්ත කළුආරච්චි , සහය - පුබුදු ධනංජය
වර්ණ සංයෝජනය - දිනිඳු ජාගොඩ
නිෂ්පාදක විධායක - මහාචාර්ය ජානක රාජපක්ෂ , මහාචාර්ය ආශු මාරසිංහ
රේඛීය නිෂ්පාදනය - සුමිත්‍රා රාහුබද්ධ
පසුබ්ම් සංගීතය අධ්‍යක්ෂණය -
සුරේෂ් මාලියැද්ද
ගීත රචනය - මහාචාර්ය සුනිල් ආරියරත්න, සුමිත්‍රා රාහුබද්ධ
ගීත ගායනය - අභිෂේකා විමලවීර, සඳුනි විජේතුංග
ගී තනු නිර්මාණය - සුරේෂ් මාලියැද්ද, ගයාත්‍රී කේමදාස 
නිශ්චල ඡායාරූප - මීෂා ගුණවර්ධන
නාමාවලිය - දුලාංජන ලක්ප්‍රිය
5.1 ශබ්ද සංකලනය - ගීතා ගුරප්පා (ඉන්දියාව)
ජපන් රංගන ශිල්පීන් සම්භන්ධීකරණය - ත්සුයෝෂි ෂිමාදා
භාෂා පරිවර්ථනය සහ සම්බන්ධීකරණය - මහාචාර්ය ජානක රාජපක්ෂ,
මහාචාර්ය කනො මිත්සුරු
ශබ්ද පටිගත කිරීම - මසරු ඌසුයි, සුජිත් පෙරේරා
විශේෂ ශබ්ද ප්‍රයෝග - ඩබ්.ජි. පොඩිරත්න
ඇඳුම් නිර්මාණය - කුමාර කරව්දෙණිය, යොක්කෝ
කැමරා සහය - රංගන ප්‍රසාද්, මජිත් එස්. උයංගොඩ, මහේෂ් ගුණරත්න
සිංහල උපශීර්ෂකරණය - නයනා පෙරේරා
දර්ශනතල වීඩියෝ කරණය - මීෂා ගුණවර්ධන , තත්ෂියා සතෝ
ප්‍රධාන ආලෝකකරණ ශිල්පී - බුද්ධික ඉන්ද්‍රජිත්