වර්ෂ 2023 ක්වූ December 07 වැනිදා Thursday
අයුක්තියට එරෙහිව එදත් දිනුම් අදත් දිනුම්

“එදත් දිනුම් අදත් දිනුම්” ජනප්‍රිය චිත්‍රපට නිෂ්පාදක අධ්යක්ෂ ප්රිතිරාජ් වීරරත්නගේ නවතම සිනමා නිර්මාණයයි. මෙයට ප්‍රථම “තිත්ත ඇත්ත” (2019), “රශ්මි” (2022) යන නිර්මාණ ඔහුගේ අධ්යක්ෂණයන් ලෙසින් ප්‍රේක්ෂකයා වෙත ඉදිරිපත් කළ අතර, “නොම්මර 17” (1989), “ඉට්ස් අ මැටර් ඔෆ් ටයිම් ” (1991), “සූර වීර චණ්ඩියෝ” (1993), “පුදුමයි ඒත් ඇත්තයි” (1995) නිෂ්පාදනය කල ඔහු, අධ්‍යක්ෂවරයෙකු සේම තිර පිටපත් රචකයකු ද වේ.
මෙහි කතා තේමාව වී ඇත්තේ, හදිසි අනතුරකින් දෙමව්පියන් අහිමි වන රශ්මිගේ දේපොළ හොර රහසේ වංචනිකව ලබාගැනීමට වෙර දරන සිය ඥාතීන් පිරිසක් සහ අහම්බෙන් ඇයට මුණ ගැසෙන මිතුරන් පිරිසක් වටායි. මසා නිම කළ ඇඳුම්, කඩ සාප්පුවෙත අලෙවි කිරීමේ ව්‍යාපාරයක නිරත වන විජය සහ ටියුබ් ලයිට් ගජ මිතුරන් වෙති. ඔවුන්ගේ ව්‍යාපාරික වෑන් රථයේ කාටත් හොර රහසේ චිම්පන්සියෙකු ද සිටී. සිය දෙමව්පියන් මිය යාමෙන් අනතුරුව රශ්මි ලංකාවට එන්නේ ඇය සතු දේපොළ පිළිබඳව සොයා බැලීමටයි. තම නැන්දා සහ මාමා රශ්මිගේ බූදලය ලබා ගැනීමේ අරමුණින් ඔවුනට හිතවත් තරුණයෙකුට රශ්මිව විවාහ කරදීමට සූදානම් වෙයි. එයට අකැමැතිවන ඇය හොර රහසේ නිවසින් පිටව යන්නේ, නුවරඑළියේ සිටින ඇයගේ යෙහෙළියකගේ නිවසට යන අරමුණෙනි. අහඹු ලෙස ඇයට විජේගේ වාහනය හමුවීම නිසා ඔවුන් සමඟ ඇය මිතුරිය සොයා යයි. ගමනාන්තයේදී එකිනෙකා සමුගෙන ඇය මිතුරිය සොයා ගියත් , ඇය කලකට පෙර සිය පදිංචිය වෙනස් කළ බව දැන ගැනීමට හැකිවෙයි. අවුලෙන් යුතුව එන ඇයට පාළු ප්‍රදේශයකදී යම් කරදරයකට මුහුණ පෑමට සිදුවෙයි. එහිදීද විජේ සහ ටියුබ් ලයිට් පැමිණ ඇය මුදාගෙන ඔවුහු සමඟින් කැඳවා ගෙන යති. මේ සමඟම විවිධ ප්‍රශ්න රැසකට මුහුණ දීමට රශ්මිට සිදුවේ. ච්ම්පන්සියාගේ භූමිකාව කුමක්ද ? රශ්මි විජේ පෙම්වතුන් වේද ? ඇය සතු දේපළ බේරාගන්නේ කෙසේද යන පැනයන්ට “එදත් දිනුම් අදත් දිනුම්” තිරගත වූ දිනෙක පිළිතුරු ලැබෙනු ඇත.
