වර්ෂ 2023 ක්වූ December 01 වැනිදා Friday
කතුරු මිතුරු විශේෂ දැක්ම
අගෝස්තු 31, 2023

සිනමාත්මක ප්‍රහසන කලාවේ නැවුම් හැරවුම් ලක්ෂ්‍යයක් ලෙසින්, ප්‍රවීණ රංගන ශිල්පී, තිර පිටපත් රචක සහ අධ්යක්ෂ ගිරිරාජ් කෞශල්‍යගේ නවතම සිනමා නිර්මාණය ‘කතුරු මිතුරු’ විශේෂ මාධ්‍ය දර්ශනය සැප්තැම්බර් 01 දා ලිබර්ටි සිනමා ශාලාවේදී පැවැත්වේ. එය ආලංකුලම ෆිල්ම් වෙනුවෙන් බාසුරු සිරිවර්ධනගේ නිෂ්පාදනයකි. ආචාර්ය ජයලත් මනෝරත්නයන් මියයෑමට පෙර රංගනයෙන් දායක වූ සිනමාපට අතර ‘කතුරු මිතුරු’ සුවිශේෂි නිර්මාණයක් වන අතර, මහේන්ද්‍ර පෙරේරා, රොඩ්නි වර්ණකුල සමඟ ගිරිරාජ් කෞශල්‍ය, ප්‍රියන්ත සෙනෙවිරත්න, සම්පත් ජයවීර, ගිහාන් ප්‍රනාන්දු රංගනයෙන් එක්වෙති.