වර්ෂ 2023 ක්වූ September 26 වැනිදා Tuesday
“වැරැදුණු මඟ නිවැරැදි කළ” අපේ ප්‍රින්සිපල්

වර්තමානයේ බොහෝ විද්‍යුත් මුද්‍රිත හා සමාජ මාධ්‍ය ජාලා තුළින් නිතර නිතර අසන්නට, දකින්නට ලැබෙන්නේ මෙරට ළමා පරපුර ශීඝ්‍රයෙන් විවිධ මත් ද්‍රව්‍ය සඳහා යොමු වී ඇති ආකාරයත්, ඉන් නොනැවතී විවිධ අපචාරයන්ට ඔවුන් ගොදුරුවීමත්, විවිධ ඇබ්බැහිවීම් හේතුවෙන් ළමා වියේදීම සිය දිවි නසා ගැනීම් වැනි ප්‍රවෘත්තිය. මත් රකුසා විසින් ගමත් නගරයත් එකසේ ආක්‍රමණය කර ඇති බැව් මින් පැහැදිලි වේ.
යාන්ත්‍රික ජීවීතයනට නතුවී ඇති බොහෝ දෙමව්පියන්ට දරුවන් පිළිබඳව සොයා බැලීමට හෝ ඔවුන්ට ආදරය හා නිසි රැකවරණය ලබා දීමට නොහැකි තත්වයකට පත්වී ඇත. යොවුන් දරුවන් ඉලක්ක කර ගනිමින් මත් රකුසා පාසැලට පැමිණෙන්නේ සමහර අනීතික ගුරුවරුන්ගේ ද අනු දැනුම ඇතිවය. බොහෝ ගම්වල නූගත් පිරිස් විසින් මෙම අකටයුතු මෙහෙයවනු ලබයි.
මෙලෙසින් විනාශ වූ එක්තරා ග්‍රාමීය පාසැලකට නව පත්වීමක් ලැබ පැමිණෙන තාරුණ්‍යය නොඉක්මවූ විදුහල්පතිනියක් විසින්, එම පාසැලත් ගමත් නිවැරදි දිශානතියකට යොමුකර ලීමට ගන්නා වෙහෙස පිළිබඳව මෙම සිනමා පටය තුළින් විචිත්‍රකරණය වේ. මත් ද්‍රව්‍යන්ට හා විවිධ අපචාරයන්ට ගොදුරු වූ දරුවන් ඇය ඉන් මුදවා ගන්නේ කෙසේද? මත් ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ගේ අභියෝගයන්ට ඇය මුහුණ දෙන්නේ කෙසේද? ඇයට සහයෝගය දක්වන ග්‍රාමීය තරුණයාගේ අරමුණ කුමක්ද යන සියලු පැනයන්ට පිළිතුරු “අපේ ප්‍රින්සිපල්” නුදුරේම ප්‍රෙක්ෂකයාට ලබා දෙනු ඇත.
රූපවාහිනී දැන්වීම් ක්ෂේත්රයේ සහය අධ්යක්ෂවරයකු ලෙසින් වසර ගණනාවක මනා නිපුණත්වයක් ලත්, ප්‍රවීණ ඡායාරූප ශිල්පියකු ලෙසින් ද කලා ලොව හා සම්බන්ධව සිටිනා ක්‍රිෂ් ඇන්තනීගේ නවතම සිනමා වෘත්තාන්තය ලෙසින් අපේ ප්‍රින්සිපල් ළඟදීම තිරගත වීමට නියමිතව ඇත. ඔහු මෙයට ප්‍රථම තිර රචනයේ සිට තිරය දක්වා යන මාතෘකාව යටතේ පැය හැට හයක් වැනි කෙටි කාලයක් තුළ ලෝක ගිනස් වාර්තාවක් වෙනුවෙන් බාඳුරා නමින් චිත්‍රපටයක් නිර්මාණය කර ඇත. එය මෙතෙක් තිරගත වී නොමැත. තිර රචකයෙකු ද වන ඔහු විසින් නිර්මාණය කරන ලද පාස්පෝට් නම් වූ වෘත්තාන්ත චිත්‍රපටය ද සියලු වැඩ නිමවා ඉදිරියේ දී තිරගත කරවීමට සැලසුම් කර ඇත.
