අපරාධයෙන් ගැලවී නාට්ටාමි සමාජයට එක්වන කොලු ගැටයාගේ කතාව

ඔක්තෝබර් 26, 2023

දරිද්‍රතාව හේතුවෙන් පියා අහිමි වී පවුල් සංස්ථාව කඩා හැලෙන වයස අවුරුදු 14 ක පමණ වන පිරිමි ළමයෙකු, තම මවට වන අසාධාරණයක් අභියස අපරාධයක් සිදුකර ඉන් ගැලවීම උදෙසා එම පළාතෙන් පැන යන අතර ඔහු අහඹු ලෙස කොළඹ පිටකොටුවට සේන්දුවේ. තම එකම පුතා සිදුකළ ඝාතන අපරාධය ස්ව කැමැත්තෙන්ම තමා මතට එල්ලකර ගන්නා මව පොලිස් අත් අඩංගුවට පත්වේ. කොළඹට පැමිණ නාට්ටාමි සමාජයට වැටෙන මෙම කොලු ගැටයා අපචාර උත්සාහයකට මුහුණ දී ඉන් ගැලවී නාට්ටාමිලා අතර ගැටෙමින් එක්තරා නාට්ටාමි පවුලක් සමඟ ජීවත් වන්නේ සැමගේ පොදු හිතවතෙකු බවට පත් වෙමින්ය. කෙමෙන් ඔහු ආර්ථිකමය වශයෙන් ශක්තිමත්ව තම මව නඩුවෙන් නිදහස් කර ගන්නේ නාට්ටාමි සමාජයේ උපකාරයෙන් හා ශක්තියෙන්ය. අවසානයේ ඔහු සමීපව ඇසුරුකරමින් ජීවත්වූ නාට්ටාමි පවුලේ බිරිඳ දැඩි ලෙස රෝගාතුරවේ. තමාට මවක් සොයුරියක් බඳුවු මෙම කාන්තාව ජීවිතයත් මරණයත් අතර සටනක යෙදෙන අතරේ මේ කොලු ගැටයාගේ ජීවිතය ආර්ථිකමය සහ ආත්මීය වශයෙන් තීරණාත්මක ජීවිත සන්ධිස්ථානයකට පැමිණේ .ඉන් ඉදිරියට ඔහුගේ ජීවිතය කුමන දිසාවකට ගමන් ගන්නෙද යන කුතුහලයට පිළිතුර ඔබ හමුවේ “නාට්ටාමි ආමි ” පවසනු ඇත.

සම්මාන රැසකට හිමිකම් කියූ “සදිසි තරණය” ටෙලි නිර්මාණය සමඟ පුංචි තිරය මතින් කලා ක්ෂේත්‍රයට අධ්‍යක්ෂවරයෙකු ලෙස පිවිසි දේවින්ද කෝන්ගහගේ තෙවන සිනමා නිර්මාණයයි “නාට් ආමි ආමි ” . ඔහුගේ ප්‍රථම සිනමා පටය “භවතරණ” 2021 වර්ෂයේ දී තිරගත විය. කලාවේ විවිධ ඉසව් නියෝජනය කරන ඔහුගේ දෙවන සිනමා නිර්මාණය “ගිරිවැසිපුර ” සිනමා පටයේ සියලු වැඩකටයුතු නිම කර තිරගත කිරීම සඳහා සූදානම්ව ඇත. වෙළෙද දැන්වීම් කිහිපයක් සඳහා ද තම රංගන දායකත්වය ලබා දී ඇති දේවින්ද , ටෙලි නාට්‍ය නිෂ්පාදකවරයෙකු ද වේ.

