වර්ෂ 2023 ක්වූ October 03 වැනිදා Tuesday
බෞද්ධ දර්ශනයේ යථාර්ථය පෙන්වූ පානදුරාවාදය

නාට්‍ය සහ චිත්‍රපට කළමනාකරණය පිළිබඳ දර්ශන ආචාර්යවරයකු සේම කලා ක්ෂේත්‍රයේ විවිධ විෂයන් පිළිබඳ සම්මාන ලාභියෙකු වූ, ප්‍රවීණ වේදිකා නාට්‍ය නිර්මාණවේදී සිසිල් ගුණසේකරගේ කුලුඳුල් සිනමා නිර්මාණයයි. පානදුරාවාදය, ඓතිහාසික සත්‍ය සිදුවීමක් පාදක කර ගනිමින් මේ සිනමා පටය නිර්මාණය කර ඇත. පුදුම ලාම්පුව, ගුවන් කරණම්, රැල්ල, උකුස්සා, එක් සේවකයෙක් සහ ස්වාමිවරු දෙදෙනෙක්, රැල්ලෙන් රැල්ල, සයනයේ සිහිනය, දෙහිවල හන්දිය, වඩමාරච්චි, රැලිය, නෙල්සන් මැන්ඩෙලා, එළිය ඇතුළු වේදිකා නාට්‍ය රැසක් නිර්මාණය කළ ඔහු, දේශමාන්‍ය සහ දේශබන්දු යන ගෞරවනාමයන්ගෙන්ද පිදුම් ලැබූ නිර්මාණවේදියෙකි.
ශ්‍රී ලාංකේය ඉතිහාසයේ නිර්මල බෞද්ධ ජනයා තුළ වැදගත් සංධිස්ථානයක් සනිටුහන් කළ පානදුරාවාදය, පවත්වා වසර 150 ක් සපුරා ඇත. ඒ සඳහා නායකත්වය ලබාදුන් වාදීහසිංහ මොහොට්ටිවත්තේ ගුණානන්ද හිමියන් පිළිබඳ හා ඒ හිමියන් බාලේ සිට පැමිණි ගමන් මඟ පිළිබඳ මේ සිනමාපටයෙන් විචිත්‍රණය වේ.
බුදු දහමේ යථාර්ථය ලොව හමුවට ගෙනගිය මිගෙට්ටුවත්තේ ගුණානන්ද මාහිමිපාණන් වහන්සේට හිමිවන්නේ අද්විතීය ස්ථානයකි. එකල බුදු දහම පිළිබඳ ඉදිරිපත් කළ විවිධ මිථ්‍යාමත බිඳහෙළීමට ගුණානන්ද හිමිපාණෝ අනුගමනය කළ ප්‍රබල ක්‍රියාමාර්ගයක් ලෙස 1864 වසරේ සිදුකළ බද්දේගම වාදය, 1866 දී සතර කෝරළයේ උයන්විටදී සිදුකළ වාදය, 1871 වසරේදී ගම්පොළ පාසැලක සිදුකල ගම්පොළ වාදය, 1899 දී ඔරුගොඩවත්තේ දී සිදුකළ වාදය හා අවසන, බෞද්ධාගම බොහෝ සෙයින් උපහාසයට ලක්ව තිබූ අවධියක, 1873 දී පානදුරේදී සිදුකළ පානදුරාවාදය බෞද්ධයන් තුළ මහත් ප්‍රබෝධයක් ඇති කරලීමට සමත්විය. සුන්දර නොවුණමුත්, උන්වහන්සේ පැමිණි ආදර්ශමත් ගමන් මග ඊයේ අද හෙට පමණක් නොව මතුවටත් සිහිපත් කළයුතු වේ. එපුවත් නොදත් සියලු ජනී ජනයා මෙයින් මහඟු මාර්ගෝපදේශයක් ලබනු ඇත.
