ගැහැනු හැමදාම දැනෙන්න හෙව්වේ පිරිමි ආදරයක්

ඔක්තෝබර් 19, 2023

පෞද්ගලික ආයතනයක සේවයේ නිරත ආශාවි, නව යොවුන් වියේ පසුවන රූමත් තරුණියක්, ඇයගේ පෙම්වතාව සිටි අරවින්ද හදිසි අනතුරකින් මියයාම හේතුවෙන් කම්පනයට පත්වන ඇය, ඔහුට බැඳි ආදරය හිත දරා ජීවත් වෙයි. මේ අතර රුවන් නම් තවත් කඩවසම් යෞවනයෙකු ඇයගේ ආදරය පතා ඈ පසුපස ලුහුබඳී, රුවන්ට අමතරව, එම ගම වෙසෙන සල්ලාල තරුණ කුලීකරුවකු වූ සිරිල් රාගික සිතැතිව ආශාවී ගොදුරක් කර ගැනීමේ අරමුණින් කල් මරයි. අරවින්ද සැබැවින් මිය ගියද, තම නිවෙසේ ඇති අරවින්දගේ ඡායාරූපය දෙස නෙත් යොමා ඔහු හා නිරන්තරයෙන් දොඩමළු වෙමින් මනසින් ඔහු හා ජීවත් වීමට ආශාවී උත්සාහ දරයි. රුවන් සහ සිරිල් ඔවුනොවුන්ගේ අරමුණු සාක්ෂාත් කර ගැනීමේ අදිටනින් කටයුතු කරයි. අශාවිගේ නොසැලෙන සිත වෙනස් කිරීමට මොවුන් දෙදෙනාගෙන් කාට හැකි ෙවිවිද? ඔවු නොවුන්ගේ ඉරණම කෙලෙස විසදේවිද යන පැනයට පිළිතුරු “පිරිමි ආදරයක්’ තුළින් පේ‍්‍රක්ෂක ඔබට පවසනු ඇත. 

සිංහල සිනමා කතාවට ප්‍රථම වරට තනි අකුරක නමක් රැගෙන, වෙනස් මඟක් ගත් කතා තේමාවක් ද සමඟින් සාම්ප්‍රදායික සිනමාශාලා ප්‍රදර්ශනයෙන් බැහැරට ගොස් ‘ඈ’ නමින් සිනමා පටයක් ප්‍රේක්ෂකයා වෙත ඉදිරිපත් කළ, ප්‍රකට චිත්‍රපට අධ්‍යක්ෂ එරංග සේනාරත්නගේ නවතම සිනමා නිර්මාණයයි ‘පිරිමි ආදරයක්’ ඔහු ක්ෂේත්‍රයට පිවිසෙන්නේ 1999 වර්ෂයේ තිරගත වූ ‘සුරයහන ගිනි ගනී’ සිනමාපටය සමඟිනි. ඉන් අනතුරුව ‘ගිනිගත් මධු සමය’ (2000), ‘රෝස පැටික්කී’ (2002), ‘සිනාසුණා ආදරෙන්’ (2009), ‘ස්විට් එන්ජල් ‘(2011), ‘නෝනෙ මගෙ සුදු නෝනෙ (2015) සහ ‘මොනාලිසා’ (2022) යන චිත්‍රපට පේ‍්‍රක්ෂකයා අතරට ගෙන ඒමට කටයුතු කළ අතර, ඉදිරියේදී තිරගත කිරීම පිණිස ‘නෝනා හරිම වසයි’, ‘නිලු මං ආදරෙයි’, ‘ආදරෙයි ජානු’ සහ ‘ටාජ් මහල්’ යන චිත්‍රපට පෙළගස්වා ඇත. ඔහු විසින් නිර්මාණය කළ ටෙලි නිර්මාණ සංඛ්‍යාව ද අති විශාලය.

පිරිමි ආදරයක් රංගන දායකත්වය

මේනක රාජපක්ෂ, හිරුණි රණසිංහ, රුවන් පෙරේරා නෙතලි නානායක්කාර, සුසංග කහඳවආරච්චි, සැනට් දික්කුඹුර, උපුලි තෙන්නකෝන්, සරත් කුමාර, මෙත්තානන්ද විතානගේ, අජිත් ප්‍රනාන්දු, නිහාල් සිල්වා. එන්.ඩී. මංගලිකා දමයන්ති, ශාලිකා දමයන්ති, පිහන්සා සදෙව්මි සචිකෙන්ද (ළමා නිළිය), හිරුෂාන් විදුල් උචින්දන, එස්.ඒ. චන්ද්‍රසේන.

පිරිමි ආදරයක් කාර්මික දායකත්වය
අධ්‍යක්ෂණය හා කතා සංකල්පය -
එරංග සේනාරත්න
තිර රචනය, දෙබස් හා ගීත රචනය -
ඩිනලි රාජපක්ෂ සේනාරත්න
නිෂ්පාදනය - සුරේන් පෙරේරා
කැමරා අධ්‍යක්ෂණය හා අලෝකකරණය -
උපුල් පි‍්‍රයාන්
සංස්කරණය - දසුන් රණසිංහ
5.1 ශබ්ද මිශ්‍රණය හා විශේෂ ශබ්ද -
ශෂින් ගිම්හාන් පෙරේරා
වර්ණ සංයෝජනය - ශාන් අල්විස්
කලා අධ්‍යක්ෂණය - සුරංග ප්‍රදීප් සහය මධු
අංග රචනය සහ කොණ්ඩා මෝස්තර -
ළහිරු නිශාන් ධනුශ්ක
අංග රචනා සහය - මධුසංඛ දිසානායක,
බුද්ධික සඳරුවන්
සහය කැමරා ශිල්පී - ශෂිල් ශිරෝෂ් (සෝමේ)
සහය අධ්‍යක්ෂණය - එච්. එම්. තනුජ
නර්තන නිර්මාණය - සංඛ ප්‍රසාද්
නිෂ්පාදන කළමනාකරණය - රෝලන්ද සිල්වා 
නිශ්චල ඡායාරූපකරණය - මහේෂ් නිශාන්ත
ආලෝකකරණය සහය - අමිත් විජේසිංහ, චින්තක නිරෝෂ් කුමාර, හේෂාන් යසිත, මාලක ලක්ෂාන්
සංගීත අධ්‍යක්ෂණය - එන්.එම්. වසයිලාවෝ
ගීත ගායනය - විශාරද චම්පා කල්හාරි ජයසේකර
නිෂ්පාදක විධායක - ඩිලාන් ජගත්
නිෂ්පාදන සැලසුම්කරණය හා මුල්‍ය කළමනාකරණය - ඩිනාලි රොෂාන්ති සේනාරත්න
ඉංගී‍්‍රසි උපසිරැසි අකිත්මා සේනාරත්න
ඩ්‍රෝන ක්‍රියාකරු - ශාලිත ජයසුන්දර
සංස්කරණ මැදිරිය හා දෙබස් පටිපාටගත කිරීම - ආර්.එස්. ස්ටුඩියෝ
ගීත හා පසුබිම් සංගීතය පටිගත කිරීම -
ස්ටුඩියෝ එන්.එන්.ටී.වී. මීඩියා නෙට්වර්ක්
කැමරා උපකරණ සැපයීම - වියානා ක්‍රියේෂන්, ශි‍්‍රනාත් පෙරේරා
පොලිස් උපකරණ හා නිල ඇඳුම් සැපයීම -
කීර්ති රංජිත් පිරිස්
ඉදිරිපත් කිරීම - ශී‍්‍ර ජය සිනෙරු