 

“නාට්ටාමි ආමි” රංගන දායකත්වය

අමිත්ත වීරසිංහ, ජයනි සේනානායක, කුමුදු නිශාන්ත, සනත් විමලසූරිය, මිහිර සිරිතිලක, ලක්ෂාන් වත්තුහේවා, වජිර කොඩිතුවක්කු , සෙනෙවි සිටුබණ්ඩාර, මරියම් විජේරත්න, නවීන් ප්‍රමෝද් ,ගුණදාස පතිරණගේ, කාංචනා රත්නායක තාරක නඳුන් ජයතිස්ස, රංග ජයකොඩි, විපුල අබේධීර, සුරංග හික්කඩුව , සරත් ගුණතිලක, ප්‍රියා කරුණාරත්න, සාලිත ධර්මසේන, ප්‍රසාද් ජයරත්න

 

“නාට්ටාමි ආමි” කාර්මික දායකත්වය

සංකල්පය, තිර රචනය, කැමරා අධ්‍යක්ෂණය, ගීත රචනය, නිෂ්පාදන සැලසුම හා අධ්‍යක්ෂණය - දේවින්ද කෝන්ගහගේ

නිෂ්පාදනය - කපුටා ටීවී

විධායක නිෂ්පාදනය - ගාමිණි පතිරණගේ

සිනමා කැමරාකරණය - පසිඳු කෞශල්‍ය

සංස්කරණය සහ වර්ණ සංයෝජනය - රන්දික නදීශාන් විජේමාන්න

අංග රචනය - රංග ජයකොඩි, මධුසංක දිසානායක, නාරද තොටගමුව

කලා අධ්‍යක්ෂණය - රොෂාන් පෙරේරා

සහය අධ්‍යක්ෂණය - දේවිකා කුමාරි, සඳුනි ජයපත්ම, ගණේන්‍දා කෝන්ගහගේ

නිෂ්පාදන කළමනාකරණය - හිරාන් අබේවික්‍රම, මහේෂ් වනිගසූරිය

සහය නිෂ්පාදන කළමනාකරණය - පුලින ගුණතිලක, අමිල ප්‍රනාන්දු

නිෂ්පාදන සම්බන්ධිකරණය - නයනි සිරිවර්ධන, සරත් ගුණතිලක, නිලන්ත තෙන්නකෝන්

වස්ත්‍රාභරණ සැලසුම් - ලෙස්ලි වීරසිංහ

නර්ථන වින්න්‍යාසය - ගණේන්‍දා කෝනගහගේ.

බාහිර ශබ්ද සංයෝජනය - තනුශ්ක කහඳවල

5.1 ශබ්ද පරිපාලනය - සශින් ගිම්හාන් පෙරේරා

ඡායාරූපකරණය - මිහායි ඉසුරු

පසුබිම් සංගීතය සහ ගීත 5.1 ශබිද පරිපාලනය - රංග දසනායක

පසුබිම් සංගීත අධ්‍යක්ෂණය සහ ගී තනු -බිබිලාදෙණියේ මහනාම හිමි

ගීත හඬ මාධුර්සය - නිමන්ත හේෂාන් ගමගේ, ඔමිරු සන්ධීර

පසුබිම් ගායනය - අසිත් අතපත්තු, නෙල්කා තිළිණි, ධනංජය ලක්ෂාන්, නඳුනි තමදරා, අනර්කලී විශ්වාලේඛා, රජින්ත සත්සර

භාහිර ශබ්ද පටිගත කිරීම හා සංකලනය - තනුෂ්ක කහඳවල, අවිශ්ක රත්මල්

හඬ පටිගත කිරීමේ තාක්ෂණ ශිල්පි - මියුරු සංගීත්

පරිගණක ග්‍රැෆික් නිර්මාණ ශිල්පි - කවිත සල්ගාදු

කලා අධ්‍යක්ෂණ සහය - රුවන් හසරංග, කපිල ගුණසේකර, ගැමුණු ජීවන්ත

නිෂ්පාදන සහය - කෝකිල ගුරුසිංහ, සුමිත් ජයදේව

ඉදිරිපත් කිරීම - සයිබර් සිනමා කෝපරේෂන්

 

[email protected]