එදත් දිනුම් අදත් දිනුම් චිත්‍රපටයේ රංගන දායකත්වය
පුබුදු චතුරංග, මදුෂාණි වික්‍රමසිංහ, චතුර පෙරේරා, සුසිලා කෝට්ටගේ, ජයසේකර අපෝන්සු, ආරියසේන ගමගේ, රජිත හිරාන්, ඩී.බී.ගංගොඩතැන්න, දිල්කි මිහිරාජි, උදය කුමාර රණසිංහ, චාන්දනි ෆ්‍රෙඩී සිල්වා, කීර්ති රංජිත් පීරිස්, ටෙඩි විද්‍යාලංකාර, කිරන් ජි.සෙයිසා, රවින්ද්‍ර ප්‍රදීප් උඩත්තව, කුමාර රණේපුර, මහින්ද ඉහළගම, ප්රිති විජේසිංහ, ලක්මී කරුණාආරච්චි, සාරා සංගීතා, නිලූක්ෂි ගුණවර්ධන
එදත් දිනුම් අදත් දිනුම් චිත්‍රපටයේ කාර්මික දායකත්වය
කතාව - දෙබස් - තිර රචනය
නිෂ්පාදනය සහ අධ්‍යක්ෂණය -ප්‍රීතිරාජ් වීරරත්න
සහය අධ්‍යක්ෂණය - සුරේෂ් කුමාරසිංහ, සෙනේෂ් අත්තනායක, නිලුක්ෂි ගුණවර්ධන
කැමරා අධ්‍යක්ෂණය හා ආලෝකකරණය -සජිත වීරප්පෙරුම
කැමරා සහය - ගයාන් ගීතප්‍රිය
සංස්කරණය - ප්‍රවීන් ජයරත්න
පසුබිම් සංගීත අධ්‍යක්ෂණය සහ 5.1 ශබ්ද සංකලනය - සශින් ගිම්හාන් පෙරේරා
අංග රචනය - උභය දිසානායක සහය නිමේෂ් වීරසූරිය, නිපුනි මින්දුලා
කලා අධ්‍යක්ෂණය - රංජිත් ද සිල්වා, සහය රෝහිත කුමාර, කුමාරි දිසානායක
නැටුම් අධ්‍යක්ෂණය - සංඛ ප්‍රසාද්
සටන් අධ්‍යක්ෂණය - ටෙඩී විද්‍යාලංකාර
ඇඳුම් නිර්මාණය - රමේකා නානායක්කාර
දෙබස් පටිගත කිරීම - සශින් ගිම්හාන් පෙරේරා
අතිරේක ශබ්ද - ඩබ්.ජි. පොඩිරත්න
අතිරේක ශබ්ද පටිගත කිරීම - සශින් ගිම්හාන් පෙරේරා / තනුෂ්ක කහඳවල
නිශ්චල ඡායාරූප - සීතන් ගුණවර්ධන
නිෂ්පාදන කළමණාකරණය - අජිත් ප්‍රනාන්දු, සහය සමිත ෂාන්
මැදිරි තාක්ෂණ සහය - තනුෂ්ක කහඳවල
ආලෝකකරණය ශිල්පීන් - චමින්ද පතිරත්න, රොහාන් බුලත්සිංහල
කැමරා උපකරණය සැපයීම - ඩිල් ෆිල්ම්ස්
ගීත සංගීත අධ්‍යක්ෂණය - ඉරාජ් වීරරත්න, අර්නස්ට් සොයිසා
ගීත රචනය - හේමසිරි හල්පිට, සම්පත් ප්‍රනාන්දුපුල්ලේ, වසන්ත දුක්ගන්නාරාල
ගීත ගායනය - විජය කුමාරතුංග, ෆ්‍රෙඩී සිල්වා, ඉරාජ් වීරරත්න, සමිතා මුදුන්කොටුව, ඉන්ෆාස් නූරිදීන්
විවිධ සහය - මෙලෝ බෙන්ජමින්
විදුලිජනන යන්ත්‍ර ක්‍රියාකරු - ලලිත් වසන්ත