අපේ ප්‍රින්සිපල් චිත්‍රපටයේ රංගන දායකත්වය
දිල්හානි ඒකනායක, රොජර් සෙනෙවිරත්න, ජගත් චමිල, ශ්‍යාම් ප්‍රනාන්දු, රුක්ෂාන්ති පෙරේරා, සමන්ත කුමාර ගමගේ, චමින්ද බටුකොටුව, ශිරන්ත ප්‍රේමවර්ධන, නයනා රඹුක්කනගේ , දුනිෂා පියුමි, පාලිත ප්‍රේමකුමාර, මංජු මුදලිගේ, තිස්ස ගුණතිලක, කාන්චනා සෙව්වන්දි, සමන්ත කුමාර අනුරාධ රාජපක්ෂ, කනිෂ්ක රණබාහු, රාධිකා ළමා නළු නිළියන් : හිරුණ දෙව්මින් සිල්වා, අනුහස් සංඛණ, නමිඳු හසංක, ඩැරල් ජෙරම්, ටකෙසි දෙව්මිණි, නමිඳු මීගහගේ, ජේසන් ජෙහැන් ඇන්ටනි, රොනාල්ඩ් ජේඩන් ඇන්ටනි,
අපේ ප්‍රින්සිපල් චිත්‍රපටයේ කාර්මික දායකත්වය
කතාව සහ අධ්‍යක්ෂණය - ක්‍රිස් ඇන්ටනි
තිර රචනය සහ දෙබස් - ලලිත් වරුණ රාජපක්ෂ
නිෂ්පාදනය - කැප්චර් 2 ඇඩ්වටයිසිං පුද්ගලික සමාගම
කැමරා අධ්‍යක්ෂණය - විශ්වජිත් කරුණාරත්න
කැමරා සහය - යසස් ශ්‍රී අත්තනායක, පූජිත ගුණරත්න, චතුර ශශිරංග
සංස්කරණය, වර්ණ සංයෝජනය-නාමාවලිය සහ විශේෂ ප්‍රයෝග - ශාන් අල්විස්
සහය අධ්‍යක්ෂණය - ප්‍රදීප් කේ. රාජපක්ෂ, මාධව මනතුංග, ඉඳුනිල් දැරණියගල
රේඛීය නිෂ්පාදනය - ලලිත් වරුණ රාජපක්ෂ
අංග රචනය - මනනුවන් රූපසිංහ
අංග රචනා සහය - මදුසංක දිසානායක, නිමේෂ් චතුරංග , රන්මුතු සත්සර නිර්මාණ
ඇඳුම් නිර්මාණය - සවන් පවිත්‍ර
ඇඳුම් නිර්මාණ සහය - ෂයිනි තිලක්ය, සෙව්වන්ධි විතානගේ, බී.කේ. ඉමේෂි මල්කි දේදුනු
කලා අධ්‍යක්ෂණය - අරුණ ඩයස්
කලා සහය - නිශාන්ත කුමාර ධර්මදාස , දිමුතු ප්‍රියජනක , යසිරු තලගල ගමගේ
නිෂ්පාදන කළමණාකරණය - ප්‍රසාත් ඇන්ටනි සහය කසුන්
ශබ්ද සැලසුම්කරණය සහ සංගීත අධ්‍යක්ෂණය - සශින් ගිම්හාන් පෙරේරා
දෙබස් පටිගත කිරීම - තනුෂ්ක කහඳවල
විශේෂ ශබ්ද ප්‍රයෝග - චතුර විමර්ශ
ගීත රචනය - චන්න ගමගේ
නිශ්චල ඡායාරූප - විනෝදරන්
ඉංගී්රසි උපසිරැසි - ශිලෝනි සේනාපතිරන්න
නිෂ්පාදන සහය - ජයන්ත සූරවීර අරණායක, ප්‍රසන්න උදය කුමාර, සී.එස්.ජනනි, සසංක බෙලිහුල්ඔය