පානදුරාවාදය රංගන දායකත්වය
සංජීව වික්‍රමසිංහ, ප්‍රියංකර රත්නායක, සුරංගා රණවක, ටේ‍්‍ර හික්ස්, විජේරත්න වරකාගොඩ, පාලිත පෙරේරා, දයා තෙන්නකෝන්, ආනන්ද වික්‍රමගේ, ඩී.බී. ගංගොඩතැන්න, ජගත් බෙනරගම, ඩික් විලර්, රිචර්ඩ් මුන්ඩි, රොබට් සියේරා, පීටර් සටනීටස්, තුසිත ලක්නාත්, වසන්ත විට්ටච්චි, සේවියර් කනිෂ්ක, ජයන්ත මුතුතන්ත්‍රි, ජෙහාන් ශ්‍රිකාන්ත අප්පුහාමි, ඥානාංග ගුණවර්ධන, නෝමන් පලිහවඩන, ෆෙලීසියන් පෙරේරා ඇතුළු විශාල පිරිසක් දායකව ඇත.
පානදුරාවාදය කාර්මික දායකත්වය
තිරරචනය සහ අධ්‍යක්‍ෂණය - ආචාර්ය සිසිල් ගුණසේකර
නිෂ්පාදනය - කෝසල ගමගේ
කැමරා අධ්‍යක්‍ෂණය - කපිල සුගත්
සහය අධ්‍යක්‍ෂණය- ලසන්ත මධුෂාන්, නුවන් ශ්‍රිනාත්, ප්‍රදීප් තිලකරත්න
කැමරා සහය - බුද්ධික සේරසිංහ, ෆ්‍රෑන්ක්ලින් රූෆ්
සංස්කරණය සහ ශබ්ද නිර්මාණය - තනුෂ්ක කහඳවල
ශබ්ද සංකලනය - සශින් ගිම්හාන් පෙරේරා
කලා අධ්‍යක්‍ෂණය සහ පසුතල නිර්මාණය - පියතිස්ස අකුරම්බොඩ
කලා අධ්‍යක්‍ෂණ සහය - නිශාන්ත කුමාර ධර්මදාස, මංගල දීගල්ල, පවිත්‍ර අබේසිංහ
අංග රචනය - හර්ෂ මංජුල
අංග රචනා සහය - මධුසංඛ දිසානායක, මනනුවන් රූපසිංහ
ඇඳුම් නිර්මාණය - එම්.එස්.බී. දිසානායක
ඇඳුම් නිර්මාණය සහය - සංජිව කරුණාරත්න, සුභාෂ් ප්‍රදීප් ජයසිංහ, දිමුතු ප්‍රියජනක
රේඛීය නිෂ්පාදනය - සුරංගා රණවක
නිෂ්පාදන කළමණාකරණය - ගයාන් දේශප්‍රිය
සම්බන්ධීකරණ අධ්‍යක්‍ෂ - කුමාර් කඳනේආරච්චි
සංගීත අධ්‍යක්‍ෂණය - නිලන්ත ශ්‍රී පතිරණ
ගීපදමාලා - කමල් කරුණානායක, නිලාර් එන්. කාසිම්
ගීත ගායනය - සුනිල් එදිරිසිංහ, උරේෂා රවිහාරි
නිශ්චල ඡායාරූප - ධම්මික පතිරණ
නිෂ්පාදන සම්බන්ධීකරණය - චතුරංගි ශශිකලා පතිරගේ
දර්ශන තල ශබ්ද පටිගත කිරීම - ඉන්දික සිසිර කුමාර
ප්‍රධාන ආලෝකකරණ ශිල්පී - චමින්ද පතිරත්න
ආලෝකකරණශිල්පීන් - එස්.එන්. රවිරාජ්, ප්‍රදීප් නිශාන්ත, ජනක නන්ද කුමාර
ට්‍රැක්ඩොලි ක්‍රියාකරු - දීප්ති අරුණ, ලලිත් වසන්ත ප්‍රනාන්දු
ෆෝකස් පුලර් - ආනන්ද බණ්ඩාර හේරත්
සංගීතය පටිගත කිරිම සහ මිශ්‍රණය - දයානන්ද පෙරේරා, කසුන් කොළඹගේ
කැමරා උපකරණ සැපයීම - ප්‍රවීන් ජයරත්න (ඩිල් ෆිල්ම්ස්)