වර්ෂ 2023 ක්වූ December 07 වැනිදා Thursday
මාගම් සෝලි වැඩ අරඹයි

වසර විස්සකට වැඩි කාලයක් ක්ෂේත්‍රය තුළ ලද අත්දැකීම් සමඟ චමින්ද ඉලුක්වෙල ඔහුගේ ප්‍රථම සිනමා පටය වන ‘මාගම් සෝලි’ ඇරැඹුවේය. එහි මුහුරත් උලෙළ පසුගිය දින මහරගම ඍඪතභයඥර ජඪබර හෝටලයේදී පැවැත්විණි.
එහි තිර රචනය සහ අධ්‍යක්ෂණය චමින්ද ඉලුක්වෙල වන අතර, නිෂ්පාදනය සම්මානනීය සිනමා අධ්‍යක්ෂ චන්ද්‍රන් රත්නම්, නීටා ප්‍රනාන්දු, මර්වින් ඉන්ද්‍රජිත් පෙරේරා සහ චමින්ද ඉලුක්වෙලයි.
නීටා ප්‍රනාන්දු, ක්ලීටස් මෙන්ඩිස්, දිල්හානි ඒකනායක, ජගත් බෙනරගම, නලින් ප්‍රදීප් උඩවෙල, සුජානි මේනකා, අකලංක ප්‍රභාෂ්වර, සුලෝචනා හැරපත්දෙනිය, සුමිත් මුදන්නායක, ළමා රංගන ශිල්පි කවිඳු රෙහාන්, නිසල්යා ඉලුක්වෙල රංගනයෙන් එක්වෙති.
කැමරා අධ්‍යක්ෂණය චන්දන ජයසිංහ, සහය අධ්‍යක්ෂණය නිලන්ත රණසිංහ, සංස්කරණය අජිත් රාමනායක, සංගීත අධ්‍යක්ෂණය නවරත්න ගමගේ, වේශ නිරූපණය වරුණි අල්පොන්සු, කලා අධ්‍යක්ෂණය සංජිව කරුණාරත්න, රේඛීය නිෂ්පාදනය නිලන්ත හපන්වීර, කොණ්ඩා සැකසුම් තුෂාර විදානගමගේ, පසුබිම් ගායනය ඉනෝකා ප්‍රියදර්ශනී හා නිශ්චල ජායාරූප ධම්මික පතිරත්න ගෙනි.